Monday, November 24, 2014

තටු සහ හාදු...

රස හාදුවක 
හීන බිංදුවක් තවරා
පිරිනමද්දි නුදුටුවෙමි
සැබෑවටම නුඹේ හිත..

කපාගත් තටුමතින්
රජවෙද්දි අද නුඹ
සිහි වුණේ නැතිද
පෙර දිනේ ප්‍රේමය...

මුදු මොලොක් හදවත
කාස්ටක කෙරූ වියරුව
වෙහෙසුණෙමි සොයන්නට
දිවා රෑ කාරණය..

නුඹේ රස හාදුව
දමා ගසා නුඹ වෙතම
ලැබූ සැනසුමක් නැතිය
තටු කැපූ රිදුම මිස...

කාස්ටක හිත යට
හැඬුව තටු අහිමි මම
දුටුවෙමි තරු නෙතේ
සැඟවගත් නුඹේ රුව..
මට අහිමි නුඹේ ලෙය..

නුඹට රිදවන්නට 
විසි කෙරූ හාදුව
සැඟවගත් මොලොක් හද
සොයාගත් අරුම...

ප්‍රේමය නොකල්හී
නුදුටුවත් නුඹ සකී
ඒ සඟවනු හැකී
කෙනෙක් මේ ලොව නැතී...


12 comments:

  1. මහින්ද මාත්තියි විරහව විදිනව කියලයි මට හිතුනේ. හැක්..

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට මේ දේශටත් හිතෙන එව්වා..:P

      Delete
  2. හිටිං සුදෝ
    ඇතෙක් හොඩේ ගහල
    එවන්නං අරලිය මලක්..........

    හුටා හුටා වැරදුණා වැරදුණා
    අරලිය හාල් මල්ලක්

    ReplyDelete
    Replies
    1. මහේෂ් මතක ඇතුව උගේ බෙල්ලේ සීනුවක් බැඳලා වලිගේ ගිලි සිළුවක් එල්ලලා එවපං හරිය? (හනුමගේ නෑයෙක් වගේ වෙන්ට) :P :P

      Delete
  3. ගස් වල අතු රිකිලි වගේ කැපුනු තටු ආයෙ ලියලන්නේ නෑනෙ ..හ්ම්ම් ... දුකයි

    ReplyDelete
    Replies
    1. ඔව් හංසි..තටු එහෙම ආයෙත් ලියලන්නේ නෑ.. :)

      Delete
  4. අඩේ.....මට මේක තේරුනේ නෑ බන්....මට පේන්නේ මම බබා වෙලාද කොහේද......

    ReplyDelete
    Replies
    1. හී හී...නිස්කලංක වෙලාවක කියවල බලන්න..එතකොට හරී..;)
      බබා වෙලා? :P :D

      Delete
  5. ෆිල්ම් එක බලලා වගේ මේක ලියලා තියෙන්නේ.. මරු මරු..

    ReplyDelete
    Replies
    1. මලයට විතරයි ඒක තේරුණේ..:)

      Delete