Tuesday, November 26, 2013

වලාකුළකට...

ඈත ඇදෙනා හැටි නුඹ
බලා ඉමි දෙපා අවසඟ නිසාවෙන්..
හැපී මොහොතකට, ජීවිතේ
නැවතුමක් නොවී
ඇදී යන නිසාවෙන්..... 
හිඳින්නටයැයි කියා
පලක් නොවෙනා නිසාවෙන්...



10 comments:

  1. අපේ සිතිවිලිත් හරියට වළාකුළු වගේ. ස්ථීර හැඩයක් නෑ. සුළඟ හමන දිශාවට ඔහේ පාවෙනවා. ඒත් මම වළාකුලක් වගේ සැහැල්ලුවට පාවෙන්න ආසයි...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම..ඇත්තටම මොහොතකදි අපේ සිතුවිලි කොයිතරම් නම් වේගයෙන් වෙනස් වෙනවාද? වලාකුළු වාගේම තමයි..ඔබ කියන දේ ඇත්ත..අපි හැමෝම ආස වලාකුළක රැඳුණු සැහැල්ලු බවට :)

      Delete
  2. //ජීවිතේ
    නැවතුමක් නොවී
    ඇදී යන නිසාවෙන්..... // ලස්සණ යි මේ යෙදුම!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි..මේ බොහොම කාලෙකට කලින් පින්තූරයකට ලියූ කවියක්..:)

      Delete
  3. කිසිවකු කිසිවිට සදාකාලිකව අප ළග නවතාගත නොහේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත..:) සමහර දේ සිදුවන්නේ එය සිදුවිය යුතු හොඳම ආකාරයට.:)

      Delete
  4. ලස්සන සිතුවිල්ලක්.........හිඳින්නට යැයි කියා පලක් නැත. ඉන්නවාද...යනවාද...කියා තීරණය කරන්නේ තම තමන්මය.

    අවැසි අය හිඳිති
    නැති අය යති........
    ඔබ එතනය!!
    කැමති අය එති
    නැති අය නො එති......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඇත්ත ඇත්ත.:)හැබැයි ඉතින් රැඳෙන්නත් නොරැඳෙන්නත් මොකක් හෝ හේතුවක් ඇතිනේ?:)නමුත් සමහරවිට ඒ හේතුවම යහපතට හේතුවෙන්නත් පුළුවනි:)
      කවිය ලස්සනයි..:)

      Delete
  5. නියමයි..කවිය ලස්සනයි

    ReplyDelete