Sunday, June 30, 2013

හැඟුම්












අතීතේ දවසක 
හෙමිහෙමින් පා නැඟුව
මල් තුහිනයක මතක
ගෙන ඇවිත් දොරකඩට,
අනෝරා වැස්සක් 
නොවෙනාබව කියයි..
සීතල මඳනලක 
දැවටෙන්ට අවැසිමුත්
මාරුතයකට බියෙන්
සිතුම්වැල් සසලවෙයි..



13 comments:

  1. Replies
    1. ස්තූතියි සමනළී. අඩුපාඩු ඇතොත් පෙන්වන්න :)

      Delete
  2. සමනලියක් පාර කිවා
    පාර අහන් මෙහෙට ආවා
    අනගි බවක් මෙහි දුටුවා
    සුබ පැතුමක් එක් කෙරුවා.

    ReplyDelete
    Replies
    1. ආවට බොහොම ස්තූතියි. තාම පටන් ගත්තා විතරයිනේ. අඩුපාඩු ඇත්නම් පෙන්වන්න. :)

      Delete
  3. මේකේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. එක කරණ විදිහ සමනලී ගෙන් අහගන්න පුළුවන් වේවි.

    ReplyDelete
  4. සමනළි නිසයි ආවේ. ෆලෝවින් ගැජට් එකත් දාගන්න. එතකොට අපට එන්න ලේසියි ආයෙත්.
    Samakaya Wate නලින්

    ReplyDelete
    Replies
    1. ආවට බොහොම ස්තූතියි. ෆලොවින් ගැජට් එකක් යෝජනා කරන්න පුළුවනිද?

      Delete
    2. Layout එකට ගියාම ඇති Add a gadget කියල එකක්. ඒක ක්ලික් කලාම ඔයාට අවශ්‍ය ගැජට් දා ගන්න පුළුවන්. ෆලොවින් ගැජට් ඒකත් එකේ ඇති...

      Delete
  5. සමනළී කිව්ව නිසා ඇවිත් බැලුවේ...
    දිගටම ලියන්න. නෙට් එකේ සර්ච් කරලා බ්ලොග් එකට තව එක එක කෑලි ටිකක් දාගන්න(වැඩිය එපා). ලස්සන කරගන්න.ජයවේවා....!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්දු. ඔව් ටික ටික දියුණුවෙමුකෝ ඔයාල හැමෝගෙන්ම ඉගෙන ගන්න දෙවල් හුඟක් තියෙනවා :)

      Delete
  6. සමනළී කෙල්ල කියූ පාරෙන් ආවෝ ....ලියමු එහෙනං

    ReplyDelete