Wednesday, November 12, 2014

ගැහැණු

අහිමි තාක් ලස්සන,
ලංවුණාම...
high maintenance!


39 comments:

  1. හෙහ්....

    ගැහැණු කියන වචනෙට තමයි මගේ අකමැත්ත. නැත්තම් අදහස නම් පංකාදුයි. හැම ගැහැණියක්ම මේ වගේ නෙවෙයි නේද? එක්තරා කැටගරියක්...

    ReplyDelete
    Replies
    1. මම කියන්න ආපු එක උපේක්ෂා කියල

      Delete
    2. උපේක්ෂා & බස්සි > ඒක ඇත්ත..එහෙම වෙනමම කැටගරියක් ඉන්නවා..ගත්තම ඇති දේකුත් නෑ...පොත්ත විතරයි, ඇතුළ හිස්! :D

      Delete
  2. හැමෝමටම නැතත් ගොඩක් දෙනෙක්ට මේ කතාවෙ යම් සාධාරණයක් තියෙනවනම් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝෂ්..හැමෝම එහෙම නෑ..ඒත් සීමිත පිරිසක් ඉන්නවා ඒ වගේ..:D

      Delete
  3. අවංකවම මංඥං
    සිරාවටම තරුවො

    ReplyDelete
    Replies
    1. මටත් මඥං බං..
      නෑ මට මේක හිතුණේ ලස්සනයි ලස්සනයි කියලා ඈත ඉඳන් හූල්ලලා ලඟට අරං හොම්බෙන් යන්න සිද්ධ වුණාම හිතෙනවා ඇත්තේ මෙහෙමයි කියලා මාඥමික අදහසක් ඔළුවට ආව නිසා...:D :D

      Delete
  4. හැමෝම මෙහෙම තමා.....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ රූපේ හැමෝම එහෙම නෑ...ඒත් එහෙම අයට ඔයාලා රැවටෙන අවස්ථා වැඩිවෙන්න පුළුවන්..:P

      Delete
  5. හරියට ලැම්බෝගිනි වගේ.
    නෙතට රසඳුනක්
    ඒත් මට නම් එපා.
    නිකං දුන්නත්.

    ReplyDelete
    Replies
    1. අන්න මොළේ ඇති හාදයෙක්! :D
      ලැම්බොගිනි එපා එහෙනං ඈ? :P

      Delete
    2. මට ලැම්බෝගිනි එකක් නඩත්තු කරන්න වත්කමක් නෑ. ඔය ටොයෝටා එකක් නිසාන් එකක් මිට්සුබිෂි එකක් වගේ නම් ගොඩදාගන්න පුලුවන්. :D

      Delete
    3. හහා...ඩූඩ් හැබැයි ටොයොටා එකේ යනගමන් ලැම්බොගිනි එකක් දිහා හොරැහින් බලලා පොඩ්ඩක් හූල්ලන ගතියකුත් ඉඳලා හිටලා එනවනේ..:P :D

      Delete
  6. මමනම් හිතන්නෙ මේ කවිය කියන්නෙ පිරිමි කෙනෙක් වගෙයි.කවිය එළ.

    ReplyDelete
    Replies
    1. හී හී...ඇයි අපිට බැරිද පිරිමි සිතුවිලි උපකල්පනය කරන්න...ඈ කටුස්සෝ? :P

      Delete
    2. නෑ.මම හිතුවෙ දැන් මේක බලන කී දෙනෙක් නිය පොතු හප හප කල්පනා කරනව ඇද්ද "මේකි මේක ලියල තියෙන්නේ මටමමනෙ" කියල....

      Delete
    3. හෙහ් හෙහ්...ඒක වෙන්න පුළුවන් තමයි..ඔයා එහෙම හිතුවේ නෑ නේ? ;) :P

      Delete

  7. කලින් පාර මඟුල් කෑමක් ගැනත් ලියල තිබ්බනෙ ..ඊට පස්සෙ තනිතරුවගේ ගෙවල් පැත්තේ එහෙම නෙමේ නේද මේ වචන ටික ඇහුනෙ ....හික්ස්... විහිළුවක් කලේ හොඳේ ;)

    ReplyDelete
    Replies
    1. හික් හික්! තාම නම් නෑ එහෙම ඇහුණේ..හැබැයි හිතෙන් හිතනවද දන්නෙත් නෑ...සිතුවිලි වචන වෙන්න ටික කලක් යාවි ඉතිං තාම අළුත් පිටනේ..:D :D

      Delete
  8. අහිමි තාක් ලස්සන බොහෝම දේවල් හිමි කරගත්තාම ඔහොම ගතියක් දැණෙනවා.....

    ReplyDelete
    Replies
    1. අවුරුදු පට්ට ගානක අත්දැකීම්.....අයියෝ 'අරකි'.

      Delete
    2. ඒක ඇත්ත අරූ අයියේ...ගැහැණු විතරක්ම නෙමේ මම හිතන්නේ ඒ කතාව බොහෝමයක් භෞතික දේවලට අදාළයි නේද? :)

      Delete
    3. කටුස්සා බලාගෙන මචෝ..අක්කාත් මෙව්වා ඉඳලා හිටලා බලනවා මම හිතන්නේ...උඹව හූනෙක් කරාවි හොඳේ..! :P

      Delete
    4. @කටුසු හදවත> කෙනෙකුගේ අදහසක් ඔහුගේ/ඇයගේ ජීවිතය හින්ද කියපු දෙයක් කියල කරන උපකල්පනයට මම විරුද්ධයි. එතකොට අපි අපේ අදහස් හංගනවා. මොකද වටේ ඉන්න උන් වැරදියට දකීවි කියල. ( මම කිව්වේ අරූ එහෙම හිතයි කියල නෙවෙයි. 'වෙනත්' කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන් හින්ද)

      Delete
    5. කස්ටා.......අරකිටත් එහෙම හිතෙනවාද දන්නේ නැහැ :D මාව නම් හයි මේන්ටනන්ස් තමයි :d

      තනිතරුව.....ඔව් ඇත්තටම එහෙම අදහසින් තමයි මම ලිව්වෙත්. බලන්න මුදල් කියන සාධකය අරගෙන. ඒකත් එහෙමයි. අහිමි තාක් කල් ඒ ගැන තැවෙන මිනිස්සු, ලැබුනාට පස්සේ වෙන දේ..ඕක හැම දේකටම අදාලයි.

      උපේක්ෂා.......ඒ කතාව හරියටම හරි. ඒක අපේ සමාජයේ තියෙන වැරැද්දක්. ඒ නිසා තමයි අපි විවෘත නොවන්නේ. සමාජය මොන කෝණයකින් බලයිද කියන නිසා. කටුසු නම් කියන්නේ හුදු විනෝදය සඳහා පමනක් විය යුතුයි.

      Delete
    6. උපේක්ෂාගේ කතාවට එකඟයි මාත්..සාමාන්‍යයෙන් අපි හිතමුකෝ කෙනෙක් අසම්මතයැයි කියන දෙයක් ගැන නිර්මාණයක් කලා කියලා, ඒක පළ කරන්න කලින් අපි කීප සැරයක්ම හිතනවනේ..හේතුව වෙන මොකුත් නෙවෙයි ඒක අපේ පෞද්ගලික අත්දැකීමක් කියන උපකල්පනය කියවන දකින අය එයි කියලා හිතෙන එක..:)

      හැබැයි කටුස්සා නම් කරලා තියෙන්නේ පොඩි බයිටක් දෙන එක..හී හී!! :D

      අරූ අයියේ ඒක ඇත්ත..බොහෝ දේ ලබාගන්න කටු හොණ්ඩර ගණන් කන මිනිස්සු ලැබ්නුණට පස්සේ ඒ අගය අමතක කරනවා..හොඳම උදාහරණය තමයි මුදල්..

      Delete
    7. උපේක්ශා> එම අදහස හුදෙක්ම විනෝදය උදෙසා කල දෙයක් මිස කිසිවකුගේ අදහස් විහිළුවකට ගැනීමට කළ දෙයක් නොවේ.අරූ අයියා වෙනි ඇසූ පිරූ තැන් ඇති අයකු විහිලුවට ගැනීම මා වෙනි නවකයකුට කිසිසේත්ම කල නොහැකි,ගැලපෙන්නේ නැති කාරණයක් බව මා හොදින් වටහාගන සිටිමි.තනි තරුව,අරූ සහ කටුස්සා අතර ඇත්තේ කටුස්සාට පමණක් විශේශිත වූ කරුනකි.නවකයෙක් වූ මා පළමුවෙන් මාගේ කටුස්සා නම යොදාගන අන් අයකුගේ ලිපියක් සදහා කමෙන්ට් කලේ තනිතරුව පලකල ඒ කාලේ ටෙලි නම් වූ ලිපියකටය.අරූ මට මුනගැසුනේද එම කමෙන්ට් හරහා මිස සින්ඩියක් හරහා නොවේය.එතන් සිට අරූගේ අඩවියට වහ වැටුන මා ඔහු ගැන මවාගන සිටින්නේ "බොහෝ ඇසු පිරූ තැන් ඇති,සැහැල්ලුවෙන් සිටීමට උත්සහ දරන,අන අය සිතනා අයුරු ගැන දුක්වී තම අදහස් වෙනස් කර නොගන්නා තරුණ මල්ලෙක් "ලෙසටය' (අරූ අයියේ,මෙම අදහස වැරදිනම් ඔයාට වෙනස් කරන්න පුලුවන් ).එම තරුණ මහල්ලා සමග ජීවිතය විඳීමට මම කිසිසේත් පසුබට නොවෙමි.එම ව්ඳීමේදි ඔහු මෙවනි වදන් තම වළලුකරෙන් උඩට නොගන්නා බවටද මා හොදාකාරව දනිමි.
      එහෙත් ඔබ කියූ දෙයද පිළිගනිමි.මාගේ පෞද්ගලික අදහස් මෙව්නි තැන් වලදී සමහර අයගේ අදහස් ප්‍රකාශනයට බාධාකරන බවට ඔබ කරන චෝදනාවට වැරදිකරු වෙමි.මින්පසු ඔබේ ප්‍රකාශය අවවාදයක් ලෙස ජීවිත කාලය පුරාවටම හිතේ තබා ගනිමි.
      ජයවේවා!

      Delete
    8. "බොහෝ ඇසු පිරූ තැන් ඇති,සැහැල්ලුවෙන් සිටීමට උත්සහ දරන,අන අය සිතනා අයුරු ගැන දුක්වී තම අදහස් වෙනස් කර නොගන්නා තරුණ මහල්ලෙක් "ලෙසටය' (අරූ අයියේ,මෙම අදහස වැරදිනම් ඔයාට වෙනස් කරන්න පුලුවන්/////////

      කටුස්........කිසි අප්සට් එකක් නැහැ. හැබැයි අර ඇසු පිරූ කෑල්ල තමයි ලෙඩේ. මම එහෙම බොහොම ඇසූ පිරූ නැහැ බන්.

      Delete
    9. //තනි තරුව,අරූ සහ කටුස්සා අතර ඇත්තේ කටුස්සාට පමණක් විශේශිත වූ කරුනකි.නවකයෙක් වූ මා පළමුවෙන් මාගේ කටුස්සා නම යොදාගන අන් අයකුගේ ලිපියක් සදහා කමෙන්ට් කලේ තනිතරුව පලකල ඒ කාලේ ටෙලි නම් වූ ලිපියකටය.අරූ මට මුනගැසුනේද එම කමෙන්ට් හරහා මිස සින්ඩියක් හරහා නොවේය.//

      කටුස්සෝ මේක හිතට වැදුණා මචං..එහෙනම් උඹ ඉස් ඉස්සෙල්ලාම කටුස්සෙක් ලෙස කමෙන්ටු කලාවට අවතීර්ණ වුණේ තනි තරුවෙන් ඈ? එළ එළ! :)

      Delete
  9. මේවා ගැන ඉතින් කිවුවොත් උඹ මාත් එක්ක තරහා වෙනවා.. ඒ හන්දා ඕන නෑ..

    ReplyDelete
    Replies
    1. මොනවට තරහ වෙන්නද බං..? ඔන්නොහේ කියලා දාමු..:D

      Delete
  10. වෙන මොන කතාද...

    සහතික ඇත්ත...

    ------------------------

    ඔය වගේම තව සැට් එකක් ඉන්නවා...

    උදව් ගන්න ඕන වුනාම කරේ නැගගෙන ඉඳල කරගන්න පුළුවන් සේරම කරලා හරිගියායින් පස්සේ අහල දැකල වත් නැති ගානට යන සැට් එක...

    අත්දැකීමෙන් කියන්නේ...

    ReplyDelete
    Replies
    1. අන්න හරි විභී! එහෙමත් සෙට් එකක් ඉන්නවා...වැඩක් කරගන්න නම් අනේ පනේ කියං එන්නේ..ඊටප්ස්සේ ලොවෙත් නෑ...:D

      Delete
  11. හැපි බර්ත්ඩේ එකක් වේවා තනියෝ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ බස්සියෝ! :) :)

      Delete