Friday, April 22, 2016

පිසාච..!

අනේ කුහුඹුන්නේ තොපටත් රජෙක් ඉන්නේ
අපට නම් ඉතිනේ පඹයෙක් විනක් කැට්ටේ!

රූකඩෙක් පඹයෙක්ම වන්නේ
පඹයෙක්ම රූකඩෙක් වන්නේ
නැතිය එපමණටම ඇත්තේ
රටට හෝමෙක් පමණි ඉන්නේ

ඇහැක් නැතුවා කණක් ඇතුවා
විනක් කටිනට අඟක් බැස්සා
හුඟක් කල් වෙදකමුත් කෙරුවා
ඒත් නැතිලුය හොඳක් අක්කා

දහසකුත් අඟනුනුත් දුටුවා
මෙහෙව් එකියක් කොහෙත් නැතුවා
අඹරවන්නට එතෙක් දස්සා
ළම-අ-තැනිය ගෙන එන්ට රිස්සා

අම්මා වික්කා අප්ප වික්කා
පුරුෂයා අමුඅමුවේම වික්කා
සුදු නෙළුම් කන තවලමේ බැඳි
නොබැඳි මොං-ගල ඌත් වික්කා

ඇස්ස රිස්සා දත් විරිත්තා
ළොපොන්නරුවෙන් කෙතට බැස්සා
මඩෙත් ලැග්ගා ඉතින් මක්කා
කියන් නෝනා මමය ගැත්තා

මඩට හුරුකම මගේ දස්කම
වවමු රඹ කැන, ඇටි කෙහෙලමය
දැන් ඉතින් කන්නේ පුවාලුය
ල-නිලා කන්නේ අමුතු කෙහෙලුය

දෙකකි හැටමය අමුම ගොන්නුය
උන්ම කෑවේ මදිය කිය කිය
සේන රඹ කැන කාපු උන්මය
රෙ-න්ට බැරුවම එක ඉරාගෙන
ඉතින් කට නැත ඉරුණු දුකටම
උන්ට තලනට බූ වලිග මොට?

තොපිට කිව්වා තොපි නෑහුවා
තොපිම තොපිටම විනේ කැට්ටා
උපන් දරුවා දෙකට බෙදුවා
බොට අඩයි මට අඩයි ඇතුවා

කලින් කිරි එරි හිරු අම්මලා
කැකිරි පල පල විරිත්තෑවා
දරු ඉපැද්දූ සෙනෙවි
මහ පොළව යට සුසුම් ලෑවා

දිනෙක යම් මතු ඉපදියම යුතු
දෙරණ කොයි අත නොදැක සිටි යුතු
තොප තරම් අනුවණවු ගුණමකු
වැදූ මව්වුව කෙලෙසවනු සුලු
දුරක් නොපෙනෙන නිවට ජාතිය
තොප මෙ'දෙරණ'ත කුමට උපන ද?

වැරදුණු තැන

40 comments:

  1. Dekaki hetamaya- amuma gonnuya...
    Math e'athara - ekeku wanneya.. :)
    Pamini wigasama blog wasanthaya. .
    Thaniya pelahara pannata wiya. .

    Welcome back!!!!

    ReplyDelete
    Replies
    1. මොකෝ ඒ බව දන්නේ නැතිවය
      බොලා අපි අද ඊයේ දුටුවය?
      පෙළහරක් නම් බොසෝ බැරුවය
      අහිංසක කවි පෙළක් ලිව්වය..

      තෑන්ක්ස් මචෝ..:)

      Delete
    2. සුඛී දීඝායුකෝ භව..
      (ඉවසීමෙන් සැනසීම ලැබේ)

      .ජයවේවා"

      Delete
    3. ඈ?? ඒ කියන්නේ ඒකද?

      Delete
  2. කවි පෙළ නම් මරු ඈ...
    අපුරුයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිර්මාණි :)

      Delete
    2. හී හී තනිතරුව, උත්ප්‍රාසය 100 න් 100යි.කදිම මනෝමය චිත්‍රනයක් දුන්නා.නියම කවි.......!

      අඳුරෙ සැඟවූ ඇත්ත දිස් කොට
      අකුණු සැරයක් සේ නැගීයන්...
      පහර දිය යුතු යමක් වේ නම්...
      හෙණ හඬක් සේ පහර දීපන්..!

      Delete
  3. Replies
    1. ටිපිකල් ගෙම්බා

      Delete
    2. හෑ... දැන් ලව් පුසා අය්ය ගෙම්බෙක් වෙලාද ?

      Delete
    3. ඌ කොහොමත් ගෙම්බෙක් නගෝ :P

      Delete
  4. ළොකයේ ළොකුම හොරාට වඩා මේ පඹයා හොඳටම හොඳයි...

    හැබයි උඹේ කයි ටික නම් වල්ලා පට්ට පුතේ.... ෆිනෝමිනල්...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් ඇතෙයි! :D
      තැන්කූ මචෝ..:)

      Delete
  5. යහපාලන ආන්ඩුවක් හදාගෙන
    පොලොන්නරුවෙ ගොන් වාහෙට කඩේ යන
    සිරිකොත වැසිකිලිය සෝදා පඩි ලබන
    සක්කිලි මැද තනියා යති උගෙ ගමන


    :D

    ReplyDelete
    Replies
    1. තනියා කිව්වට තනිම තනි නැත
      තවත් බෝ අය පෙරහරේ වෙත
      'සරස'වන්නට ඇගේ තනි අත
      මරාවාදියෝ පහුබහින්නේ නැත.. :)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. 'සරස'තුමෝ දුකසැප දෙකෙහිම පැවතී
      බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවති
      මිහිඳු මැතිඳු සමගින් පෙරටම ඇදෙතී
      නැවත බලය අල්ලා අපි අරිමු හතී

      Delete
    4. @සරස:
      කට පියාන ඉන්නා බැරි එක ලෙඩකි
      යන්ට යන්ට ඇදගන්නා බ්ලොග ඇණකි
      ඉඳ හිටලා ඇවිත් මෙහෙම ලියා යති
      ඇවිසි දනා බැණ වදිනා නාහේ දති

      @කමියා:
      තනියෙක් කීවාට අලියෙක් නොම වන්නේ
      අහසේ ඉඳන් පොළවට වැටුණා වෙන්නේ
      මරාවාදියෝ කොයිබද පසු බැස්සේ
      සරස එක්ක තව තව පෙරහැරේ ඉන්නේ :P

      Delete
    5. එකෙන්ම.......!

      Delete
  6. රජෙක් නැතිව රටක් මොටද ඇහුවෙ පෙර අපි
    රටක් නැතිව රජෙක් මොටද අහමු අද අපි........

    කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
    වරමාති ශුභ චරිතේ
    ලංකාපති නරේන්ද්‍රසිහ නුපතේ
    කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
    පත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියා

    ඕලන්දෙන් රැගෙන බලේ
    එංගලන්තෙ තබන වෙලේ
    සිංහලුනගෙ බිඳුන බලේ
    කවදා ගොඩ නගමු මලේ

    රජ්ජුරුවෝ උඩයි උඩයි
    අපි පොඩි උන් බිමයි බිමයි
    අන්දරේලා මැද ඉදගෙන
    දෙපැත්තටම විහිළු කරයි

    රට යනවා පරදේසෙක
    අපි යනවා පරලෝකෙට
    අන්තිමේදි බලපුවාම
    අන්දරේලා අපි සේරම
    අන්දරේලා....

    නාට්‍යය - අන්දරේලා

    ReplyDelete
    Replies
    1. අන්දේරලා වැහිවැහැලා මචෝ..එකෙක් රටත් කොරනවා..:D

      Delete

  7. යහ කිව්ව ට දැන් ජහ වෙන පාලනය,
    යමයෝ නැතුව ජඩයෝ ඇති කතිරෙ ලඟ.
    තොපි කල හොඳත් පස්සෙන් එන කාලෙ මෙය,
    ජහ හරකුනේ ජහ පාලන රටකි මෙය.

    හැක හැක හැක.

    ReplyDelete
  8. කවි ටික සුපිරි !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙතූ :)

      Delete
  9. සිරාම කවි ටිකක් හිටං

    ReplyDelete
  10. කවි ටික නම් නියමයි ඈ..

    ReplyDelete
  11. කවි ටික පට්ට... මම මේ තාමත් කල්පනා කරන්නේ මේ අර ඊයෙ දැක්ක තරු අක්කමද මේක ලීවෙ කියල :P

    ReplyDelete
    Replies
    1. තැන්කූ හංසි..හැක් හැක්..එයා නෙවෙයි වගේද? :P

      Delete
  12. අපූරු කවි ටික...

    මනෝරම මන්දිරේ අගුපිලක
    පාදඩ බලු රැලකි කටු ලොවන
    මහ ගේට්ටුවෙන් එහා සිටි දනට
    උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොකුරු වැහි, තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා.

      කවියෙන් කියවෙන අදහස නම් මට පැහැදිලි නැහැ, බ්ලොග් සංචාරෙට වෙලාවක් නැතිකම නිසාද කොහෙද.

      Delete
    2. බොහොම ස්තුතියි. අපේ මිනිස්සුන්ට කවදාවත් ඇස් ඇරෙන්නේ නැහැ. ඇතුලේ වෙන දේ දන්නෙත් නැහැ. පිටින් ඉඳන් නිගමන වලට ඇවිත් එකිනෙකාගේ පා ලොවන අයවලුන්ව, මහත්තුරු කරලා පොට වරද්දගන්නවා. කවදාවත් කුහුඹුවන්ට වගේ රජෙක් අපිට නොලැබෙන්නේ ඒකයි.

      Delete
  13. සැර කවි ! අගෙයි නංගී...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අක්කේ..තාම එහෙ එන්න බැරිවුණා..ඉක්මණින්ම එනවා..නිහතමානී අක්කෙක්ව එදා හමුවීම ලොකු සතුටක් :)

      Delete
  14. පඹයෙකි අපට ඉන්නේ - ඒ නිසාම ය රට නැසෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ - ඒත් නැහැ නොවැ මුං අහන්නේ!

      වැසි දැරිය ස්මාට් දැරියකි :)

      Delete
  15. මේකනේ දැන් තියෙන්නේ යහපාලනේ...ඊට කලින් යුග වල එක එක නම් වලින් පාලන... ඕක හරි පාලනේ කරන්න පුලුවන් "මහා" ජනයා කියන අය තාම නිදි...එහෙමත් නැත්නම් ඉපදුනු ගමන් ඇස් වහන් කිරි බොන පූස් පැටව් වගේ.. හොයාගන්න බැ ඇස් අරිලද ? තාම වැහිලද ?

    ReplyDelete
  16. Atthetha kama weramani sikhapadan samadiyami.

    ReplyDelete