Monday, July 14, 2014

රැග් එක

මේ සිද්ධිය වුණේ ඉතින් තනි තරුව උපෙළ කොරලා ගෙදර හිටි කාලේ..මේ කියන්නේ දැනට දශකයකට කලින් හරිය..දැන් වගේම ඉතින් ඒ කාලෙත් කට්ටිය එක එක එව්වා කොරනවනේ ඔය උපෙළින් පස්සේ..සිමා දොන් සිමා කියකියා ඔව්වා කොලාට තනි තරුවට ඒක ගැන එච්චර උවමනාවක් තිබ්බේ නෑ...ඒත් ඉතින් දෙයියනේ කියලා පොතක් පතක් කියවාගෙන කවියක් දෙකක් ලියාගෙන උන්නු මාව ගෙදර තියාගන්න අපේ කස්ටිය කැමති වුණේ නෑ...හැමදාම වටමේස සාකච්ඡාව ඊලඟට ඉගෙන ගන්න පටන් ගන්න දේ ගැන...ඔන්න බලමුකො ඔය ප්‍රජතන්ත්‍රවාදෙක හැටි...

අහන අහන හැම මඟුලටම (මංයෝ නෙවෙයි මම මේ කිව්වේ) මගේ උදාසීන ප්‍රතිචාරය නිසා අපේ සීයා යෝජනා කළා මාව දෙහිවල උසස් තාක්ෂණ ආයතනයට දාන්න..ඔන්න ඉතිං ඔය අටමගලෙට මාව එක්කං ගියා...ඒක ඔය කැම්පස් එකක් නොවුණට එකේ අයියලා එක නිලනොලත් කැම්පස් එකක් කොරගෙනයි හිටියේ..මම ගියේ කළමණාකරණ මොකද්දෝ එකකට..ඉතිං පළවෙනි දවසේ පාවඩ දාල පිළිගෙන අපිට සීනියර්ලා ඇවිත් දුන්නා නෙතින් කඳුළු කැට වැටෙන හර්දයාංගම මෙව්වා එකක්..එයාලා කිව්වා අපිව ආරක්සා කොරන එක එයාලගේ වගකීමක්ය ඒ නිසා අපට තනියම විද්‍යාල භූමිය ඇතුළේ අරහෙට මෙහෙට යන්න එපාය කියලා..සහෝදර ප්‍රේමය කියන්නේ විවේකයේ අත් සෝදන්න යද්දිත් අපිව එක්ක ගියේ පෝළිම් හදවලා ප්‍රභූ ආරක්ෂාව මැද්දේ...අපි ඉතින් හෙණ වී අයි පී හරිය...ඒ අස්සේ අපිට ඇහෙනවා එහා සෙක්ෂන්වල වීදුරු කැඩෙනවා, දොර ජනෙල් දෙදරනවා, තුවාලකාරයෝ ගෙනියනවා, සීන් ගොඩයි..ඉතිං අපේ දයාබර අක්කලා අයියලා ඇවිත් කියනවා 'පේනවා නේද නංගී මල්ලී, උඹලා අපේ පොඩි උන් අපි උඹලට එහෙම කරන්නේ නෑ' ආදී වූ නොයෙකුත් වැල් බයිලා..අපි ඉතින් හරි සන්තෝසෙන් හිටියා...

ඔහොම සතියක් ගතවුණා පිංවතුනි..
ඊලඟ දවසේ එක සැරේම සැට් එකක් අපේ පංතියට කඩා පාත්වුණා..දොර ජනේල් සේරෝම වැහුවා...ආවේ ඒ මෙච්චර දවස් ආදරේ පෑව සීනියර්ලා ටිකම තමයි..ඇලුතෙන් ඇඩ් වෙලා හිටියා කොණ්ඩේ වවාගත්තු, රිදී දම්වැල් බෙල්ල වටේ දිලිසෙන, 'වයි' ජෙනරේෂන් පශ්චිම භාගයෙන් පෙන්නන් කලිසම් ඇඳගත්තු අමුතු ඩයල් කීපෙකුත්...අපි ඉතින් කොහොමත් කෝල කොමළ කෙල්ලෝනේ...දැන් වගේ ප්‍රචණ්ඩ නෑ ඒ කාලෙ...ඉතින් ඇකිළිලා ගුලිවෙලා අපි 45ක් විතර ගැහි ගැහි ඉන්නවා..උන් ඇඳ පොලු වගේ පොලුවලින් ගුරු මේසෙට ජනේල් දොරවල්වලට ගගහා අපිට අමු තිත්ත කුණුහරුපෙන් දෙසනවා..වැල්ලේ වගේ ඩයල් එකක් තමයි ලීඩ් කරේ..මිනිහාගේ දේශනාව මාරයි ඉතිං මොකද එයැයි කියනවා උන් රෑ එළිවෙනකල් පෝස්ටර් අඳිනකොට කවන්නේ පොවන්නේ උන්ගේ බැච් එකේ කෙල්ලෝ ලු..උන්දැලගේ යට ඇඳුම් පවා හෝදලා දුන්නේ කෙල්ලෝ ලු...අරවලු මේවලු..අපිත් එව්වා කොරන්න ඕනලු..ඉතින් ඔය මේ වගේ කාලේක නම් වොශිං ප්ලාන්ට් එකක් දාගන්න තිබ්බ ඕක ඇතුළේ.මොකෝ ඉතිං මේ කොහෙවත් ඉන්න උන්ගේ යට ඇඳුම් හෝදන්න ඕකට යන්න ඕනැයි! අනික ඉතින් උන්ගේ තිබ්බ හපුටු පාටට මට නම් හිතුණා ඒව නෙවේ මූණක් කටක්වත් හරියකට හෝදගන්නවද මන්දා කියලා..




ඔය අස්සේ අළුත් නැවෙන් බිලී බාන සීන් එකකුත් තිබ්බා..අනිත් එක ගෙවල්වලින් ගේන බත් පාර්සල් සේරම එකතු කරලා ආයෙත් බෙදනවා..ඊටපස්සේ කියනවා එක පාර්සලයක් අරං දෙන්නෙක් බෙදාගෙන කන්න කියලා..ඔය කන ගමන් අනික් එකාට කවන්නත් ඕන..මට පළවෙනි දවසේ සැට් වුණේ කොල්ලෙක්..අනේ ඒ කාලේ ඕක හරිම ලැජ්ජාශීලි වැඩක්..දැන් අපි කවාගැනිලි නැතුව අහිංසක තාලෙට බත් එකේ මූණ ඔබාගෙන කනවා සංවරව..කරුමෙක මහත කියන්නේ ඔය රිදී දම්වැල් පටලවං හිටි පඟර නැට්ටෙක් වගේ සීනියරෙක් පාත්වුණා අපේ ඔළුවලට උඩින්..සයිස් එක එහෙම වුණාට උගේ කට ස්පීකරයකටත් වඩා සද්දයි...

"අහ්හ් නංගී උඹ මූට කැව්වද??" 

මම මගේ බළල් මූණ දාල කිව්වා නෑ කියලා..

"එහෙම බැහැ...අනපිය බත් කටක්! කවාපන් ඕකට..තොපි මේ බබාලා වෙන්න යනවා..."

මම දැන් බයටම බත් කටක් අනලා අර කොලුවට කැව්වා...කොටින්ම මගේ ඇඟිලි පවා වෙව්ලනවා..ලැජ්ජාවට කණ්වලින් දුං දාන ගාණයි...

"හ්ම්ම්...දැන් උඹ අනාපිය බත් කටක්! කවපිය මේකිට..!!"

අනේ අර කොලුවා දැන් බත් අනනවා..බත් එකේ තිබ්බේ මොනවද මංදා මම වැඩි කැමැත්තක් නැති ව්‍යාංජන වර්ගයක්..හහ්! ඔය ස්පීකරයා කිව්වා කියලා මට ඔව්වා කන්න පුළුවන්ද අම්මා තාත්තටවත් කවාගන්න බැරිවෙච්චි එකේ..මම හිමින් අර කොලූට කිව්වා "මම ඕවා කන්නේ නෑ..ඒවා දාන්න එපා" කියල...
ස්පීකරයා දැන් මොනිටර් කරමින් නේ උන්නේ..අම්මෝ ඒ මාර කට ඇරුණා..

"අනේ මේ යකෝ, බබෙක් නොවී කාහන් ඔය බත් කට! ඕවා කන්නේ නෑ!!..කවෝනවා ඔය සේරම තොට"...

ආයේ මොකටෙයි අයියණ්ඩිට පිටින් ගෙහුං සිල්ලරට දෙන දේ තොගේට කන්නේ..මම ඒ බත් කට කෑවා වස අප්පිරියාවෙන්...

ඔය බත් සෙෂන් එකෙන් පස්සේ තියෙනවා අතුරුපස සෙෂන් එකක්..ඒකෙදි එක්කෝ කෙසෙල් ගෙඩියක් හරි චූටිත්තං හකුරු කැටයක් හරි යනවා පංතිය වටේ..මට ඔක්කාරෙටම එන සීන් එක තමයි ඕක..මොකද මට කොහොමත් ඉදිල වැඩි කෙසෙල් අප්පිරියයි..කළු වුණාම කන්නේ නෑ..ඒ වගේම අම්මා තාත්තා කාපු බීපු දෙයක්වත් කන්නෙ නෑ (ඉස්සර)...ඔය අපේ තාත්තට මල පැනලා මට බණින වෙලාවලුත් තියෙනවා මොකෝ අපි දෙමළුද කියලා...හී හී...මට එහෙම කිව්වට ඉතින් බොසුත් එහෙම තමයි...
ඉතිං මට ඔය ඔක්කොම ලෙව කන කෑම කන එක මල විකාරයක් වගේ..මම මිට මොළවං කනවා වගෙ පෙන්නලා ඉක්මණට අනික් එකාට පාස් කරනවා මෝහිනී ළමයා දුන්නටත් වඩා ඉක්මණට..මං හිතන්නේ වැඩිමනත් දෙනා එහෙම තමයි කරන්න ඇත්තේ...ඔය ඔක්කෝම නැටුම් සමගිය බලය කොරන්නයි කීවට ඔය එක පතේ රීම , සොරි, කෑමට වඩා එව්වා ඇතිකරන්න විධි ඕනතරම් තියෙනවා නෙව...මට හිතෙන්නේ එක්කෝ ඕක ඕන ජරාවක් බඩට දාගන්න හෝ ජල භීතිකාවට ප්‍රතිශක්තීකරණය කරවන්න කරපු වැඩක්...

අනික් කතන්දරේ තමයි ඉස්කෝලෙ හැටියට සැලකීම..මොකක් හරි හොඳ කියන ඉස්කෝලෙකින් ආවානම් දෙයියන්ගේම පිහිටයි...ලස්සනයි නම් ඒත් දෙයියන්ගේම පිහිටයි...ඒ නම් පිට දාන්නේ උන්ගේ හීන මානය මිසක්ක වෙන මුකුත් නෙවෙයි..ඔය අන්තරේ අරක මේක අටවගෙන උන් කරන්නෙත් හීන මානය පිට දැමීම මිසක් වෙන ලබු ගෙඩියක් නම් නෙවෙයි..අනික් කාරණේ ඔය උසස් අධ්‍යාපන සීන් එකේදී කස්ටියට ඇතිවෙන පොර මානසිකත්වය...ඔය විජ්ජාල ඇතුලේ බුදු ටෝක් දෙන සර්ව සමාජවාදීයෝම තමයි විජ්ජාලෙන් එළියට බැහැලා ටිකක් ඉහළට ගියාම බොක්කෙන්ම ධනවාදය වැලඳගන්නේ...ඔය ඔක්කෝම වාද පාරිසරික සමාජීය මානසික සාධක මතයි පවතින්නේ....

කොහොමහරි ඔය රැග නිසා සිරාවටම මට ඔය යෑම එපා වුණා...ඒක එපාම වුණේ එක නසරානියෙක් පංතිය ඉස්සරහා ගවුම අල්ලං ඇඟිල්ලක් කටේ ගහං නටන්න කිව්ව දවසෙයි..එවෙලේ මගෙ මූණ ගඩොලක් වගේ වෙන්ටැති මම හිතන්නේ රොටි තැටියක් තරමට මූණ රත්වෙනවා මට දැනුණා...

ඔන්න ඒකෙන් ඒ කතාවට තිත තැබුවා..ගෙදර කස්ටියට නම් හිනා ඕවා කිව්වම..ඒවුණාට මගේ තදබල විරෝධතාවය නිසා ඒක නැවතුණා...



ඔතැන හිටි කෙල්ලෝ හැසිරෙන හැටිය ඊට අන්ත අප්‍රසන්නයි..මට නම් ඒ තත්වෙට පත්වීමේ කිසිම කැමැත්තක් ඇත්තටම තිබුණේ නෑ..මොකද කිසිම නාරි ලාලිත්‍යයක් හැසිරීමක් නැතුව කුණු කාණුවක් වාගේ කුණුහරුපෙන් පිරිච්ච එහෙම කටවල් ටිකක් නම් ඕනෙම නෑ ඇත්තටම..නිකං බොරු උපාසක වෙන්න ඕන නෑ..එක කුණුහරුපයක්වත් නොදන්න මිනිස්සු ඉන්නවා ඇත්තේ බොහොම සුළු පිරිසක්..ඒත් එහෙමය කියා දන්න හැමදේම හැමතිස්සේම භාවිතා කොරන්න අවශ්‍යකමක් නෑ නෙව...අනික ඉතින් ඔය යට ඇඳුම් හෝදවගත්තු උන් වුණත් ගැහැණුගතියකට මනාප නැතිවෙන්න විදියක් නැහැ නෙව..
ඒකත් ඉතිං අර සමහරු පොෂ් වෙන්න ක්ලබ් යන්න ඕන, බොන්න ඕන, ඕන එකෙක් එක්ක ඇඳට නගින්න ඕන කියලා හිතන එක වගේ මානසිකත්වයක් තමයි..ඔය උදාහරණේ දුන්නේ ඔය වගේම පොෂ් කියලා හිතා ඉන්න චීත්ත පිරිමියෙක් මට ඔහොම කතාවක් කිව්ව නිසයි...හැබැයි ඉතිං මං එවේලේ ඒ කිව් එකාගෙන් ඇහුවා එතකොට එව්වා කරන හැමෝම පොෂ් ද කියලා..එහෙනම් ඉතින් ගණිකා වෘත්තිය තරම් පොෂ් ජොබක් ලොවෙත් නෑ...!

ඉතිං ඔය රැග්වීම ගැන මගේ පළමු සහ අවසාන අවස්ථාව ඕකයි..ඔතන ඔහොම නම් විශ්ව විද්‍යාලේ කොහොමද කියලා එහේ යන්න උවමනාවත් නැතිවෙලා ගියා..ඒකට මගේ සීයා අවසන් මොහොත තෙක් පසුතැවිලි වුණා..දැන් නම් හිතෙනවා එක්කෝ යන්නත් තිබ්බනේ කියලා..ඒත් ඉතින් නොගියා කියලා කිසි හෙණෙකුත් නැහැ නෙව..අනික ඉතිං ඔව්වාත් රැග්ද දැන් නම්...

25 comments:

  1. හෙහ්, එක අතකට ඔහොම රැග් නම් හොදයි බලාගෙන යද්දී..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් ඇත්ත තමයි දිනේෂ්..මං දැක්කා ලඟදි රැග් මුවාවෙන් නොයෙකුත් අපචාර සිද්ද වෙන බවත්..රැග අහිංසක නම් කමක් නෑ..සමහර ඒවායින් මාර විදියට අපහසුතාවයට පත්වෙනවා...

      Delete
  2. දැං රැග් නැති එකත් අවුලක් බං...

    ReplyDelete
    Replies
    1. හෑ දේශෝ, දැන් රැග් නැතෙයි? :O

      Delete
  3. රැග දෙන්නේ හීනමානය ඇති එවුන් ය... රැග වැඩියෙන් ම දෙන්නේ වැඩියෙන්ම හීනමානය ඇති එවුන් ය...

    ReplyDelete
    Replies
    1. 100%ක් එකඟයි සා..ඔය පංති භේදයක් බදාගෙන වයිර පතාගෙන පිට දාන්නෙත් එක්තරා හීනමානයක් තමයි...මම මේ කියන්නේ එහෙම ආර්ථික සමාජයීය භේද නැති වග නෙවෙයි...

      Delete
  4. හපොයි....
    තමන්නෙ හීන මානය බොරුවට වහගෙන පොරක් වෙන්න දගලන එකට ඔය කැම්පස් කාරයො හෙණ පුසිද්දයි නෙව

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මහේෂ්..එහෙම මිනිස්සු මහ පිළිල..
      සාධාරණය වෙනුවෙන් කිව්වට දකින කෙහෙල්මල් සාධාරණයක් නෑ..
      ඔය කිව් ආයතනයේ පාලක තැන් විජ්ජාලවල කුලපතිවරුන්ටත් වඩා ඔය සීනියර්ලට බය පාටයි...

      Delete
  5. අනේ මන්දා අපි ගිය උපාදි කඩේවත් කැම්පොස් එකේවත් ආසාවට කිසිම රැගක් තිබුනෙ නෑ

    ReplyDelete
    Replies
    1. උපාධි කඩවලනම් මටත් රැග් සෙට් වෙලාම නෑ..හැබැයි ඉතින් බස්සි කැළණි පොරක් නේ?රැග් තිබ්බේ නැද්ද සිරාවටම?

      Delete
    2. කැළණියෙ සයන්ස් ෆැකල්ටියෙ ඉන්නෙ anti-raggersලා

      Delete
  6. අපිට අසාවටවත් රැගක් නෑ. නමුත් නොතිබුන එකත් හොදයි එක අතකින්. නැත්තන් ඉතින් මළ ගෙයක් තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කොහෙද මදාරා ඒ? ඒකත් ඇත්ත..දැන් දෙන රැග්වලින් ජීවිත කීයක් නැතිවුණාද?

      Delete
  7. ඔය රැගෙ මමත් ගිය පලවෙනි දවසෙම කෙල්ලෙක් එක්ක කවාගන්න් කිව්වා , මං පැනපු ගමන් බිත්තරේ ඇදලා ඇරියා ... අප්පා ඊට පස්සේ තමයි සීන් එක, මුළු බත් එකම අනලා අර කෙල්ලට කවන්න් කිව්වා .. ඉතින් කැව්වා. ඊට පස්සේ උන්ට මාව නොට් . ඊළඟ දවසේ බිත්තර ඔක්කොම එකතු කරලා ගෙනත් මට දීලා කෙල්ලෝ ඔක්කොටම කවන්න් කිව්වා .. මොනා කරන්නද ඉතින් කැව්වා

    ReplyDelete
    Replies
    1. හහා...ඉවාන් බිත්තරවලට එච්චර මනාපද? මම හිතන්නේ ඔය ඉක්කෝලේ යාළුවෝ එක්ක වටවෙලා බත් කද්දි අනික් උන්ට කලින් බිත්තරේ ඩැහැගත්තු පුරුද්ද වෙන්ටැ..බිත්තරයා කියලා කාර්ඩ් එකක් එහෙම වැදුණේ නැතෙයි?හහා කෙල්ලෝ සේරටම බිත්තර කවලා කොහොමට තියෙන්න ඇතිද..:D :D

      Delete
  8. ශිෂ්‍යත්වේ ලියල ඉවරවෙලා ඕලෙවෙල් ලියලා, උසස් පෙලත් කොහොම හරි ගොඩ දාගෙන කැම්පස් යන්න ඕන...


    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. හප්පේ විදානේ තාම සිස්සත්තේ කොරනවයි? :O එහෙනම් ඔය ඔක්කෝම කරලා කැම්පස් ගිහින් කාපු රැග් ලියන්ටකෝ අපේ දරුමල්ලන්ටවත් කියවන්න ඇහැකිවෙයි එතකොට..:P :P
      ජය වේවා! :)

      Delete
  9. රැග් එක උපරිමෙන්ම විඳපු කෙනෙක් මම, අන්තිමට රස කර කර මතක් කරන්න තියෙන්නෙ ඒ කාලෙ වෙච්ච දේවල් විතරයි, මමනම් ඕකට විරුදද්ධත් නෑ පක්ෂත් නෑ

    ReplyDelete
    Replies
    1. රැග් එක දරුණු නැත්නම් මතක රසවත් තමයි..වැඩේ සමහරු රැග් කරනවා කියලා මර්ධනයට අපචාරවලට ලක් කරන එකයි..මිත්‍රශීලි ගතියකින් දෙන අහිංසක රැග් නම් මොනවද..පාතාලේ වගේ නැතුව..:)
      තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා ශෂී..:)

      Delete
  10. දැන් රැග් නෑ කිව්වට අපිත් විශ්ව විද්‍යාලෙ පලවෙනි වසරෙදි රැග් නොවන රැග් කෑවා වගේ මතකයි .....

    ReplyDelete
    Replies
    1. හංසි කමෙන්ටුව දැක්කේ දැනුයි..සොරි වෙන්න ඕන නගා..
      ඔව් මිනිස්සුන්ව මරන්නේ නැතුව රැග් කළාට අවුලක් නැහැ..වැඩේ වෙන්නේ අපේ හුඟක් අයට ඔය සීමාව නොතේරෙන එකයි...:)

      Delete
  11. රැග් එක නිසා මොනව නැත්ත එකිනෙකා අඳුන ගන්න එක නම් අකමැත්තෙන් හරි වෙනවා.නැත්තම් කල්ලිය හදාගත්තට පස්සෙ වට පිට වත් බලන්නෙ නෑ නෙව.මමත් අම්බානක රැග් උනා.. හැබැයි දැං නම් හිනා යනවා අම්බානටම.

    ReplyDelete
    Replies
    1. ඔව් බං දැන් නම් හිනාත් යනවා..ඒ කාලේ ඉතින් බොහොම ළාමකයි..ඕවා දරන්න බැහැ..දැන් නම් ඉතින් රැග් කරන උන්වත් රැග් කරන්න පුළුවන් තරමට ඇට්ටරයි..හැක් හැක්..!
      (රහසින්) හැබැයි ඒකත් හැමතිස්සේම නෙවෙයි..:D

      Delete
  12. niyamai.supiriyatama kiyala tiyanawa.me cmpz eka athathuleth oya sethema thamai.munge hinamanayak pirimaha gannawa.

    ReplyDelete
  13. අප්පදබොල තනිතරුව .මමත් දෙහිවල ඒටීඅයි එකේ මැනේජ්මන්ට් එක කොලා නොවැ 2006 හො 2007 බැජ් එක.මමත් මගදි අත ඇරියා.මාටත් හිතෙනව ඒක ලියන්ඩ.මේරැග් කාලෙ කියවල

    ReplyDelete