Saturday, December 19, 2015

චල - අචල

නුඹ උදා වී
නහවනු ඇති නමුත්
සහසකුත්..
නුඹගේ අමිල ප්‍රේමයෙන්..
නුඹ උදාවූ දා 
වාගේම..
චල නුඹ මියෙන දාටත්
අචල ප්‍රේමය මම වෙමි
කල්පාන්තය තෙක්ම..



20 comments:

  1. මට නුබ විතරක් උනාට.. 'නුබ' කියලා ලියුවේ හිතා මතාම.. අපුරුයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...නුබට ඉන්නේ මම විතරද නේද? ;)

      Delete
  2. ලස්සනයි,තව ටිකක් දිගට තිබුණානම් තවත් හොදයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හිතාමතාම කොට කළා බං..පින්තූරේ අඩුව පුරවයි කියලා හිතලා.. :)

      Delete
  3. මාත් අචලට ප්‍රේමකළා, හැබැයි කියාගන්න බැරිඋනා...

    නියමයි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. දැන් බලන් යද්දි කාටද මේ වෙල් විදානේ ප්‍රේම කරලා නැත්තේ කියලා තමා අහන්න වෙන්නේ..:P
      තැන්කු මචෝ..

      Delete
  4. දිනෙක මම අචල ප්‍රේමයේ නටඹුන් පමණක් ඉතිරිකර මියැදෙනු ඇත.චල නුඹ කම්පා නොවන්න නුඹ වෙනුවෙන් තවත් අචල පෙමක් මගෙන් පසු මා මියැදී ශේෂ වන නටඹුන් මැදින් සෙමෙන් ලියලනු ඇත.(තරු අක්කගේ කවියයි පින්තූරයයි දෙකම දිහා බලල මට මෙහෙම හිතුන :) .... )

    ReplyDelete
    Replies
    1. හංසියෝ ඒ ලියමන පට්ටයි!! මම හිතන්නේ කවියෙන් කියනවට වඩා සාර්ථකව උඹ ඒ පේළි දෙක තුනෙන් කියන්න ඕන දේ කිව්වා කියලා..මොනාහරි ඉක්මණට ලිව්වා නම් හොඳා නේද?

      Delete
    2. ලියන්නම් තරු අක්කෙ එක කතාවක් බාගෙට ලියල නැවතුනා ටික දවසකින් ඒ කතාව ඉවරයක් කරලා දාන්නම් :)

      Delete
  5. ඔවුවා ඔහොම තමයි බං.

    ReplyDelete
  6. සැලෙන හදවතක් ඇති කෙනෙක්ගේ ප්‍රේමය අචල වෙන්නෙ කෝමද..??

    ReplyDelete
    Replies
    1. හදවත සැලෙන්නේ චල ප්‍රේමවන්තයගේ..අචල ප්‍රේමය අනික් පාර්ශවයෙන්..;)

      Delete
  7. Replies
    1. බොහොම ස්තූතියි තාරකා...

      Delete
  8. හෙහ්.. මරුනේ තරුවෝ... ඔය විදිහට හැමෝම හිතනවා නං නියමයි ;)

    ReplyDelete
    Replies
    1. හෑ බොල..හැමෝම ඔය විදියට හිතනවා නම් උඹට චල පෙම්වතාට රඟපාන්න ලේසි වෙයිද? :P :D

      Delete
  9. ලස්සනයි තරු . කෙටි නිසාම තවත් ලස්සනයි .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙතූ :)

      Delete
  10. හැබෑ පෙම්වතුන් කිසිදා හමුනොවේ..............

    ReplyDelete