Sunday, October 21, 2018

ඉවසීම


මම ඔබේ නමින්
හඬා දොඩා වැලප
තව කොතෙක් නම් කලක්
මඟ බලා ඉම්ද?


10 comments:

  1. සංසාරගත බැඳීමක් නම් ඉතින් ජීවිත කාලෙම බලා ඉඳීවි. ඵලක් නැති බව දැනගෙනත් බලා හිඳීම නතර කරන්න නොසිතේවි.

    ReplyDelete
    Replies
    1. එහෙම බලා සිටීමේ ආවස්ථික පිරිවැය වැඩියි සඳ. වඩා හොඳ දෙය තමයි තමන්ගේ වටිනාකම තේරුම් ගෙන තමන්ට ආදරය කරන්නට පටන් ගැනීම.

      Delete
  2. කොච්චර බලා හිටියත් ආයේ නම් උඹේ අප්පොච්චා එන්නේ නෑ පොහොට්ටු කුමාරියේ, දිගටම අපේ මෛත්‍රී පුංචි මාමා තමා හැක හැක

    ReplyDelete
    Replies
    1. දැන් උඹ මක්කැයි මේ කියන්නේ ගෙඹි රජෝ. ඔය අපේ මාමා ආවේ අපූරුවට.:P :P

      Delete
  3. ඔබෙත් සදවතී ගෙත් කෙටි කවි හිතන්නට බොහෝ දේ ඉතිරි කරනවා . ඉඩක් ලැබුණොත් අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා මගේ කවි වල අඩුපාඩු කියන්න . ඔබේ අළුත් නිර්මාණ කියවන්න බලාගෙන ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අනුරුද්ධ. ඇවිත් යන්නම් ඉක්මණටම

      Delete
  4. මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්‍රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්‍යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ අවස්ථාවක්. බොහොම ස්තූතියි, මම ඊමේලයක් එවන්නම්.:)

      Delete
    2. රහයි මේ කවිය .....ස්තුතියි ප්‍රතිචාරයට .....

      Delete
  5. ඔබ මට දෙන සහයෝගයට ස්තුතියි . පුළුවන් නම් ඕස්ට්‍රේලියාවේ , එංගලන්තයේ , ඉතාලියේ සහ මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මගේ බ්ලොග් ලියමන් කියවන්න, අහන්න සහ බලන්න ඔවුනට ලගාවිය හැකි විදිහක් කියන්න . එය මටත් මා සමග කැනඩාවේ සිට නිර්මාණකරණයේ යෙදෙන අනෙකුත් සාමාජික යන්ටත් අනෙකුත් ජීවන කටයුතු මැද්දේ මහන්සියෙන් කරන නිර්මාණ වෙනුවෙන් ප්‍රතිචාර ලබාගැනීම සදහා පිටුවහලක් වෙතැයි හිතනවා .

    ReplyDelete