Thursday, July 24, 2014

දිල් පීචං ක්‍යා හේ - 3වෙනි කොටස

2වෙනි කොටසට

12වෙනි රූප රාමුව:
සප්නාගේ ජීප් එක නොපෙනී යනකම්ම කඳු මුදුනට වෙලා ඉන්න රාජ් එහෙමම බිම වාඩිවෙනවා..ඒ එක්කම ප්‍රේක්ෂකයාව අඬවන ජාතියේ විරහ ගීයක් පටන් ගන්නවා...රාජ්ගේ ඇස් වලින් උල්පතක් වගේ කඳුළු බේරෙනවා..."උඹ මගේ අහසය පොළොවය - ඉරය හඳය - හඳ පලුවය තනි තරුවය..ඕයි ප්‍රියා ප්‍රියා - ඈ දාලා ගියා" කිය කියා එයා ඇස් බරකරන් ශිම්ලා ටවුම පුරා අසිහියෙන් ඇවිදන් යනවා...එයාගේ ඇට්ටර පොඩි යාළුවා දුකෙන් බලන් ඉන්නවා...ඒ දෙන්නත් එක්ක නටපු පොඩි උන් "අක්කා කෝ?" කියල දුවන් ඇවිත් අහනවා..රාජ් උත්තර නොදී උන්ගේ ඔළු අතගාලා යමින් ගමන් කඳුළු පිහිදගන්නවා...

ඒ අතර ආපහු යන කට්ටියව පෙන්නනවා..විරහ ගීයේ ගායිකාවගේ කොටස ගැයෙනවා..ඔක්කෝම පිස්සු නට නට යන අතරේ සප්නා විතරක් දොරට ඔළුව තියන් පහුවෙන ශිම්ලා දිහා බලන් ඉන්නවා..එයාගේ ඇස්වලින් බේරෙන කඳුළු කැට රත්වෙච්ච තාර පාරට වැටිල වාෂ්ප වෙනවා..ඩ්‍රයිවර් ලොල්ලා සප්නාව අනික් අයට පෙන්නලා උරහිස් අකුළනවා..එයාලත් අනික් අතට මොනා කරන්නද මන්දා කියලා සංඥා බාසාවෙන් උත්තර දීලා උරිස් අකුළනවා...

අඬ අඬා ඉන්න රාජ්ට පේනවා සප්නා ආයෙත් හැරිල ඇවිත් ඉන්නවා..රාජ් 'සප්නා' කියලා පුදුමෙන් කියාගෙන ඉස්සරහට දුවලා ගිහින් එයාව බදාගන්නවා...ඒත් එක්කම එයා දකිනවා ඒ සප්නා නෙවෙයි තමන්ගේ ඇට්ටර යාළුවා - පවුලූෂා කියලා..එයා දුකෙන් අත් ගසා දාලා අත් දෙක සාක්කුවල ඔබාගෙන තොල හපන් ඇඬුම් වාවගෙන කඳුළු බිමට වැටෙයි කියලා උඩ බලාගෙන දේව්දාස්ගෙ මල්ලි වගේ වැනි වැනි ඈතට ඇවිදන් යනවා...

සප්නා දකිනවා රාජ් ඉස්සරහ පාර මැද හිටගෙන හිනාවෙවී ඉන්නවා..එයා එක සැරේම 'රාජ්' කියල කෑගහන් ඩ්‍රයිවර් කොල්ලගේ අතින් ඇදලා වාහනේ නවත්තගන්නවා..හැමෝම පුදුම වෙලා සප්නා දිහා බලනවා..බලද්දි ඇත්තටම පාර මැද චූටි එළු පැටියෙක් ඉන්නවා..සප්නාගේ කඳුළු අළුත් වෙනවා..එයා අඬ අඬා ගයනවා ඔබේ රුව මාගේ මතකේ මැවේ සුහද මා ජීවිතේ ඔබ සතුයී කියලා..නෑ නෑ එක්සැක්ට්ලි ඒක නෙවෙයි..සිමිලර් වර්ඩ්ස් ටිකක් තමයි ඒ ගීතයේත් තියෙන්නේ...තේරෙනවනේ ඉතින් විරහව කොයි බාසාවෙන් කිව්වත් එකයිනේ...

ඒ අස්සේ රාජ් ජර්සි කඩේ වැඩ අනානාස් කරගන්නවා..එයාගේ මූණේ තිබ්බ කෙළිලොල් ගතිය සම්පූර්ණයෙන්ම අතුරුදන් වෙලා පිට පිටම රේස්වලින් පැරදිච්ච සූදු අන්තුවෙක්ගේ වගේ මෙලෝ රහක් නැතුව යනවා..රාජ්ට සෑහෙන්න දේවල් අමතක වෙනවා...වෙලාවකට කඩේ පහුකරන් යනවා..කස්ටමර් ඉල්ලන ජර්සියට එහා පැත්තේ එල්ලලා තියෙන ජර්සිය නවලා දෙනවා...ගණන් පටලනවා..මිනිස්සු බැණ බැණ යනවා...එයාගේ තාත්තා මේ වෙනස දිහා විමසිල්ලෙන් බලන් ඉන්නවා..එයා ලෙඩේ තේරුම් අරන් වගේ ඔළුව වනනවා..

ඒ අතරේ සප්නා ට්‍රිප් එක ඉවරවෙලා ගේ ලඟින් බහිනවා..එයා ඇඳුම් මල්ලත් අරන් යුද්ධෙකින් පැරදිලා වගේ ගෙට එද්දි පිළිගන්න දුවන් එන කට්ටිය වික්ෂ්පිත කරවමින් එයා අන්ධයෙක් වගේ ඉස්සරහට ඇදෙනවා...අසිහියෙන් වගේ ඇඳුම් මල්ල පිරිවරට ගන්න ඉඩ දීල එයා කෙළින්ම උඩට යනවා...අම්මා දුව යන දිහා බලලා උඩ බලද්දි දකිනවා ඩැඩා ඇතුල් සඳළුතලේ ඉඳන් දුව එන හැටි බලන් හිටිය වග...සාවිත්‍රි පති භක්තිය අවධිවෙලා ටක් ගාල සාරි පොටින් හිස වසා ගන්නවා..

උද්වේගකර විරහී විලාපයක් එක්ක ගීතය අවසන් වෙනවා..


13 වෙනි රූප රාමුව:
සප්නා එයාගේ කාමරේ බැල්කනියේ තියෙන සුදුපාට ඔංචිල්ලාවේ පැද්දි පැද්දි පින්තූර ඇල්බම් එකක් බලනවා...අහස් නිල් පාට එයාගේ වල්සාරියේ ෂෝල් එක මඳ සුලඟේ දඟකරනවා...එයා එක පින්තූරෙක නැවතිලා ඇඟිලි තුඩු පින්තූරේ පුරා ගෙනියන ගමන් දුකෙන් හිනාවෙනවා...ඒක සප්නායි රාජුයි හිම මිනිහෙක් හදලා ඒ දෙපැත්තෙන් ඉඳන් ගත්තු ලස්සන පින්තූරයක්...එයා ඒ සිද්ධි මතක් කර කර ඉන්නකොට අම්මා බැල්කනියට එනවා...ලඟටම එනකන් සප්නා දකින්නේ නෑ..ඒක නිසා හොරේ මාට්ටු වෙනවා..අම්මා ලඟින් වාඩිවෙලා විමසිල්ලෙන් සප්නාගේ මූණ බලනවා...

"ට්‍රිප් එකේ පින්තූරද?"

"හ්ම්ම්.." කියලා සප්නා අපහසුවෙන් ඇඹරෙනවා..අම්මා එය අතේ තිබ්බ ඇල්බම් එක ගන්නවා..

දුව මෙච්චරවෙලා හිනාවෙවී බලා උන්න පින්තූරේ ඉන්න ඉලන්දාරියව දැකලා අම්මා පොඩ්ඩක් තිගැස්සෙනවා..ඒත් ඒ බවක් නොපෙන්නා "ලස්සනයි..කවුද මේ යාළුවා මට මතක නෑ නේ" කියල පොතක් පෙරළනවා..සප්නා එක කකුලක් උඩට අරන් දණිහට නිකට තියන් අහක බලන් ඉන්නවා...අම්මගේ මූණ බලන්න බැරිකමක් වගේ පේනවා...අම්මා ප්‍රශ්නාර්ථෙකින් බලන් ඉන්න නිසා අන්තිමට "ම..මගේ යාලුවෙක්..ශි..ශිම්ලාවල..: කියලා තටම තටම උත්තර දෙනවා..:ශිම්ලාවල..? කියලා අම්මා පුදුම වෙලා අහනවා...සප්නා ඔළුව වනනවා...

අම්මට දුවගේ වෙනස තේරෙනවා..ඒ නිසා එයා ඇල්බම් එක වහලා පැත්තකින් තියලා දුව ලඟට කිට්ටු වෙනවා..

"දුව.."

"ම්ම්ම්..."

"පුතේ මිනිස්සු අපේ ජීවිතවලට එනවා යනවා..සමහරුන්ට දිගටම ඉන්න පුළුවන්...සමහරුන්ට අකමැත්තෙන් හරි යන්න වෙනවා..." අම්මා ආලයෙන් මැන්ටල්වෙලා කියලා පේන දුවට සෙන්ටිමැන්ටල් ටෝක් එකක් දෙනවා..

"ඇයි අම්මේ ඒ.." සප්නා අහක බලන් තෝන්තුවාවෙන් වගේ අහනවා..



"එහෙම තමයි පුතේ ගෑණු අපේ දෛවය ලියැවිලා තියෙන්නේ..අපි ආස අයට අපි ලඟ ඉන්න බෑ...ඔයාගේ යාළුවත් ඒ වගේ...ඒ ගැන අමතක කරලා සතුටින් ඉන්න දුව.." අම්මා සුජීවගේ පොත් කියවලා තියෙනවා වගේ ගතියක් පේනවා..

සප්නා කඳුළු පෙරන් අඬන්න ගන්නවා..අම්මාත් දූව වැලඳගෙන අඬනවා...


14වෙනි රූප රාමුව:
රාජ් වැඩ ඉවරවෙලා ගෙදර එනවා..දොර වහලා කාමරේට යන්න හැරෙද්දි සාලේ ඉඳන් තාත්තා කතාකරනවා ඇහෙනවා..

"පුතා.."

"පපා ජී.."

රාජ් පුංචි කාලේ ප්‍රින්සිපල් ලඟට යනවා වගේ කරබාගෙන තාත්තා ලඟට ගිහින් බිම වාඩිවෙලා තාත්තගේ කකුල් මසාජ් කරන්න ගන්නවා..

"ඇයි පපා..?"

"පුතාට අසනීපයක්ද?"

"නහී පපා..." රාජ් හොර පූසා වගේ බිමට උත්තර දෙනවා...

තාත්තා සුසුමක් හෙලලා අතේ තිබ්බ පත්තරේ ටීපෝවට විසික් කරලා නැගිටිනවා..රාජ් හරි බරි ගැහිල බිම වාඩිවෙනවා..මොකද එයා දන්නවා තාත්තා මොකක් හරි කතාවක් කියන්න යන බව...

"පුතේ..මට ඔයාව තේරෙනවා..ඔයාගේ වෙනස මට පේනවා..ඇත්ත කියපන්..ඔය ලෙඩේට හේතුව අර කෙල්ල නේද?.." පපා රාජ්ගේ මූණට එබිලා අහනවා..

රාජ් හොරා වගේ හිනාවෙනවා..දැන් හංගලා වැඩක් නෑ වගේ...ඒ නිසා රාජ් හිමීට ඔළුව වනනවා...

පපා කරුණාවෙන් හිනාවෙලා පුතාගේ ඔළුව අතගානවා..ඊටපස්සේ එතන ඉඳන්ම පෝරණුව උඩ තියලා තියෙන නර්ගීස් වගේ ලස්සන ගෑණු කෙනෙක්ගේ රූපයක් දිහා බලන් ඉන්නවා...

"පුතේ..මාත් ඔහොම ගෑණු ළමයෙක්ට ආදරේ කරල තියෙනවා.."

"අම්මා නේද පපා.?"

පපා දිග හුස්මක් හෙලලා ඔළුව වනනවා.."නෑ පුතා...පුතාගේ අම්මා නෙවෙයි...එයාව හම්බවෙන්න කලින්.."

රාජ් පුදුමෙන් උඩ බලනවා.."අම්මා නෙවෙයි?? කවුද පපා?.."

පපා එයාගේ ප්‍රථම ප්‍රේමයේ කතන්දරේ පුතාට කියනවා...රාජ් බිම ඉඳන් තාත්තාගේ දණිස්සකට ඔළුව තියන් කතාව අහන් ඉන්නවා...

"ඒත් මට එයාව ලබාගන්න බැරිවුණා පුතා..එයාව මං වගේ දුප්පත් ජර්සි කඩකාරයෙක්ට දෙන්න එයාලගේ අම්මලා කැමතිවුණේ නෑ..මම යැව්ව ලියුම් එයාට ලැබිලා නෑ...අන්තිමට මගෙන් ආරංචියක් නෑ කියලා එයා ගෙදරින් ගෙනාව යෝජනාවකට කැමතිවෙලා බැන්දා..අවුරුදු ගාණකට පස්සේ මම එයාව දැක්ක ආයෙත් ශිම්ලාවලදි..එතකොට දරුවොත් ඉන්න බව පෙනුණා..මම එයා මාව දකින්න කලියෙන් මග ඇරලා ආව පුතා..." පපා කතාව ඉවරකරලා ඇස් කණ්ණාඩිය උස්සල කඳුළක් පිහදැම්මා..

රාජ් නැගිටලා තාත්තාව බදාගත්තා...පැත්තක පෝරණුවේ නටන ගිනිදැල්වලට කැමරාව යොමුවෙලා බොඳවෙලා ගියා...


15 වෙනි රූප රාමුව:
සප්නාගේ කාමරේට සුළිසුළඟක් කඩා පාත්වෙනවා..ඇත්තටම සුළිසුළඟක් නෙවෙයි බොරු එකක් වගේ ඉන්න එයාගේ පොඩි සහෝදර සහෝදරියෝ රොත්ත...එයාල එකිනෙකා පරයමින් අක්කාට කතා කරන්න ට්‍රයි කරනවා.."දීදී..දීදී" (නොදන්න අයට: දීදී කියන්නේ අක්කටලු )

සප්නාට මේ කාලගෝට්ටිය ඉවසන්න බැරුව එතන ඉන්න පුංචිම එකාව උස්සල උකුලේ තියන් අනික් උන්ට 'චුප්' කියල බණිනවා..චුප් කිව්වේ කට වහගන්න කියලා..මොනාවුණත් හොඳ කීකරු නංගිලා මල්ලිලා ටික කටවහගෙන කිකිළි වටේ කුකුළ් පැටව් වගේ සප්නා වටේට රොද බැඳගන්නවා..

"හරි දැන් කියන්න මොකද මේ..?" සප්නා හැමෝවම එක රොත්තට තුරුල් කරන් අහනවා.. (මං මේ කල්පනා කලේ පුදුම ඉවසීමක් තියෙන සෙනෙහෙවන්ත අක්කා කෙනෙක් නේද කියලා..මට බෑ නේ අම්මපා ඔහොම වෙන්න)

අනික් අයට කලින් උකුලේ හිටිය චූටිම එකා ගෙම්බා වගේ පනිනවා..

"අක්කා බලන්න සෙනසුරාදා මනමාල අයියෙක් එනවා..."

දසදහසක් දෙදරන දඟර සුළං..ඒ එක්කම අහස කළු වෙලා අකුණු පුපුරන්න ගන්නවා...සප්නාගේ ගල් ගැහුණු මූණ සූම් ඉන්- සූම් අවුට් කර කර එක එක ඈන්ගල් එකෙන් විසි තිස් පාරක් පෙන්නනවා..එයා නොදැනම පොඩි එකා උකුලෙන් වැටෙනවා...පොඩි එකා භීරාන්ත වෙලා බිම වැදුණු පස්ස අතගගා "සොරි දීදී" කියලා කාමරෙන් එළියට දුවනවා...

සප්නා පුටුවෙන් නැගිටලා ඇඳේ වාඩිවෙනවා..ඒ එක්කම බිමට රූරලා වැටිලා ඉකි ගගහා අඬන්න ගන්නවා...

ඒ එක්කම බලන් ඉන්න අපිටත් ඇඬෙන ජාතියේ ඉතාම දුක්බර සිතාර්, වයලීන් හෝ බටනලා මියුසික් එකක් යනවා...


16වෙනි රූප රාමුව:
රාජ් සප්නා ලිස්සලා වැටුණු ගල්තලාවේ වාඩිවෙලා සප්නා දීලා ගිය මාලේ හුරතල් කර කර ඉන්නවා...ඒකෙ 'සප්නා' කියලා නම තියෙන පෙන්ඩන්ට් එක දිහා බලන් එයාගේ මතක ගඟේ කිමිදෙනවා...

එහෙම ඉන්නකොට සද්දයක් ඇහිලා එයා ටක් ගාලා මාලේ හංගගන්නවා...පිටිපස්ස හැරිල බලද්දි රාජ්ගේ යාළුවා -පවුලූෂා කෙවිටකින් පොළොවට තට්ටු කර කර එයා ලඟ හිටං ඉන්නවා..රාජ් ආයාසයෙන් හිනාවෙනවා...

යාළුවා ඇට්ටරයා වුණාට තද සිරා මූණක් දාගෙන ඇවිත් ලඟින් වාඩිවෙනවා...

"බයියා.."

"හ්ම්ම්..." රාජ් ඉන්නේ කතා කරන මූඩ් එකක නෙවෙයි...

"අමතක කරන්න අමාරුයි නේද?" වෙනදා පිස්සු නටන යාළුවා ජීවිතේ පළවෙනිවතාවට සීරියස් කතාවකට බහිනවා...

රාජ් උත්තර නොදී අභිනයෙන් එයාගේ හිතුවිලි පේන්න අරිනවා..එයාගේ ඇස් බොඳ වෙනවා..කට කොණ් නලියනවා..නහය රතුවෙනවා..කඳුළු ආව ඇස්වලින් අහස බලනවා...හැඟීම් ප්‍රකාශනය උපරිමයි මල් හතයි..

"බයියා...ඔයා සප්නා අක්කව හොයාගෙන යන්න...ගිහින් ඔයාගේ හිතේ තියෙන දේ එයාට කියන්න.." පවුලූෂා තරයේ අවවාද කරනවා..

ලොකු හුස්මක් හෙලලා රාජ් නැගිටිනවා...නැගිටල ටිකක් ඉස්සරහට ගිහින් හෙල දිහා බලන් ඉන්නවා..ඊටපස්සෙ ආයෙත් අහස බලනවා..
"යන්න තිබුණා නම් කොච්චර දෙයක්ද..ඒත් යන්න බෑ...හඳ ඉන්න තැන මම දන්නේ නෑ..මගේ අහසේ හඳ පායල බැහැලා ගියා යාර්...එච්චරයි මම දන්නේ..." ජර්සි කඩේ රාජ් එක සැරේම කවිකාරයෙක් වෙනවා..

පවුලූෂා නැගිටලා රාජ් ලඟට එනවා..ඇවිත් රාජ්ගේ මූණ දිහා විමසිල්ලෙන් බලං ඉන්නවා...රාජ් දෝතින්ම කඳුළු පිහගෙන යන්න හැරෙනවා..

"හඳ අපි ලඟට එන්නේ නැත්නම් අපි හඳ ලඟට යන්න ඕන..දෝස්ත්, මොකද කියන්නේ? " කියල පවුලූෂා "ශෝලේ" ස්ටයිල් එකට අහනවා...

රාජ් ඒක හරියන්නේ නෑ කියලා ඔළුව වනලා යන්න හැරෙනවා..

"බයියා..! මං ලඟ සප්නා අක්කගේ ටෙලිෆෝන් නම්බරේ තියෙනවා!!"

රාජ් විදුලි වේගෙන් හැරෙනවා.."මොකා..ක්ක්ක්"? කියලා පවුලූෂා ලඟට දුවගෙන ඇවිත් එයාව වඩාගන්නවා..

පවුලූෂා කියනවා "එයා යන්න කලින් මට විස්තර දුන්නා කවදහරි ඔයාට එයාව මතක් වුණොත් දෙන්න කියල" කියලා...රාජ් පිස්සෙක් වගේ කෑ ගගහා හිනාවෙවි යාළුවව බදාගෙන කියනවා "උඹ මගේ යාළුවා නෙවෙයි උඹ මගේම සහෝදරයා" කියලා...

දෙන්නගේ හිනා හඬ ශිම්ලාවල කඳු යායවල් පුරා දෝංකාර දෙනවා..

32 comments:

  1. මේ මම මේ නිකමට වගේ අහන්නේ.. මේකේ නම " දිල් පීචං කර්තා හේ " වගේ උනානම් එල නේද.. මට මේ තියෙන එකේ තේරුම ඔළුවට එන්නෙම නෑනේ.. බැරිද පැහැදිළි කරන්න..

    ReplyDelete
    Replies
    1. අලේ සිරාවට මම හින්දි ෆිල්ම් වලට අකමැති නිසා මේ හින්දි වචන මට ටිකක් අවුල්. ඛයියා ද බයියා ද මොකද්ද කියන්නෙ බ්‍රදර් කියන එකටමද?

      Delete
    2. දිනේෂ්: අහ්හ් ඒ නමත් හොඳා තමයිනේ..මෙකේ තේරුම් හදවත පීචං වෙන්නේ ඇයි...හැක් හැක්!! :D
      මාත් එහෙම මහ ගොඩක් දන්නේ නෑ බන්..ඔය අරහෙන් මෙහෙන් අහුලගත්තු එව්ව තමයි..ඒත් ඉතින් එව්වට පණ යනකං හිනාවෙතහැකිනේ..

      Delete
    3. බස්සි: බයියා කියන්නේ බ්‍රදර් තමයි..හෆ්ෆේ බස්සි මෙව්වට කැමති නැතෙයි.? හිනාවෙන්න නම් කියාපු බෙහෙත බන්..:D ඒත් ඉතින් මම ඉන්ඩියන් මියුසික්වලට නම් කැමති..උන්ගේ භාෂාව හැබැයි ලෝකේ කාව්‍යම නැත්නම් ගීතමය භාෂාවක් කියලයි හැඳින්වෙන්නේ..ඒත් ඉතින් ඉන්ඩියන් ඇටිටියුඩ් එක නම් පට්ට චා...

      Delete
    4. අකමැතියි කියන්නෙ උන්ගෙ ගොඩක් පිලුම් මට පට්ට බෝරින් අනේ.... බෝඩිමේ යාලුවො හොටු පෙරාගෙන, කඳුලු වක්කරගෙන හින්දි පිලුම් බලද්දි මම කරන්නෙ ඒ ගොන් පාර්ට් වලට හිනාවෙලා උන්ගෙ මාරාන්තික ප්‍රහාර වලට ලක්වෙන එක තමයි.

      ඉන්ඩියන් මියුසික් වලටනම් මාත් මනාපයි. ෆිල්ම් නම් ඉතින් ලංකාවෙ මෙගා නාට්ටි වගේ.

      Delete
    5. හී හී..කියලා වැඩක් නෑ..සමහර එව්වා නම් මාර බෝරිං..එත් මම ආස කෙනෙක් ඉන්නවානම් ඉතින් ඒ කෑලිවලදි ඈනුම් ඇර ඇර හරි බලනවා..අනික ඉතිං ෆ්‍රී ෆැෂන් ෂෝ එකක් බැලුවා වගේ නේ..:D

      Delete
    6. හා හා එහෙමද? අවුලක් නෑ කතාව කෝමත් මඤ්ඤං වගේ හන්දා නමත් එහෙම වුනාට අවුලක් නෑ..

      Delete
  2. හප්පා උදේම ඇවිත් කියෙව්වා ,දැන් නිකන් දවසම කික් එකේ ඉන්න පුළුවන්, පට්ටේ හොඳ එක. සපොටර්ව වැඩිය ගණන් ගන්නේ නැති එකට මගේ බලවත් විරෝධය. හැබැයි ඔන්න උඹ වැරදිලාවත් මට අර බලන්න එන මනමාලයාගේ චරිතේ එහෙම දෙනවා නෙවෙයි . ඌ පීචං වෙනවා ඉවරයක් නෑනේ මේවයේ

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්නේ නෑ නෙවෙයි ඒ නියම හිතවතා අමාරුම අවස්ථාවේදි තමයි කරළියට සැපත්වෙන්නේ..කල්‍යාණ මිත්‍රයා පවුලූෂා විදියට ඔන්න මම පෝස්ට් එකත් එඩිට් කරලා චරිතය බෞතීස්ම කරල තියෙන්නේ හොඳේ දැන්..අපොයි නෑ..බලන්න එන මනමාලයට දාන්න කෙනෙක් මම තාම හොයනවා..:D

      Delete
    2. හේ හේ තැනකුයි වේවා ...මාරයි ඈ.............. එල

      Delete
    3. ඔය රාජ්ට පත්තරෙ කියල පෙට් නෙම් එකක් තියෙනවද?

      Delete
    4. මං හිතන්නේ එහෙමත් තියෙනවා..:D

      Delete
  3. දෙදරන දඟර සුළං..ඒ එක්කම අහස කළු වෙලා අකුණු පුපුරන්න ගන්නවා////
    දෙදරණ දගර සුළං ළගට බිබිලි නගින බෙලිකටු කියලත් දැම්ම නංහොද නැද්ද....

    ඇස් බරකරන් ශිම්ලා ටවුම පුරා අසිහියෙන් ඇවිදන් යනවා////
    මෙතෙන් දැම්ම නං
    ටැප් වෙන්න දාල ටවුන් එක පුරාම විරහ ගීත කියල ඇවිදිනව කියල
    හිහි
    පට්ට යකොු්...
    පටේ පට්ට

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මහේෂ් මට ඔය බිබිලි නගින බෙලිකටු මතක් වුණේ නෑ නේ...හී හී...ටින් ටින් එකේ මම ආසම චරිතේ කැප්ටන් හැඩොක්..සෝයි අනේ එයා..පිස්සු රැවුලා..:D

      Delete
  4. උඹ නම් අක්කේ මාව හිනස්සලා මරන්න යන්නෙ. මේක නම් පට්ටයි. කොහෙන් එනවද අප්පා මේ වචන! මේක පරිස්සම් කරල තියාගන්න හොඳ ගානකට විකුන්නැකි චිත්තරපටියක් හදන එකෙකුට!

    ReplyDelete
    Replies
    1. බස්සි නගෝ අනේ කියන තැනකට වඳින්නම් මැරෙන්න නම් එපා..මේ අහිංසක සත්ගුණවත් සත්පුරුෂ කලාබර විනෝදකාමි මාව මිනීමරුවෙක් කරන්න එපා යකොව්! මොකෝ ඉතින් අපි වගේ අහිංසක සිවිල් ජනතාව වැරදිලා හිරේ ගියත් මූණුවහන්න ජේලර්ලත් නෑ නේ...ඇතුලට දැම්මට පස්සේ වටකරන් ගහලා මරලා දාන්න නම් කට්ටිය ඉඳී..
      මේ දවස්වල නම් කොහොමත් මගේ වයර් ෂෝට්වෙලා බන් තියෙන්නේ..ඒක නිසා වෙන්නැති ලියන්නෙම මැන්ටල්..:D :D හැබයි ඉතින් එව්වා කියෝලා හරි කට්ටිය හිනාවෙන එක මට මාර සතුටක් අවංකවම! :)

      Delete
  5. "බයියා"....

    මට අපේ කෙමිස්ට්‍රි ටීචර් හේමචන්ද්‍ර මැති තුමා මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ සා..එතුමාත් අයියලාට බයියා කියනවද? :D

      Delete
    2. අනේ නැහැ... එතුමා අහින්සකයා.... වෙලා තියෙන්නේ අපේ "අය්යලා" එතුමාට බයියා කියලා කියපු එකයි...

      Delete
    3. ඕවට සැලෙන්න එපා සා..අපේ හුඟක් අයියලා හිතන්නේ සරලව විච්චූර්ණ නැතුව තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජීවත්වීම බයිකමක් කියලා..ඒක ඉතින් එහෙම හිතන උන්ගේ බයිකම!මගේ දැක්මේ හැටියට ඔරිජිනල් බයියලා කියන්නේ හද්ද තුම්පනෙන් ඇවිත් කළම්බු 7වලින් ආවා වගේ තමන්ගේ මුල් අමතක කරල පොෂ් කියලා හිතන් කුජීත වැඩ කරන අයියලටයි..එහෙම උන්ගේ හීනමානය පිට දැමෙන්නෙ අන්න එහෙමයි..:D

      Delete
  6. හරි ඒක මරු... සිරාවට මේක කියලා හිනා වෙලා මැරෙනවා යකොව්.... පට්ටම වැඩේ කියන්නේ සීන් ටික පින්තුර වල ඉන්න නළු නිළියෝ එක්ක මැවිලා පේන එකනේ. එල එල..

    ReplyDelete
    Replies
    1. හා හා මදාරා කොහොමද රන්බීර් කපූර් බාල්දියකුත් එල්ලන් එලි බහින්න යනව මැවුණම...මටත් හිනා ඒගොල්ලන්ව දාලා කතාව මවාගත්තම..:D :D

      Delete
  7. සෝයි පිල්ම් එක :D

    ReplyDelete
    Replies
    1. ඔත්තුව දුන්න මාතලන්ට තුති

      Delete
    2. බොහොම ස්තූතියි දිලිනි..තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා..:)
      මාතලන්ටත් ස්තූතියි :)

      Delete
    3. ගනන් ගන්න එපා මචං..

      Delete
  8. Replies
    1. බොහොත් ෂුක්රියාර් ඈ...
      තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා සංජීව!:)

      Delete
  9. අනේ මන්ද බං .......... උපරිමයි.......... සතුටේ බැහැ ..........
    මෙහෙම පිචර් බැලුවට විතරක් ලියන්න බැහැ මචෝ......
    තිර රචක...... අධ්‍යක්ෂක.....කැමරා ශිල්පී.... සංස්කාරක ,,,,,, වැඩ සේරම එකා කරන එක නම් පට්ටය......
    අතරමැද එල වචනත් මරුය...... මතක් කර කර හිනා වෙන්න අහැකිය ......
    හැබැයි ඉතිං අඩන සින් නම් එක take එකෙන් ගන්න බැහැ මයෙ හිතේ.....
    take කීපයකටම යන්න වෙනව .....

    ReplyDelete
    Replies
    1. කෙන්ජි, බොහොම ස්තූතියි මචෝ..(නවකයෙක් ප්‍රවීණයෙක්ට මචෝ කිව්වට කමක් නැද්ද මංදා) :)
      නිකන් මැන්ටල් වෙච්ච වෙලාවක ලියන්න ගත්තු මේ කතාවට මිනිස්සු විනෝදයට පත්කරන්න හැකිවීම ගැන මාරම සතුටුයි..සිරාවටම...
      ඔබට එහෙම හිතෙනවා කියන්නේ නිර්මාණය ගැන සතුටුවෙන්න කාරණාවක් තියෙනවා..
      හැබෑ ජීවිතෙත් කතන්දර කියන්න ගියාම පොඩ්ඩක් රඟපාලා කියන ගතියක් තියෙන නිසා වෙන්නැති සමහරවිට හැක් හැක්..:D
      අඬන ටේක් ගන්න එච්චරටම අමාරුද? දැකල නෑ නේ ඉතිං..ග්ලිසරීන් ගාලා අඬවනවා කියලා නම් අහලා තියෙනවා..හැබැයි ඉතිං අවංකවම කියනවානම් සමහර ඉන්දියානු නළු නිළියන්ගේ භාව ප්‍රකාශනයන් කදිමයි..

      Delete
  10. මෙක පට්ට කතාවක්.මාතෙ කියන විදියට වල්ල පට්ට.ජයවෙවා.බඩ කොරවෙන්න හිනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දමිත්..තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා...:)
      ඊලඟ කොටසත් මග එනෝ...:D

      Delete