Tuesday, November 8, 2016

රණවිරුවන්ට සැලකීම යනු..!

15 පැයකට පෙර පළ කරන ලද ප්‍රකාශය වේදනාවෙන් සහ ලැජ්ජාවෙන් යුතුව නැවත පළ කර සිටිමි. "මේ අපේ එකෙක් වන්නේ යුධයක් ඇති කල පමණම නම්, සුණුව ගිය ඔවුන්ගේ අත් පා මතින් අපගේ සතර පා රැකුණු කල පමණම නම්, බිඳී ගිය ඔවුන්ගේ හීන මත අපේ සිහින මාලිගා වූ කල පමණම නම් අප ලැජ්ජා විය යුත්තේ ඇයිදැයි ඔබට තේරුම් ගත නොහැකිවීමම අරුමයක් නොවනු ඇත." 

මෙවන් නිවට නියාලු කාලකණ්ණීන් පාලකයන් ලෙස පත්කරගන්නට සතර දොරටුවෙන් දුන්නා වූද තවමත් උන්ගේ කල්කිරියාවන්ට සුදු හුණු ගාන්නට බුරුසු සොයන්නා වූ ද යහපාලන කැඳ හැලියකට සහල් මිටි දමන්නට ගියා වූ ද මුග්ධ රැල අද කතිර සලකුණු කළ උන්ගේ අත් මොනවා කළ යුතුදැයි සදාචාරාත්මක හේතු මත මම ප්‍රසිද්ධියේ නොකියමි! මේ සියල්ල මේ ලෙසම වන බව වසර දෙකකට පෙරාතුව සපථ කරමින් කියද්දීත් උඩුගං බලා ගිය අමන රැල වෙත මෙතෙක් කල මගේ අනුකම්පාව අද අවසන් වූයේය. ලැජ්ජාව දැනෙන තැනකට දැනෙන්නට අද ඔබේ අමන තීරණය ජාතියක් ලෙස අප ඇද දැමූ තැන ඇතිය. රටක් ලෙස, සමාජයක් ලෙස අපි අද කෑ පතේ පැහැරූ හැටිය ඔබගේ හර්ද සාක්ෂිය තවමත් පීඩාවට පත් නොකළේ නම් දන්ත වෛද්‍ය රාජිත හා එක්ව වැසිකිළියක මුණින් තලාව වැතිර දෙකොණ බලය විමධ්‍යගත කරන මෙන් මම ඔබට කියමි. දේශපාලනමය වශයෙන් කොටළුවකු ලෙස ක්‍රියා කරන්නට පෙර ඔබ යම්කිසි දවසකදී මනුෂ්‍යයෙකු වී සිටින්නට ඇතියැයි මම සිතමි.එසේ වී නම් අද ඔබේම වර්ගයාගේ චිර ජීවනය පිණිස ඇස්-ඉස්-මස් දන් දී, සියළු ආයාචනා-ඉල්ලීම් පලක් නොවූ තැන මහ වැසි මැද බළලුන් බල්ලන් මෙන් ලැග සිට ඉල්ලාගන්නට නොහැකි වූ දේ දිනන්නට ගිය උන්ට කඳුළු ගෑස් සහ බැටන් පොලු පහර වදින කල කොටළුවන් තුළ සැඟව ගිය මිනිස්කම උඹලාගේ හදවත්වලට මිට මොළවා නොගැසුවේ මන්දැයි අසනු කැමැත්තෙමි. වායුසමනය කළ වීදුරු කුටි තුළද සැප පහසු රිය තුළ ද දෙපා පටලාගෙන රාත්‍රී ප්‍රවෘත්ති නරඹන නිවාස තුළ ද සිටින උඹලාගේ දෙනෙත් ඉදිරියේ උන් දෙපා කොට, අත් කොට වනමින්, අතට අසුවන අසංවේදී බොරු කකුල්, කිහිලිකරු රැකගන්නට තැත් කරමින්, පනිමින්, වැටෙමින්, පෑගෙමින් පිළිසරණ පතා දුවන කල උඹලා වැන්නවුන් වෙනුවෙන් කළ දෑ කෙරෙහි ඔවුන් කළ කිරෙන්නට ද තමන්ටම සාප කරගන්නට නැතැයි උඹලාගේ හදවත් නොසිතනු ඇතැයි මම සිතමි. බෙදුණා හෝ නැතා හෝ සමස්ත ශ්‍රී ලාංකේය ජාතිය වශයෙන් අපි අද කළ පවෙහි දෝංකාරය අනාදිමත් කාලයක් යනතුරුත්, මේ රටෙහි අවසන් පස් පිඩත් ඉන්දියන් සාගරයේ ගිලී නොපෙනී යනතුරුත් රැව් දෙනු ඇත්තේය.

ත්‍රස්තවාදීන්ව සිට මියැදි උන් තවමත් සැමරෙන කෙළවරක් ඇති රටක මෙහා කෙළවර රජයේ හමුදා සමාජිකයන්ට, ආබාධිත සොල්දාදුවන්ට ජල ප්‍රහාරත් බැටන් පොලු පහරත් ලැබෙන අධම, තිරිසන් පාලනයක් ගෙනාවෝ කවුරහු දැයි ඔබ ඔබෙන්ම විමසිය යුතු කාලය එළඹ ඇත. මරණ බිය අබියස ඔවුන් මුර දේවතාවුන් කරන්නාවූත් නිදහසක් ලද කල ඔවුන්ම කොරුන්, අන්ධයන්, බිහිරන් කරන්නාවූත් අවස්ථාවාදී නීච ජනතාවකට ඇමතිය යුතු සුදුසුම වචන භාෂාවේ හතර ඉම හරිහැටි දන්නා ඔබට තීරණය කරනු හැකියැයි විශ්වාස කරමි.

කොටළුවනි, උඹලාගේ වෙස්ගත් වෘකයන් රජ වූ කල උඹලාටම සාප කරගනිමින් වැරෙන් හඬ තලන්න!

14 comments:

  1. දැන් ඔය වතුර/කඳුළු ගෑස් ගහපු එක වැරදියි හෙලා දකිමු.
    1. හැබැයි නංගියෝ සිසුන්ට ගහන කොට ඔය කට්ටිය සෑහෙන්න සතුටු වුන නේද?
    2. මහින්ද මහත්මයාගේ කාලේ ඇයි මේ ගොල්ලන්ට විශ්‍රාම වැටුප් හදල නොදුන්නේ?එක පාරටම - මේක දැන් මතු වුනේ කොහොමද? (මේක මම ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ)
    3. විශ්‍රාම වැටුප් හදා දෙන එකට එකඟයි. කලයුතු වැඩක්.
    4.රතුපස්වල සිද්ධියේදී වෙඩි තියපු එක හරි වුනාද?

    ReplyDelete
    Replies
    1. ඉතාම පිළිකුලින් යුතුව පිළිතුරු දිය යුතු නිසා ලියමි.

      අජිත්, ඔබගේ ඔය ප්‍රශ්නාවලිය තුළ ඔබ මුවාකරගන්නට හදන දේශපාලනයක් මිස වෙනකක් නම් නොපෙනෙන බව කිව යුතුයි. මගේ දේශපාලන ආකල්පය මීට වඩා වෙනස් වුවත් මේ සිද්ධිය ගැන දරන මතය නොවෙනස්.
      1. මහත්තයෝ ඔහේ මාව පෞද්ගලිකව නොහඳුනන නිසා මම ඔය ප්‍රශ්නයට ඒ සීමාවේ සිටම ඉත්තර දෙන්නම්. ශිෂ්‍යන්ට ගැහුවාය කියා බාල් නටන මානසිකත්වයක මා නොහිටින බව ඔබට පැහැදිලි කළ යුතු නැහැ. මම ඊට බැඳී නැහැ. අනෙක් අතට මේ ගැහිවේ කාටද කියල හිතල බැලුවොත් දුවාගන්නවත් බැරි ආබාධිතයන්ට! අජිත්ලා වාගේ ඈයෝ ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන අය වෙච්චි, ආබාධිතයන් සහ ඔබ අතර වෙනසක් නොදැකීම නම් හරිම කණගාටුදායකයි!

      2. මහින්ද මාමාගේ කාලේ නොහැදුවා නම් ඒ ඇයි කියන එක ඔහේලා වාගේ ක්‍රියාකාරි ජඩමාධ්‍යකරුවන් හොයා බලන්නට ඔන කාරණාවක්! අනෙක් අතට ඔබේ දේශපාලනයට විරුද්ධ නිසා පිළිනොගත්තාට පෙර රජය සමයේ රණවිරුවන්ව මෙවැන් අධම Sඅලකීමකට ලක් වුණේ නැතිබව සමහරක්විට සංචාරක කුරුල්ලන් නොදන්නවා ඇති. දැන් ඔවුන්ට ලැබෙන සැලකිල්ල ඉස්තරම් බවත්සමහරවිට ඔබ නොදන්නවා ඇති.

      Delete
    2. ඉතා පිළිකුලින් යුතුව නැවත මේ බ්ලොගයට නොඑන්නට මේ ටික ලියමි.
      අංක එක - මට මුවා කර ගන්නට කාගෙවත් දේශපාලනයක් නැත. එහෙම තිබුන නම් ඇවිත් ලියන්නේද නැත. මොකද මේ බ්ලොගය ලියන ඔබ සම විටම ලියුවේ කොයි පැත්තටද යන්න මම හොඳාකාරව දන්නා හෙයිනි.#//අජිත්ලා වාගේ ඈයෝ ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන අය වෙච්චි, ආබාධිතයන් සහ ඔබ අතර වෙනසක් නොදැකීම නම් හරිම කණගාටුදායකයි// අබාධිතයන් ගැන හොඳ දැනීමක් මට තිබේ. මේ රටවල අබාධිතයන් අවුස්සා දේශපාලන වාසි ගන්න මිනිසුන් මම දැක නැත. ඔබ මගේ ෆේස්බුක් එකේ යහළුවෙකු ලෙස සිටින හෙයින් මා වරදවා සිතුවේ එසේ යයි සිතාය.
      2. මහින්ද මාමාගේ කාලේ නොහැදුවා නම් ඒ ඇයි කියන එක ඔහේලා වාගේ ක්‍රියාකාරි ජඩමාධ්‍යකරුවන් හොයා බලන්නට ඔන කාරණාවක්! - මම ජඩ මාධ්‍යකරුවෙක් යයි කීම සාඩම්බරයෙන් භාර ගනිමි. ඔහෙලගෙ පැත්තේ ඒ කාලේ හිටි මාධ්‍ය කරුවන් මෙන් මම කවදාවත් කිසිම තැනක මුදලට, වාහනයකට, ලියා නැති බව කියමි. කොටින්ම මම මාධ්‍යකරුවෙක් යයි කීම සදම්බරයට කරුනක්ද නොදනිමි. මා දන්නේ මා බ්ලොග් කරුවෙකු බවයි.

      Delete
  2. මෙන්න රචනා!!

    තනි තරුවට ජය වේවා!

    යහපාලන ගොන්බිජ්ජන් බන්ගවේවා!


    ReplyDelete
    Replies
    1. එකෙන්ම!
      මුකුත් ලියන්නේ නැද්ද?

      Delete
  3. දුවන්න කකුල් නැති අයට පන්න පන්න ගහනකොට..
    ඇස් පිහගන්න බැරි අයට කඳුළුගෑස් ගහනකොට..
    කන්දෙකට වදින වතුරපාර වහගන්න අත් නැති අයට වතුර ගහනකොට...
    එයා ඒ කාලෙ මෙහෙමයි,මේක පිටිපස්සෙ ඉන්නෙ අහවල්ලු,ඒ කාලෙ එහෙමනම් මේකාලෙ මොකද කිය කිය සංසන්දන , විදග්ද විශාර තියන අමනුස්සයිනි...., මේ ගුටිකාපු උන් පට්ටම වැරදියි කියමු.ඒත් අබ්බගාතයෙකුට ගහන්න තොපි අත් ඉස්සුවෙ,අණ දුන්නෙ මොන හිතකින්ද? මෙයාලගෙ අත පය තිබුන නම් හිමි 'ටයර් මාලය' ද?
    මේ වගේ සිදුවීමක් වත් උපක්‍රමශීලීව හසුරුවාගන්නට බැරි තරම් තොපි අසමත් ද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ගස් ලබ්බ දැන් ගොඩක් බ්ලොග් කාරයෝ කොමෙන්ට් කාරයෝ ඔය ඉහත ඉන්න සරසා හෙම අම්බානක ඇටැක් කලා නේද ශිෂ්‍යයන්ට , මහින්ද ආණ්ඩුවෙන් ගහන කොට මේ ආණ්ඩුවෙන් ගහන කොට, ශිෂ්‍යයෝ පාර වහල ඔහෙලට යන්න බැහැ එහම කියල. ගහන එක හොඳයි කියල. ඔයාගේ හරි විභිෂනගේ හරි ලිපියකුත් තිබ්බ. පොලිසිය කියන්නේ අණ දුන්නම ගහන එවුන්. ආමි එක කියන්නේ අණ දුන්නම වෙඩි තියන එවුන්. ඔතන නේ ප්‍රශ්නේ. රතුපස් වල වෙඩි තැබීම සාධාරණයකරපු අමන හොරු රැල මේ විරෝධය පිටි පස්සේ හිටියේ නැත්ද? ඇයි මේ මිනිස්සුන්ට ගෝඨාභය මහත්තයාගේ කාලේ මේ විශ්‍රාම වැටුප හදල දුන්නේ නැත්තේ? මේ ගොල්ලෝ මේක ඉල්ලන්නේ 2009 ඉඳන්. යුද්ධය ඉවර වෙච්ච කාලේ ඉඳන්. ගෝඨාභය දුන්නේ නැත්ත අවුරුදු 12 සපුරල නැති නිසා. ඒ කාලේ මේ රාවනා බලයේ ගොබ්බයො ආණ්ඩුව පැත්තෙනේ හිටියේ. ඒ නිසා ගෝඨාභය ට විරුද්ධව පෙළපාලි ගියේ නැහැ.
      ගහපු එක හරියි කියල කවුරුත් කියන්නේ නැහැ. ඒක තමයි මේ ධනපති ආණ්ඩුවල ස්වභාවය? හැම වෙලේම කෙලවෙච්ච මිනිස්සු පිරිසක් අල්ලාගෙන තමන්ගේ දේශපාන අරමුණ මුදුන් පත් කරන එකනේ හැම එකාම කරන්නේ. ශිෂ්‍යයන්ගේ සිට මේ අහිංසක මිනිසුන් දක්වා? තරු ගේ සරසාගෙ හැසිරීම් වල මම නම් දකින්නේ ඒක. දෙපක්ෂය තමා ඇද ගන්නේ. මිනිස්සු එකතු වෙලා මුන් දෙගොල්ලටම කියල දුන්න නම් හරි. චන්දෙ දීල ඇරගන්න රටක් නේ.

      Delete
    3. උද්ඝෝශකයින්ට පහරදීම මොනම තත්වයක් යටතෙදි වත් ගස්ලබ්බා විසින් සාධාරණීකරණය කරලත් නෑ. කරන්නෙත් නෑ.'උද්ඝෝශකයින් යනු යම් අගතියකට ලක්වූවන් ය' කියන පූර්ව නිගමනයක ඉඳන් තමයි ගැටළුව මොකද්ද කියල හොයල බලන්න හරි ගස්ලබ්බා පෙලඹෙන්නෙ.(ඒක හරි උනත් වැරදි උනත්.)
      මෙතනදි ආණ්ඩුවේ හැසිරීම ඉතාම අමානුශිකයි.පාර්ලිමේන්තුවෙන් අනුමත වූ දෙයක් ක්‍රියාත්මක කරගන්න 'උවමනාව' නැතිකම සහ මේ ප්‍රශ්නය වවාගත්තම මහින්දව,ගෝඨව පච කරන්න යොදාගන්න පුළුවන් වගේ අදහසක් ඔවුන්ගෙ තිබුන බවක් පෙනුනා.ඒ වගේම සුපුරුදු පරිදි විපක්ශය අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා.මේ කුපාඩි දේශපාලනය පැත්තකින් තියල බැලුවත්, කෙනෙක් මනුස්සයෙක් නම් සහ ඔහු 'යහපාලනය' පතන්නෙක් නම් මේ පහරදීම් අනුමත කරන්නේ හෝ සැර බාල කරමින් ප්‍රකාශ නිකුත්කරන්නේ මානුශිකත්වයේ කුමන පදනමක් මත පිහිටලාද කියන එක ගැටළුවක්.
      මේ ගැටළුව ගැනම මාතලන් ගේ පෝස්ටුවේ ඔහු කියා සිටියේ මාර්ගය අවහිර කරමින් සිටි උද්ඝෝශකයින් සිවිල් වැසියෙක් වශයෙන් මාතලන් කල ඉල්ලීමට ගරු කරමින් වාහන ධාවනයට ඉඩ කඩ සලසා දුන් වග.එතරම් නම්‍යශීලීව සිටි කණ්ඩායමක් මහ පාරෙ බල්ලො බළල්ලු වගේ අව්වේ වේලලා වැස්සෙ තෙමලා වද දීලා මානසිකව හෙම්බත් කරලා ඊටපස්සෙ ගහන එක 'ඉස්සරත් කරපු නිසා' කමක් නෑ කියල කියන එක ගස්ලබ්බට අදහගන්නවත් බෑ.
      මේ පැහැදිලිවම රජයේ (එවකට සහ අද.) ප්‍රොපගැණ්ඩා සඳහා අහිංසකයින් යොදාගැනීමක්.තිරිසන් ක්‍රියාවකට තිරිසන් ක්‍රියාවක් කියන්න නොපැකිලෙන රටක් පතමු.

      Delete
  4. ඒකතමයි මම මුලින්ම ලිව්වේ. //දැන් ඔය වතුර/කඳුළු ගෑස් ගහපු එක වැරදියි හෙලා දකිමු. // කියල. හැබැයි මම ඊට පස්සේ අහපු ප්‍රශං දිහා බැලුවහම //එයා ඒ කාලෙ මෙහෙමයි,මේක පිටිපස්සෙ ඉන්නෙ අහවල්ලු,ඒ කාලෙ එහෙමනම් මේකාලෙ මොකද කිය කිය සංසන්දන , විදග්ද විශාර තියන අමනුස්සයිනි// මේක මට කිව්වේ කියල තොප්පිය දාගන්න හිතුන. මොකද ඔහොම ශිෂ්‍යන්ට කඳුළු ගෑස් ගහපු වෙලෙත් විචාර ආවනේ. ඒ සංවාදය නැතිව බැහැ. මේ ලිපිය ඇත්තටම සාකච්චා වෙනවා මදි. මතලන්ගේ එකත් මම කියෙව්වා. ඒකෙදි තම මම දැක්කේ ඒකාබද්ධේ පිටි පස්සේ ඉන්නවයි කියන එක. හැබැයි මම කොතැනක වත් කියල නැහැ ඉස්සරත් කරපු නිසා ගැහුවට කමක් නැහැ කියල. මම අහන්නේ ඇයි 2009 ඉඳන් ඔය ප්‍රශ්නය විසඳුවේ නැත්තේ කියල් ඇයි ගෝඨාභය ට විරුද්ධව පෙළපාලි ගියේ නැත්තේ කියල. එක දේශප්‍රේමී සහ මේක දේශද්‍රෝහී ආණ්ඩුව නිසාද? මේ ආණ්ඩු දෙකම එක නැත්ද ඇත්තට බැලුවොත්? අරකෙ හිටපු එවුන් ගෙන් භාගයක් තමා මේකෙත් ඉන්නේ. දැන් මට පෙනුන විධිහට ඔයාට , ෆේස්බුක් එකේ අ යට, මෙතන තරුට ඇතිවුන සාධාරණ කෝපයක් තියනවනේ. ඒ කෝපය ඇති කිරීමට මේක කලා කියල මට හිතෙන්නේ. අර අහිංසක මිනිස්සු අතකොලුවක් වුණා කියල. මොකද මස හතරකට ආණ්ඩුව කියල තිබුනනේ පෙබරවාරි දෙනානම් කියල. දැන් ඊයේ මේ ඔක්කොමත් වෙලා අන්තිමට කීවෙත් ඒක . එතකොට යහපාලන පොරක් අණදීල ගහන්න. යහපලානේ ඇදගෙන නාගත්තා. මේ අහිංසකයෝ ටික ගුටි කෑව. කවුද දිනුම්?

    ReplyDelete
  5. ගස් ලබ්බා, මම කලිනුත් වතාවක් කියලා තියෙනවා වගේම සමහර ගොන් ලබ්බන්ට නොතේරෙම මේ ප්‍රශ්නේ අපි කතා කරන මානුෂිකත්වය උඹට තිබීමම උඹ ගස් නෙවෙයි රන් ලබ්බෙක් කරවනවා. (ඒක කියන්නේ උඹේ සංවේදීකමට හිස නම් ආචාර කරන ගමන් )
    දේශපාලනය නිසි නොනිසි සෑම තැනටම රිංගන්නේ අපේ රටේ විතරක් නෙවෙයි. ඒත් මෙතන ප්‍රශ්නේ මේ වගේ ආබාධිතයන්ට ගහන්න තරම් සක්කිලි තත්වෙකට වැටුණු පාලකයන්ට හුණු ගාන්නත් සාධාරණීකරණය කරන්නත් යන අජිත්ලා තව ඉන්න එක. අජිත් කතා කරනවා රතුපස්වල සිද්ධිය ගැන. ඒකත් Wඅරදියි. හැබැයි අජිත්ලා ඇතුළු මේකට හුණු ගාන උන්ට මානුෂිකත්වයක් හෝ සංවේදීතාවයක් නෑ අබාධිතයන් වීම ගැන. එයාලයි මේකෙන් දේශපාලනය සාධාරණීකරණය කරගන්න හදන්නේ. ඔච්චරටම දන්න දේශපාලන ඔස්තාද්ලා ඇයි එහෙනම් ඔවුන් පිටුපස තිබෙනවායි කියන දේශපාලන පාර්ශවය හා නොගැටෙන්නේ. ඒක නිකන් ගොයම මිවන් කෑව නිසා ගෙදර මුවහමට තඩිබෑව ගමයගේ ක්‍රියාවක් නෙවෙයිද? හරිම පිළිකුල් සහ අප්‍රසන්නයි මෙවන් තර්ක ඇසීමත්. ආබාධිතයන් මති හරි තමන්ගේ අමන තීරණ හරි කියන තැනට යන පාර කපාගන්න කට්ටිය දඟලනවා. සිරිසේන කියනවලු රටේ හිටියා නම් ආබාධිත රණවිරුවන්ට කඳුළු ගෑස් ගහන්න දෙන්නෙ නැති බව! 62ලක්ෂේ ජනපතිටවත් වලංගු නැති ආණ්ඩුවක් ද ඒ කියන්නේ අපේ ගොබිලයෝ පත්කොරන් තියෙන්නේ? එහෙනම් යහපාලන සළු ඇඳන් පික්සු කෙලින්නෙ කවුද? වරදට දඬුවම් දෙන්න ඉස්සරලම පාරට බහින්නේ අපි කියපු උන් අද කොහෙද? උන්ගේ නිවටකම මේ ගොන් තර්කවලින් පේනවා. වැඩේ තියෙන්නේ මේකයි මෙහෙම කියන සමහරුන් ගෝඨලා එක්ක තිබෙන පෞද්ගලික එදිටිවාදිකම් මෙතනට ගෙනත් මුන්ගේ පිරුවට හෝදම්න යනවා. අනෙක් අතට කෝ ෆොන්සේකා?

    ReplyDelete
    Replies
    1. රන් ලබ්බලටයි , රන් තරුවලටත් අවසානයට යමක් කියන්නම්. මෙතැනදී මේ ගහපු එවුන්ට හුණු ගාන්න මට කිසිම අදහසක් නැහැ.
      //දැන් ඔය වතුර/කඳුළු ගෑස් ගහපු එක වැරදියි හෙලා දකිමු. // මේක මුලින්ම ලියලම පටන් ගත්තේ ඒකයි. මම වගේ නිවටයෙක් ගොන් ලබ්බෙක් 2007 දී රාගම කොමාන්ඩෝ එකේ යුදයෙන් ආබාධිත සහෝදරයින්ට කිහිලි කරු ඇතුළු බඩු කොන්ටෙනරයක් එව්වා. ඒවා බෙදුවොත් ඔය ලොකු කෙනෙක් ගේ බිරින්දදෑවක් තමයි. අපිට හැඟීමක් නැත්නම් ඒවා කරන්නේ නැහැනේ. 2009 -2015 වෙනකන් තිබ්බේ ආණ්ඩුවේ මම ගෝඨාභය මහතාට බැන්නේ නැහැ. මම ඇහුවේ ඇයි එයා නොදුන්නේ කියලා. නුදුන්නේ මෙතන වැඩිහරියක් ය අවුරුදු 12 සම්පුර්න කරලා නැති නිසා. ඒ ප්‍රශ්නය දිගටම ඇවිත් මිට මාස හතරකට එකඟත්වයකට ආව කියල මම දන්නේ. එහෙම තියෙද්දී මේ උද්ඝෝෂණය ආවේ ඇයි ? මේ අහිංසකයන්ට ගැහුවේ ඇයි? මෙතන යහපාලන බුරුවට අමතරව පොලිසියට අමතරව උද්ඝෝෂණය සංවිධානය කරපු කට්ටියකුත් යටින් හිටිය. උන් කලේ මුන්ව පාවිච්චි කරපු එක.
      ෆොන්සේකා ගැන අහන එක හරි - ඇමතියෙක් වෙලා මොකද කරන්නේ එයා ? තමන් ගැන විතරක් හිතන දේශපාලකයෙක් විතරයි ඒ.

      ඔහෙලට තව දෙයක් කියන්නම්. අපි අබධිතයන්ට උදව් කලාට ඒවා තැන් තැන් වල දාන්නේ නැහැ. නමුත් මේක ලියන්න ඕනේ. නිමලරාජන්, කූගන් කියල දෙන්නෙක්ව අත්අඩංගුවට අරන් මැරුවා. ඔය මාර හොඳ කට්ටියගේ වැඩ. එකෙක්ගේ දෙමාපියෝ බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ. කුගන් ට ළමයෙක් ඉන්නවා. දැන් අවුරුදු ගාණක ඉඳන් මම උදව් කරනවා. බොහොම සුළුවෙන්. ඒ ළමයට ගෙයක් වත් නැහැ. ඔය ගස්ලබ්බ අර ළමයෙකුට හදන ගේ වගේ කිසි කෙනෙක් එන්නේ නැහැ. දෙමල නිසා. ඊළමට විරුද්ධව හිටි එකෙක් නිසා උන්ගේ එවුන්වත් උදව් කරන්නේ නැහැ. ඕව තමා ඔය ජාතිවාදී හෘද සාක්ෂියේ ඇත්ත.
      අවසන් වශයෙන් කෙනෙක් කළ ගනුදෙනුවක් ගැන මම දන්නවා. මගේ ඉදිරියේ පිළිගත් නිසා. දැන් මට හිතෙනවා ඇත්තටම නඩුවක් ආවොත් සාක්ෂි දෙන්න. ඔහෙලටත් දැන ගන්න. මම කට වහන් හිටියේ මේ දෙගොල්ල එක්කම මගේ සම්බන්ධයක් නැති නිසා (හිතවත්කම් හැර). දැන්නම් හිතෙනවා ඒවා එලියට එන එක හොඳයි කියල. එහෙනම් අපි ගියා. බොහොම ස්තූතියි කපන්නේ නැතුව පළ කරාට.

      Delete
  6. මේ ලින්ක් එක හිරු ටීවී එකේ. මේ පෙන්වන දේවලට අනුව නම් උද්ඝෝෂණය රජයේ තීරණය දැන ගන්න හය දෙනෙක් සාකච්ඡාවට ගිහින් ඉන්න වෙලාවේ ඇති කරපු ප්‍රචණ්ඩකාරී තත්වයක්ග ඒක මෙහෙයවන්නේ නායකත්වය දෙන්නේ කවු ද කියා බැළුවාම මේ සිදුවීම අනවශ්‍ය උසිගැන්වීමක් නිසා සිදුවුනු දෙයක් කියායි මට හිතෙන්නේ.
    https://www.youtube.com/watch?v=W7Xvr-3spgg

    ReplyDelete
    Replies
    1. දැන් ඒකෙන්ම පේනවනේ . හය දෙනෙකුව සාකච්චා කරන්න අරන් ගියාට පස්සේ අනවසරයෙන් ගිය බව. ඒ කියන්නේ ලංකාවේ පොලිසිය ගහන බව දැනගෙන ගියේ. ශිෂ්‍යයෝ ගියෙත් එහෙමයි. ජනාධිපති ලේකම් කාර්යාලයට ගියොත් ගහන බව හැමෝම දන්නවා. ලනක්වේ පොලෝසිය කවදාවත් යන්න දීල ඉන්නේ නැහැ. ඔතාන් යට තියෙනේ දේශපාලනය සද්ධාතිස්ස හාමුදුරුවෝ එක්ක සම්බන්ධ කලහම් තේරෙනවා. ගහපු එකයි ඒ මිනිසුන්ව මෙහෙම use කරපු එකයි දෙකම වැරදියි. මම කියන්නේ ඒකයි.

      Delete