Friday, October 16, 2015

විරහි පෙම

නුඹ ගියත් නුඹ නොදැන
තවම නුඹ මම ලඟම
සඟවාන මුලු ලොවට
විඳිමි මම විරහි හිත
උණුහුමක් ගෙන එන
ප්‍රේමයකට නොවන
මිදුණු ලෙංගතුමක
මම දකිමි ප්‍රේමය..
නුඹ නමට ඉපැදුණු
නුඹගෙන්ම රිදවුණ
නුඹ ගොහින් කල් ගෙවීත්
තවම මා ලඟ රැඳෙන..
කලෙක ගෙත්තම් කළ
සිහින නුඹ හා දුටුව
වියැක කල්ගෙවී'මුත්
සෙනෙහෙ වියපත් නොවන
නුඹට නොව නුඹෙන් ලද
විරහවට පමණමය
මා හිතේ ප්‍රේමය
කිසිදාක නොමියෙන...


ප්‍රස්තුතය ආවේ මෙන්න මේ පෝස්ට් එකෙන් 

25 comments:

  1. මා හිතේ ප්‍රේමය
    කිසිදාක නොමියෙන...

    ලස්නයි තනි තරු
    ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අසෙනි..:)
      ඒ පැත්තේ ලියවෙන එව්වා රහ පාටයි..
      ජයවේවා...!

      Delete
  2. ලස්සනම ලස්සනයි.............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ආර්යන්..:)

      Delete
  3. ෂා..ෂා..ෂා ලස්සනම ලස්සනයි

    ReplyDelete
  4. ඒ කියන්නේ අනිත් උන්ට inspiration එකක් වූ ඉවාන් පවුලූෂා!

    මේ වගෙ නිර්මාණවලින් බ්ලොග් කරුවන්ගෙ සහෝදරත්වයත් වැඩෙනවා මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවා..:D
      ඩූඩ් දන්නවද තනියා ලියන්න පටන් ගත්තු කාලේ හා හා පුරා කියල ලොකු පොරකට නැත්නම් ජ්‍යෙෂ්ඨ උත්තමයෙක්ට කියලා මේ බ්ලොග බලල කමෙන්ට් කරපු එකෙක් ඉවාන්..අම්මේ ඉතින් හරි ආඩම්බරයි එතකොට ඇයි ඉතින් අපි අළුත් පුංචි එව්වෝ නේ..:) ඌ ඇත්තටම inspiration එකක් තමයි..අර කිව්වා වගේ මෙහෙම එක මාතෘකාවකින් අනික් අයත් ලියන්න ගත්තම ඒක නියමයි..මම දැක්කා මාතලනුත් එහෙම කියලා තිබ්බ කොහෙද..:)

      Delete
    2. කවුද ඩො ජ්‍යෙෂ්ඨ කියන්නේ , පලයන් යන්න හොම්බ තලා ගන්නේ නැතුව , ඔක්කොමලා ලියන කියවන සහෘදයෝ විතරයි, මෙතන ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ට කියලා කවුරුවත් නෑ.
      මොනා වුනත් එකෙක් ලියන දෙයක් තව එකෙකුට වස්තුබීජයක් වීම ඉතාම අගනා දෙයක්. මම හිතන්නේ බ්ලොග් වල තියෙන සුන්දරත්වයත් එකම තමා.

      අහුවෙයන්කෝ කන පලලා ලුණු දාන්න

      Delete
    3. ඉවාන්: අපි ලියන්න පටන් ගත්ත කාලේ වෙද්දිත් උඹලා බ්ලොග්වල එස්ටැබ්ලිෂ් වෙච්ච එවුන්. ඒ රෙස්පෙක්ට් එක උඹට දෙන්න ඕන වෙන මුකුත් හින්දා නෙවෙයි එහෙම වුණත් උඹේ නිහතමානීකම තාම රැකිලා තියෙන නිසා..ඒකට මනුස්ස ප්‍රාණියෙක් විදියට මම ගරු කරනවා..:)

      Delete

  5. " සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක් "

    ReplyDelete
    Replies
    1. අනිවා...සදාකාලික ප්‍රේමයක් ඇත්තේ සදාකාලික විරහවක් තුළ පමණය - #තනියා.

      Delete
  6. මේ වලපයයි ගොඩපයයි තියාගෙන උඹට මොකද විරහවක් මතක් වුනේ හිටපු ගමන් . ;)

    කයිය ලස්සනයි තනියෝ , විරහව කොච්චර අසුන්දර අත්දැකීමක් වුනත් ,ලෝකයේ බොහොමයක් නිර්මාණවලට වස්තුබීජ වෙන නිසාම එහි තියෙන්නේ සදාකාලික ජීවයක්. ප්‍රේමයේ සිනහව තරමටම විරහවේ කඳුලත් බොහෝ දෙනාට සමීපයි .

    බිඳුණු පෙම් හද නිවාලන්නට
    කඳුල නුඹ ආ දා
    අඳුර රජයන හුදකලා සිත
    නුඹට පෙම් බැන්දා

    සරාගික වූ නෙතින් ගිලිහී
    ජීවිතෙන් පිදු ආදරේ //
    නිමා වූ සිහිවටන පමණකි
    දෙනෙත් දෑලේ ඉදි වුනේ
    කඳුල නුඹ පිපුනා
    දැවී ගිනිගත් පෙම් සුසානේ
    කඳුළු මල් පිපුනා

    බිඳුණු පෙම් හද ........

    ප්‍රේම ආතුරයන් වෙලා
    ජීවිතේ තනි මන්සලේ //
    දිනෙක ඇය මා අමුත්තන් සේ
    යලිත් හම්වේවී
    කඳුල නුඹ නාඩන්
    දුරස් වන්නනේ නැතේ නුඹ මා
    කඳුල නුඹ නාඩන්

    බිඳුණු පෙම් හද ........

    ගායනය : විශාරද ගුණදාස කපුගේ.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං වළ පයයි ගොඩ පයයි තියෙනකොට අතීතාවර්ජනය කිරීම සුන්දරයි..;)

      අනිවා මචෝ..විරහව කටුක වන තරමට විරහවට එතෙන ප්‍රේමය ප්‍රබලයි..ආදරයට වඩා විරහව මිනිස් හිතේ නිර්මාණශීලී සිතුවිලි අවදි කරනවා මට හිතෙන හැටියට..පෞද්ගලිකවම විරහවක් විඳීම ලේසි නොවුණත් හැම නිර්මාණකාරයෙක් තුළම අවම වශයෙන් ඒකපාර්ශ්වික ප්‍රේමයක් සහ විරහවක්වත් ඇතැයි කියලා මම හිතනවා..

      Delete
    2. //"හැම නිර්මාණකාරයෙක් තුළම අවම වශයෙන් ඒකපාර්ශ්වික ප්‍රේමයක් සහ විරහවක්වත් ඇතැයි කියලා මම හිතනවා.."//

      උඹ හරි

      Delete
  7. කොච්චර විරහව දැණුනත් හිතේ ඉපදුණු ඒ ප්‍රේමය මිය නොයයි...

    ලස්සනයි
    ජයවේ තනිතරුවේ......!

    ReplyDelete
    Replies
    1. වර්ණ බොහොම ස්තූතියි..:)
      ජය වේවා..

      Delete
  8. සෙනෙහෙ වියපත් වෙන්නෙ නෑ නේන්නං.. එන්න එන්න තිරිහං වෙනවා.. හ්ම්ම්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සෙනෙහෙ වියපත් වෙන්නේ නෑ, අපේ දැක්ම අඩුවැඩි වෙනවා..ඒත් පතුලට හාරලා බැලුවම සෙනෙහෙ පොඩ්ඩක් හරි ඉතිරිවෙලා තියෙන්න පුළුවන්..

      Delete
  9. Replies
    1. අඩේ විභියා! තැන්කූ තැන්කූ..උඹ කොහෙදෑ මෙච්චර කල් ගොහින් උන්නේ?

      Delete
    2. මේ දවස් වල පොඩි චේන්ජ් එකක් තියෙනවා...

      Delete
    3. එළ! විස්තර නොඅහා ඉන්නම්..;)

      Delete