මගේ සමකාලීන ගෑණු දරුවෝ බොහෝ දෙනෙක්ට වගේම මටත් ඉතින් කටට රසට උයතහැකි.හැබැයි ඉතින් ඉරිසියාකාරයෝ නොයෙකුත් කතන්දර කියනවා බඩ පැලෙන්න කාලා ඉවරවෙලා.
මං සාමාන්‍යයෙන් බොහොම අකමැතියි, රැලි රැලි කෑමවලට ඔය ඉඳිආප්ප, නූඩ්ල්ස් වගේ.නූඩ්ල්ස් කන්න හිත හදාගන්න පුළුවන් ඒක රස පාටට, කහ මිරිස් පාටකට තියෙනවානම්.ඒත් ඉතින් මම නූඩ්ල්ස් හැදුවම ඒක කන මිනිස්සු (වෙන කවුද ඉතින් අපේ ගෙදර කට්ටිය) කියන්නේ ඒව කාලා 'කහ උණ' (Jaundice) හැදෙයි කියලා මොකද ඒ තරමට කැරට් 18 රත්තරන් වගේ කහ පාටයි.ඒත් මම සැලුනේ නෑ.හැමදාම ඒ පාටටම තමයි නූඩ්ල්ස් හැදුවෙ. :)
ඊටපස්සේ මගේ ප්‍රියතම සහ ලේසිම ඉවුම, සැන්(ඩ්)විච්. හැබැයි ඕක නිකන් බටර්, ජෑම්, මාමයිට් ගාපු පාන් නෙවෙයි වෙනම (මම හිතන හැටියට රස ) පිරවුමක් දාපු එකක්.පළවෙනි දවසෙ ප්‍රතිචාරේ හොඳායි.ඉතින් දැන් මං වැඩ්ඩා වගේ ඊලඟ දවසෙත් පටන් ගත්තා පාන් හදන්න.අනේ ඉතින්, අධි තක්සේරුව කියන්නේ ඔන්න ඕක තමයි පින්වතුනි කිව්වලු.මේ සැරේ කුස්සියේ බෝතල්වල තිබ්බ සේරම ලටපට දැම්මලු ඉතින් කෑම තව රහ කරන්න.ඊටපස්සේ කට්ටිය කෑවේ එක පාන් පෙත්තයි!
"මොනාද ඔයා මේකට දැම්මෙ?"
"ඇයි? ලුණු මදිද?"
"නෑ, දුරු රහයි"
(බච්චාවෝ...) "ආ..මම දුරුත් දැම්මා"
"කවුද ළමයෝ පාන් පේස්ට් එක තෙම්පරාදු කරද්දි දුරු දාන්නෙ???"
කවුද බන් ඕව දන්නෙ කිව්වලු!කොහොමහරි එදා ලංකාවේ රන් හා සමානවටිනාකමක් ඇතිවේගෙන යන පාන් රාත්තලක්ම කුණු කූඩයේ සාමදානයේ සැතපුණා. :(
ඔක්කෝටම වඩා ලැජ්ජාව අර අපේ ගෙදර අතක් පයක් සොලවා වැඩක් නොකරන, ඒත් වෙලාවකට 'බක පණ්ඩිත' නගා "දුරු පාන්' කියකිය පෙරළි පෙරළි හිනාවෙන ගත්තු එක.
ඇතිවූ දුක සහ තරහ නිසාම එදා නානකාමරේ බිත්ති සහ පොළොව කණ්ණාඩිය වගේ දිලිසුණා. ඒත් ඉතින් ඉවුම් පිහුම් නම් නැවතුණා.
අපේ අම්ම මං බදින්න කලිං පණ බයේ හිටියෙ උයා ගන්න බැරුව බැණුම් අහයි කියල. මොකද මං කුස්සිය අහලකටවත් යන කෙනෙක් නොවෙන නිසා. ඒත් මං බැන්දට පස්සෙ අපේ ගෙදරින් ඉස්ඉස්සෙල්ලම මාව බලන්න ආව දවසෙ තනියම උයල එයාලට කන්න දුන්නම අපේ අම්මට අදහගන්න බැරි වුනා. එවෙල මුකුත් නොකිව්වට ගෙදර ගියාම අම්මයි තාත්තයි මගේ කෑම වරුනාව කියපු හැටි ගැන අපේ අක්ක මට ෆුල් රිපෝට් එකක් දුන්න. ඉතිං මට හරී... ආඩම්බර හිතුන. :)
ReplyDeleteඅනේ එහෙනම් මාත් හිත හදාගන්නවා සිඟිතිට වගේ මටත් කට්ටියව පුදුම කරවන්න ලැබේවා කියලා.අපේ ගෙදර කට්ටිය මාව බයිට් කරන්නේ බැන්ඳ ගමන් එයාලා කෑමකට එනවය කියලා.බච්චාවෝ තමයි ඉතින්!:D
Delete