Wednesday, September 25, 2013

සැලෝන් කතා

අපේ ස්ත්‍රී වර්ගයා හා ගසට පොත්ත මෙන් බැඳුණු දෙයක් නේ මෙයා ඔය රූප ලාවන්‍යය.සමහරු ඕකටම බියුටි කල්චර් කියනවා, වැඩක් දෙල් වුණාම බියුටි කචල් කියලත් කියනවා.ඉතින්, ඔය අපි වන්ඳනාමාන කරන ඔය කචල් කඩ සහතිකෙන්ම ටිකක් විතර කචල් තමයි.ඕවට ගියාම ආයේ ඉතින් සමාජ විද්‍යා,පශු විද්‍යා, අර විජ්ජා මේ විජ්ජා කරන්ට ඕනි වෙන්නේ නෑ, ඒ තරමට දැනුම..සමාජ දැනුම.ඒ තරමට පරිණත බවලත්තු තමයි ඔය ක්ෂේත්‍රයේ කෙළ පැමිණියෝ.

ගැහැණු උදවිය විතරයැ සැලෝන් යන්නේ දැන්.පිරිමිත් යනවා නෙව.හොඳවෙලාවට අපේ සීයා, තාත්තා, කුෂී එහෙම සැලෝන් ගියේත් යන්නෙත් තමන්ගේ රැවුල් කොණ්ඩ කපාගන්න විතරයි ඕන්.

ඔන්න ඉතින්, පැන්නා පාරට.සැලෝන් කතානේ මාතෘකාව.


ඉස්සර මට තිබ්බේ කැරළි කොණ්ඩයක්.ඒකනම් ඇත්තටම කැරැල්ලක් වගේ තමයි, මොකද මැඩ පවත්ගැනීම හරිම අමාරුයි.:) ඉතින් අපේ ගෙදර මොනවා කළත් කොණ්ඩේ අති පූජනීය වස්තුවක් ලෙස සලකන වටපිටාවක් තමයි තිබුණේ.මොන කෙහෙම්මලක්ද මංදා මගේ කොණ්ඩෙට ගෙදර උදවියගේ පුදුමාකාර බැඳීමක් ආදරයක් තිබ්බේ.පුංචි කාලේ ආත්තම්මා එක්ක හොරෙන් ප්ලෑනක් ගහලා කොණ්ඩේ කපලා අපිට අපේ තාත්තණ්ඩි දුන්නෙ නැතෑ මාර ධර්ම දේශනාවක්.අනේ ඉතින් අත්තම්මයි මායි හොඳහැටි අහගත්තා එදා.


ඒ ඉතින් චූට්ටන් කාලේ, ආණ්ඩුවෙන් දෙන දීමනාවෙන් යැපෙමින් පෝස්ටර් අඳිමින් ජීවිතේ ගැටගහගත්තු කාලේ නෙව.ඊටපස්සේ රස්සාවක් කොරන්ට ගත්තම අපිට රටේ නීති අදාළ නෑ කියල නෙව ඉතින් හිතෙන්නේ.
ඒ වගේ තනි මතයට මම ගියා කොණ්ඩෙ කපන්න.ඒ බම්බලපිටියේ තරමක ප්‍රසිද්ධ සැලෝන් එකකට.

කොණ්ඩෙ කැපුවා.මල ජූලියයි! කොණ්ඩේ දැන් නිකන් හම්බන්තොට, පුත්තලම පැත්තේ වැවෙන කාෂ්ටක පඳුරක් වගේ මක් කොරලවත් එකට එක්කහු කරල ගැටගහන්න බෑ.ඒ තරමට ඒ කෙලී මගේ කොණ්ඩේ ලේයර් කොරලා.
ඒ ගමන මම ඇහුවා දැන් මොකෝ කරන්නේ කියලා.ඒ ගමන මේ කෙලී තව දහං ගැටයක් ඇඹරුවේ නැතෑ!
"අපි මිස්ගේ කොණ්ඩේ ස්ට්‍රේට් කරමු?කොහොමත් මිස්ගේ කොණ්ඩේ ඔහොම තියගන්නත් බෑ නේ"

ඔය ස්ට්‍රේට් ආසාවක් ලාවට වගේ ඇතිවෙමින් නැතිවෙමින් තිබ්බට මොකෝ ඕවා කරලා ගෙදර යන්න ඇහැක් වේද කණක් වේද කියලා බයකුත් මගේ හිතේ තිබුණා.

හා කමක් නෑ කරමුකෝ කියලා හිතලා මම කිව්වා හා කියලා. ඒ ගමන කෙලී කියපි එයාලගේ බ්‍රාන්ච් එකේ ස්ට්‍රේට් කොරන්ට බැරිය, ඒකට ගල්කිස්සෙ අනික් බ්‍රාන්ච් එකට යන්ට ඕනෑය කියලා.හා ඒකත් කමක් නෑ පහුවදා මනුස්ස ලීලාවෙන් වැඩට යන්නත් එපාය කියලා මාත් ඉතින් ඔන්න ගල්කිස්සට ගියා.

මං යද්දි පින්වතුනි, මහ කාස්ටක අව්ව.
ඒ කාස්ටක අව්වේ රතූපාට ඇඳගෙන රතූම රතූ පාට ලිප්ස්ටික් තලියක් තවරාගෙන හිටිය ඒ බ්‍රාන්ච් එකේ කස්ටිය මාව ඇතුළට එක්කං ගියා.බයත් හිතුණා, මේ කට්ටිය මර දූවරු පරාදයි නෙව.හැබැයි ඒ අස්සේම හිනාවකුත් ආවා ෂයිලොක් ලොක්කා දැන් කාලේ හිටියානම් කිසි ගේමක් නැතුව මෙයාලට කැමතිවෙනවා කියලා.සෙල්ලංද මං අහන්නේ කොහෙන් ගත්තත් කිලෝ 1ක් ෂුවර්!

 කොහොමහරි අර මගේ තිබ්බ කොණ්ඩ පුංචත් පීරි ගාලා පීරි ගාලා ස්ට්‍රේට් කරලා මේ කට්ටියගෙන් සෑහෙන්න ගාණකටත් තට්ටු කොරගෙන මම ගියා ගෙදර.

"ආනේ මෙන්න ශිහාන් ඇවිල්ලා"
ඔන්න පළවෙනි ප්‍රතිචාරේ අපේ අම්මාගෙන්. :-/

ඊටපස්සේ නගා
"ආනේ හලි ස්වීට්, ඔයා අපිට කිව්වේවත් නෑ නේද"

ඔය වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර අතරේ ආවේ බොහොම තීරණාත්මක මොහොත.

තාත්තාට නිකන් වචන ගිළුණා වගේ මට වෙලා තියෙන වින්නැහිය දැක්කම.ටිකක් පියවි සිහියට ඇවිත් වචන එන්න කලින් ආවා අර දවා හළුකරන මෙහෙසුරු බැල්ම.
'මොකද්ද මෝඩයෝ ඔය කරගෙන තියෙන්නේ.හැටි බලනවා වඳුරෙක් වගේ දැන්!!පාරේ බැහැල යන්නේ කොහොමද මං අහන්නේ @&##%$&%*

බච්චාවෝ!! 

මොනවා කරන්නද ඊටපස්සේ මහරජගේ දෑහට පෙනෙන හැම වාරයක් පාසාම මට මී පැණිවන් වදන් අහන්නට ලැබුණා පින්වතුනි!

කොහොමහරි ඉතින් ඕක එහෙමටම කැත වුණේ නෑ.ඔය ඒ කාලේ ඔෆීසියේ නැහැදිච්ච කොලුවෝ කීපදෙනෙක් නම් මම හූඩ් එකක් තියෙන ටී ෂර්ට් එකක් ඇඳගෙන ගිය නිවාඩු දවසක මට 'රොබින්හුඩ්' කිව්වා. %$^&*(^)

හැබැයි ඊටපස්සේ තාත්තාත් මගේ කැරළි කොණ්ඩේ අමතක කරලා කූරු කොණ්ඩෙට පුරුදු වුණා. දැන් ඉතින් අවුරුදු ගාණක්ම තියෙන්නේ ඔය එච්චර අවුලක් නෑ.ආත්තම්මයි සීයායිත් මට 'චීනි' කියලා හිනාවෙවී හිටි නිසා ඔක්කෝම ෂේප් වුණා.

හැබැයි ආයෙත් මොන වින්නැහිය කොණ්ඩෙට කළත් ගල්කිස්සේ මරාංගනා ලඟට නම් ආයෙත් කවදාකවත් ගියේ නෑ.මොකද එයාලගේ වැඩවල  සුපිරිබව කියන්නේ මාස 2න් ස්ට්‍රේට් එකට ඇඩ්‍රස් නැතිවුණා.

10 comments:

  1. ඔය හොඳයි. මම එහෙම කොණ්ඩෙ කැපුවානම් ඉස්තෝප්පුවෙ තමයි නිදාගන්ට වෙන්නෙ. ඒ තරමට අපේ ගෙදර උන්දලා කොණ්ඩෙට මනාපයි නෙව.

    අපේ බස්සටත් තියෙනව බෙල්ල දක්වා වැවුනු ස්වභාවයෙන්ම ස්ට්‍රේට් කොණ්ඩයක්. උන්දෑ මට අනතුරු අඟවල තියෙන්නෙ මං කොණ්ඩෙ කපාපු දාට එයත් තට්ටෙ ගාලා තට්ටෙ පච්චයක් කොටනවයි කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් මම හිතන්නේ පිරිමි පාර්ශවය ගැහැණු කොණ්ඩ වවනවට කැමතියි නේද? :(
      තාත්තලා නම් කොහොමටත් ඒ වගේ නීති පනවනවනේ?
      හිහි..අන්න නියම වැඩේ..ඔය දෙන්නම එහෙනම් තට්ටේ ගාලා, තට්ටේ පච්ච කොටාගන්ට බස්සෙක්වයි බස්සියෙක්වයි..:D
      පච්ච සිරාලා වගේ ඉඳීවි ජෝඩුවම..:P

      Delete
  2. හයියෝ මුදල්.. මට තාම තේරුම් ගන්න බැරි කොන්ඩෙ කැපුවට කොන්ඩෙ කපන සැලුන් එකේ අය අපිට සල්ලි දෙනවා වෙනුවට අපි ඒ අයට සල්ලි දෙන්නෙ ඇයි කියලා.

    ReplyDelete
    Replies
    1. හික් හික්! ඒක මරු තියරිය! එහෙම දෙනවා නම් අපේ සමහරු බොහොම කැමැත්තෙන් හිස් මුඩු කරාවි..

      Delete
  3. අපේ තාත්තනං මං පොඩි කාලෙ කොන්ඩෙ වවනවට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. මොකද මං තාත්තගෙ පොඩි කොල්ලනෙ. ඒ නම කියන එක තාත්ත නැවැත්තුවෙ මං බැන්දට පස්සෙ තමයි. ගෙදරට ඉස්කෝලෙන් කොන්ඩෙ වවන්න අනිවාර්ය කලා කියල බොරු කියල තමා මං යාන්තං ඒ ලෙවල් කරද්දි බෙල්ල ගාවට කොන්ඩෙ වවන්න ගත්තෙ. මටත් තියන කැරලි කොන්ඩෙ ජුන්ඩක් පිලිවෙල කර ගන්න ආසාවක් තිඋන. ඒකට නොමිලේ චාන්ස් එකකුත් ආව. කැරලි ටික අර ලස්සන පිලිවෙල කැරලි ටිකක් කරගන්න. කොහෙද අපේ මහත්තැන් එක පයින් නෙමේ කකුල් දෙකෙන්ම විරුද්ධ වුනා. එයා කිව්වෙ ‘එතකොට ඔය තියන කොන්ඩෙ වෙනස් වෙනව නේ..ද‘ කියල විතරයි. අදහස ලත් තැනම ලොප්.

    ReplyDelete
    Replies
    1. සිරාවටම? :)අනේ අපිට එහෙම දෙන්නේ නෑ :'( දැන් ඉතින් අපේ වෙන්ට හබීත් කොණ්ඩේ කපනවාට කැමති නෑ.මම කියලා තියෙන්නේ නාකි වුණාම කොණ්ඩේ කොටටම කපලා දානවායි කියලා :D

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Adatath mathakai oya gangale asse thibuna telephone eken call ekaka ganna wadiwela hitiya..mama awe night ekata..mama dekka kawdo mode kellk evith asse innawa..lagata giyamai dekke oya kiyala..oyage bokatu kande neti una eka gena duk una aya athare mamath innawane poddi..mathakada mama nahyen eduwa ape ahinsaka poddi nethi una kiyala..e kohoma unata den poddith bonikki wage innawa ...:-D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මතකයි.ගෙදර කණ පිරෙන්න අහගෙන ඇවිත් ඊටපස්සේ ඔයාගෙන් බැනුම් අහ අහා හිටිය හැටි..:P

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete