Saturday, November 21, 2015

Amygdala...!

Amygdala...!
උඹට බැහැ ආයෙම
ප්‍රේම සාගරේකට
මාව තල්ලු කර දමන්න..
ගිලෙනවා දැක දැක
මහ හඬින් හිනැහෙන්න...
හිනැහෙහී විරහවක්
ඈත සිට පෙන්වන්න...
Amygdala...!
උඹට බැහැ ආයෙම
කටුකම්බි කඩාගෙන
හදවතට වදින්න...
ඇස් කෙවෙනි දැවෙනකල්
දුක කොනිති ගහන්න...
අතරමං වෙනකල්
හිත ඔහේ කරකන්න..
කෙටියෙන්ම Amygdala
උඹට බැහැ මාව
උඹෙ පදේට නටවන්න
තවත්නම් කොහෙත්ම...!



Note: The amygdala is the part of our brain that handles emotions.


38 comments:

  1. ලිම්බික් සිස්ටම් එකටම කෙලිය නේද?

    ReplyDelete
    Replies
    1. මේ ඔබමද? හිටින්ට ඩිංගක් දෑස් පිස දමා බලා හරිහැටි දැනගන්ට..;) හම්මේ දැක්ක කල්..!
      මම ඉතින් ජීව විද්‍යාව නොදන්න මැත්ස්කාරියෙක් වෙච්චි..අද ඉගෙන ගත්තු එකක් නෙව ඔය ලිව්වේ..

      Delete
    2. අපි නම් මහචාරිනී ටිමී ගේ ඔරිජිනල් නියුරෝ ඇනටොමි ශිශ්යයෝ වෙච්චි!

      Delete
    3. හම්මේ.. සාරසයගේ උදැල්ල නැතුව අපි කොච්චර පාළුවෙන්ද හිටියෙ. වෙල්කම් බැක් සහෝදරයා...

      Delete
    4. අපි සලකනවා මදි නෙව සාරසට..:)

      Delete
    5. ඔබ විසින් මහත් ආයාසයක් යොදා මාව නන්වන්නට යෙදුනු මුරුන්ගා අත්තෙන් බිමට වැටී අයවැයෙන් මිලියන් 2.5 වැඩි වූ අලුත් ම නිසාන් ලීෆ් කාරෙකේ වින්ඩ්ස්ක්‍රීනය කුඩු විය :)

      Delete
    6. //ඔබ විසින් මහත් ආයාසයක් යොදා මාව නන්වන්නට යෙදුනු මුරුන්ගා අත්තෙන් බිමට වැටී අයවැයෙන් මිලියන් 2.5 වැඩි වූ අලුත් ම නිසාන් ලීෆ් කාරෙකේ වින්ඩ්ස්ක්‍රීනය කුඩු විය :)// මා නොවේයැයි සිතමි. ;)

      Delete
  2. අපූරුයි . මාත් මේ වගෙ නිර්මානවලට ආසයි.
    මේ ගැන ලිපියක් මාත් කියෙව්වා.මට හිතෙනව ප්‍රේමය කියන්නෙ යාන්ත්‍රික ක්‍රියාවලියක් කියල. ඒකෙ කවියො කියන උත්තරීතරත්වයක් නැහැ. ශ්‍රේෂ්ට ප්‍රේමවන්තයන් ලෙස විරුදාවලී ලබපු හැම දෙනාම අධික හෝමෝන ශ්‍රාවය නිසා ඊට ඇබ්බැහි වූවන් .
    http://www.sciencedaily.com/releases/2003/11/031111064658.htm

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ම.ම.
      මටත් හිතෙනවා ප්‍රේමය කියන යාන්ත්‍රික ක්‍රියාවලියේ රළු ගතිය වහගන්න කවියෝ හොඳ ලස්සන අයිසින් තට්ටුවක් උලලා කියලා සුන්දරයි, පිවිතුරුයි, උත්තරීතරයි වාගේ..
      //ශ්‍රේෂ්ට ප්‍රේමවන්තයන් ලෙස විරුදාවලී ලබපු හැම දෙනාම අධික හෝමෝන ශ්‍රාවය නිසා ඊට ඇබ්බැහි වූවන් .//+++++++++++++

      Delete
    2. ඇයි ඉතින් ඒ අධික හෝමෝන ශ්‍රාවය සිද්ධ වෙන්නෙ? එක ලෙඩක්ද?

      Delete
    3. //ගස් ලබ්බNovember 22, 2015 at 7:46 PM
      ඇයි ඉතින් ඒ අධික හෝමෝන ශ්‍රාවය සිද්ධ වෙන්නෙ? එක ලෙඩක්ද?//

      ලවු කරනවුන් දෙදෙනා වටේ අහල පහල ඉන්න වුන්ට ඔය අනම් මනම් ස්‍රාවය වෙන්ට්ට යෙදුනොත් නම් භයානක ලෙඩකි!

      Delete
    4. සාරසෝ... කාලෙකින් ආපු එක වෙච්චි..ඔහෙ ඩොකා වෙච්චි..
      සිරාවාටම ඇහුවෙ.ප්‍රතිකාර ගතයුතු උමතු තත්වයක් වගේද නැත්තං කොහොමෙයි මේකෙ දොස්තර කියවීම?

      Delete
    5. // ගස් ලබ්බNovember 23, 2015 at 9:39 AM
      සාරසෝ... කාලෙකින් ආපු එක වෙච්චි..ඔහෙ ඩොකා වෙච්චි..
      සිරාවාටම ඇහුවෙ.ප්‍රතිකාර ගතයුතු උමතු තත්වයක් වගේද නැත්තං කොහොමෙයි මේකෙ දොස්තර කියවීම?//

      කට කතා වලට රැවටෙන්න එපා ගස් ලබු තුමනි...

      මා ඩොකෙක් නොව සින්හල උපගුරුවරයෙක් මි!

      ගුරුවරයෙකු ලෙස ආදරය අපට මහ කරදරයකි.

      ඔය කියන ඇමිග්දලාවද මොකද්ද කියන අහවල් එක චූන් වෙලා හොර ලියුන් ලීවූ එවුන් දැන් හොර ලියුම් අත හැර ගුරුවරුන් යාන්තමට පාවිච්චි කොරනා FB එකෙන් මනමාල කම් කොරගෙන යති....

      පොත් ගොඩවල් අවුස්සා පොර ටෝක් හැටක් දී අත් අඩන්ගුවට ගන්න තිබූ හොරලියුම් වලට කෙලිය Mark සකර්බර්ගයා නිසා අපි බොහෝ දුකින් කල් මරමු!

      Delete
    6. උඹත් මාර ප්‍රශ්නනෙ අහන්නෙ ගස් ලබ්බො. වෛද්‍ය ප්‍රශ්නයක් සරසගෙන් අහල වැඩක් නෑ .කුමාර කලුආරච්චි කියල හොඳ දොස්තරෙක් ඉන්නව කාටවත් කියන්න එපා. අහපන් උන්දගෙන් .අර මොකක්ද බ්ලොග් ගල් වැඩපොලක්ද මන්දත් තියනවත් කියන්නෙ උන්දැට.
      ලෙඩක් නැත්නම් අහවල් දෙයක්ද බන්. ප්‍රේමයෙන් උමතුවෙනව .. හොඳ සිහිය නැතිවෙනව. කවි ලියනව ,සම්මාන ලැබෙනව.ප්‍රතිකාර නොලැබෙනව .රට්ටු කියනව නියම ප්‍රේමවන්තයො කියල.

      ෆිෂර් මහත්මිය මේ ගැන දීර්ඝකාලයක සිට පර්යේශන කරන්නෙ. සමහර විට මෙය ලෙඩක් ලෙස බටහිර වෛද්‍ය විද්‍යාව විසින් තවම හදුනාගෙන නැතිව ඇති.ඉදිරියෙදි ඖෂධීය ප්‍රතිකාර සායනික ප්‍රතිකාර එහෙම ලබාගත හැකිවෙයි මානසික වෛද්‍ය මධ්‍යස්ථානවලින්.
      එතකොට ඔය බූට් වැදුනම පිහියෙන් ඇනිලි දෙන්න එක්ක ලෝකාන්තයෙන් පැනිලි එහෙමත් අඩු වෙයි.

      Delete
    7. Dr Kumara Kaluarachchi .bayilogist

      Delete
    8. //ඔය කියන ඇමිග්දලාවද මොකද්ද කියන අහවල් එක චූන් වෙලා හොර ලියුන් ලීවූ එවුන් දැන් හොර ලියුම් අත හැර ගුරුවරුන් යාන්තමට පාවිච්චි කොරනා Fඹ් එකෙන් මනමාල කම් කොරගෙන යති....

      පොත් ගොඩවල් අවුස්සා පොර ටෝක් හැටක් දී අත් අඩන්ගුවට ගන්න තිබූ හොරලියුම් වලට කෙලිය Mඅර්ක් සකර්බර්ගයා නිසා අපි බොහෝ දුකින් කල් මරමු!// ++++++++++++ :D :D

      Delete
  3. (ඇමිග්) ඩලා.. උඹ කොහොම හරි ආයිම..
    මාව කරකවලා අත ඇරියා නේද?
    හැක හැක හැක හැක...

    ReplyDelete
    Replies
    1. (ඇමිග්) ඩලා..උඹ කැරකෙන්න ආසයි නේද? ;)

      Delete
  4. පිස්සු පීකුදු ඈ....


    ජ ය වේ ාව !!!

    ReplyDelete
    Replies
    1. පීකුදු කෑවම මෙහෙම වෙනවයි විදානේ? :P
      ජය නෙවේ මොනාහරි ලියාපිය අපට කියවන්න..

      Delete
  5. Replies
    1. තෝ මක්කයි කොරන්නෙ බුකියෙ රිංගගෙන.. ලියන්න පටන්ගනින්..

      Delete
    2. බුකියෙ රිංගගෙන ගෑනුන්ට හුරතල් වෙන්න කවි කෑලි දාන්නෙ නැතුව හරියට ලියන එකක් බ්ලොග් එකෙත් දාපං...

      Delete
    3. මූ බුකියෙ ඉන්නවැයි.. මං දන්නෙ නෑනෙ බොලං සජ්ජො

      Delete
    4. ඕක ඉන්නව. මෙතන දැන් ඇවිත් ඉංගිරිසියෙන් කොටලා ගියාට මූ අගේට එතන සිංහලෙන් කවි ලියනවා. අහුවෙයන් තෝ....

      Delete
    5. වැව් ඇවිල්ලා තනි තරුව මුලම කාලේ කමෙන්ට් දීලා ගියා ගියාමයි අම්මේ අදමයි දැක්කේ..මුන් මේ කියන කතා ඇත්තද ඈ?

      Delete
  6. තව කොමෙන්ටු ටිකක් වැටෙනකල් ඉඳලම ඇවිල්ල බලන්නං..

    ReplyDelete
    Replies
    1. හා එහෙනම් උඹට ආයෙ එන්න ඕන වෙන එකක් නැතිවෙයි..:P

      Delete
  7. මොකෝ බැරි මොකෝ බැරි
    හිටිංකො ටික දොහක් ඔහොම්ම

    ReplyDelete
    Replies
    1. ඇමිග්ඩලා එහෙම කරන්න එපා ඇමිග්ඩලා..:)

      Delete
  8. මට ඕන වුනේ නෑ
    උඹව කරකවන්න
    උඹයි හැම තිස්සෙම
    අතාරියේ මාව කරකවලා
    Amygdala
    මාව විතරක් නම් මදැයි
    අපි හැමෝම හිටියේ
    කරකැවිල්ල හැදිලා
    උඹ නිසා
    Amygdala
    ඇත්තමයි ඒත්
    මම කරකැවුනා විතරයි
    උඹ දන්නෙත් නෑ
    මට එහෙම වුනා කියලා
    ඔක්කොටම මුල Amygdala

    හෙක් කොහොමද .. තනියා ගනු කඩුව එනු සටනට




    ReplyDelete
    Replies
    1. අඩෝ..සුපුරුදු පිළිතුරු කවිය එහෙනම් ඈ..එල එල!!

      ඇමිග්ඩලා..උඹ නොදන්නවට
      උඹ හිටියේ කැරකිලා වැඩිවෙලා..
      ඇමිග්ඩලා..ඇස් කරකවන්න කියන්නෙපා
      බොට කැරකිල්ල හැදුණෙත් ඒකම නිසා.. :P

      Delete
  9. මුගෙ කවි තෝරන්න විකියත් බලන්න ඔනෙ.. ඔන්න ඔහෙ සජ්ජ වගේ තව ටිකකින් ඇවිල්ල බලන්න ඕනෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලබූ උඹ මහ කම්මැලි ලබු ගහක් වෙලා බං..! :D

      Delete
  10. මොකක්ද බන් ඇමිග්ඩලා කියන්නේ?
    මගේ මොලේට නම් කම්පයිල් එරර් තමයි එන්නේ ඕවා දැක්කම

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..ඇමිග්ඩලාව ලු මචෝ අපේ සංවේදනා පාලනය කරන්නේ..අපේ ප්‍රතික්‍රියාවන්ගේ තීව්‍රතාවය එහෙම පාලනය වෙනවා කියන්නේ ඕකෙන් නෙව..උඹට කම්පයිල් එරර් එන්නෙත් ඒකම නිසා වෙන්න ඇති.. ;)

      Delete
  11. මම මේ ඇමිග්ඩාලාව ගැන ලිපියක් ලියලියා උන්නෙ! නිකමට බ්ලොගට එබෙද්දි මෙන්න ඒක ගැන මරු කවියක්!

    ReplyDelete
    Replies
    1. අඩේ සිරාවටම? ඔන්න බලපන් අපේ ටෙලිපතිය එහෙනම්..! ලියහන් මම නම් මේක ගැන උඹ තරම් දන්නේ නැහැ මචෝ..:)

      Delete