Friday, October 9, 2015

හැපී මැරී නොමැරී - 2 වෙනි කොටස (Happy-Marry-NoMarry)

1වෙනි කොටසට

4වෙනි දර්ශනය
------------------
දිලිසෙන කැට කැට වැල් තිරයක් දැම්ම දොරකින් කැමරාව ඇතුල් වෙනවා.හැබැයි වටේ රූප පේන්නේ බොඳවෙලා..බොඳ වුණත් ඒවයි තියෙන රත්තරන් පාට තමයි ප්‍රමුඛ වෙන්නේ..මිනිස්සු කඩිනමින් එහා මෙහා දුවනවා පේනවා..ඒ සෙනග පීරගෙන ගිහින් නවතින්නේ සංගීත් රාත්‍රියක..නටන වයන සෙනඟ පීරගෙන ගිහින් කැමරාව නවතිනවා සුදු සරුවාලයක් ඇඳගත්තු කොණ්ඩේ වැක්ස් කරලා පස්සට පීරපු උස පිරිමි රූපයක් ලඟ..නැවතුණහම හරියට පිටට තට්ටු කලා වගේ ඒ රූපේ හැරෙනවා...කවුද?





ඔව් රන්වීර් සිං..අන්න එයා තමයි..ඊලඟට කැමරාව පැත්තකට වෙනවත් එක්කම පේනවා රන්වීර් මනමාලයව බදාගෙන සුභ පතනවා..මනමාලි පැත්තකින් හිටගෙන ලැජ්ජා සිනා පානවා.."බාබී..මම සුරේෂ්" කියලා ඒ ගමන එයා මනමාලිවත් බදාගන්නවා..(බාබී කිව්වේ අර බෝනික්කා නෙවෙයි නෑනා කියන එකයි )..මනමාලයා ෂේප් එකේ රන්වීර්ගේ සුහද හමුව අවසන් කරවාගන්නවා..මනමාලිගෙන් මිදිලා එයා පැත්තකින් බලන් ඉන්න කැමරාව දිහාට හැරෙනවා..ඒ ඇවිත් මනමාලිගේ යාළුවා...එයා නිකන් ග්‍රීන් ලයිට් හිනාවක් දැම්මම සුරේෂුත් පැණි හිනාවක් දානවා..මනමාල යුවළ සෙටි බැක් එකට යනවා..

අන්න එතකොටම සුරේෂ් සිංදුවක් කියාගෙන හැරෙනවා..ඒකෙන් කියවෙන්නේ මෙවන් විවාහයක් අදහන්නටත් බැරි තරම්ය, ගැලපෙනම සුන්දරම යුවල අද එක්වෙනවාය, මේ නම් සුරංගනා කතාවක් වාගේය, මටත් ආදරේ කරන්නට හිතෙනවාය, ඒත් මෙවන් ගැලපීමක් නම් අපි කාටවත්ම හම්බුවන එකක් නැතිය වාගේ අදහස් ටිකක්..ඒ කියන අතරේ අර ග්‍රීන් ලයිට් පත්තු කරන් ගිය මනමාලිගේ යාළුවත් ඇවිත් සුරේෂ් එක්ක නැටුමට සෙට් වෙනවා..හරියට කලින් කතා කරගෙන හිටියා වගේ දෙන්නා නටන අතරතුරේ මනමාලයා ඇවිත් සුරේෂ්ව පැත්තකට අඬගහගෙන යනවා..පසුබිමින් සිංදුව යන අතරේ මෙහෙම සංවාදයක් යනවා..

මනමාලයා : මචං උඹට කොහොම ස්තූති කරන්නද මට තේරෙන්නේ නෑ..උඹ නියමෙටම වැඩේ දුන්න..

 සුරේෂ්: හරි හරි ඒකෙන් කමක් නෑ..මගේ ගාණ දීපන්කෝ..

මනමාලයා: (සුදු ලියුම් කවරයක් දෙමින්) කතා කරගත්තු ගාණටත් වැඩියෙන් ටිකක් තියෙනවා ඔතන..

 සුරේෂ්: (විසිල් පාරක් දාමින්) එළ! එහෙනම් ගුඩ් ලක්!

මනමාලයා: (යන්නට හැරුණු  සුරේෂ්ව නවත්තන ගමන්) මේ..මචං..

 සුරේෂ්: (මොන මගුලක්ද වගේ මූණකින් හැරෙමින්) මචං, අපේ ගනුදෙනුව දැන් ඉවරයි..ඒක නිසා මෙන්න මම ගියා..(දෙ අත් එක්කර වඳිමින්) ආයෙත් බැන්ඳොත් කියපන්..එතකල් අපේ ට්‍රාන්සැක්ෂන් ඩන්, හරිනේ? 

මනමාලයා තව මොනාද කියන්න උත්සහ කරද්දි  සුරේෂ් එයාගේ ප්‍රේක්ෂක ජනතාව මන්මත් කරවන මොඩ්ල් වෝක් එකෙන් හැරිලා කැමරාව පැත්තට එනවා මූණේ නිකන් මම තමයි කෙරුමා වගේ බැල්මක් තියාගෙන...

ඒ ඇවිදගෙන එන්නේ අර මනමාලිගේ යාළුවා ලඟට..එයත් මෙයාව බලාපොරොත්තුවෙන්ම හිටියා වගේ අතේ එල්ලිලා එළියට යනවා..එළියට ඇවිත් හරි ප්‍රේමණීය බැල්මක් දාගෙන මූණට මූණ ලංකරනවා හාදුවක් දෙන්න..

************************************

5වෙනි දර්ශනය
---------------------
ඇස් පියන් ඉන්න ගුර් එක සැරේටම "හෑස්" ගාලා හුස්මක් අදින ගමන් ඇස් අරිනවා..කැමරාව තියෙන්නේ හරියටම මූණට උඩින්..මේ ඇස් ඇරිල්ලට පනින්නේ අර හාදු දීමත් එක්කමයි..හරියට ඒක දැකලා ගුර් බයවුණා වගේ..;)
ඊලඟට බොඳවෙච්ච කැමරා කාචෙන් පේන විදියට කැමරාව උඩින් එබිලා ඉන්නේ අර කරාබුවා..එයා බොහොම බයවෙච්ච මූණකින් කැමරාවට තට්ටු කරනවා..වතුර ඉහිනවා...

"ගුර්, තූ ටීක් හේ නා? ගුර්.." 

ගුර්, කරාබුවගේ අත් පය එහාට කරලා අමාරුවෙන් කෙලින් වෙලා සෝෆා එකට හේත්තුවෙනවා..හේත්තුවෙලා කැමරාවට විරුද්ධ පැත්ත හැරිලා බලනවා..එහායින් බොඳ වෙච්ච රූප ටිකක් විදියට පේනවා ආශිමයි අම්මයි වෙඩිමේ අනික් වැඩ ප්ලෑන් කරනවා..ගුර් වැටුණද නැගිට්ටද නැගිට්ටුවද කියලා කිසිම ගාණක්වත් නැතුව..ගුර් කලකිරීමෙන් වගේ ඒ පැත්ත බලන් ඉන්නකොට කරාබුවත් ඒ දිහා බලලා රහසක් කියන්න වගේ ගුර්ගේ මූණට එබෙනවා...

"මට ඇත්ත කියන්න ගුර්..ඔයා හදන්නේ ආශිමාට බොරු බලාපොරොත්තුවක් දීලා පැනලා යන්න නේද?" කරාබුවා ඉතින් දේදුන්නක සැතපිලා ඉන්න නිසා ඒ තාලෙන්ම තමයි ඕක අහන්නේ..

ගුර්, මොලේ කොලොප්පම් වෙච්ච බැල්මක් දාලා කරාබුවා අතේ තියෙන වතුර වීදුරුව උදුරන් බීගෙන බීගෙන යනවා..ඊටපස්සේ හිස් වීදුරුව කරාබුවගේ අතට බලෙන්ම දීලා "පිස්සුද ඕයි" කියලා අහලා මූණ බෙරිකරන් අහක බලාගන්නවා..

කරාබුවා වීදුරුවත් බදාගෙන ගුර් ලඟ එරමිණිය ගොතන් වාඩිවෙනවා..
"හරි..හොඳ ගුර්..දැන් කියන්න එහෙනම් මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ..ඔයාට සල්ලි නැද්ද..? සල්ලි මදිද? ගෙදරින් අකමැතිද? අහ්..නැත්නම්..නෝටියා ඔයා බොරු රඟපෑමක් කරනවද?..එහෙමත් නැත්නම්..ම්ම්..." කරාබුවා ඇඟිල්ලක් කටේ ගහන් කල්පනා කරන්න ගන්නවා..
"හරි..එහෙනම්ම්ම්.." කියලා එයා ගුර්ට රහසක් කියනවා..ගුර්ට මළ පැනලා කරාබුවාව අහකට තල්ලු කරනවා...
"මොකද්ද ගුර්..කියන්නකෝ ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා අනේ.." කරාබුවා බිරිඳකගේ භූමිකාවට අවතීර්ණ වෙන්න යනවා..

"ඔය එකක්වත් නෙවෙයි බං..! මට උප මාලකලා 7ක් නැහැ.."

"ඉතින් ඒක අපි දන්නවනේ.." කරාබුවා මුකුළු පානවා..

"දන්නවා?" ගුර්ගේ ඇස් එළියට පනිනවා...

"ඔව් ඉතින් අනේ ඔයාට උප මාලකලා 7ක් නෑ..ඒකනේ අර බෝඩ් එක අරම තියෙන්නේ..ඇයි අනේ..ඔයා යාළුවොන්ට කතා කළාද?" 

"ඔව්.."

"ඔයාට යාළුවෝ ඉන්නවද..?"

"න්..නෑ.."

"ඉතින් ඕක කලින් කියන්න එපැයි අනේ.." කියලා ගුර්ගේ උරිස්සට තට්ටුවක් දාලා කරාබුවා ආයෙත් බිමින් වාඩිවෙනවා..

"මං දන්නවා ඕකට කරන්න වැඩක්..!" 


3වෙනි කොටසට


14 comments:

  1. ඊළග කෑල්ල තවත් රසවත් වෙයිි නේ?

    ReplyDelete
    Replies
    1. අනිවා..ඊලඟ කෑල්ල තවත් රසවත්..;)

      Delete
  2. මේක අධ්රාජ්‍යවාදී , කුමත්‍රණයක් ඔව්
    උඹ නිකං හදිස්සියට කෑලි දාලා මාරුවෙන්නද හදන්නේ ? හරියට දාපන් මේක මගෙන් ගුටි නොකා ,

    ReplyDelete
    Replies
    1. අඩෝ උඹ නිකන් ගාමිණී ලොක්කා වගේ නේ අධ්‍යක්ෂකට පාට්ස් දාන්න එන්නේ? (දුවපියෝ)
      ටිකක් බිසී බන්..අනිත් ටිකත් ඉක්මණට ලියලා දාන්නම්..උඹ ලිව්ව එක බලන්නත් එන්නම් ඉක්මණටම..

      Delete
  3. සක්.. කියවන්න පටන් ගන්නකොට ඉවර වෙලා.. මේ කෙටි චිත්තරපටි ඔට්ටු නෑ.. අපිලට මේවා එක දිග....ට කියවන්න තමයි ආශ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මට දන්නවා ඔයෙලා ඒම තමා ආශ කියාලා..අපිලා මේ දාශ්වල ෆුල් බිසී තමා ඉන්නවා..ලියලා දෙන්නම් මාතියා..

      Delete
  4. මොන *වක්ද යකෝ මේ.
    මදි.
    බොනිකර තරුවා

    ReplyDelete
    Replies
    1. තරුවෙන් කීවේ මක්කද මහියා? :P
      සමාව භාජනේකට දාලා කට බැඳලා අව්වේ කකාරවපන් මචෝ ඉතුරු ටික ලියනකල්..;)

      Delete
  5. ඇයි යකෝ මගේ පොටෝ එකක්ම දැම්මේ වෙන හෝතඹුවෙක් හිටියෙම නැද්ද??

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ උඹද? :O
      අයියෝ දැන් ඉතින් පෙම් කැකුළ පිපී එනවිට මහදේ එය පරව ගියා වෙල් විදානයා නිසා" තමයි කියන්න වෙන්නේ..! හෝතඹුවා! :P

      Delete
  6. ඔන්න ඉතින් පෞද්ගලික නාලිකා වල වගේ සුට්ටක් දාලා ඇඩ් ගොඩක් දාලා මාරුවෙන්න හදන්නේ.

    ReplyDelete
    Replies
    1. සුට්ටක් දාන්න වුණේ සූට්ටක් බිසී වුණ නිසා මනෝ..ඊලඟ කොටසෙන් ඒ ඇරියස් ටික කවර් කරන්නම්කෝ..

      Delete
  7. බොනිකර තරුව.යකෝ... මෙහෙම චූං එකේ යනකොට පොඩ්ඩක් කියවන්න දාහංකෝ.. පටං ගන්නත් කලිං ඉවරයි.. රහයි බොලේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අවසර ආයිබොවන්ඩ ගස්..මෙහෙම චූං එකේ යනකොට කිව්වේ කොහි යනකොටද? :P
      රහ නම් හැපී බොලේ..පුළුවන් තරම් ඉක්මණට ලියන්නම් මචෝ..සොරි වෙන්න ඕන..

      Delete