Thursday, February 4, 2016

අන්න, ආයිත් ඇවිල්ල ලු!

නිදහස් දවස් වුණාම ආයිබොවංඩ බ්ලොගේ බුකියේ හැමතැනම සැරිසරන්ට අපටත් කියලා නිදහසක තියෙන්ට ඕනාය. එව්වා තේරෙන්නේ සති අන්තයේත් වෙනසක් නැතිව රේස් දුවන උන්ටම තමාය. මගේ රේස් දිවිල්ලේ තරම කොතරම්දැයි කිව්වොත් දෙයියනේ කියලා පයේ මේස් අතේ දාන කස්ටිය ලංකාවට නිදහස දීලා නොතිබ්බා නම් තිලංගගේ බුකියේ ඔට්ටු දිනන්න තරම් තිබුණාය.වැඩ සතිය පටන් ගන්නේ සඳුදාය.අහවර වන්නේ සිකුරාදාය.සෙනසුරාදා ඉරිදා ඇත්තේ පුක්ස් උඩ දමා නිදාගන්නට, රෙදි සෝදා වේලා ගන්නට, ගෙවල් දොරවල දුවිලි පිහ අතුපතු ගා දමන්නට, ගෙදර මිනිස්සුන්ගේ දුකසැප බලන්නට සහ ඒ අයගේ මුහුණු හරිහැටි බලාගන්නට වාගේ අනේක්විධ වැඩ කටයුතු සඳහාය.කරුමේ යනු එහෙව් සති අන්තයකත් හතිබඩ දමාගෙන දුවන්නට සිද්ධවීමය.ඒ පුණ්‍යවන්ත පරම පෙම්වතී, චී!.. පුණ්‍යවන්ත මනුස්ස ප්‍රාණියා මං ය.

ඉති..න්න්! බ්ලොගේ දුවිලි බැඳිලා මකුළුදැල් නුගමුල් වාගේ එල්ලෙනවාය.මම ටාසනී මෙන් ඒ වැල්වල එල්ලි ඒ මේ අත පැද්දෙමින් ලියන්නට ගත්තාය..
ආයෙමත්? ඔව් ආයෙමත් ආදරෙන්..!

පහුගිය කාලයේ මා ගැන අසමින් අතුරුදහන් වූවන්ගේ කොමිසම් ගානේ රස්තියාදු වූ, හත් දවසේ බෝධිපූජා කළ, අංජනම් පෝලිම්වල කට්ට කෑ, පොලීසි ගානේ මෝචරි ගානේ රස්තියාදු වූ හැමෝටම බොහොම පින් ය! උඹලා වාගේ උන් නිසා තනි තරුව තරු පොකුරු පේද්දිත් බ්ලොග මතක් වී හැමදාම සුසුමෙන් කඳුළින් කල් ගෙව්වාය.ඒවාට අද ඇරියස් කවර් කොරන්නට ශක්තිය ධෛර්යය මේස් දාන රැජිණි සහ අපේ සෝස මල් සනාධිපති ලබා දී ජාතිකාභිමානය රැක ගත්තාය! හම්මේ ඉතින් සන්තෝසේ පපුව හිරකරනකොට ආචාර වෙඩිමුර උණ්ඩෙක එල්ලිලා ගොහින් ඉන්දියන් සාගරේට පතිතවන්නට හිතෙනවාය..

ඉතින් මම කොහෙමෙන් කොහොම හරි ලියන්නට දත කනවාය, තටමනවාය.කන්දක් විලි පහ කරවා මී පැට්ටෙක්වත් වදාවී කියා බොලා ඇවිත් බලනු ඇතැයි මම සිරාවටම හිතනවාය.අමතක වීම ජාතියේ ගතිය නිසා අමතකවෙලා නම් ඒත් ගේමක් නැතිය..මන්දයත්, මටත් දැන් ටික ටික මේවා ලියනාහැටි අමතක වේගෙන යන නිසාය..!
!
!!
!!!
!!!!
!!!!!
!!!!!!
!!!!!!!
!!!!!!!!

හීනෙන් තමයි! 



48 comments:

  1. /පහුගිය කාලයේ මා ගැන අසමින් අතුරුදහන් වූවන්ගේ කොමිසම් ගානේ රස්තියාදු වූ, හත් දවසේ බෝධිපූජා කළ, අංජනම් පෝලිම්වල කට්ට කෑ, පොලීසි ගානේ මෝචරි ගානේ රස්තියාදු වූ/
    මංං නං මේ මුකුත් කලේ නෑ.. කහ වුතුර ටිකක් ඉහලා රතනසූත්‍රය දැම්මා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අම්මපා තොපි වගේ හිපාටුවෝ! හිටින් මං කහ ලොරියක් එවන්න..:P

      Delete
  2. අනේ පලයං ඩෝ යන්න
    උඹොව පන්න ගන්න මෙහෙ තොයිලුත් නැටුවට පස්සෙ කවුද ඩෝ බොලාව හොයන්නෙ. :-Pහෙහ්.
    හීනෙන් තමයි :-D :-D :-D

    අඩේ ආපහු ලියන එක ගැන නං සෑහෙන්න තංතෝසයි.. ලියාං ගියාං.
    අපි ඉන්නවනෙ බං සැපට දුකට සනී කියල අංචියක් ඇදල බාල්දියක් පෙරලල ඕන වහුකුණක් කියල යන්න
    එහෙනං ටටා

    (දැං ඉතිං කාල ඉන්න බැරි කතා කියනව නෙවී ඕං හැක්)

    ReplyDelete
    Replies
    1. දැක්කනේ උඹලා බලි තොයිල් කරලවත් අපිව එලවගන්න බැරි විත්තිය..යන්න යන්න ආයෙ එනවා..බුහහාහාහා!
      උඹලා කොහෙ හොයන්නද අපිව..මළයි කිව්වත් කිරිබත් කයි! :@

      Delete
    2. ආයෙත් අහල... බොලා මළයි කීවම ගෙදෙට්ට ඇවිත් හත්දොහ ඉදල හට්ටිය කිරි හොද්දටම බස්සල යනව මිසක් ආයෙ අපේ සල්ලි වලිං කිරිබත් කන්න අපිට පිස්සුය
      අනේ බං මූකලං බස්සො හැක්

      Delete
    3. නෑ මං කිව්වේ වැරදිලාවත් කිරි හොදි නැතුව දානෙට කිරිබත් තිබ්බොත් කියලා.. හැක් හැක්..:P

      Delete
  3. ලියහං ලියහං .... බුකිය මගෑරහං...

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා බං ටිකක් අමාරු වැඩේ..විවේකයක් ආව ගමන් බුකියටමයි හිත රිංගන්නේ..

      Delete
  4. කවුද තනි තරුව කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. කවුද උපේක්ෂා කියන්නේ ?

      Delete
    2. කවුද ඉවාන් කියන්නේ.......

      Delete
    3. කවුද ඉවාන් කියන්නේ.......

      Delete
    4. අනේ අම්මපා බොලා නම්!:@
      ඔක්කෝටම කලින් කියපල්ලා තොපි කවුද කියලා..:P :P

      Delete
  5. ඔය පටන් ගත්ත විදියට ලියනවා නම් මරු ය..))

    ReplyDelete
    Replies
    1. එසේය එසේය..ලියන්නට ෆුල් ට්‍රයි එකය..;)

      Delete
    2. @වැසි දැරිය අර සරත් අංකල් ගැන ආරංචියක් නැද්ද

      Delete
    3. @වැසි දැරිය අර සරත් අංකල් ගැන ආරංචියක් නැද්ද

      Delete
  6. ලියමු............. ලියමු................

    ReplyDelete
    Replies
    1. එළ මචෝ..අනිවා ලියන්න ඕන..

      Delete
  7. අත්පොත් තියලා පේ වෙලා පටන් අරන් තියෙන්නේ.. ලියමූ.........

    ReplyDelete
    Replies
    1. පේ වෙලා ආව බං ඉක්මණටම මොනාහරිම බලියක් දාන්නම්කො :)
      ආහ්, උඹ මෙහෙට අළුතෙන් නේද? වෙල්කම් කිව්වා :)

      Delete
    2. වෙල්කම කිව්වා..
      නම වෙනස් කොලා නෙව..

      Delete
    3. අඩේ හැබෑටම!! මම ඒත් බැලුවා කවුද මේ කියලා...නම වෙනස් කරත් කමක් නෑ ලියනවා නම්..;)

      Delete
  8. අත්පොත් තියලා පේ වෙලා පටන් අරන් තියෙන්නේ.. ලියමූ.........

    ReplyDelete
  9. අඩේ....මෙන්න තනි තරුව කියලා ෆේක් එකියෙක් ඇවිල්ලා...

    ReplyDelete
    Replies
    1. අඩේ මෙන්න කටුස්සගේ ප්‍රොෆයිල් එක උකුස්සෙක් හැක් කොරලා!! :P

      Delete
  10. bloge athi siyalu katha kiyaweemi. Idiriyatath emi. Jaya wewa !!!

    ReplyDelete
    Replies
    1. ela ya! aseemama hada pinawayi..thawa liyami..oba enna awith yanna enna..:)

      Delete
  11. ඉක්මනට මොන මොනවාහරි කුරුටු ගාපන්..නැත්තන් බොට මේක අමතක වෙනවා ෂුවර්..මාත් මේ හෙන ගේමක් දීලා අල්ලන් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බං..මාත් අතේ තෙල් ගාගෙන වගේ බ්ලොග අල්ලන් ඉන්නේ..:D

      Delete
  12. තරු අක්කේ ආයේ එන්නෝ මොන හරි ලියන්නෝ .. මම වටේ පිටේ කැරකිලා කැරකිලා ආයේ මෙහෙට ඇවිත් බ්ලොග් කියවන්න එනෝ .. :D මම හිතුව මේපාර නිදහස් උත්සවේ ගැන තරු අක්ක තව මොන හරි ලියයි කියල .. ඒත් කෙටි පෝස්ටුවක් ..කමක් නෑ ඊළඟ පාර ලියන්නෝ . :)

    ReplyDelete
    Replies
    1. ලියන්න ඕන හංසියෝ..අඩිය අඩිය තියලා පටන් ගන්නයි හිතන් ඉන්නේ...කොහොමහරි එනවට තැන්කූ හොඳේ...:) ලියන්න හිතෙනවා..ඒවා හිතේම මැරෙනවා..:(

      Delete
  13. නැතිවෙලත් හිටියද? ඔය අපුරුවට දාල තියෙනෙන් ජනවාරි කවි දෙකක්ම.

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂව නැතිවීමක් වගේ මටම දැනෙනවා අජිත්.:)

      Delete
  14. හහ්... අපි එනකොට මේකි ආයෙම මිසිං....
    හොයෝ.. හොයෝ... හොයෝ... හැංගිමුත්තා හොයෝ... හොයෝ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හොයෝ හොයෝ මේං ඉන්නවෝ!!
      අද නම් ලියලා මිසක් යන්නේ නැහැ මචං ප්‍රොමිස්!

      Delete
  15. ආයෙත් ආවට තැන්කූ

    ReplyDelete
    Replies
    1. ඔයාටත් තැන්කූ මෙතූ මෙහේ අමතක නොකලට..:)

      Delete