Tuesday, November 25, 2014

කඳුළකට...

ඇස්වලින් අල්ලාගෙන
ගිලගත්තු නුඹම
හිත් පතුලේ හිරවෙලා හැබැයි..
හිත පලාගෙන 
මතුවෙන්න හදනකොට
දැන් නම් හිතට හරි බයයි..
හිත පලන් ආවත් කමක් නැහැ
ඇහෙන් පැන්නොත් නම් හරි දුකයි..


11 comments:

  1. හ්ම්ම්....කාට කියන්නද.....?

    ReplyDelete
    Replies
    1. කාටවත් කියන්න එපා..සමහර වෙලාවට නොකියන ඒවයේ රසක් තියෙනවා :D

      Delete
  2. Replies
    1. ඔව් දේශෝ...ලොකු කතා ලියන්න වස කම්මැලිකමක් දැනෙනවා..ඒක නිසා කවි කෑලි වගේ එව්වා ලියනවා..ඒත් ආවට බොහොම ස්තූතියි..:)

      Delete
  3. හ්ම්ම්ම්

    ReplyDelete
  4. දුකට ඉඩ දෙන්නෙපා
    නුඹව වහගන්න
    හිනාවෙයන්
    දුක තද කරගෙන

    ReplyDelete
    Replies
    1. ඉඩ නොදීත් දුක
      මා යටත්කරගෙන
      දුකත් සතුටුයි
      මම ඉමි නිහඬවම...:)

      Delete
  5. මේ දවස් ටිකේම තරුව දුක හිතෙන කවිමයි ගොතන්නෙ අනේ මන්ද ..ඔච්චර බය වෙන්න කාරි නෑ හිතාගන්න බැරි වෙලාවක හිත පලන් ඇවිත් ඇහෙන් සතුටු කඳුලක් පැන්නොත් ඉතින් නරකම නෑනේ ;)

    ReplyDelete
    Replies
    1. නෑ බං..දුකක් නෙවෙයි මේ උදේ හවා වහින කාලගුණේදී මට මහ එපා වෙච්චි ගතියක් දැනෙනවා..
      අනිවාර්යෙන් ඉතින් හිතෙන් සතුටක් වෙලා පැන්නොත් කවුදෑ අකමැති..:P විශේෂයෙන්ම ඔය වයසේ දැරිවියෝ.. :P :D

      Delete