Thursday, June 16, 2016

වස

තවමත් යන්තමින්
පණ ගැහෙන හදවත
දමා වසමි පළිඟු බඳුනක
සුළං පොදකුදු නොවදින්න
එමත අලවමි
ලේබලය 'වස'
බඳුන තුළ නොව
ඉන් පිටත..




20 comments:

  1. ඔයි වස ජුන්ඩ හුටන් ට දීපියෝ!

    ReplyDelete
    Replies
    1. වස බොන්න රුචි අය
      ඇවිත් ගලවා ඇබය
      බීවොතින් ඔය හද
      උනුත් බයියන් වේවිද?

      Delete
    2. සරස: උන්දැට නම් කන්ටේනරයක්ම යවන්න වේවි..:D

      Jay Mmp: දැක්ක කල්! කොහෙද අප්පා හිටියේ?? මොකෝ ජම්බුකාවේ අළුත්ම තත්වේ? ;)

      Delete
  2. හා තනිය සෑහෙන්න කාලෙකින් නේ. දැන් හැම තැනම වස.

    ReplyDelete
    Replies
    1. කසුන්, ඒක ඇත්ත. ඔව් අප්පා වැඩ අධිකයි :)

      Delete
  3. වස විස උනාම අන්තිමට නතර වෙන්නේ පස යට.....

    මේ යන විදිහට ඔක්කොටම බොන්න වේවි වස....

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම කවදක හරි යන්නේ එතනට..
      එතකල් ඉතින් අපි නටනව මෙහෙම නාඩගම :)

      Delete
  4. අලවන්නේ කොහොමත් පිට නෙව.. හයියෝ..

    ReplyDelete
    Replies
    1. ඒ අපි දෙයක් දිහා බලන විදිය

      Delete
  5. හදවතකට "වස" ලේබලය අලවලා තිබ්බොත් පරිස්සම් කරගන්න පුළුවන් වෙයි...ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම...පුළුවන් වේවි බොහෝදුරට

      Delete
  6. වස..
    වස


    වස

    වසම වස


    මමත් වස..නෑ වහ..

    ReplyDelete
    Replies
    1. ඔබත් වස
      මමත් වස
      ඔහුත් වස
      ඇයත් වස
      එහෙත් වස
      මෙහෙත් වස

      ප.ලි: පළිබෝධ නාශක අනතුරු සහිතයි.ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.

      Delete
  7. බඳුන තුළ නොව
    ඉන් පිටත..

    හ්ම්ම් හිතට වැදුණා තනි තරුව ....

    ReplyDelete
    Replies
    1. මෙතූ ඔබ මා කිවු දේ එලෙසින්ම වටහා ගත්තා. ස්තූතියි. :)

      Delete
  8. යන්තමට හරි පණ ගැහෙනවා නේද?
    ඒ මදෑ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උන්නු හැටියට මළා මදෑ

      Delete
  9. පිටත වස...!
    ඔබ ඉන්න ඇතුලත.
    ඉන් පිටත,
    හුස්ම ඇත, වසද ඇත.
    බෝතලය තුල,
    හුස්ම නැත, වසද නැත.
    ඉක්මනින් මියැදුනද,
    එතුල...
    වඩා යහපත් මරණයකි එය...!

    ReplyDelete
    Replies
    1. ගයාත්‍රි, කාලෙකින් දුටුවේ..සැප සනීප කොහොමද සහෝදරී?
      ඔව් වස පිටත් තියනතාක් මම ඇතුළත් ආරක්ෂිතයි නේද?

      Delete
    2. ලොංග් ටයිම් නෝ සී! අධික වැඩ එක්ක පොර බැදුවා තනියෝ.කොහොම හරි එබිලා බලලා යනවා කමෙන්ට් නොකරත්.

      Delete