මේ කාලේ හුඟක් අයට තියෙන ප්‍රශ්නයක්නෙ ඔය ඥාන දත.ඒ ප්‍රශ්නේ නැති උදවිය කලබල වෙන්න කාරි නෑ ඕන්.ඒක නැතිතරමට හොඳා.ඒත් ඉතින් ඔය බ්ලඩ් ප්‍රෙෂර්,ඩයබිටිස්,ආතරයිටිස් වාගේ හොෂ්-පොෂ් ලෙඩ මේනියාවක් තියෙන උදවිය නම් කලබලවෙලා ඔය ඥාන ප්‍රශ්නේ ඇතිකරගත්තට මගේ කිසිම අමනාපයක් නෑ. :)
දැන් නැවත මගේ දත දෙසට හැරෙමු.:)
ඔය ඥාන සීන් එක කරළියට ආවේ ඇත්තටම කියනවානම් දැනට අවුරුදු 4කට වගේ කලින් දත් මාමා (ඒ කිව්වෙ අපේ ඩෙන්ටිස්ට් මාමා) හම්බෙන්න ගියවෙලේ.
ඒ කාලේ වැඩිය ඥානේ පෑදිලා තිබ්බෙත් නැතුවට මොකෝ මාමා කියපි, "ඔක්කොම හොඳයි මේ ඥානේ තමයි පරහ" කියලා.මම හිතන්නේ ඒ වෙලාවේ මගේ ඇස් දෙක මිකී මවුස්ටත් වඩා හෙණ සයිස් වෙන්න ඇති. ඒ ගමන දත් මාමා ලෝ සතට අනුකම්පාවෙන් වගේ සැර බාලකරල කිව්වා විස්තරේ.
ඒ කියන්නේ මගෙ ඥානෙට පහළවෙන්න කටේ ඉඩ නෑ! (කයිවාරුව තිබ්බට කට පොඩිලූ) අනික එක ඥානෙක් එන්නේ හරහටලු.ඒ නිසා ඔය දත් 4ම අයින් කරන්න නිකන් බැහැලු, හක්ක පලලා දත් ඩ්‍රිල් කරලා ගන්ට ඕනලු තාම උඩට මතුවෙලා නැති නිසා සම්පූර්ණයෙන්ම.අනික ඔය යම යුද්දේ පියවි සිහියෙන් කොරන්නටත් බැරිලු!
දෙයියන්ගේ පිහිටෙන් කවදාවත් සිහි නැති කරලා, ඉස්පිරිතාලේ එහෙම ඉඳලා නැති මට එතකොට දැනුන සනීපේ ඔහේලට හිතාගත හැකි නෙව?
ඉතින් ඔය දත් මාමා ඕක කිව්වට ඔය වැඩේ කෙරුණේ නැහැ.මොකද මම දත් සීන්වලට පරාණ බයයි.
ඔය දත් භීතිකාව මට වැලඳුනේ පුංචි කාලේ.දත මද්දිදි චුට්ටක් හරි ලේ ආවොතින් ඔන්න මම බයවෙනවා.එතකොට දත් මැද්දවීම භාරගන්නේ අපේ තාත්තා.එතකොට දෙවියන් බුදුන් සිහිවෙනවා මොකද අපේ තාත්තා තරම් ඒ වැඩේට දක්ෂ නෑ වෙන කවුරුවත් මම හිතන්නේ.ඉස්සෙල්ලම මගේ චූටි කුරුළු කට අල්ලගන්නවා මොකද නැත්නම් මගේ කුරුළු කූජනය මර විලාපයක් වෙන නිසා (හී හී ඒ කාලෙ එහෙම තමයි) ඊටපස්සෙ දත් ටික මද්දන්නවා නිකන් දත් මාමාගෙ දත් මැෂිම පරාදයි.'චක චක' 'ෂක ෂක' සද්ද ටික අහගෙන තාත්තා කියන විදියට 'ඊ..' ගාන්න, කට අරින්න, හක්කේ දත් පෙන්නන්න තමයි මට තියෙන්නේ.හැබැයි කියන දේ ඇහුවෙ නැත්නම් හම්බෙනව බැණුම්, රතු කට්ට පැන්නොත් බැණුම් ගුටියකුත් වෙනවා.
ඔය දැන් කාලේ ටූත්පේස්ට් ඇඩ්වල ෂාරුක් එක්ක, බෝනිකි ටයිප් අම්මලා එක්ක හිනහ වෙවී දත් මදින චුට්ටො චුට්ටියෝ දැක්කම මට ලැජ්ජත් හිතෙනවා.ඒවුණාට තිරෙන් පිටිපස්සෙදි ඔය පොඩි ඈයෝ සෙරෝම එක වගේ නේ නැද්ද මං අහන්නේ?
ඊටපස්සේ මම ගියා නෙව ඉක්කෝලේ.ඔය අපේ ඉක්කෝලේ මහ කැතම කැත වැඩක් තිබ්බා මාස 3න් 3ටද කොහෙද 7 වසරට යනකන් ළමයින්ව බලෙන් ගෙනියනවා ඉස්කොලෙ දන්ත ශල්‍යාගාරයට.ඒ නම ඇහුවමත් ඒ කාලේ මගේ කශේරුකාවට තද සීතලක් වැලඳෙනවා.එතකොට මම හිතෙන් ප්‍රාර්ථනා කරනවා 'අනේ ඉක්මණට 8 වසරට යන්න ලැබේවා' කියලා (8 වසරෙන් පස්සේ තොපිට ඕනනම් දත් පෙන්නපියව් කියල තමයි ඒ කාලේ නීතිය )
ඉතින් ඔය පංතිවල නම් ලිස්ට් එකක් අරන් එන ඩෙන්ටල් එකේ ඇන්ටිව දකිද්දි මගේ ගත භීතියෙන් කිළි පොලා යනවා.මොනා කරන්නද යන්නත් එපැයි.කීප දවසක්ම මම අඬලා යන්න බෑම කියල හර්තාලෙකුත් කළා.
නැත්නම් ඒ කාලේ කරන්නේ ඉස්කෝලේ තියෙන රුපියල් 2 කාසි දාලා කතාකරන ටෙලිෆෝන් පෙට්ටියෙන් තාත්තාට කතා කරලා අඬන එක.කරුමෙක මහත කියන්නේ ඔය ටෙලිෆෝන් පෙට්ටිය තියෙන්නේ හරියටම ඩෙන්ටල් එකේ දොරකඩ.ඉතින් ඔය දොරකඩ මාරාව නරඹමින් මරන්ට ගෙනියන මී හරකෙකු සේ අඬමින් මම කතාකලාම අපේ තාත්තගේ හිත වෙඬරු පිඬක් සේ උණුවෙලා සේරම වැඩ දාලා එනවා දෝණියැන්දව ඩෙන්ටල් එකට එක්ක යන්ට. එතකොට ඉස්කෝලෙ සෙකියුරිටි අන්කල්ගේ ඉඳන් සේරෝම දැනගන්නව මට ඩෙන්ටල් එකට යන්නට වෙලාය කියලා.
ඔහොම කට්ටි පැන පැන, දන්න සෙල්ලං සේරොම දාගෙන ප්‍රභූ ආරක්ෂක සේවය කැඳවාගෙන නටපු නැටුම් සේරම හබක් වුණා ඩෙන්ටල් එකේ සැර දොට්ට ඇන්ටි මගෙ දත් දෙකක් ගලවන්නය කිව්වම. :(
අහෝ මා හට වූ විපතක තරම! ගලවන්නට කීවේ දත් දෙකකි!එසේ වුවත් එය මට දත් 32ම වැනිය! කොච්චර ඕවා කියලා වැළපුණත් වැඩක් වුණේ නෑ අප්පා, දත ගලවන්න යන්නම වුණා.
එතකොට තමයි නියම සීන් එක. මගේ දත ගලවන්න වෙලාව දුන්නෙ දවල් 12ට.එතකොට මම 6 වසරේ.හහ්! හිනාවෙන්න එහෙම එපා ඔන්න.දැන් කාලේ 6 වසරේ ළමයි වගේ පරිණත නෑ ඒ කාලේ 6 හිටිය අපි. :-/
ඉතින්, එදා මගේ බලය ජවය ශක්තිය වෙන අපේ තාත්තට එන්න බැරිවුණ නිසා මව් බිසෝ තමයි මගේ දත ගැලවීමේ සටනට අනුග්‍රහය දැක්වූවේ.ඔන්න කොහොමින් කොහොමහරි ටීචර්ගෙන් අවසරත් අරගෙන එක්කන් ගියා මාව ඔය දත් ඝාතකාගාරෙට.
ඔහේලට කියන්න, මම තව විනාඩි 15ක් විතර දොර ලඟට වෙලා අඬ අඬ හිටියා.
ඒගමන අර දොට්ට ඇන්ටිට තදවෙලා කිව්වා "හා දැන් ඇති හූ කිව්වා, ඇවිත් මේ පුටුවෙන් වාඩිවෙන්න" කියල.මං ඉතින් 0ට දැවී ගිහින් ඔළුව නවාගෙන ක්‍රීඩාගාරයට එන සනත් වගේ දුක්ඛිතව ගිහින් වාඩිවුණා විතරයි කියත්පටි, ඇණ මුරිච්චි,යකඩ කූරු දාපු බන්දේසියක් වඩම්මවගෙන ආවේ නැතැයි ඩෙන්ටල් එකේ ඇසිස්ටන්ට් ඇන්ටි!
මට එලොව දතුත් පෙණුනා එයා රිදෙන්නේ නෑ නෑ කිය කියා හෙන තඩි ඉන්ජෙක්ෂන් කට්ටක් මගේ විදුරුමහට ගැහුවම.ඇත්තටම ඒ කාලේ බාලිකා ෆුට්බෝල් කියල දෙයක් තිබ්බානම් මම දක්ෂ ක්‍රීඩිකාවක් වෙනවා, ඒ තරමට වීරියෙන් යුතුව මම ගැහුවා පයින් අර ගෙනාව බන්දේසියට...දොට්ට ඇන්ටිගේ ආම්පන්න ටික උඩු ගුවනට එක්වී සීසී කඩ විසිරුණා. හික් හික්.
එවෙලේ නම් මොන හිනාද, ඇන්ටිට මල පැනලා කිව්ව ප්‍රින්සිපල් ලඟට යන්න තමයි වෙන්නේ කියලා ( මොකද ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක තිබ්බේ ඩෙන්ටල් එක තිබ්බ බිල්ඩිමේමයි )
හහ්! එව්වාට බයවෙයි මම.කොහොමහරි දත ගලවද්දි නම් දැනුනේ නෑ ඒවුණාට මම අන්තිම මොහොත දක්වාම මගේ සටන පාවාදුන්නෙත් නෑ. :)
කොහොමහරි යුද්දෙකින් දිනලා වගේ කටේ පුළුන් කෑලි දෙකකුත් ගහගෙන හිටිය මාව අම්ම පංතියට එක්කන් ගියා වේලාසන ගෙදර යන්න මගේ බඩු මුට්ටු එක්කහු කරගන්න.මගේ විලාපය එදා ඩෙන්ටල් එක ලඟින් ගිය හැමෝටම ඇහිල තිබ්බ නිසා පංතියේ යාලුවෝ ටික හරි අනුකම්පාවෙන් මං වටේට වටවුණා.මාර ගේමක් දෙන සද්දේ ඇහුණට ඉතින් අහල වැඩක් ඇතෙයි, කටේ පුළුන් නේ. මම ඉතින් ගොළු බාසාවෙන් සංඥා මාර්ගයෙන් සමුදීලා ගෙදර යන්න පිටත් වුණා.
හම්බ්වෙච්චි හැටියේම අපේ මව් බිසෝ කිව්වෙ නැතැයි කේළම තාත්තට.තාත්තට ඉතින් දුක හිතිලා ඔළුවත් අතගාලා මට අයිස්ක්‍රීම් අරන් දීලා හිනාවෙවි ගෙදර එක්කන් ගියා.ගැලෙව්වෙ පොඩි කිරි දත් කෑලි දෙකක් වුණාට එදා මට දත් ඇන්ඳම ගැලෙව්ව වගේ සෑහෙන සැලකුම් ලැබුණ ඉතින්.
කොහොමින් හරි ඒකෙන් වුණේ මට දත් සීන් එපාම වෙච්චි එකයි, අපේ අම්මට අපිව දොස්තර මාමා ලඟට ගෙනියන එක මහ බැරෑරුම් කාරියක් වෙච්චි නිසා ඒ වගේ සීරියස් සීන්ස් තාත්තගේත් සහභාගීත්වයෙන් කරන්නට කෙටුම්පතක් බිහිවුණ එකයි තමයි.
ඉතින් දැන් ඔය අළුත්ම ඥාන තත්වය බැරෑරුම්වෙලා මට පහුගිය දොහේ ඔෆීසි යන්නත් බැරිවුණා.පුදුමාකාර සනීපයක් තමයි දැනෙන්නේ හක්කේ ඉඳන් ඥානේ දෙන සටනට මූණ දෙද්දි.
මේ සැරේ දත් මාමා ලඟට ගියාම කිව්වා ඔය ඥාන මෙහෙයුම කරන්නටම ඕනෙයි කියලා.ඔය ඥානෙ නම් මොකට පහළවෙනවද මංදා! :'(
"ඥානා නං මහා අපලං
සර්ජරියානෝ බයං කියං"

හහ් හහ් හා මේක නම් මරු.., හැබැයි ඔය ඥානෙ ගලවගත්තා නම් හොඳයි වගේ :P
ReplyDeleteඔව් අනේ..:(
Delete"ඥානා නං මහා අපලං
සර්ජරියානෝ බයං කියං"
කියලා අහලා නැතෙයි?
තනි තරුවේ දොට්ට මාමෙක්ට කියලා ඔය විදුරුමහ පළවාගෙන ඥානෙට ඉඩ හදාදෙන්ට, නැත්තම් ඥානෙ ගලවලා දාන්ට. ඔහොම ඉඳලා අපේ බස්සාගෙ වගේ ඥානෙ කෙලින් අතට නැතුව හරස් අතට ආවොත් මල කෙලියක් වෙනවා.
ReplyDeleteඅනේ මන්දා මටනම් පහ වසරෙ ඉඳන් කටට Fixed Appliance ප්ලේට් එකක් දාලා තිවුනා අවුරුදු අටක් තිස්සේ. අර Metal මල් මල් වාගෙ දත් වල අලවලා කම්බි දාල තියෙන්නෙ. දන්නවා ඇතිනෙ? ඒකට වින්ද දුක් කන්දරාව නිසා දැන් දත් වලට මොනා වුනත් බයක් නෑ.
ඔව් ඥාන සර්ජරිය කොරන්ට ඕන.:( හැබෑට බස්සටත් එහෙම වුණාද? ඔව් මගෙත් ඥානේ හරහටලුනේ එන්නේ. :'(
Deleteහිහි..එඩිතර කෙල්ලෙක් නෙව බස්සි. මගේ ඉතින් මොන වීරකම තිබ්බත් දත් ගැනනම් වීරකං කැලේ :D