Tuesday, February 7, 2023

තර්කන වීල්

ලාංකිකයාගෙ තර්කන හැකියාවට වඩා තර්කනයට තියෙන ආසාව ඉහළයි. බහුතරයකට ඒක එන්නේ මහන්තත්ත හැඟීමකින් (egoistic) හින්දා වාද-විවාද, සංවාද-විසංවාදවලට පැහැදිලි මගක් නෑ. විවෘත මනසින් කිව්වට විවෘතමත්ම නෑ.
හදිසියේවත් තමන්ගෙ මහන්තත්වයට පහරක් වැදීගෙන එද්දී ටක්ගාලා ලේබල් ගියරෙට මාරුවෙනවා. 

ඉතින් මොකක් හරි මාතෘකාවක් දීලා කව්රුහරි මෙයාලව නැවතීමක් නැති hamster wheel එකක නැග්ගුවම, කට්ටියම "ආ... පාගලා යමුකෝ හැටේ.. 🎶" කියලා තාලෙට හැල්මේ දුවන්න ගන්නවා. හැම්ස්ටර් වීල් එකෙන් බැස්සට පස්සෙ ගිය ගමනාන්තයක් නෑ, ගිය වේගෙට අතුල්-පතුල් සීතලවෙන තරමට ආව ඇඩ්‍රිනලීන් ගැල්මක් විතරයි ඉතුරු!

ඔහොම "වීල්" පාක් පිටින් සමාජ මාධ්‍යවලත් තියෙන හින්දා ලාංකිකයා තාම මහන්තත්වයට සීතල හුළං වද්දාගනිමින් හැල්මේ දුවනවා. තාම විවෘත මනස හීනයක්, යන ගමනාන්ත හීනයක්, සර්ව සාධාරණ සමාජයක් හීනයක්, ඔක්කොටම වඩා අවම මානව ගරුත්වය අනෙකාට දීමට හුරුවීම හීනයක්. ධනාත්මක චින්තනය සහ ආකල්ප වෙනස හීනවලත් හීනයක්. 

ඒ වුණාට, කතා කරන්න හදන්නේ ලොකු බරසාර දේවල්. 😁

(පාගලා යමුකෝ හැටේ කියන්නේ 1960දි තිරගත වුණ 'සුන්ද බිරිඳ' චිත්‍රපටයේ ගීතයක්) 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #socialdiscussion

2 comments:

  1. අඩේ, අපි පාගල යාමුකො හැටේ සිංදුව කියන්නේ ඇල්.ඇම් පෙරේරා.
    යූ බටේ තියනවා.
    https://www.youtube.com/watch?v=48vDCuqlGfg

    ඔය සිංදුව හැබැයි, මට පෑගුන මාමගෙ කියල කෑල්ලකුත් අවුණල තමයි කිව්වෙ ඒ කාල‍ෙ.

    එක තැන කැරකෙන එක ජාතික පුරුද්දක් අප්පා. පරාක්‍රම නිරිඇල්ල ඒ කාලේ සෙක්කුව නාට්‍යය කලෙත් ඔය මූලාශ්‍රයෙන්ම තමයි. මේ හැත්තෑ හතර අවුරුදු ශාපය හේතුව විග්‍රහ කරන, සමහර පුස් නාම්බො, ඔය විස්තරේම පුන පුනා කියන්නෙත්, සෙක්කු කඳ බෙල්ලෙ බැඳන් රවුමට යන ගමන්මයි අප්පා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ වගේ අමුතු සිංදු කෑලි ඇහෙනවා. මේ ළගදි පාරදිගේ විල්සන් අන්කල් කිව්වේ මං තනිකඩ බෙන්10 කියලා 😂😂

      හෝද හෝද මඩේ දානවා. සංසාර චක්‍රයෙන් ඉක්මණට මිදෙන්න ඕන කියලා මට හිතෙනවා 🙏☺️

      Delete