Wednesday, July 23, 2014

මගේ කුළුඳුල් බොලිවුඩ් අධ්‍යක්ෂණය - 1වෙනි කොටස

දිල් පීචං ක්‍යා හේ...

1වෙනි රූප රාමුව:
කකුලක්..
නෑ නෑ එහෙම කොරළ පිපිච්ච මයිල් බාගෙට ගලවපු කකුලක් නෙවෙයි..හයියූ..
මේක ඇවිල්ලා සිරා ෂයිනින් කකුලක්...ෆුල්ල් වැක්ස් එකක් දාලා බ්ලීච් කරලා ශිමරින් ලෝෂන් ගාපු සිරා කකුලක්...
කෙල්ල අබ්බගාත නෑ තේරෙනවනේ...ඒ නිසා කකුල කකුල් දෙකකට මාරුවෙන්න ඕන...
රායිටෝ..

දැන් දර්ශනය වළලුකරේ සිට ඉහළට ප්‍රේක්ෂකයාගේ කුතුහලය වැඩිකරමින් දණිහෙන් ඉහළට..
ඉහළට ඉහළට ගිහින්...
තව ඉහළට ගොසින් පුංචි කාලෙ ඇන්ඳටත් වඩා චූටිත්තං කොට කලිසමක් පේන්න ඕන..ඒකට සුකුරුත්තං බෙල්ටෙකක් දාලා...ඊලඟට සයිඩ් බෑග් එකක් පෙන්නන්නත් ඕන...අතක පොත් මිටියක් තියෙන්නත් ඕන..කෙල්ල තාම කොලීජි යනවා...අර කලිසම පිටින් තමයි...හරිය? 

දැන් ඔහොම රාමුවේ පහළ සිට ඉහළට ගමන් කර ඔන්න යාන්තම් කට ලඟට කිට්ටු කළා...
පර්ෆෙක්ට් පෞට්..අහ්හ්..හරි...
උරිහෙන් පහළට වැටෙන ගඩොල් පාට කොණ්ඩේ මැනිකියු කරපු දිගු ඇඟිලිවලින් හදන්න ඕන..ඕකේ...
නහය..ඇස්..
මලා! ඇස් පේන්නෙ නෑ...
ඒකි ශේඩ්ස් දාල ඕයි..
දැන් පසුබිමින් ඇහෙන්න ඕන මනමෝහනය වෙන පොඩි මියුසික් කෑල්ලක්..
හරේ..දැන් ෆුල් වියුව් එක...කෙල්ල සිරාවට පූස් වෝක් එක දාගෙන සුළං බදපු රුවල වගේ පාවි පාවි එන්ට ඕන...වටේ පිටේ කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලොත් ඇස් කන් නාස කටවල් ඇරන් බලං ඉන්න ඕන...හායි පාරවල් දෝරේ ගලන්න ඕන..මොකද මේ කෙල්ල හෙණ පොපියුලර් ඕකේ?

ඔහොමම සිංදුවකටම යන්න පුළුවන් නම් ඒත් හොඳයි..මොකද ඔය කෙල්ල කොලීජි ගිහින් මෙලෝ මළ දානයක් කොරන්නේ නෑ කොල්ලෝ ෆෝම් කරනව ඇරෙන්න..ඒ එක්කම පෙන්නන්න ඕන කෙල්ලගෙ අත පතා ඉන්නව කියලා කොලීජියේ ජනගහණයෙන් 2/3කට වැඩිය...හැබැයි ඒ සෙරෝම කෙල්ල තඹේකට ගණන් නොගන්න වග පෙන්නන්නත් ඕන..

සින්දුවේ කෙල්ල අඩුම ගාණේ ඇඳුම් සූට් 5ක්වත් අඳින්න ඕන..සිරා සපත්තු ශේඩ්ස් දාන්න ඕන..හෙයාර් ස්ටයිල් වෙනස් වෙන්න ඕන..රායිට්...
පසුබිම් විදියට කැන්ටිම, කොලීජිය ලඟ තියෙන පාලම, පංතිකාමර, ඔඩිටෝරියම් එක, වත්ත පිටිය හැමදේම යොදාගන්න ඕන..
ගුරුවරයා පංතියේ ඉන්න වෙලාවට කෙල්ල දවල් හීන දකින්න ඕන..ඒ අස්සේ ගුරුවරයා ප්‍රශ්නයක් අහන්න ඕන..අපි වගේ කොරවෙනවා වෙනුවට කෙල්ල නැගිටලා තොල හපන් ඇඹරිලා ඇහැක් ගහලා වාඩිවෙන්න ඕන..ගුරා සරෙන්ඩර්වෙලා පංතිය විසුරුවන්න ඕන...ඊටපස්සේ කෙල්ල නඩේ එක්ක කැන්ටිමට යන්න ඕන...ඊටපස්සෙ කැන්ටිමේ ෆ්‍රිජ් එක ඇරලා පෙප්සි කොකා කෝල වලින් එකිනෙකා නාවගන්න ඕනා...

2වෙනි රූප රාමුව:
මාළිගාවක් වගේ ගේක වහළින් පටන් අරන් පහළට කැමරාව එන්න ඕන..මිදුලේ තියෙන්න ඕන දිලිසෙන කිරි ටොයියා වාහන 2-3ක්..ඇල්ටෝ..?? මොන ඇල්ටෝද බන්..හොඳ ප්‍රාඩෝ මොන්ටෙරෝ...

ඔය සේරම ජෝගි නටලා දැන් කෙල්ල ගෙදර යන්න ඕන..කෙල්ල රෝස පාට ස්කූටරේක ඇවිත් බැස්ස ගමන් වැඩකාරියෝ කීපදෙනෙක් දුවන් එන්න ඕන බේබිගේ හුඟක් බර පොත් ටිකයි බෑග් මල්ලයි ගන්න...සික්ක ඇවිත් ස්කූටරේ කැන්ඳන් යන්න ඕන..කෙල්ල ඒ ටික දීල කොන්ඩේ ගස ගසා ෆූස් ෆූස් කියලා දාඩිය පිඹ පිඹ ගෙට ඇතුළු වෙන්න ඕන...


3වෙනි රූප රාමුව:
කෑම කාමරය
කෙල්ලගේ ඩැඩා හෙණ සිරා මූණක් තියෙන රෞද්‍ර ඩයල් එකක්..මුල් පුටුවේ වාඩිවෙලා ඉන්න ඕන..පැත්තකින් කෙල්ලගේ අම්මා..ලොකු තිලකයක් නළලේ තියන් ගෙදරටත් සාරියක් ඇඳන් මංගල සූත්‍රය බෙල්ලේ දාගෙන පිඟානට මූණ නවන් ඉන්න ඕන..තව අර සිරා කෙල්ලගේ අහලින්වත් තියන්න බැරි සාමාන්‍ය පෙනුමැති අක්කලා නංගිලා අයියලා මල්ලිලා දුසිමක් විතරත් මේසේ වටේට වාඩිවෙලා ඉන්න ඕන..ඇයි දෙයියනේ ඔච්චර සල්ලි තියෙන එකේ මොකෝ දුසිමක් හිටියම..ලොකු මේසයක් හොයාගන්න පුලුවන් වුනොත් තව දෙතුන් දෙනෙක් දාමු...

දැන් කට්ටිය පොරොත්තුවෙන් ඉන්නව කෑම කන්න කෙල්ල එනකන්..
ඩැඩාට මළ පැනල අහනවා කෝ මේ සප්නා කියලා..අම්මා නියම ඉන්දීය බිරින්දෑවක් විදියට තටම තටමා කියනවා ඉන්න මහත්තයා මං බලන්නම් කියලා...අම්ම නැගිටින්න හදද්දිම ඇහෙනව කෙල්ල මං එනවෝ කියලා විලාප දීගෙන උඩ සිට පහළට එන විසාල රවුම් කාපට් කරපු පඩිපෙළ දිගේ පහළට දුවගෙන එනවා..මේ ෂොට් එකේ ඒරියල් වියුව් එකක් තමයි හොඳ..ඒ එක්කම ඒකට ලස්සන මියුසික් කෑල්ලකුත් දාන්න ඕන..

කොලීජි යන්නේ ජංගි කෑලි ඇඳන් උණාට කෑමට එද්දි නියම ඉන්දියානු වල්සාරියක් ඇඳන් ඒකේ ෂෝල් එක සුලඟේ පා කරමින් එන්න ඕන...

කෙල්ල මේසෙ ලඟට හති දාගෙන දුවගෙන එනවා..ඇවිත් ඩැඩාගේ විතරක් බෙල්ලේ එල්ලිලා මූණ ඉඹලා සොරි ඩැඩා කියලා වාඩිවෙනවා..දැන් ඔක්කෝම කන්න පටන් ගන්නවා..

ඔහොම කකා ඉන්න අතරේ ඩැඩා අහනවා දැන් කවද්ද ඔයාගේ කොලීජිය ඉවරවෙන්නේ කියලා..කෙල්ල තක්බීර් වෙච්ච කියුට් මූණක් දාල තටම තටම කියනවා තව කල් තියෙනවා කියලා..කෙල්ලටත් එච්චර ෂුවර් එකක් නෑ වගේ මොකද එහේ ගිහින් උඩ පැන පැන නටනවට වඩා වැඩක් නොකරන බව අපි දැක්කනේ....ඩැඩා ඉස්සරහ තියෙන ඔරේන්ජ් ජූස් වීදුරුවෙන් ටිකක් බීල කට පිහන් කියනවා ඔයා ඉගෙන ගත්තා කියල විශේෂයක් නෑනේ..කොහොමත් රස්සාවකට යවන්න මගේ බලාපොරොත්තුවක් නෑ..හොඳ යෝජනාවක් ඇවිත් තියෙනවා ඒ ගැන හිතලා බලන්න කාලේ හරි කියලා..එහෙම නේද සාවිත්‍රි කියලා අම්මගෙනුත් අහනවා..නෑ අම්මට කියනවා..අම්මා ඉතින් දුවගේ මූණ බලල එහෙමයි මහත්තයා කියලා උපරිම පතිභක්තියෙන් යුතුව උත්තර දෙනවා...සප්නාගේ මූණ ඇදවෙලා ඇඹරිලා කුණ්ඩ හට්ටියක් වගේ වෙනවා..කෙල්ල කියනවා අනේ ඩැඩා මට තාම 25යිනේ කියලා..ඩැඩාට මල පනිනවා..ඩැඩා කියනවා ඒවයින් වැඩක් නෑ මම ඒ කට්ටියට එන්න දවසක් දෙනවා කියලා..සප්නා හේතු පහදන්න අසාර්ථක වෑයමක් දරනවා.."උඹට ඕන විදියට වැඩ කරන්න බෑ..උඹ ඉන්න ඕන මම කියන විදියටයි" ඩැඩා වේගෙන් පුටුව පස්සට කරලා නැප්කින් එක මේසෙට දමල ගහලා ඝර්ජනාවක් කරලා කුණාටුවක් වගේ කාමරෙන් පිටවෙනවා..සප්නා අඬාගෙන උඩට දුවනවා...අනික් උන්ගේ කෑමටත් කෙළවෙනවා...


4වෙනි රූප රාමුව:
රෝස පාට කාමරයක්..කාමරේ පුරා ටෙඩියෝ බෝනික්කෝ සමණල්ලු අරුන් මුන් පිරිලා..හෙලෝ කිටී ඉන්න ඇඳක මුනින් තලාව වැටිල සප්නා හෝ ගාල අඬනවා...අම්මා කාමරේට එබෙනවා..දුව අඬන හැටි දැකල අම්මගේ පපුව හෝස් ගාල පත්තුවෙනවා..ඉතින් අම්මා ඇවිත් ඇඳ උඩින් වාඩිවෙනවා..වාඩිවෙලා දුවව සනසවන්න බලනවා..කෙල්ල කොට්ටේ මූණ ඔබන් අහනවා ඇයි මට නිදහසේ ඉන්න දෙන්නේ නැත්තේ මට බෑ ඩැඩා කියන කොල්ලව බඳින්න කියලා...සාවිත්‍රිට හිනා යනවා..එයා හිනාවෙලා කියනවා "දුවේ මාත් ඔහොමයි ඔයාලගේ තාත්තව මට යෝජනා කරපුවෙලාවෙ ඇඬුවේ..මම සතියක් නොකා නොබී හිටියා..අපේ තාත්තාත් ඔය වගේම සැරට හිටියා..අන්තිමට මම ඔයාලගේ තාත්තව දැක්කම.." කියලා එයාගේ අතීත ලව් ස්ටෝරිය කියනවා...ඔය මතක ආවර්ජනය අස්සට පරණ පාට පින්තූරු කීපෙකුත් ඔබ්බවන්න ඕන අතීත මතක හැටියට..ඒ සප්නගේ අම්මයි ඩැඩයි ගිනිමැලයක් වටේ වට 7 යනවා..
අම්මගේ කතාව ඉවරවෙද්දි කෙල්ල ඇඟිල්ල කටේ ගහන් අම්මගේ උකුලේ ඔළුව තියන් ෆුල් සැන්ටිමැන්ටල්වෙලා ස්ටෝරිය අහන් හිටි බව පෙන්නන්න ඕන...දැන් කඳුළු වේළිලා ගිය මූණ ඉඹලා අම්මා කියන්න ඕන "අපි ඔයාට කවදාවත් නරකක් කරන්නේ නෑ මගේ දුවේ..අපි බලමු මනමාලයාව ඊටපස්සෙ බලමුකෝ ඉතුරු ටික" කියලා.කෙල්ල අකමැත්තෙන් වගේ ඔළුව වනලා ආයිත් ඇඳට පැනල ටෙඩියෙක් බදාගන්නවා..මේ අතරේ සප්නාගේ ඩැඩා කාමරේ දොරට පිටින් ඉඳන් අහන් ඉන්නවා තමන්ගේ බිරිඳ අතිසාර්ථක ලෙස කෙල්ලගේ බ්‍රේන් වොශ් කරපු හැටිය..


5වෙනි රූප රාමුව:
කොලීජියේ දර්ශනයක්..
සප්නා පොළොන්නරුවේ වී ගොවියෙක් වගේ පඩිපෙළක වාඩි වෙලා දුක් මූඩ් එකක ඉන්නවා..යාළුවෝ වටේ හිනාවෙනවා විසිල් ගහනවා මරාගන්නවා සප්නා දන්නේ නෑ..ටික වෙලාවකින් යාළුවො ටික බහුභූත නවත්තලා මූණට මූණ බලාගන්නවා..ඊටප්ස්සේ දෙන්නෙක් සප්න දෙපැත්තෙන් වාඩිවෙලා අහනවා ඇයි සප්නා මොකද්ද ප්‍රශ්නේ කියලා..සප්න චඃ ගාල සද්දයක් දාල නැගිටලා ගිහින් කණුවකට හේත්තු වෙලා ඈත බලන් ඉන්නවා...යාළුවො ආයෙත් ලඟට ඇවිත් වධ කරනවා..සප්නා අකමැත්තෙන් දිග සුසුමක් හෙලලා කියනවා එයාව බලන්න මනමාලයෙක් එනවලුය ඩැඩා මෙයාව බලෙන් විවාහකරදෙන්ට හදනවය කියලා....මේකප් එක දියකරන් කඳුලක් ගලාගෙන ඇවිත් කට කෙළවරෙන් නතර වෙනවා...එයා ටක් ගාල අනික් ඇහැ පිහදගන්නවා..යාළුවෝ ටික මළගේක ගියා වගේ මූඩ් අවුල් කරන් මැලවිලා ඉන්නවා..සප්නා කියනවා 'ගයිස් ඈම් ගොන්නා මිස් යූ ඕල්..ඈම් ගොන්නා ලූස් මයි ෆ්‍රීඩම්" කියලා වැලහින්නක් වගේ වැලපෙන්න ගන්නවා..යාළුවෝ ටික පොරකකා එයාව බදන් සනසනවා...ඒ අතරේ එකෙක්ට බල්බ් එකක් පත්තුවෙනවා..මේ ශෝචනීය අවස්ථාවේ...උන්දැ හිජ්‍රාවෙක් වගේ උඩ පැනලා නැගිටලා කියනවා සප්නාගේ ජීවිතේ නිදහස් කාලේ ඉවරවෙන්න කලින් අපි මතක හිටින ට්‍රිපක් යන්න ඕන කියලා..ඔක්කෝම ඒකට එකඟ වෙලා උඩ පැනලා හිනාවෙනවා..සප්නා කඳුළු බිබී හිනාවෙනවා...

පසුබිමින් "ශිම්ලා......" කියලා රජේශ් ඛන්නා වගේ කෑගැහිල්ලක් ඇහෙනවා..


අධ්‍යක්ෂවරියට තදබල නිදිමතක් වැලඳුණු බැවින් ට්‍රිපේ විස්තර ඊලඟට බලපොරොත්තුවන්න...සිදුවූ ප්‍රමාද දෝෂයට අපගේ බලවත් කණගාටුව...

2වෙනි කොටසට..

41 comments:

  1. පට්ට ලියවිල්ල බං.. ඕකට දැන් ඕන වෙනවනේ කොල්ලට දුෂ්ටයෝ එහෙම ඕනවෙන සීන් .. අන්න්මට කියපං .. හරිද මත එන්නම් නිකං විල්සන් කරු වගේ ගුටි කන්න බලාගෙන ..

    පට්ට සිරා

    ReplyDelete
    Replies
    1. හී හී...තැන්කූ ඉවාන්..ඔව් ඔව් දුෂ්ටයෝ ඕනා..එහෙනම් ඔයා විල්සන් කරූ වගේ දුෂ්ට මූණක් දාල පුරුදු වෙන්න ඕන ඔන්න..මොකද ඔය ඒ චරිතෙට උපරිම සාධාරණය ඉෂ්ට කරයි කියලා මම බලාපොරොත්තුවෙනව..:P :P

      Delete
    2. දුස්ටයා ඉස්සෙල්ලම ඇවිල්ලා ඉන්නේ,... බුහ් හඃ හඃ හා....

      Delete
    3. ඒක නේන්නම් විදානේ පමා වැඩී ඔබ පමා වැඩී...දැන් ඉතින් මොකැයි කොරන්නේ..කොල්ලගේ තාත්තගේ චරිතේ දෙන්නෙයි ඔහෙට? :P

      Delete
  2. කෙල්ල රෝස පාට ස්කූටරේක ඇවිත් බැස්ස ගමන් ///
    මේ මොකද අඩේ මේ...
    මං දැකල තියෙන එක පිචෑර් එක්කවත් ඉන්න පෝසත් කෙල්ලක් ඉස්කූටර් පදින්නෙ නෑ... පත තඩි කාර් උලව්වක් මිස...
    පට්ට ඈ... පටේ පට්ට
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව් මම නවකයෙක් හැටියට සාම්ප්‍රදායික බොලිවුඩ් අකෘතිය පොඩ්ඩක් වෙනස් කලා මහේෂ්..අපේ චිත්‍රපටියේ ප්‍රධාන නිලියගේ ඩැඩා කොච්චර සල්ලි තිබ්බත් සෑහෙන සැරපරුෂ කෙනෙක්..ඒක නිසා එය සප්නාට ඕන විදියට නටන්න දෙන්නේ නෑ..එයාටම කියලා ස්කූටරයක් අරන් දීලා තියෙන්නේ ඒකයි..කාර් එකේ යනවානම් ඩ්‍රයිවර් එක්ක තමයි යන්න ඕන..අනික කාරණය අපේ ප්‍රධාන අනුග්‍රාහක භවතා වෙන "තල්ලු ස්ටාර්ට්" ස්කූටර් ව්‍යාපාරය වෙනුවෙන් මේ කොටස විශේෂයෙන් එකතුකරලා තියෙන්නේ කතා තේමාවට බාධාවක් නොවෙන්නයි.. (මේ ෆුල් සිරා ටෝන් එකෙන් ෆස්ට් ප්‍රෙස් ඉන්ටවියු එක දෙන්නේ :D :D)

      Delete
    2. මහේස් බොලිවුඩයට තවත් ලං වන්න.. සෝ එකට ස්කූටර් පමනක් නොට පුට් බයිසිකල් ද අරං දෙනවාය.. (කරුණාරකර පස්වැනි මංඩලෙන් මිදෙන්න)

      Delete
    3. හා හා දැක්කනේ මහේෂ්, විදානේ කියනවා ඔයාට වැඩිහිටි මණ්ඩලෙන් මිදෙන්න්ලු..හෆෝයි!! :D

      Delete
    4. විදානෙ මට අහුවුනොට් මං ටූ................................................

      Delete
  3. යකඩෝ ඒක මරු කතාවක් නේ // අපි වගේ කොරවෙනවා වෙනුවට කෙල්ල නැගිටලා තොල හපන් ඇඹරිලා ඇහැක් ගහලා වාඩිවෙන්න ඕන..// මේ කැල්ල පට්ට.
    අධ්‍යක්ෂවරිය ? පුහ්... හාකෝ එහෙනම්. මම නම් කෙල්ලගේ රුප රාමුවට දාගත්තා උඩ පින්තුරේ ඉන්න කෙනාම. එයා තමා මගේ කැමතිම !!!! ^_^ 

    ReplyDelete
    Replies
    1. හී හී...ඒ කෑල්ල ඔයාට මවාගන්න පුළුවන් නේද එහෙනම්..:D
      මමත් ආසම එයාට තමයි අනේ..:D
      හා හා විහිළුවට ගන්න එපා හරිය? මේ නවක අධ්‍යක්ෂකවරියගේ ඉන්ටවියුවලින් පත්තර පිරෙන්න ගත්තම කාටද ආඩම්බර?ඕන නම් ඔයාට චරිතයක් දෙන්නම්කෝ..කොහොමද නිකන් චිත්‍ර ශිල්පිනියකගේ චරිතයක් වගේ? ඔපසිට් රන්බීර් රඟපාන්නේ කැමතිද?:P

      Delete
    2. ඒ කෙල්ල කොලිවුඩ් ද ටොලිවුඩ්ද...

      Delete
    3. බොලිවුඩ් බොලිවුඩ්! ප්‍රියංකා චොප්රා...!! :)

      Delete
  4. ගති ගති ගති....
    ෆිල්ම් එකක් බලන්න පටන් ගත්තා වගේ - මට හිතෙන්නේ මේ නවක මෙව්වෙකියට බොහෝ දුර යන්න පුළුවන් වගේ.. (මහින්ද ලොක්කා පාරවල් ටික කාපට් කරලනේ).. දෙවනි කොටසේදී හම්බෙමු..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ විදානේ..:D
      මෙව්වෙකියට? මොනාද අයියෝ..මෙව්වෙකිය නෙවෙයි අධ්‍යක්ෂකවරිය..:/
      හා දෙවෙනි කොටසත් දාන්නම්කෝ..

      Delete
  5. ටොපේ ටොප්!! ෆිල්ම් එකක් බැලුවා වගේ. නියමයි. 3වෙනි රූප රාමුව තමයි මට නැගලාම ගියේ.

    ReplyDelete
    Replies
    1. තැන්කූ අරූ..:) මාත් ඒ සීන් එක ගැන ෆුල් සැටිස්! ඊලඟ කොටස අද හවස්වරුවේ වගේ දාතහැකී..;)

      Delete
  6. //හෙලෝ කිටී ඉන්න ඇඳ//
    හෙලෝ කිටී ගේ ආදරවන්තයා වන Dear Daniel හිටියේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. නෑ බන්..මේ කිටීටත් ආදරවන්තයෙක් තාම නැති එකේ හෙලෝ කිටීට ඉන්න විදියක් නෑ නේ..ඒක අතාත්විකයිනේ කියලා මට හිතුණා...

      Delete
  7. අඩේ මේක මල් හතයි කොල පහයි යකූ.... මට තාම හිනා...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්! තැන්කු තැන්කු බස්සියෝ..මටත් හිනා හෙහ් හෙහ්...:D :D

      Delete
  8. කෙලිම්ම යාස් කොප්පරා පරාදයි.!! ඔය අස්සට දාහන් මේකප් පිටින් ටබ් එහෙක බැහල සබන් බෝල යවන ඒව, කොල්ලට ශ්‍රීනගර් වල්දි වෙඩි වැදිල මැඩ්‍රාස් වලදි සිහි නැත්වෙන හැටි වගේ සීන් ටිහිකුත්.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට සිරි! ඔය ඉන්නේ බොලිවුඩ්වල කෙළ පැමිණි ප්‍රේක්ෂකයෙක්..බලන්ටකෝ බලනටකෝ...මේකෙ සාර්ථකත්වය අනුව මම ඊලඟට ඉන්දික කිව්වා වගේ ත්‍රාසය භීතිය ප්‍රීතිය කැටිකරගත් පවුලේ සැමට එකට සිට නැරඹිය නොහැකි තව චිත්‍රපටියක් කරන්න සැලසුම් හදාගෙන යනවා...ඔබට පුළුවනි නිෂ්පාදනයෙන් සහයවෙන්ට හෝ ප්‍රධාන සහය නළුවා චරිතය භාරගන්නට.. :D

      Delete
  9. මේ තනි තරු ... මාව හොඳ නැද්ද කොල්ලගේ සපෝටර් විදිහට ,මොකද කියනවනම් මුලදී කොල්ලගේ චරිතේ මෙලෝ රහක් නෑ. කෙල්ලව අල්ලන්න, අතගාන්න ,බදාගන්න රහස් කියන්න, බයිසිකලේ පිටිපස්සේ දාගෙන කරේ තියන් යන්න. කෙල්ලගේ ගෙදර යන්න මෙකී නොකී එකී හැම සැපතක්ම ලැබෙන්නේ කොල්ලගේ සපොටර්ට නේ , වෙන එකක් ථියෙඅ කොල්ලගනුත් සියලු පහසුකම් හම්බ වෙන්නේ සපොටර්ට ,කොල්ල පයින් ගිහින් බයිසිකලේ සපොටර්ට දෙනවා ..

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඊලඟ කොටස ඔන් ද වේ...ඒකේ ඉන්නව චපෝටර්..ඉවාන්ගේ උස පළල එහෙම කොහොමද කියන්ටකෝ බලන්න චරිතයට ගන්න..:D

      Delete
    2. අම්මපා මං ඉල්ලන්න හිතන් ආව එක මූ පැනලා ඉල්ලලනේ.. අර කිඹුළි ගෙම්බා කියන එක අහන්නත් දෙයක්ද බලාගෙන යද්දී..

      Delete
  10. ඒ සිරා කතාව හොදේ...

    ReplyDelete
  11. ඉවාන් ඔත්තුව දුන්නේ .... පට්ට

    ReplyDelete
    Replies
    1. තැන්කූ මාතලන්..තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා! :)
      ඉවාන්ටත් තැන්කූ! :)

      Delete
  12. ඔය සුළු සුළු චරිත තියෙනවා නම් කියන්න.. අපිටත් බැරියෑ පොඩ්ඩක් රගපාන්න.. ෆිල්ම් එක හිතට ඇල්ලුවා. පට්ට...

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා..ඔය කැමතිද සප්නා බලන්න එන මනමාලයා වෙන්න?දැන් ඒ චරිතේ වේකන්ට්!
      තනිතරුවට සාදරයෙන් පිළිගන්නවා රංග..:)

      Delete
  13. අඩෝ..... මචෝ..... ඔය ලියන විදිය ඇස් දෙකෙන් දැක්ක බුවෙක් මම.....
    උඹ බයිස්කෝප් බලල විතරක් මෙහෙම ලියන්න බැහැ ......
    විස්තර මට වැඩකුත් නැහැ.........
    කොහොම වුනත් ...ලියවිල්ල අති විශිෂ්ටයි කියල නම් කියනව ....
    මේක කියවද්දී යසපාලිත N ...හින්දි කොපි කරල සිංහල බයිස්කෝප් ඒවගේම හදන්න දගලපු විදිය මතක් වුනා....
    කවදත්....කාටත්.....හිතවත් "අපේ" ලොක්ක...... මගෙ චුති මල්ලි දැනුම් දීල තිබ්බ පාරට ආවෙ ...
    දිගු ගමනකට ජය''''''''! ..............................

    ReplyDelete
    Replies
    1. කෙන්ජි, මං හඳේ! :D
      ඔබගෙන් ලියවිල්ල ගැන අගය කිරීමක් ආපු එක අවංක සතුටක්! තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා..:)

      //උඹ බයිස්කෝප් බලල විතරක් මෙහෙම ලියන්න බැහැ ......
      විස්තර මට වැඩකුත් නැහැ.......//
      මේක නම් මට තේරුණේ නෑ..? පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරිද කුතුහලය නිසා දැනගන්න..:)

      Delete
    2. කෙන්ජි හිතනවා ඇති උඹ/ඔයා තිරපිටපත් ලියන්න හුරු කෙනෙක් කියලා.

      Delete
    3. හෆ්ෆේ එහෙමද?තේරුණේ නෑ නෙව ඒක මගේ ටිකිරි මොලේට..:D
      අරූ බොහොම ස්තූතියි පැහැදිලි කරාට කාරණේ..:) ආහ් උඹ කිව්වට මක්වෙනවද? :D

      Delete
    4. ජීවිතේටම තාම නම් තිරපිටපතක් ලියලා නෑ..ඇත්තම කිව්වොත් දැකලත් නෑ ෆිල්ම්වල ඒවානම්..නාට්‍ය නම් ලියලා තියෙනවා ඉක්කෝලේ යනකාලේ..:D
      යසපාලිත මහත්මයා ෆිල්ම් කරන කාලේ අපි හුඟක් පොඩී..හැබැයි සමහර එව්වා කෑලි කෑලි මතකයි..එයාගේ පුතාත් කාලයක් රඟපෑවානේ?ලස්සන වුණාට රඟපෑම නම් බැරිවුණු බව මතකයි..

      Delete
    5. @ නෙරංජ .... thnx ....මචෝ පහදල දුන්නට,,,,,,,

      Delete
  14. දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ කියල බයිස්කෝප් එකක් ගියා ඒ කාලේ, මේ වගේම සීන්කෝන් තමා තිබුණේ. ඒක හදපු ගොබිලා මේක කියවලා ටයිම් මැෂින් එකෙන් ආපහු ගිහිල්ලා හැදුවද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්..තැන්කූ කණිෂ්ක..
      අපොයි මතකයි ඒක අමතක වෙනවද එහෙම...හික් හික්..පොර ඇවිත් මට නඩුවක් දමාවිද බුද්ධිමය දෙපල විකෘති කළා කියලා..:D

      Delete
    2. අනේ මන්ද එව්ව මට කියල වැඩක් තියෙනව කියලයැ හිටං !

      Delete