Tuesday, October 22, 2013

සමනළ සංධ්වනිය සහ ගල් බංකුව

සමනළ සංධ්වනිය එන්නත් කලින් ඉඳන් බැලීමේ විශාල පෙරේතකමකින් පෙළුණේ.තියෙන වැඩ රාජකාරි එක්ක අළුතෙන් බ්ලොග් පෝස්ටුවක් ලියන්නවත් ඉඩක් නොතිබ්බ එකේ ප්ලෑන් ගහන් කාල සටහන් හදන් ඕක බලන්න පුළුවන්කමක් තිවුණේ නෑ.යමින් එමින් ඉඩක් ලැබිච්ච වෙලාවක නුගේගොඩ පැත්තේ මණ්ඩලේකට ගොඩවෙලා ඕං ඒකත් බැලුවා කියමුකෝ. :)

ඒත් මොකද්දෝ හේතුවකට වාගේ සංවේදි තේමාවක් වුණත් ඒක මට එච්චර සංවේදි වුණේ නෑ.(සංවේදනයේ ප්‍රශ්නයක්දෝ මංදා කියලා සමහර විචාර දැක්කම හිතෙනවා)

චන්ද්‍රසිරි මහත්මයගේ තේමාව නම් මල් හතයි. පෙළ ගැස්ම නම් අසාර්ථකයි.ඔයිට වඩා ප්‍රේක්ෂකයාට දැනෙන්න තිබ්බා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ.මොකද ඔය ඒක පාර්ශ්වික ප්‍රේමය, වසර ගණනක් හිත් රිදවමින් පාරමින් පෙළමින් ජීවිතේ වෙනස් කරන ප්‍රේමය වගේ මාතෘකාවක් එහෙම රිදුම් තියෙන හැමෝගෙම රිදුම් යම්තරමකට හෝ මතුපිටට ගේන්න සමත් සංවේදී දේවල්.එහෙව් එකේ, ඒකේ මුල කොමඩියකින් වහගත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා.ඒක එහෙම වුණේ වස්තු බීජය පතරංග සයිස් කරගන්න විදියක් නැති නිසාද නැත්නම් කොමඩි ගතියක් නැතුව චිත්‍රපටිය දුවන එකක් නැහැයි කියලා පූර්ව නිගමනේකට ආව නිසාද මංදා.


මුල් හරියේදි ජයන්ත චන්ද්‍රසිරි ලකුණට බොහෝම ආගන්තුක විදියක ලටපට ටිකක් සංධ්වනිය අස්සට ඔබ්බවලා නිකන් ඒකේ නමත් මස්ත බාල්දු වෙලා තියෙන එකයි දුක.මල් වත්තක් අස්සේ කොල්ලෝ කෙල්ලන්ට ලොකු සීන් දාන නිකන් හනසු චණ්ඩි දෙන්නෙක් අන්තිමට වාදීෂගේ අයියා ඉස්සරහා බලු කරවන සීන් එක නම් කොහෙත්ම සංධ්වනියට අදාළ නෑ වගේ. :/ ඒක නිකන් කේමදාස මාස්ටර්ගේ ඔපෙරාවක් අස්සට බස් සිංදුවක් රිංගෝලා රිමික්ස් කරලා වගේ බලා හිටිය මට නම් දැනුනේ. සමහරවිට එහෙම කළේ තේමාව හිතට බර වැඩිවෙලා ප්‍රේක්ෂකාගාරය කඳුළින් සුසුමින් වැහිලා යාවි කියලා හිතලද මංදා! ඒ ටික කොයිතරම් කොමඩියක්ද කිව්වොත් විවේකයේදි පෙන්නපු රන්ජාටවත් බැරිවුණා මාව හිනස්සන්න. :P

අන්තිම ටික නම් වරදක් නෑ,සමහර සාර්ථක දෙබස් තිබ්බා.ඒ වගේම හැඟීම් නිරූපණයත් හොඳයි.අභිනයේ නම් චන්ද්‍රසිරි ලකුණ තිබ්බා කියල මට හිතෙනවා අර කෝලම් කොමඩි ටිකේදි හැර.

මං හිතන්නේ අපේ බොහෝමයක් පිචෑර්වල වැරදෙන්න හේතුව සමහර මුදු අවස්ථා රළුවත්, රළු අවස්ථා මුදුවත් රූපගත කිරීම වෙන්නැති.සමහර ඒවා සිරා කියලා හිතාගෙන අධි-ගොන් පාර්ට් ලෙස තිරේට එන්නේ ඒක වෙන්නැති. :D හැබැයි ඉතින් මොනා වුණත් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයගේ බොහෝමයක් නිර්මාණ එක්ක බලද්දි නම් සමනළ සංධ්වනිය ටිකක් ප්‍රාථමිකයි වගේ වුණත්, 'ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ' වගේ පිචෑර් එකක් විදියට ගණන් ගන්න තරම්ම දුර්වලත් නෑ ඕං.

තව දුර්වල කමක් විදියට මට හිතුණේ "මගේ නොවෙන මගේම ආදරයක් තිබුණා" එකම විදියට 2-3 වරක් ඇහුණට වඩා අමරසිරි මහත්මය ලව්වාම ඒකේ තව version එකක් කරවන්න තිබ්බා කියලයි.මොකද මාධ්‍ය, මූණු පොත් අරව මෙව්වා ඔය සිංදුව පට්ට ගහල තියෙන හැටියට ඒකම එකම විදියෙන් අහද්දි ටිකක් නිතර දකින කුකුළ් කරමළේ වගේ ගතියක් තමයි හිතට ආවේ.ඒත් ඉතින් ඔය version කෙරුවාව කරන්නත් ඕන බොහොම පරිස්සමෙන් නේ.මොකද කට්ටිය අනවසර version/remix එහෙනම් ගහාවි දාස් ගාණක්! :/

අන්තිමටම වාදීෂ "සුසුමක් වාගේ" කියලා නවත්තලා නැගිටලා ගියායින් පස්සේදි මියුසික්වලින් විතරක්, විශේෂයෙන්ම saxaphone එක ප්‍රධාන කරගෙන වැයෙන කොටස නම් නියමයි.


කොහොමින් කොහොමහරි, චිත්‍රපටියෙන් පස්සේ එළියට එද්දි ඕකේ වෙනමම version එකක් මගේ ඔළුව ඇතුලේ රැව් පිළිරැව් දුන්නා, 'මට මගේ නොවන මගේම තට්ටමක් තිබ්බා' කියල.ඒ තරම් වාඩිවෙලා උන්නු ගල් බංකුව චිත්‍රපටිය override කරලා තිබ්බේ. :D

හැබැයි මොනා වුණත් උත්සහය අපි අගය කරන්න ඕන.නිකං 'වෙන්න බොලිවුඩ්' පිචෑර් කොරල චාටර් වෙනවට වඩා මේක නම්බුයි.'වෙන්න බොලිවුඩ්' කළාට කමක් නෑ, එව්ව හරියට අනුකරණය කොරගන්න ඇහැක් නම්.දැන් උදාහරණෙකට ගත්තොත් රිදී රැයක් වගේ බැලුවොත් අපිටම පේනව නෙව අපේ නළු නිළියෝ කීයෙන් කීදෙනාටද ඉඟ සුඟ නලවලා නටන්න ඇහැකි කියලා.ඉතින් එහෙව් එකේ ආං ඒ අඩු පාඩු හදාගෙන බොලිවුඩ් බැරිනම් සිරිවුඩ් හදාගත්තත් කාරි නෑ.

මොකද අපිත් කැමති ඉඳලා හිටලාවත් අපේ චිත්‍රපටියකට 'නියමයි' කියන්න. :) 

4 comments:

  1. චිත්‍රපටිය නම් කවදා බලන්න වෙයිද දන්නේ නැහැ. මේ චිත්‍රපටියට අමතරව ලියා ඇති දේවල් නම් හරියට හරි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ඔව් පුළුවන් නම් බලන්න සමහරවිට මීට වඩා වෙනස් යමක් හිතේවිද දන්නේ නැහැනේ. :)

      Delete
  2. කලකිරිලා බන් ඉන්නෙ. කැම්පස් එකේ යාලුවො සෙට් එකම ගියා. එදා මට රෑ වෙනකම් වැඩ. ගෙදර කස්ටිය ගියා. එදා උපාධි සහතිකේ ගන්න මට කරුමෙට කැම්පොස් යන්න උනා. සංධ්වනිය මට මේ ආත්මෙ බලන්න ලැබුනොත් හොඳයි. ආසාවෙන් බලන් හිටිය ඔය මගුල එනකම්. දැන් බලන්න යන්න වෙලාවක් නෑ. :(((

    ReplyDelete
    Replies
    1. හික් හික්..එච්චර සිරා නෑ බන්. :P මුල ටික නම් චා මැක්ස්. අග ටික නම් යාන්තමට හොඳයි.
      ඒක නිසා එච්චරටම දුක් ගන්න කාරි නෑ මං හිතන්නේ. :)

      Delete