Tuesday, November 4, 2014

බස් ගමන

ඔප දැමූ කොපුලක
සැතපෙන්ට වලිකන
පුරුෂ නිමිති දෙකක්'තර..
වකුටුකරවා අඬු ටික
ඉන්න හැටි 
නොදකිත්ය ලොව..
දුටුගැමුණු කුමරාට 
කරන්නට රීමේක්
කෙලෙස හිඳගන්ට පහසුවෙන්,
උතුරිනුත් කුඩයකි
දකුණිනුත් කුඩයකි
එසවෙන්ට වෙර දරන..



31 comments:

  1. බස් ගමන එපාම වෙලා මේක ලියලා තියෙනවා වගේ..

    ReplyDelete
    Replies
    1. අම්මේ! කාලෙකට පස්සේ මේ ඇවිත් ඉන්නේ වර්ණ සිත්තරා..! :)
      බස් ගමන එපා නොවිච්චි කෙල්ලෙක් ඉන්නවා නම් අත උස්සන්න :D

      Delete
  2. හැබෑටම තරු කුඩ දෙකක් මද බං තිබ්බෙ දෙපැත්තෙ
    නැත්තං මෙච්චර මළ විදල තියෙන්නෙ මක්කද... ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..නෑ මම ඉතිං කියන්නේ නෑ බොට! :P

      Delete
  3. Replies
    1. වැඩී වැඩී හොඳටම වැඩී!!

      Delete
  4. බස් වල හැටි ඔහොම තමයි...

    ReplyDelete
    Replies
    1. විදානේ නමත් වෙනස් කොරලා... හම්මේ....

      Delete
    2. සාමාන්‍ය දෙයක්! :)

      Delete
    3. හුටා... හැව මාරුකරගන්න අමතක වෙලා... සොරි වෙන්ඩ ඕනෑ....

      Delete
  5. තනියා. මම ක්ලාස් යන කාලෙ ඉඳන් හෑන්ඩ්බෑග් එකේ තියෙනවා කවකටුවක්. ඔය සැතපෙන්න එන උන්ට වරක් දෙවරක් කෙලින්ම කියනවා, (උන්ට පැහැදිලිව ඇහෙන වොලියුම් එකෙන්. බස් එකේ ඕවා කෑගහන්න ගියත් අපිටමනෙ නෝණ්ඩි.) උන් අහන්නෙ නැත්නම් ගත්තා කවකට්ට, ඇන්නා තරු විසිවෙන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි. දැන් නම් ඕකට පාවිච්චි වෙන්නෙ ආයකට්ටක්.

    එක්කො කුඩේ අරන් දවා හළුවන බැල්මක් සමග උකුල උඩ තබා ගැනීමත් සාර්ථක ප්‍රතිඵල අත්කරල දෙනව සමහර අවස්ථාවල.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්! අවංකවම මම නම් කටුවලින් අනින්න ගිහිං නෑ...ඒ වුණාට අඟල් 4ක් විතර හීල් එකකින් මස් කඩාගෙන යන්න පයින් ගහලා නම් තියෙනවා.. හී හී..ඒ කොන්දොස්තර මල්ලිට කකුල්කඩිත්තුව හැදිල මගේ පිටේ සැතපෙන්න උත්සහ කරපු වෙලාවක..
      ඒ ඇරුණම අර කාලි බැල්ම නම් දානවා අනිවාර්යෙන්ම! ඒත් මැලේරියා මදුරුවන්ට ඩීඩීටී වගේ සමහරු දැන් ඒකටත් අනුවර්තනය වෙලා...!

      Delete
  6. පුරුෂ දඩු දෙක දෙපලු වෙන්න නොගහ මොන බම්බුවක් කරනවද තාම... ඉස්සර තමා ඒ අැතුලට දැම්මත් ඉවසං හිටියේ ගොං කමට.. කේස් නං කම්බස් කරන්නයි තියෙන්නේ. අනේ කාලේ වනේ වාසේ.. මුං හැදනේනෑ.. තාමත් 18 වෙනි සත වරුසේ..

    පැහැදිලිවම කවියටම වත් කැමතී නෑ. ඒකෙන් දීනත්වයයි පේන්නේ..

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි දේශාට ඩෝං ගිය හැටි බලහල්ලකෝ ඉතිං!
      මුං අර වනිතා හඬට හපන් නෙව!

      දේශෝ දේශෝ වාඩිවෙන්න හොඳ හුස්මක් ගන්න, ප්‍රෙෂර් පෙත්ත ගන්න, මෙන්න වතුර බොන්න..:D

      මේක මට වෙච්චි දෙයක් කියල ආයුබෝවන්ඩ කොහේවත් තියෙනවද?
      හැබැයි හැම මොහොතකම මෙවැනි දේ මගතොටදී වෙනවා..ඒක තමයි ඇත්ත..
      කෙල්ලෝ ගෑණු ඔවාට කතා නොකර ඉන්න ඉඩ තියෙන්නේ, ඔය දැන් දීනත්වය කියනවා වාගේම වාරියපොළ කෙල්ලට වගේ පතුරු ගහන්නත් එකතුවෙන්නේ ඔය සමාජයම නිසයි! බොරුද?
      ඔය ගෑණුන්ගේ දීනත්වය කියන කට්ටියම සමහරවිට ඕවට විරුද්ධව නැගී හිටින්නත් පුළුවන්..
      අනික් කාරණේ ඔහොම එකක් තමන්ගේ ඇස් ඉස්සරහ වුණත් නොදැක්කා වගේ ඉන්න පිරිමි කියාගන්න අය, කෙල්ල හෝ ගැහැණිය ඕකට කතා කරලා වලියක් දගත්තම ඒකි දිහා පිළිකුලෙන් යුතුව බලන්න ඇස් අරිනවා! ඔන්න ඕකයි ඇත්ත තත්වේ!

      අනික් කාරණේ මට ඕක වුණා නම් කීයටවත් සැතපෙන්න ඉඩ දෙන්නේ නැති බව කරුණාවෙන් සලකන්න. :D

      Delete
    2. මම කිව්වේ නෑ මේක උඹට උනා කියලා.. හැක්..

      ඔය පිළිකුල බල්ලට දාල ඒ වගේ උන්ගේ නිමිත්ත දෙපලු වෙන්ට දෙන්නයි තියෙන්නේ.

      Delete
    3. මං නම් කැමති! :D
      කොයි පිළිකුලද දේශෝ? අර විරුද්ධවෙන කෙල්ල/ගැහැණිය දිහා අනික් පිරිමි දාන පිළිකුල මුසු බැල්මද? නැත්නම් අසික්කිත ලෙස හැසිරෙන පුරුෂ නිමිත්ත ගැන පිළිකුලද?

      Delete
  7. /පුරුෂ දඩු දෙක දෙපලු වෙන්න නොගහ මොන බම්බුවක් කරනවද තාම./
    /පැහැදිලිවම කවියටම වත් කැමතී නෑ. ඒකෙන් දීනත්වයයි පේන්නේ../
    මාත් දේශකගෙ පැත්තේ.ගෙදරට මර්වින් සිල්වා වගේ ඉදල පිටට ගියහම e.w.අධිකාරම් වෙන එකේ පළවිපාක තමයි ඔය.

    ReplyDelete
    Replies
    1. කටුස්සෝ බොටත් කියන්නේ දේශාට කිව්ව ටිකමයි..:D
      ගෙදරට තියා හිතෙන්වත් උන්දැ වගේ නම් වෙන්න නරකයි...;)
      අපි ගෙදරටත් තනි අලියා! රටටත් තනි අලියා!

      Delete
  8. කුඩ දිග හරින්නේ මොකද....පොද ගහන්න පටන්ගෙනද :D
    නෑ මේවා ඇත්තටම විහිලු නෙමේ. මේවා සම්බන්ධව සිවිල් සංවිධාන තුලින් යම් සාකච්ඡාවක් ගොඩ නගා යම් සමාජ මතයක් ගොඩ නැගිය යුතුයි. ඉස්සර බස්වල, කෝච්චිවල සිගරට් බිව්වා. මිනිස්සු තුලින්ම මතයක් ගොඩනැගුනා. මිනිස්සු ඒ නිසා විමසිලිමත් වුනා. සිගරට් බොන අය පවා වැලකී සිටියා. එහෙම වුනේ කාලයත් එක්ක. ජැක් ගැසීම තහනම් කියලා නීතියක් ගේන්න බැහැ, නමුත් මා කියනා පරිදි සමාජ කතිකාවක් ප්‍රසිද්ධ වේදිකාව තුලට ආවොත්, ඒ තුලින් තෙරපුමක් සහ ස්වයං විනයක් ඇතිවේවී. මෙවැනිදේ කලයුතු වන්නේ ස්වයං විනයක් ගොඩ නැගීමෙන් පමනයි. ඒ සඳහා බරපතල සමාජ කතිකාවක් ඇති විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඒක පුද්ගල විරෝධතා අපි වගේ රටවල වටිනාකමක් නැහැ. මොකද මිනිස් අයිතිවාසිකම් නොසලකා හරින සමාජයන් තමයි අපි වගේ රටවල තියෙන්නේ. ඒ නිසාම තමයි එක වෘත්තියක් සඳහා එක් වෘත්තිය සමිතියක් යන සංකල්පය වඩාත් වැදගත්වෙන්නේ, ඒක ටිකක් දේශපාලනික කාරනයක්. මෙතනට අදාලයි. නමුත් කතා කරයිද දන්නේ නැහැ කවුරුවත්. ඒක අමතක කරන්න. මම උදාහරනයකට කිව්වේ. ඒකත් හරියට කට්ටියක් ජැක් ගහනවාට විරුද්ධ වෙනකොට, තව ගෑණු කට්ටියක් , නෑ අපි ඒකට කැමතියි කියනවා වගේ වෙයි. මතකනේ ලයිට් බිල් අඩුකරන්න කියලා තිබ්බ විරෝධතා වලදි කටු කන කට්ටිය කරපු දේ.

      Delete
    2. මුරුගසන් වරුසාවක් ලු! :D

      ඒක ඇත්ත අරූ අයියේ..අපි ඕක විහිළුවෙන් මග අරින්න තමයි නිතරම උත්සහ කරන්නේ..ඒ වුණාට දිනපතාම මගතොට ඔවැනි දේ වෙනවා.විරුද්ධවන කෙනා තමයි සමාජයේ ගැරහීමට භාජනය වෙන්නේ. අපි කොයිතරම් සර්ව සාධාරණ වෙන්න හැදුවත් කතා කරද්දි ප්‍රායෝගිකව සිද්ධවෙන්නේ ඒකයි.දෙයක් වනවිට අහක බලා හිඳ, වුණාට පසු රෙදි හෝදන්න කට්ටිය පෙළ ගැහෙන එකයි වෙන්නේ.අවසාන ප්‍රතිපලය අපයෝජන කරන්නා 'පොරක්'වීම සහ ඔවුන්ගේ මැරකම්වලට සමාජය යටවීම..

      අද මග තොටදි දෙයක්, අනිසි විහිළුවක් හෝ අතවරයක් වුණොත් විරුද්ධ වෙන්න බැරි තත්වයක් අපේ රටේ තියෙන්නේ..මම කියන්නේ නෑ වනිතාලා වගේ ගොන් පාර්ට් දාන්න කියලා..හැබැයි ගෑණියෙක්වුණත් පිරිමියෙක්වුණත් තමන්ගේ ආරක්ෂාව ගැන කතාකිරීමේ අයිතියක් තිබිය යුතුයි.

      වැඩේ තියෙන්නේ අද අපේ නීති තියෙන්නේ දුබලයා රැකීමට නොව චූදිතයා රැකීමට වීමයි..
      අහන දකින මට වුණත් කියන්න පුළුවන් දෙන්න එපැයි කණ පැලෙන්න කියලා..හැබැයි ඒක ඒ අවස්ථාවේ සහ සමාජයේ කොයිතරම්දුරට ප්‍රායෝගිකද කියන එක වෙනස් විය හැකියි..

      අපේම ආකල්ප වෙනස්වී බහුතර ජනමතයක් ගොඩ නැඟෙන්න ඕන..අද අපි ජනමත ගැන කතා කරන්නේ දේශපාලනේදි විතරනේ..සමාජයේ දියුණුවකට හෝ යහපතට ජනමත ගොඩනඟන්න ගියාම සේරම අඳයි ගොළුයි බිහිරියි..

      Delete
  9. මේක නම් මාරු කවිය. තනිතරුවට නියමෙට කවි ලියන්න පුළුවන් කියල මම අදයි දන්නේ :D ...බස් වල ඔය වගේ සිද්ධි නම් ඕනෑ තරම් .........

    ReplyDelete
  10. මට නම් ඔකේ අනිත් පැත්ත. උදේට හවසට කටුනායක පැත්තේ බස් එකක ගිහින් බලන්න තියෙන සනීපෙ..

    බොසා බුදු වේවා කියල දැන් ට්‍රආන්පොර්ට් එක දෙනව, නැත්නම් බස් එකේ ගියපු දවස් ටිකේ බිමට බැහැල මුලින්ම බලන්නේ කලිසම තියෙනවද කියලා :(

    ReplyDelete
    Replies
    1. යසිත් දැක්ක කල්! එහෙනම් කටුනායක බස්වල යන එකයි හේතුව අතුරුදහන්වීමට! හික් හික්!
      ඔව් නේ..එහෙම තමයි මාත් දැකලා තියෙනවා සමහර වෙලාවට නම් පුරුෂ පක්ෂයටත් අතවරවෙනවා..:D

      Delete
  11. ඉස්සර තරම්ම නැතත් තවමත් බස් කෝච්චි වල මේ දේ වෙනවා...
    තනිතරුව මේක ලිව්ව විදිය නම් හරිම අපූරුයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Happy :D
      තනි තරුවට ගොඩ වැදුණු පළමු වතාව වෙන්න ඕන මගේ මතකයේ හැටියට..සාදරයෙන් පිළිගන්නවා..:)

      Delete
  12. බස් එකක ගිහින් නෑ කිව්වාම අවුරුදු දොළහකින් විස්වාස කරනවද? ආ ඒත් අර ගිය අවුරුද්දේකෝච්චි ගමන යන්න ගම්පහ ස්ටේෂන් එකට ගියා බස් දෙකකින්. එච්චරයි.

    ඕකේ තව පැත්තකුත් තියෙනවා තනි තරුව.

    ReplyDelete
    Replies
    1. හී හී! අන්න වාසනාවන්තයෙක්! :)
      ඔව් ඒක ඇත්ත ඩූඩ්..සමහර ගැහැණු ඉන්නවා පිරිමින්ට අතවර කරන..:) එක එක මානසිකත්ව තමා ඉතින්..අප්සෙට් එක ඒ වගේ අය සෙට් නොවී අන්ත දෙකක දෙන්නෙක් සෙට් වුණාමයි..:D

      Delete
    2. ///සමහර ගැහැණු ඉන්නවා පිරිමින්ට අතවර කරන///
      එහෙම කෙනෙක් හොයා ගන්න බැරිද :D

      Delete
    3. ඒ මොකටෙයි අරූ අයියේ..නිකං අඳුරගෙන තියාගන්නද? :P

      Delete