Thursday, December 17, 2015

බය..

කටු කම්බි තුඩුවලට
සීරෙද්දි අඩ සඳ නළල
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම..
සිලිටි හම කැපෙනකොට
රිදෙන හන්දා නොවුණට
ගලන ලේ වැල්වලට
ඇස් කෙවෙනි දැවෙනකොට
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම...

තුනී කරදහි බිත්ති
ඇකිලෙද්දි හදවතේ
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම..
එක මිටට පොඩි නොකර
සීරුවෙන් කපනකොට
වීදුරු කටු වචන
හදවත පෙළනවට
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම..

ආදරේ පිරුණ ඉඩ
හිස් වෙවී යනකොට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..
හිස්කමට නොවුණට
ඒ ඉඩට පොරකන
කළකිරීමට දුකට
කෙස්ගහේ වෙනසට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..



18 comments:

  1. ඒකත් එහෙමද?

    ReplyDelete
  2. //හිස්කමට නොවුණට
    ඒ ඉඩට පොරකන
    කළකිරීමට දුකට// හිස් වෙන ඉඩට කොහේ කොහොම තිබ්බත් පිරෙන්නෙම කලකිමයි දුකයි.. :/

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.ඉඩක් හිස්ව තියෙනවට වඩා කලකිරීමයි තරහකුයි පිරුණම බර වැඩියි..

      Delete
  3. ලස්සන යෙදුම් ගොඩක් තියෙනවා...
    ලස්සනයි
    ජයවේ තනියා!

    ReplyDelete
  4. සුපිරියි ජය වේවා...

    ReplyDelete
  5. හෙවනැල්ල වගේ යන එන තැන
    එන්න මගේ...
    පිසලන්න මගේ තනි නොතනිය
    හෙවන වගේ...
    නේක ජාති සංසාරේ......
    නේක ජාති සංසාරේ...

    ගරා වැටුණු නගර කොනේ
    හඬා වැටුණු මට නුඹගේ....
    සිනා පොදින් දැනුණු සුවේ 
    ජාති ජාති සංසාරේ......
    ජාති ජාති සංසාරේ...

    හිතේ ඉඩට පාර බැඳන්
    කුමක් කරම් කොටු වුණු මං......
    හමුවෙන්නැයි පතනු මිසක
    ජාති ජාති සංසාරේ...
    ජාති ජාති සංසාරේ......

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය සහ ගායනය : වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. //හිතේ ඉඩට පාර බැඳන්
      කුමක් කරම් කොටු වුණු මං......
      හමුවෙන්නැයි පතනු මිසක
      ජාති ජාති සංසාරේ... //

      වචන ටික නම් නියමයි..තාලේ නම් එච්චරම ඇල්ලුවේ නෑ මචං..:)

      Delete
  6. කවි පද ලස්සනයි තරුවා.. නිමිත්ත???

    ReplyDelete
    Replies
    1. තැන්කූ සජ්ජෝ..නිමිත්ත අපි හැමෝටම පොදු වෙන්න පුළුවන් ඇත්ත..:)

      Delete
  7. Replies
    1. ස්තූතියි වැසි දැරිය :)

      Delete
  8. Replies
    1. බොහොම ස්තූතියි තාරකා..:)

      Delete
  9. බය හිතෙන එක
    හොඳ නෑ තමයි ..
    ඒත් අඬන එක හොඳයි
    ඇස් වලට ...
    හොඳ නැත්තේ
    විතරයි හිතට

    ආදරේ පිරුණු
    හිතක් හිස් වෙනකොට
    ඔහොම එනවා පෝලිමට
    එත් ඒ එන්නේ
    නෙවෙයිනේ ආදරේට

    හිස් වෙනවා වගේ දැනුනට
    එහෙම වෙලා නැති වග
    තේරේවි ඉක්මනින්
    වීදුරු කටු වගේ වචන
    ඇමිනුනේ නෙවෙයි තරහකට

    වෙන්නේ මේ හැමදේම
    ඉදෙනකන් විතරනේ
    බත් හැලිය

    ReplyDelete
    Replies
    1. අම්මේ..! ඉවානයා දැක්ක කල්! කොහෙදෑ මංගජ්ජලා හිටියේ..?
      කවිය මරු..! දැන් ඉතින් ඔහෙටත් තව පෝස්ට් එකකට කාලේ හරි නේද? මේ නිවාඩුවේ හරි ලියාපිය!

      Delete