කුඩා කාලයේ මම අවුරුදු 7-8ක්ම 'එකා යකා' වී සිටියෙමි.එකා යකාගේ ලෝකයට අවුරුදු 7-8කට පසු උල්කාපාතයක් කඩා වැටිණි.මම අපේ නගාට කියන්නේ එහෙමය.ඒ කිසි තරහවකට නම් නොවේය.ඒත් ඒ කාලයේ නම් අම්මා නිතරම නංගී සමඟ රැඳීම නම් මට මල පනවන කාරණාවක් වී තිබුණි.දැනටද ඉතින් වෙනසක් නැත.උන්දෑ වැනි 'රුක්මනී' කෙනෙකුට එහෙම නොකරත් බැරිය.ඒ නිසාම අම්මාත් තාත්තාත් උන්දෑට විශේෂයක් කොට සලකති.දැන් නම් ඔව්වායේ එහෙමට ගාණක් නැත.
ඉතින් ඔය කාලයේ මට සෙල්ලම් කරන්නට මොකෙක්වත් සිටියේද නැත.පොතක් පත්තරයක් නැත්නම් වස කම්මැලිකමකින් අරහෙට මෙහෙට ඇවිදිමින් සිටින්නේ බල්ලාට ඇති වැඩකුත් නැත, හෙමින් ගමනකුත් නැත කියන්නා වාගේය.
අම්මා කොහොමටත් අහළ පහළ ළමුන් හා සෙල්ලමට යනවාට ඒ තරම් කැමැත්තකුත් නොතිබූ නිසා මට කරන්නට සිදුවූයේ උං ක්‍රිකට් ගසනු,ටින් කඩනු දුකුළෙකු සේ ගේට්ටුවේ එල්ලීගෙන බලා සිටින්නටය.උන්ගේත් තිබූ පරකමට උං හැමදාම සෙල්ලමක් කළේ අපේ ගේට්ටුව ඉස්සරහමය!
3 වසරේදී දවසක් අපේ ගුරුතුමිය 'අපේ ගෙදර' ගැන රචනාවක් ලියාගෙන එන්නටැයි කීවාය.මමත් ඇස්ටි හැලෙන්නට රචනාව ලීවෙමි.මගේ රචනාව දුටු අම්මාත් තාත්තාත් මුහුණට මුහුණ බලාගත්හ, තදකරගන්නට උත්සහ කල හිනාවක් හිකිස් ගා එළියට පැන්නේය.හේතුව ගෙදර විස්තරයට අමතරව මෙලෙස ලියා තිබීමය :
"අපේ ගෙදර ඉදිරිපිට හවසට ළමුන් සෙල්ලම් කරති.ඒත් අපේ අම්මා මා සෙල්ලමට යවන්නේ නැත."
පොඩි උන්ගේ හිත්වල කැකෑරෙන සිතුවිලි එළියට පනිනුයේ ඕං ඔහොමය.එසේවූවත් ඉතින් ඔය රචනාවෙන් පසුව වුවත් මට සෙල්ලමට යන්නට ඉඩ ලැබුණේ නැත.බටු සයිස් වූ අපේ නගාටද කළ හැකිව තිබූ එකම සෙල්ලම මගේ පොත් ඇද, සෙල්ලම් බඩු විසිකර මා හට මල පැන්නවීමය.ඊටපසු මා හටම ගුටිකන්නට සිදුවන්නේ බැන්නත් ගැහුවා සේ මේ යෝදි මරහඬ දී අඬන්නට ගන්නා නිසාය.වැඩිමලා වී ඉපදීමේ කරුමය කියන්නේ ඒකටය.මක් නිසාද යත්, ඇත්තක් කිව්වත් ඒ වේලාවට අම්මාත් තාත්තාත් සිතන්නේ මම ආත්මාරක්ෂාව තකා සම්‍යක් ප්‍රයෝගයක් කරනා බව නිසාය. :(
ඒ කාලයේ ඇති වැඩක් නැතිවුවත් දහවල් කෑමෙන් පසු නිදන පුරුද්දක් මට තිබුණේ නැත.එවැනි අපත පුරුදු ඇතිවන්නේ වැඩිහිටි වූ පසුව විය යුතුය.ගෙදර සියලු දෙනාම විවේක ගන්නා දවාලට මට විවිධාකරයේ සම්පත් ගවේෂණ කටයුතු තිබුණි.ඒවා ඇරඹෙන්නේ එක එක සුකුරුත්තම් හොයන්නට අම්මාගේත් ආත්තම්මාගේත් ලාච්චුවලට රිංගීමෙනි.
ලස්සන බොත්තමක්වත් හමුනොවුනෝතින් ඊලඟට රිංගා ගන්නේ කුස්සියේ කබඩ් අස්සටය.කොච්චර නින්දක් ගොහින් උන්නත් මගේ චූටි කූඹි කකුල් ඇදෙනා දිසාවන් ගැන අම්මා ඉන්නේ තියුණු දැනීමකිනි.නින්දේ වුවත් රබර් කණ් වැඩය.කොහොමටත් රේඩාර් තිරයෙන් ඈත්වන්නටත් අවසර නැත.නිධන් සෙවීමෙන් හෙම්බත්වූ කල මම පුටුවක් තබා උඩම රාක්කයක සඟවා තිබෙන නෙස්ටමෝල්ට් ටින් එක ගෙන හෙරක සේ ඇඟිලි තුඩුවලින් ඇවිදිමින් අම්මා තවමත් නින්දේදැයි විපරම් කරමි.ඊටපසු එයින් කොටසක් කොළයකට හෝ අල්ලට දමාගන්නේ පොතක් කියවමින් කන්නටය.පීරිසියකට නොදමන්නේ මගේ හොරය මාට්ටුවන නිසාය.පොඩි එකා වුවත් තිබුණේ කපටි මොළයකි.
මා බොහෝ කලක් යනතුරු සිතා සිටියේ අම්මා ඒ බවක් නොදනී කියාය.ඒත් ඒ බව එළිවූයේ අම්මා කාත් එක්කදෝ මගේ වැඩ ගැන කියා හිනැහෙනු මට අහම්බෙන් වාගේ ඇසුණු නිසාය.එවෙලේ නම් මටත් ඒකට හිනාය.
කාලය වෙනස්වන ඉක්මන කියා හිතෙන්නේ ඒ කාලයේ හොරෙන් නෙස්ටමෝල්ට් කෑ මට සිනාසුණු අම්මාත් දැන් හොරෙන් හොරෙන් නෙස්ටමෝල්ට් කන හින්දාය.දියවැඩියාව නිසා සීනි හා පැණිරස කන්නට නොදෙන අපේ අම්මාත් තාත්තාත් දැන් පොඩිවුන්ට අන්තය.තාත්තා නම් සීනි හදාගත්තේ නෙස්ටමෝල්ට් බීලාමය.සෙම වැඩිවෙන්නේ පිටි නිසාය කියා දොට්ට මාමෙක් තාත්තාට පිටි බීම තහනම් කළේය.ඊටපසු අවුරුදු ගණනාවක්ම අපේ තාත්තා බීවේ කහටවලට නෙස්ටමෝල්ට් දමා කට ඇලෙන පදමට ඊට සීනිත් දමාය.අවසන සීනිත් තහනම් විය.ඒ දෙපල ගැන දුකට මමද සීනි රහිතව තේ බොන්නට පටන් ගත්තෙමි.චොක්ලට් සහ පැණිරස කෙරෙහි දෙන්නාගේ ඇති රුචිය දන්නා නිසාම සීනි තහනම් කිරීම ගැන ඒ දෙපලටත් වඩා දුක්වුනේ මා ය.දැන් මම සීනි රහිතව තේ බොද්දි ඔවුහු හොරෙන් සීනි දමා තේ බොති.අනේ කාලේ වනේ වාසේය!
මේ නෙස්ටමෝල්ට් කතාව සිහිවූයේ රෑ කෑමෙන් පසු සාස් සූස් ගගා ඇවිදිමින් උන් මට ආයෙත් වතාවක් නෙස්ට්මෝල්ට් ටින් එකක් ඇස ගැටීමෙන්ය.ගෙදර කස්ටිය රූප පෙට්ටිය ඉස්සරහටවී උන් නිසා මම හොරෙන් නෙස්ටමෝල්ට් හැන්දක් අල්ලට ගෙන කමින් බ්ලොග් පෝස්ටුවක් ලියන්නට ආවෙමි.
දැන් මේ කියවූ උදවියගෙනුත් කී දෙනෙක්ට නෙස්ටමෝල්ට් කන්නට දොළක් පහළ වූවාද දන්නේ නැත.කෑවාට කමක් නැත.ප්‍රවේශමෙන් කන්ටය.මක් නිසාද යත් ඒවායේ සීනිය!

mada gahuwata kamak na lassanata liyala thiyenawa :P
ReplyDeleteහහ්! මෙව්වා මඩ නෙවෙයි නංගී සහතික ඇත්ත! :P
Deleteනෙස්ටමෝල්ට් වගේම කිරි පිටි සහ සීනි මිශ්‍රණයත් හොරෙන් කෑමට කදිමයි....
ReplyDeleteඅනිවාර්යෙන්ම!නෙස්ටමෝල්ට් ඇරුණු කොට සීනි+පිටි සහ මයිලෝ නියමම කෑම!:D
Delete//කුඩා කාලයේ මම අවුරුදු 7-8ක්ම 'එකා යකා' වී සිටියෙමි.// එහෙනම් තනි තරුවත් මම වගේ.
ReplyDeleteහානේ දිලිනියත් එහෙනම් එකා යකා වෙලා උන්නු කෙනෙක් නේ.දැන් බලන්නකෝ එකා යකාලට වෙලා තියෙන දේ :(
Deleteපොඩි කාලේ නැන්දලාගේ ගෙදරින් නෙස්ටමෝල්ට් හොරෙන් කෑ යුගයට ගියෙමි. පිළිකන්නෙන් ඇවිත් පිටිපස්සා දොරෙන් ඇතුල්වී නෙස්ටමෝල්ට් ගේමක්දී මාරුවු අවස්ථා එමටය. මාට්ටු වුනේ මයිලෝ ගේමක් දෙන්නට ගොසින්ය. මයිලෝ සුදු මේස රෙද්ද උඩ වැටුනාම සොඳුරු කේලමක් වැනිය. මේ වසර 40කට පමණ පෙරය. ඔබ එය නැවත මතක් කලා මිහිරිය.
ReplyDeleteමිහිරි අතීතයකට මතකයක් ගෙනයන්නට ලැබීම සතුටක් සහෝ.දුක් මතකයකට වඩා සතුටු මතකයකට යන්න ලැබීම කොහොමටත් සුන්දරයිනෙ. :) මයිලෝ කෑමත් ඒ වාගේම තමයි.ඉස්සර මයිලෝවල රහ දැන් නැතිවුනත් දැනටත් මම මයිලෝ නොකා ඉන්නේ නම් නෑ.අපි හැමෝගෙම හිත්වල පුංචි කාලයේ හිටි අපෙන් අංශු මාත්‍රයක්වත් හැමදාම ඉතිරිවෙලා තියෙනවා නේද?:)
Deleteමම නං හොරෙන් කාපු ජාතිය කිව්වොත් මට හූ කියයි. කාලා වචනයක් කතා කරන්න විතරයි ඕනෙ වැඩේ මාට්ටු. :)
ReplyDeleteමොනාද සිඟිති ඒ? හා කියමුකෝ බලන්න අපි හූ කියන්නේ නෑ..:P
Deleteඅවුරුදු හතරකට විතර කලින් මගේ බ්ලොගේ දාපු කමෙන්ට් එකක් පස්සෙ තනි තරුව බලන්න ආවෙ. ඒ වෙනකොට ඔයා යන්න ගිහිල්ලද? අනෙ ලියාගෙන යන්න. මේ ලිවිල්ල හරි රසවත්. පිටි-සීනි සංගමයේ කෙනෙක් සොයාගෙනයි ආවෙ.
ReplyDelete