දැන් ඔය අපේ නගා ඉන්නවා නෙව.උන්දැ ඉතින් අකලට වාගේ උස ගිය එකියක් වෙච්චි, අඩි 6කට වාගේ කිට්ටු උසක් තියෙන්නෙ.ඒවුනාට මොකෝ, පණු වංශෙට මාර බයයි.එයැයිට තියෙනවා අමාරුවෙන් තෙල් ,ජෙල් අරව මෙව්වා ගාලා හේ කරගත්තු, දිග හැරියම කාපිරි කොණ්ඩයක් වාගේ වෙන විසාල කේශ කලාපයක්.පීරද්දි එහෙම සද්දේ නිකන් රේක්කයකින් පොළොව පහුරු ගාන්නා වාගේ.(හිකිස්!)
හිතාගත හැකිනේ කවුරු වගේද කියලා? අන්න හරි, 'දිගමේස්දානලාගේ පිපී' (Pippi Longstocking)වගේ තමයි. :D
ඉතින් දවසක් මහ රාත්තිරියක මෙයා ඔන්න ඔය විසාල කේශකලාපේ පීරමින් කණ්ණාඩිය ඉස්සරහ මුකුළු පාමින් හිටියා.කෙනෙකුගේ පෞද්ගලික නාටකනේ ඉතින් කියලා අපිත් බාධා කොරන්නට ගියේ නෑ.එහෙම ඉන්න අතරේ එක සැරේටම ඇහුණ මර ලතෝනියක් කාමරෙන්!දැන් අපිට හිතාගන්න බෑ ඇත්තටම අපේ නගාද කෑ ගැහුවෙ කියලත් මොකද ඊට ටික වේලාවකට කලිනුත් එයැයි අපූරුවට කැරකි කැරකි උන්නනේ.ඉතින්, මම තමයි ඉස්සෙල්ලම දුවල ගියේ චණ්ඩිය වාගේ කේස් එක හැන්ඩ්ල් කරන්න.දැක්කමත් දුක හිතුණා අප්පා, මම යද්දි නගා ඉන්නවා බිත්තිය දිහා පිස්සුවෙන් වගේ බලාගෙන ඇස් කණ් කට නාසා ඇරගෙන, දෝතින් කේශකලාපේ බදාගෙන අඬ අඬා.'අර අර' කිය කියා සීලිමට චුට්ටක් පහල බිත්තිය දිහාටත් අත දික් කර කරා අඬනවා.
දැන් තමයි ජොලිම හරිය.මොකද මම චණ්ඩිය වගේ දිව්වට, මගෙ පෙනීම බොහෝම තියුණුයි.කොච්චර තියුණුද කිව්වොත් මම ටිකක් ඈතින් එන කෙනෙක්ව එහෙම අඳුරගන්නේ ඔවුන්ටම ආවේණික හැඩෙන්, ගමන් ලතාවෙන්, ඡායාවේ උස සහ පළලින්.(ඉට්ටැයිල් එකට කණ්ණඩි දාන්නේත් නෑ හුඟවෙලාවට )
ඉතින් දැන් මෙයැයි අත දික් කරලා පෙන්නන මානය මගේ අක්ෂි සංවේදීතාවයෙන් ටිකක් එපිටයි.ඒ පෙන්නන සීලිම සහ බිත්තිය අතර ලාවට වගේ තියෙනව හිදැසක් (දැකලා ඇතිනෙව එහෙම?) මම ඔය හිදැස දිහා බැලුවට එකේ නෑ කිසිම හුරු ගතියක්, නිකන් පේන්නෙ කළු පාට ටිකක් දිග සර්පයෙක් වගේ.ඔයිට ටික කලකට කලින්, කළු පාට ගැරඬියෙක් මගේ ඇඟේ ගෑවි නොගෑවි ගිහින් අනූනමයෙන් වගේ බේරුණ මතකයක් තිබ්බ නිසා මම හිතුව ෂුවර් එකටම මේ ගැරඬියෙක් තමයි කියලා.ඒ ගමන මම ඉහළ පුටුවලට රපෝර්තු කරා මහ සද්දෙන් 'සර්පයෙක්ක්ක්ක්!!!' කියලා.ඒත් මං බැලුවා තමන්ගේ ඇඬිල්ල දිගටම කරගෙන යන අතරමත් ඇයි මේ යෝදි මං දිහා පුදුමෙන් වගේ බකුසු ඇස්වලින් බැලුවෙත් කියලා.අර මගේ රපෝර්තුකිරීමේ අන්තිම 'ක්'යන්න ඉවරවෙන්නත් කලින් ආවේ නැතැයි අපේ කට්ටිය සර්පයා හොයාගෙන!විලි ලැජ්ජාවේ සන්තෝසේ තරම කියන්නේ බැක් අප් එක ආවට පස්සේ යම්තරමක එඩිතර ගතිය පහළ වුණ අපේ නගා කියපි! 'කොහෙද අනේ සර්පයෙක්??අර අතන පණුවෙක් ඉන්නවා..ආ...ආ...හොවෑ..ඈ..." කියලා.
අනේ ඉතින් පින්වතුනි, වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටීම කියන කතන්දරේ මගේ මතකයට නැගුණා.මම ඉතින් අතෑරියේ නෑ, යාන්තම් නම්බුව බේරගත්ත මෙහෙම "ඒක තමයි, ඒ පණුවෙක්.ඔයාට පෙනිච්ච හැටි මං මේ කිව්වේ, මොනාද හලෝ අඩි හයක් උසයි නේද? ඒවුණාට අඟල් කාලක්වත් නැති පණු පැටියෙක්ට බයයි, චී චී ලැජ්ජයි"
අවස්ථාවේ භයානකබවෙන් හෙම්බත්වෙලා හිටිය නගාට ප්‍රතිප්‍රහාර අමතක වුණා හොඳවෙලාවට. :D

This comment has been removed by the author.
ReplyDeleteNiyamae :)
ReplyDeleteහා තැන්කූ වේවා!
Deleteනගා මේක දැක්කද? :D නැත්තන් මට හම්බුනාම කනෙ තියන්න බැරිය :D
ReplyDeleteඔව් ඔව් නගා දැක්කා. එයැයිගේ පටි රෝල්කලැයි කියලා නහයෙන් අඬ අඬා ඉන්නේ :D
Deleteමට පනුච්චිව මතක් වුණා මේක කියවන කොට
ReplyDeleteහී හී..කොයි පණුච්චිද නලීන් අයියේ?
DeleteNice blog. අදමයි මේ පැත්තෙ ආවෙ. කියවපු ගමන් පදිංචි වෙන්න හිතුනා.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා යශෝ. ඔයාගේ බ්ලොග් එක මීටත් වඩා රසවත්. මම ඒ පැත්තේ ඇවිත් බාගයක්ම එක හුස්මට කියෙව්වා ගිය සතියේ :)
Deleteනගා බ්ලොග් එකක් ලිව්ව නං අක්කණ්ඩිගෙ පෙනීම නිසා වෙච්ච සන්තෑසි ගොඩක් ලියාවි නේද... හික්ස්
ReplyDeleteහී හී ඔව් ඔව්..මට වෙන ජංජාල සේරම ලියාවි එහෙනම් මඩ පත්තරයක් වගේ..:P
Deleteජොලිම සීන් එක නංඟි අඟල් බාගෙ පණුවට බය උන එක නෙවෙයි. අඟල් බාගෙ පණුව අඩි 6ක් දිඟ ගැරඬියෙක් වෙලා අක්ක දැකපු එකනෙ... හූ හූ.......
ReplyDeleteහී හී..එහෙම තමයි බොලව් ඇස් පේන්නේ නැතිවුනාම.පණුවොත් ගැරඬි වගේ තමයි පේන්නේ. :P
Delete