Wednesday, July 23, 2014

දිල් පීචං ක්‍යා හේ - 2වෙනි කොටස


1වෙනි කොටසට

6වෙනි රූප රාමුව:
තාර පාර උඩ හැටට හැටේ යන වාහනේක රෝදයක්..ඒක එන්න ඕන පාරේ ඉඳන් රෝදේ දිහා බලන විදියටයි...
ඒ එක්කම 'ක්ක් රී....ස්ස්ස්ස්...' ගාල බ්‍රේක් පාරක් වදින්න ඕන...

දැන් කැමරාව උඩට යනවා..වාහනේ පොඩි පරණ ජීප් එකක්..බ්‍රේක් එකක ගහපු පාරට ඒකේ ගිය කොල්ලෝ කෙල්ලෝ නඩේ ඉස්සරහට විසිවෙලා ආයෙත් පස්සට විසිවෙන්න ඕන..සප්නාගෙ ඔළුව ජීප් එකේ හරස් පොල්ලක වැදිලා 'අයියූ මොනවා කරනවද මන්දා" කියලා බනින්න ඕන..ඩ්‍රයිව් කරන්නේ අර ට්‍රිපේ අදහස දැම්ම ලොල්ලෙක් වගේ කොල්ලා...එයා ඒ බැණුම ටෝටලි ඉග්නෝ කරලා ඈත පේන කඳු යාය දිහා බලන් 'ආහ්හ්...වට් අ වියුව් සප්නා' කියලා කෙඳිරි ගාන්න ඕන...ඊටපස්සේ කට්ටියම ජීප් එක පාර මැද්දේ නවත්තලා ඈත පේන කඳු යාය දිහා බලන් වශීකෘත වෙලා ඉන්න ඕන..කඳු මුදුන්වල රැඳුණු සුදුපාට අයිස් දිහා බලන් හූල්ලන්න ඕන...




ඔහොම ටිකක් ඉන්නකොට අනික් අයට කලින් සප්නා පියවි සිහියට ඇවිල්ලා 'වට් ඉස් දිස් මෙන්..ඔහ් කම් ඕන් ගයිස්..ලෙට්ස් ගෝ..." කියලා ඩ්‍රයිවින් සීට් එකට පැනලා ජීප් එක ස්ටාර්ට් කරන්න ඕන...එන්ජිම රේස්වෙන සද්දෙට අනික් උනුත් සමාධියෙන් මිදිලා නරි රැලක් වගේ හූ කියන් ජීප් එකෙ එල්ලෙන්න ඕනා...ඊටපස්සෙ පෙන්නන්නේ හැටට හැටේ යන ජීප් එකයි ඈත කඳු ටිකයි දිහා පාරෙ ඉඳන් බැලෙන හැටි...


7වෙනි රූප රාමුව:

කඳු මුදුනක පුංචි ලස්සන ගෙයක් තියෙනවා..ඒකේ වැටට තියෙන්නෙත් මල් පඳුරු...මොකෙක්වත් පේන්න නැතිඋණත් වෛවාරණ පාට මල් පිරිසිදු පාට වත්තේ පිපිලා වැනි වැනී තියෙනවා..පැත්තක ඔංචිල්ලවකුත් තියෙනවා..ඒ ඒක්කම බර බර ගගා එන සප්නලාගේ ජීප් එක මිදුලේ නැවතෙනවා..කට්ටිය එක පොදියට බිමට පැනලා මිදුල පුරා නර්සරියක් වගේ දුවන්න ගන්නවා...සප්නා පැනලා ඔංචිල්ලාව අල්ලගන්නවා...ටික වෙලාවකින් කලබල ගතිය අඩුවෙලා කට්ටිය පින්තූරු ගන්න පටන් ගන්නවා..සප්නා විතරක් ඈත බලන් ඇස් පියන් ඉන්නවා..එයාගේ මූණේ ලස්සන හිනාවකුයි සැනසිල්ලකුයි ඇඳෙනවා දැකලා යාළුවෝ ටික ආදරෙන් හිනාවෙනවා...


8වෙනි රූප රාමුව:
ශිම්ලාවල වෙලඳපලක්..
කඩවල සුකුරුත්තන් කෑලි, ඇට මාල, කරාඹු, පාට බෝල, ජර්සි, තොප්පි අරව මෙව්ව විකුණනවා පේනවා...අපේ කට්ටියත් සෙනඟ අස්සේ විසිරිලා ශොපිං කරනවා...කොච්චර සල්ලි තිබ්බත් සප්නාට ඕනවෙනවා ශිම්ලාවලින් ජර්සියක්..එයා තව යාළුවෙක් එක්ක ජර්සි බල බලා කඩෙන් කඩේට යනවා...අන්තිමට එක කඩේක ඉඳන් වටපිට බලද්දි ඊට එහා කඩේටත් එහා කඩේ තියෙන ලස්සන රතුපාට ජර්සියක් දැකල සප්නා යාළුවාවත් දාල එතනට දුවනවා..ලඟට ගියාට ජර්සිය ගන්න බෑ...ඒක උඩ එල්ලලා තියෙන්නේ..සප්නා අත දික්කරකර අසාර්ථක වෑයමක නිරත වෙනවා..ඒ එක්කම එයාට ඇහෙනවා එයගේ පිටිපස්සේ ඉඳන් කවුරුහරි කතා කරනවා..'අනේ මේක අරන් දෙන්න කියාගෙන' සප්නා එක සැරේම මේ පැත්තට හැරෙනවා..
හැරුණු වේගෙට එයා නතර වෙන්නේ ඒ කෙනාගේ තුරුලේ..හුස්ම වදින තරම් දුරින්...ඒ එක්කම අපිට පෙන්නනවා ඇස් දෙකක්..තද ඇහිබැම් දෙකක් යට තියෙන ලොකු බකුසු ඇස් දෙකක්..ඊටපස්සේ නහය..ඊලඟට කට...පසුබිමින් රොමාන්තික මියුසික් කෑල්ලක් යනවා..."මොනාද මැඩම් ඕන?" අර රෝස තැඹිලි පාට කට ගැඹුරු පිරිමි හඬකින් අහනවා....'ජ..ජ...ජර්සියක්"  සප්නා ගොතගගහා කියනවා..

ඔන්න දැන් තමයි හරියටම කොල්ලව පෙන්නන්නේ...




අර බකුසු ඇස් දෙකට උඩින් නළලට වැටෙන කෙස් රොදක් එක්ක මොඩ්ල් කෙනෙක් වගේ මේ පරිසරයට නොගැලපෙන තරමේ හැඩ ඉලන්දාරියෙක් තමයි සප්නා ලඟ හිටන් ඉන්නේ..උදේ හවා කඳු පල්ලම් නැගල බැහැලමද කොහෙද කොල්ලගේ V ෂේප් එක අපූරුවට තියෙනවා..

අච්චර හීතලෙත් කොල්ලා ස්කාර්ෆ් එකක් බෙල්ල වටේ ඔතන් ෂර්ට් එකෙ බොත්තම් 2ක් ඇරගෙන එයාගේ හෙයාර්ලස් චෙස්ට් එක පෙන්නන් ඉන්නේ...

සප්නාගේ හද ගැස්ම වේගවත් 'ලබ්-ඩබ්' සද්දයක් බවට පත්වෙනවා..
සප්නා වගේම කොල්ලත් පොඩ්ඩක් ගැස්සිලා ඉන්නේ...ඒ නිසා ජර්සියේ නියම ගාණෙන් බාගයක් තමයි කියන්නේ..සප්නා තිගැස්මෙන් සල්ලි දීලා යන්න හැරෙනවා.."මම රාජ්" කොල්ලා සප්නා යන්න හැරෙද්දි කියනවා...සප්නා ආපහු හැරෙන්නේ නැතුවම අතේ තියෙන ජර්සියට හිනාවෙලා "සප්නා" කියනවා...කියලා හිමින් හිමින් යනවා..නෑ ඒ කෑල්ල ස්ලෝ මෝශන්...රාජ් ඒ දිහා උගුඩුවෙක් වගේ බලං ඉන්නවා...පසුබිමින් "තුජේ දේකා තෝහේ.." මියුසික් එක යනවා..

ඒ දැහැන බිඳෙන්නේ රාජ්ගේ ඇට්ටර යාළු පොඩි එකා 'ආ ආ...රාජ් බයියා..ක්යා හුවා.." කියලා නෝන්ඩියක් දැම්මමයි...රාජ් ලැජ්ජාවට පත්වෙලා කොල්ලට 'ඩෝං' ගාල පාරක් ගහල 'පලයං යන්න' කියලා බැණලා එලෝගන්නවා...ඌ දුවනගමන් කියනවා ජර්සියේ හරි ගාණෙන් බාගෙකට දුන්න කියලා රාජ්ගේ තාත්තට කියනව කියලා...රාජ් ඔළුවේ අතගහගෙන අතේ තිබ්බ සල්ලි කොළේ දිහා බලනවා..


9වෙනි රූප රාමුව:
රාජ් ගල් තලාවක් උඩින් පැන පැන බාල්දියකුත් එල්ලන් කොහෙද යනවා..සප්නායි එයාගේ යාළුවොයි ඒ ගල්තලාවේ පැත්තක පික්නික් ගිහින් ඉන්නවා...හදිස්සියේම බාල්දිය උස්සගත්තු රාජ් ගල් තලාවේ එහා කොණෙන් මතුවෙනව දැකලා සප්නා රාජ් කියලා කෑ ගහනවා...ඒ හඬ කඳු මුදුන්වල හැපිල දෝංකාර දෙනවා...රාජ් නවතිනවා..ලැජ්ජාවෙන් බාල්දිය අතින් අතට මාරු කර කර රාජ් හිනාවෙනවා..

"හායි රාජ්, ඔයා මේ කොහෙද යන්නේ.."

"මම..මම..මේ..මේ..එලිබහින්න යනවා" කියලා රාජ් මූණ රතු කරන් කියනවා..

සප්නා බඩ අල්ලන් හිනාවෙනවා...රාජ් ඇඹරෙනවා...

"ඉඩියට්! යන්න යන්න...සී යූ ලේටර්" කියලා සප්නා යාළුවෝ ලඟට දුවනවා...

රාජ් එලි බැහිල්ල අමතක කරලා සප්නා වෙළඹක් වගේ දුවන හැටි බලන් ඉන්නවා...

එතකොටම...අකුණක් වගේ සද්දයක් එනවා...

රාජ් බලන් ඉද්දීම සප්නා ගල් තලාවේ ලිස්සලා පහළට රෝල් වෙනවා...පහළ ලොකු හෙලක් පේනවා...

"ආඅහ්හ්හ්හ්හ්...බච්චාවෝ...." කියලා කෑ ගහගෙන සප්නා පිටිමුට්ටයක් වගේ පෙරලීගෙන පෙරලීගෙන යනවා...

රාජ් බාල්දිය පැත්තකට විසි කරලා "සප්නා...ආ...ආ....මම එනවා...ආ....ආ..." කියාගෙන පහළට දුවනවා...අන්තිමට දෙන්නම රෝල් වීගෙන වීගෙන ඇවිල්ලා එකා පිට එකා වැටිලා එකම ගුලියක් වෙලා රෝල් වෙන්න ගන්නවා...හෙලට ඔන්න මෙන්න තියෙද්දි රාජ් ගල් පොත්තකට කකුල ගහලා බ්‍රේක් ගහගෙන දෙන්නවම බේරගන්නවා...

සප්නා රාජ්ගෙ ඇඟ උඩම සිහිය නැතිව වැටෙනවා...රාජ් දඩිබිඩි ගාලා නැගිටලා සප්නාව බෝනික්කෙක් වගේ දෑතට වඩන් මිදුලේ ඇවිදිනවා වගේ ලේසියෙන් කන්ද උඩට නැගල එයාල හිටිය ගල් පොත්තට එනවා...යාළුවෝ ඔල්වරසන් දීලා වීරයව පිළිගන්නවා..


10වෙනි රූප රාමුව:
සප්නා ඇඳක දපනේ දාලා වැටිලා ඉන්නවා..ඔළුව වටේ වෙළුම්පටියක් තියෙනවා එක තැනක ලේවලින් පෙඟිලා..

'හ්ම්ම්..ම්ම්....රාජ්..." කියලා කෙඳිරිගාගෙන සප්නට සිහිය එනවා...

යාළුවෝ ටික 'අරේ සප්නා...තූ ටීක් හේ නා..." කියාගෙන වටේට පිරෙනවා...

සප්නා රාජ් කියා කියාම අහනවා...එතකොට එක්කෙනෙක් එළියට ගිහින් ඔංචිල්ලාවට වෙලා වෙළපු දකුණු අත දිහා බලන් ඉන්න රාජ්ට කතා කරනවා..සප්නාට සිහිය ඇවිත් කියලා දැනගත්තම රාජ් පිස්සෙක් වගේ ඇතුළට දුවනවා...

'සප්නා...'

'රාජ්...'

කටිටිය දෙන්නට ඉඩ දීල කාමරෙන් එළියට යනවා..

කාලයක් තිස්සේ දන්න කියන කෙනෙක් වගේ රාජ් ඇඳ උඩින් වාඩිවෙනවා...සප්නාගේ ඇස්වලින් කඳුළු උතුරනවා..

"ඔයා මාව බේරගත්තා රාජ්" 

රාජ් හිනාවෙලා සප්නාගේ කඳුළු පිහනවා..සප්නා ඒ අත බදාගෙන හාදුවක් දෙනවා...

ඊටපස්සේ කෙලින්ම සිංදුවකට යනවා...ඒකේ සනීප වුණාට පස්සේ ඒ දෙන්නා කරන කෝලම් පෙන්නනවා..දෙන්නා ශිම්ලාවල කඳු මුදුන්වල අයිස්වලින් බෝල හදලා ගහගන්නවා..අත පය විසි කරා හතර අතේ නටනවා..සප්නා ආයෙත් ජර්සි කඩයක් අස්සේ රිංගනවා දැකලා රාජ් එයාව ඇදගෙන එනවා ඒ කඩේ කොල්ලට සොරි වෙන්න කලින්...දෙන්නා පාරේ අයිනේ තියෙන චූටි අයිල කඩවල්වලින් එක එක එව්වා කනවා...සප්නා ටවුමෙම ඉන්න පුංචි ඈයෝ එක්ක නටනවා..කඩවල්වල ඉන්න නාකි ආච්චිලා එක්ක මුකුළු කරනවා..ඒ ආච්චිලා ලොඹු කටවල්වලින්කොමළ හිනා පානවා..සීයලා කළු ලොකු පට්ටම් තියෙන ඇස් කණ්ණාඩි අස්සෙන් මේ විගඩම් බලන් ඉන්නවා...සප්නාගේ යාළුවෝ ෆුල් සප් එක දෙනවා..අන්තිමට මුලු ටවුමම සප්නායි රාජුයි එක්ක නටනවා..පුදුමේ කියන්නේ ඒ වෙලාවෙ එතනට අහම්බෙන් එන හැමෝම ඩාන්ස් එකේ ස්ටෙප්ස් ඔක්කෝම හරියටම දන්නවා...



11 වෙනි රූප රාමුව:
ජීප් එකට හැමෝම බඩු පටවනවා..සප්නා එයාගේ ගමන් මල්ල අරන් එද්දි රාජ් දොරකඩ ඉඳලා ඒක ගන්නවා...දෙන්නගේම මූණු දුකෙන් බරවෙලා...ඇස්වල කඳුළු පිරිලා..සප්නාගේ නහය ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා...දෙන්නට දෙන්න මූණු බලන්නේ නැතුව ජීප් එක ලඟට ඇවිදන් යනවා...රාජ් ගමන් මල්ල ජීප් එකට දාලා සප්නා දිහා බලලා හූල්ලනවා..

"සප්නා..."

"ම්ම්.."

"යන්න වෙලාව හරි.."

සප්නාට එක පාරටම ඉහිළුම් නැතුව ගිහින් අඬාගෙන රාජ්ව බදාගන්නවා..දෙන්නම ඇතිතරම් අඬනවා...යාලුවෝ දුකෙන් බලන් ඉන්නවා...අඬල අඬලා අන්තිමට සප්නා ඈත්වෙලා ගිහින් ජීප් එකට නගිනවා..සප්නා එයාගේ මාලේ ගලවලා රාජ්ට දෙනවා සිහිවටනයක් විදියට...දෙන්නා ජීප් එක ටික දුරක් යනකම් අත් අල්ලන් යනවා..අත අතෑරෙන වෙලාවේ අම්බානෙක දුක හිතෙන විරහී මියුසික් එකක් යනවා පසුබිමින්...රාජ් කන්ද අයිනට දුවලා පහල පාරේ නොපෙනී යන ජීප් එක දිහා බලන් ඉන්නවා...

33 comments:

  1. අර ජීප් එක මග නවත්තල පිටත් උනාට පස්සෙ ආයි සින්දුවක් දැම්මනම් තමයි මරු. නිකන් වටේ යන ලොරි කාරයන්ට කෝචෝක් කරන, කෝච්චියෙ කන ගාවින් ගන්න වගේ සීන් එක්ක.

    දැන් ඔය ජීප් එක කැඩිල, රාජ් එක්ක කෙල්ල කෝච්චියෙ යවනවද නැත්තන් තනියෙන් බස් එකේ දාල යවල පරෙස්සමට මාවත් ලඟින් තියනවද? (අර බස් එකේ ජැක් ගහන්න ඇවිත් මගෙන් ගුටි කන සීන් එකට පත්තරයවයි විදානෙවයි දාහන් හරිද.)

    ReplyDelete
  2. සිරාවටම නේ..?? හැබෑටම ඇයි මං එතනට සිංදුවක් එබ්බුවේ නැත්තේ? කෝ ඉන්න බලන්න....
    ආහ්..මිල් ගයා මිල් ගයා..ඒ සීන් එකට මූවින් කැමරාස් දාලා ස්පෙෂල් පර්මිෂන් ඕන පාරේ නටන්න...ඒකේ කොස්ට් එක වැඩි මෙයා..අපේ ප්‍රඩියුසර් සහබ් කැමති වුණේ නෑ නවකයෙක්ගේ චිත්‍රපටියකට එච්චර රිස්ක් එකක් ගන්න..ඉහි ඉහි...ඉන්නකෝ මම ඊලඟ චිත්‍රපටියට අනිවාර්යෙන්ම එහෙම සීන් එකක් දාන්න...ගුඩ් අයිඩියා යාර් ඈ...බොහොත් ෂුක්රියා!! :D

    අහ්හ් ජීප් එක කැඩෙන්නෙ නෑ නේ...සප්නා යනෝ රාජ්ව දාලා...:( ෂිකේ! පත්තරයයි විදානෙයි එච්චරටම වල්මත් වෙලාද? :O අයියූ සාලා!!
    මට පේන්නේ ඔයාට ඊලඟ චිත්‍රපටියේ ගැන්ග්ස්ටර් චරිතයක් දෙතහැකි වගේ..:)

    ReplyDelete
    Replies
    1. මචෝ ( ඕකත් යාර් වගේ ලිංග බේදයක් නෑනෙ ), උඹෙ ෆිල්ම් එකට වැදගත් වෙයි මෙන්න මේ හින්දි පාඩම් ටික බලල ඉන්න එක ( බඩ කොර වූ විට තරම්ක් දුර ඇවිද නැවත ඇවිත් බලන්න )

      http://kawilanda.blogspot.com/2012/09/blog-post_25.html

      http://kawilanda.blogspot.com/2012/10/2.html

      http://kawilanda.blogspot.com/2013/05/3.html

      Delete
    2. ගුටි කන්නං හැබැයි පුතොා් "ජැක් ගහන" වැඩෙත් ඇත්තටම කරනවා.. ආයේ ඇඬෙන්නම..

      Delete
    3. හා හා...මරු ලින්ක්ස් ටික ඉන්දික..තැන්කූ මචෝ හිනාවෙලාම අමාරුයි...මම මේ අපේ මනුස්සයට යවන්න ඕන ඔය ලින්කු ටික..හැක් හැක් හැක්...:D

      Delete
    4. හෆෝයි විදානේ..ඒ ජවනිකාව සම්පූර්ණයෙන්ම කොටු කොටු තමයි..:O

      Delete
  3. හුටා.. මේ ඉංදියාවට එහෙම යනවා නෙවෙයි.. උස්සයි.
    පට්ට ඈ...

    ReplyDelete
    Replies
    1. මුජේ ශර්මාගයී..විදානේ මට විහිළු කරනවනේ අනේ..:D
      ෆුල් ගාර්ඩ් එකක් දාගෙන මෙයා දැනුත් ඉන්නේ..ටෙරිබල් ලයිෆ්! ;)

      Delete
  4. කතාව ඉක්මනට ඉක්මනට දැමීම ගැන මගේ හද පිරි ප්‍රණාමය.. විදානේ කිවුවා වගේ ඉන්දියානම් යන්න එපා...

    ReplyDelete
    Replies
    1. අරේ..! බොහොත් ෂුක්රියා යාර්! :)
      ඔබගේ හද පිරි ප්‍රමාණය වෙනුවෙන් මගෙත් හද පිරි ප්‍රමාණය!!
      යන්නේ නෑ...පින් කෙත හෙළ ලක් දෙරණේ කලාව වෙනුවෙන් කැපවෙනවා..:D

      Delete
    2. /පින් කෙත හෙළ ලක් දෙරණේ කලාව වෙනුවෙන් කැපවෙනවා..:D/
      කියන තැනකට පිහියෙන් අනින්නං ඕකනං කොරන්න එපා...

      Delete
    3. හෆොයි, ඒක වෙනුවෙන් කැප වෙනවට වැඩිය එක අතකට යන එකමයි හොද... ;-)

      Delete
    4. ඒ මොකැයි විදානේ ඒ? :O

      Delete
    5. දිනේෂ් : හා එහෙනං ඉතින් යන්නම්කෝ.. :( බලන්නකෝ නවක කලාකරුවෙක්ව පිටුවාල් කලානේ..

      Delete
  5. හත් ඉලව්වයි .. මේක කාට හරි අහුවුනොත්නම් ආයේ අඬන්න ෆිල්ම එකක් හදයි, මට දැන් සැකයක් එනවා මේ හින්දි ෆිල්ම හදන්නේ ඔයාමද කියලා ... කවුද දන්නේ ... සපෝටර්ට ගුටි කන්න විතරනේ අප්පා තියෙන්නේ , ඔකේ නැද්ද සප්නගේ යාලුවෙක් වත් ටිකක් කටකාර ..හැමතිස්සෙම සපෝටර් එක්ක පැටලෙන...

    ReplyDelete
    Replies
    1. පව් යකෝ ඉවානයා ....

      Delete
    2. ඒකත් හැබෑව නේ! බුද්ධිමය දේපල කියලා සීල් එකක් ගහන්න වෙනවා..හ්ම්!
      අනේ අම්මෝ නැතෝ! මේක මගෙ කුළුදුල් චිත්‍රපටිය..
      අනේ ඇත්තට මම මේ ඉවාන්ව පොඩ්ඩක් ලාබාල කරල චරිතයක් දුන්නා මෙන්න මේකා කෙල්ලෝ හොයනවා! :P

      Delete
    3. ඒක නේන්නම් මදාරා..:D

      Delete
  6. යකෝ පමේක ඇතුලෙ පිලුම් කීයක් අච්චාරු වෙලා තියේද කියල මං මේ කල්පනා කලේ...
    පට්ට අඩේ...
    පටේ පට්ට....
    උපරිමයි... මැක්ස

    ReplyDelete
    Replies
    1. හී හී..ඉතින් අනේ බොලිවුඩ් එව්වා මසාලා නේ..එකම සීන් ටික නළු නිළියෝ මාරු කරලා රිමික්ස් කරල ගන්නවනේ..ඒ වුණත් ඉතින් අපිත් බලනවා..හෙක් හෙක්...තැන්කු තැන්කූ මහේෂ්.!! :)

      Delete
  7. ඒ සිරාවට මගේ එන්ජි (දිනේෂ්) කිවුවා වගේ උඹ එන්න නම් එපා ලංකාවේ කලාවට. මොකොද ලංකාවේ එහෙම එකක් නෑ බං දැන් ඒකයි. අෆරාදේ තරුවාගේ හැකියාව.

    යකෝ කතාව පට්ට. සිරාවට මම මාරම ලයික් ඇ... ;)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මචං..සිරාවට ලංකාවේ කලාවක් නෑ නේද දැන්..කලාකාරයෝ දැන් දේශපාලනේට බැහැලනේ..කලාවක් කොරන්න කාටෙයි වෙලාවක් තියෙන්නේ..අනික ඉතින් අපේ වැඩි හරියක් ඉන්නේ කලා රිටවල් නොවැ බං..අනේ කාලේ වනේ වාසේ..උඹේ ලයික් එකට මාත් ලයික් ඈ..:)

      Delete
  8. ඒ පාර "රාජ්" බොග් ලියන එක නවත්තලා සිම්ලා වල ජර්සි විකුනන්න පටන් ගත්තාද?

    ReplyDelete
    Replies
    1. ආහ් නහී නහී..මේ ඒ රාජ් නෙවෙයියෝ...:D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  9. මේක පට්ටයි යකූ.... හිනාවෙලා මැරෙනව

    ReplyDelete
    Replies
    1. හිනාවෙලා මැරෙන්න එපා බස්සියෝ..කවුද එතකොට අපිට බලන්න බ්ලොග් ලියන්නේ!! :D

      Delete
  10. මම බැලුවේ ෆිල්ම් එක කොරද්දී සෑහෙන කාලයක් යයි. වගේ මොකද හින්දි එවුන්ට සිංහල උගන්නලා රගපාන්න කියන්න වෙනවා.. එක්කෝ සිද්ධාර්ථ ගෞතම වගේ සිංහල ඩබ් කරන්න වෙයි වගේ...

    උන් දන්න වචන වලට තියෙන්නේ..

    // ආ ආ...රාජ් බයියා..ක්යා හුවා..

    බච්චාවෝ....//

    ස්ටෝරිය කියලා වැඩක් නෑ,.. මරු

    ReplyDelete
    Replies
    1. අයියෝ සිම්පල් නේ..දැන් ඔය අපේ ජැකී කෙලී හින්දි ඉගෙන ගෙනයි කියන්නේ! මම හිතන් ඉන්නේ මේ ෆිල්ම් එකේ නළු නිලියොන්ට එයා ලව්වා හින්දි උගන්නවන්න...:P බලන්නකෝ කට්ටිය පට පට ගාල ඉගෙන ගන්නෙ නැද්ද කියලා එතකොට...
      අධ්‍යක්ෂක වුණාත් මාත් දන්නේ ටිකයි..ආයේ මොකෝ ලැජ්ජාවෙන්නේ ඇත්ත කියන්න..:D

      Delete
    2. ඔව් ජැකලින් ලව්වා ටියුෂන් එකක් කොරලා... නළුවෝටික සිංහල ඔස්තාර්ලා කොරලා ගමු.. ෆිල්ම් එකට ඔන් සුබ පැතුවා.

      Delete
    3. ඔව් නළුවෝ ටික විතරක් ඉගෙන ගනීවිද දන්නෙ නෑ..:D
      සුභ පැතුමට බොහොම ස්තූතියි රංග..:)

      Delete
  11. අරූ එළිබහින වැඩේ නතර කරල සප්න එක්ක රෝල් වෙනකොට ඌට මුකුත් පහ වුනේ නැද්ද මචෝ?
    කතාවනම් එළ මචන්
    මම දැන් තමයි මේව කියවන්නෙ හොදේ....ඒකයි මෙ ආදිකාලෙ ඒවට දැන් කොමෙන්ටු දාන්නෙ

    ReplyDelete
    Replies
    1. දිමුතු ඒකනේ මචෝ වැඩේ..දැක්කනේ මේ බොලා අපි වගේ නෙවෙයි උන් බොලිවුඩ් නේ...මාර කන්ට්‍රෝල් එකක් තියෙන්නේ...:D
      බොහොම ස්තූතියි මේක කියවන්න ගත්තට මචං...:)

      Delete