Sunday, September 15, 2013

අතැඟිලි

මිදෙන්නට දුන් නිසා
බැඳුනු අතැඟිලි තුඩ..
රැඳෙන්නට කියන්නට කොහිද
ඉතින් අවසර නුඹට..
බැඳෙනුයේ කොතැන වුව
ඉඩ නොදෙන් ගිලිහෙන්ට
පෙරදාක වාගේ
ආයෙමත් කිසි දාක....


සටහන : මේ කාලෙකට කලින් ලිව්ව කවියක්.නිමිත්ත ඉතින් පැහැදිලි නොවැ.මිනිස්සු වෙනස්වෙන්නේ අධිවේගයෙන්.වෙනස් නොවන එකම දේ වෙනස්වීම නිසා එකේ ඉතින් පුදුමයකුත් නැහැ.නමුත් ඒ වෙනස්වීම අනිකා තුළ ඇතිකරවන වෙනස ගැඹුරට හාරාගෙන ගිය තුවාලයක් වාගේ.ඒ වගේ තුවාල අපි කවුරුත් තුළ ඇති බවයි මගේ විශ්වාසය.කොහොමනමුත් ඒ වේදනාවට සාර්ථකව මූණදුන්න හැමෝම සෑහෙන්න දහිරියවන්තයෝ.

6 comments:

  1. වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම පමණයි. නමුත් වෙනස්වීමට අදාළ රිද්මය ඉක්මවා ගිහින් අධි වේගයෙන් වෙනස්වෙලා අපේ ජීවිත උඩු යටිකුරු කරන උදවියව ලිහලා අරින එකයි නුවණැති දේ. තම ජීවන රිද්මය හා අනුගතව එයට සමගාමීව හෙමිහෙමින් වෙනස්වෙන සහකරුවෙක් මේ ලෝකෙ කොහේ හෝ ඉන්නවා. හොඳම දේට ජීවිතේට ඇතුල් වෙන්න නම් නොගැළපෙන දේ බැහැර කරලා ඉඩ හදා දෙන්න ඕනෙ. අත්දැකීමෙන් කියන්නෙ. ;)

    අපූරු පද ගැලපුමක්!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත බස්සි.නොගැළපීම් එක්ක දුරක් යන්න බැහැ මොකද ඒ නොගැළපීම මේ ගමනේ කොතනක හෝ ගැට්ටක රැඳෙනවා.මගක රැඳුනු දෙයක් ගලවාගන්න වීරිය කරලා යනගමනේ සුන්දරත්වය අහිමිකරවාගන්නවට වඩා නුවණැති දේ තනිවම හරි ඉදිරියට යන එකයි. :) අපි හැමෝටම වගේ වැරදුණු තැනක් තියෙනවනේ ඉතින්.:)එව්වානේ ජීවන අත්දැකීම්වෙලා කවි,කතා,බ්ලොග්,ජීවිත කතා වෙලා දොරට වඩින්නේ මේ අපේ වගේ ;)

      Delete
  2. කෝ අනේ මම හැමදාම එනවා අලුත් පෝස්ට් එකක් කියවන්න බලාගෙන. ඉක්මනට ලියන්නකෝ........

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න ඕන බස්සි, වෙලාවක් නැහැ නොවැ ලියන්න. අද ආවේ මොනාහරි ලියන්න බලාගෙන ඔන්න. :)

      Delete
    2. Ela ela... ada enakota supiri post 2kma thiwuna.... onna commentuth damma... :)

      Delete
    3. :) ow ow ong ewata reply kolaa. :) thank u wewa!

      Delete