අළුත උපන් එකා
ඉර එක්ක තරහට
ගිරියේ සයිරන් එක
ඩීජේ එක පරාදයි..
අහළ පහළ කට්ටියම
කර දික් කරකර බලයි...
'පිස්සුද මන්දා පොඩි උනුත් ගෙනත්'
තුනී සංස්ථා ලෑල්ලක
රතු පාට කටක්..!
තරහා ගන්නත් බැරි තරම්
මට බොහොම වෙහෙසයි..
ඒ ඔක්කොමත් අස්සේ..!
ඒසීයේ ගොරොද්දය
බඩු ලැයිස්තුවත් උදුරන්..!
අම්මාට, තාත්තාට,
මාමණ්ඩීට, නැන්දම්මාට,
අරූට මූට, මූට අරූට
උල් සපත්තුවක ඇමිණිලා
රාක්කයක් ලඟ නතරවෙන..
'අනේ ඒයි අර ලිස්ට් එක'
පුළුවන් තරම් වෙට්ටු දමාන
සපත්තුව පස්සෙන්
දුවන පෙම්බරාට,
'මේ මොන සමයමක්'ද
සපත්තුව රවන..
'මිස්, මගේ ලිස්ට් එක
පයට පෑගිලා නේද?'
'ආහ්..සොරි, ගන්න'
වැදුණ උල් පහරට
දෙකඩ වුන කොළය
'ඔය ඇති සුදූ අපි යමු
පොඩි එකාගේ කිරිපිටිත්
ඉවරයිනේ අද රෑට..'
පසු සටහන:
කවිය සාර්ථක නැතුවා ඇත.ප්‍රස්තුතයක් ලද නිසා ලිවීමි.
ඉර එක්ක තරහට
ගිරියේ සයිරන් එක
ඩීජේ එක පරාදයි..
අහළ පහළ කට්ටියම
කර දික් කරකර බලයි...
'පිස්සුද මන්දා පොඩි උනුත් ගෙනත්'
තුනී සංස්ථා ලෑල්ලක
රතු පාට කටක්..!
තරහා ගන්නත් බැරි තරම්
මට බොහොම වෙහෙසයි..
ඒ ඔක්කොමත් අස්සේ..!
ඒසීයේ ගොරොද්දය
බඩු ලැයිස්තුවත් උදුරන්..!
අම්මාට, තාත්තාට,
මාමණ්ඩීට, නැන්දම්මාට,
අරූට මූට, මූට අරූට
උල් සපත්තුවක ඇමිණිලා
රාක්කයක් ලඟ නතරවෙන..
'අනේ ඒයි අර ලිස්ට් එක'
පුළුවන් තරම් වෙට්ටු දමාන
සපත්තුව පස්සෙන්
දුවන පෙම්බරාට,
'මේ මොන සමයමක්'ද
සපත්තුව රවන..
'මිස්, මගේ ලිස්ට් එක
පයට පෑගිලා නේද?'
'ආහ්..සොරි, ගන්න'
වැදුණ උල් පහරට
දෙකඩ වුන කොළය
'ඔය ඇති සුදූ අපි යමු
පොඩි එකාගේ කිරිපිටිත්
ඉවරයිනේ අද රෑට..'
පසු සටහන:
කවිය සාර්ථක නැතුවා ඇත.ප්‍රස්තුතයක් ලද නිසා ලිවීමි.
//තුනී සංස්ථා ලෑල්ල // ෆිගර් එක ගැනද??
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්...නැතුව නැතුව! :D
Deleteඅනේ මන්දා බං ඉතින් මොනවා කියන්නද කියලා..
ReplyDeleteඔව් බං මෙලෝ රහක් නෑ..
Deleteපොඩි එවුන්ව දාල යන්නත් බෑ... අරගෙන ගිහිනුත් බෑ... ශොපිං යන්නත් බෑ.. නොගිහිල්ල්ත් බෑ..
ReplyDeleteඇත්ත මචෝ..පව් කියලා හිතෙනවා මිනිස්සු විඳින් දුක දැක්කම පොඩි උන් කරපින්නාගෙන ෂොපිං ගිහින්..උන්ගේ සයිරන් එක ඇහෙනකොට නම් අර ගිනිගහන අව්වේ මල පනිනවා..ඒත් ඉතින් දෙමව්පියෝ ඒවා විඳ දරාගෙන ඉන්න එපැයි..ඇඬුවා කියලා පාර මැද්දේ පොළවේ ගහන්නයැ අනික් උන් රැව්වට..
Deleteසැන්ටි මීටර් 3 ට වඩා උස ඒවා කොන්දට හානිකරයි කියලා, සී ඇන් ඇන් එකේ ළඟදි කියනවා මං අහගෙන.. අපේ අයට නම් අවුලක් නැතිව ඇති.. කොන්දට කෙලවෙන්න, කොන්දක් තියෙන්නේ එපාය...
ReplyDeleteසෙන්ටිමීටර් ද අඟල් ද?
Deleteඒ වුණාට මචං ගෑණු ඔය උල් හයි කොරන් ඇවිදින කොට තමයි සුකොමළ බඳ ලෙලෙන තාලේ පේන්නේ...ඔහෙලට කවි ලියවෙන්නේ...ඔහෙලගේ ඇස්වල හදවත් මැවෙන්නේ...ආයෙත් වැටි වැටි හැරි හැරි බලන්නේ...නැද්ද මං අහන්නේ? :P
අම්මේ උඹ මොකෝ මේ අපේ අහිංසක බස්සිට බනින්නේ මේ හැටි.
ReplyDeleteහෑ? මේ සපත්තුවේ අයිතිකාරී බස්සි ද??
Deleteවෙන්න බෑ!
ඒකිගේ කඩිකුලප්පුවේ හැටියට මේක දාගෙන දුවන්න ගත්තොත් ලැයිස්තු නෙවෙයි මිනිස්සු ඇමිණිලා ඉඳී උලේ...හැක් හැක් හැක්..
මම මේ කම්පනා කරේ අර මගේ යාලුවෙක් ඉන්නවා ඔය රෑ දෙගොඩ හරියක් වෙනකම් ඔෆිස් ඉනදලා මහා දවාලේ බුදියන , එකා මොන වෙලාවට ෂොපින් යනවද කියලා :P
Deleteඒකට ෂොපිං යන්න වෙලාවක් නැහැල්ලු බං..:P
Deleteඋඹ ගියැයි?
දුප් ගෙම්බා!
Delete//පොඩි එකාගේ කිරිපිටිත්
ReplyDeleteඉවරයිනේ අද රෑට..'//
පොවමු කොත්තමල්ලී
කොත්තමල්ලි පොවලා පොවලාම සුවඳ එනකොට ඌ සිහිසන් වෙනවා මහත්තයෝ..
Deleteඇටයි හමයි බඩ ගෙඩියයි විතරයි දැන්..:( :(
දුක තමයි රංජනී ඉතිං.මොනව කරන්නද?උඹත් ඔය ඩීජේ මැශින් එක උස්සගන ශොපින් යන කාලෙක මතක් කරගනින් 'අනේ,මම මෙහෙම කවියකුත් ලිවුවා නේද' කියලා.
ReplyDeleteඑතකොට උලක් පස්සේ දුවන උඹවත් මට මුණ ගැහේවි නේද? :P
Deleteආසාවේ බැරුවා
ReplyDeleteමකසිත් උල්වලට ආසා ද? :O
Deleteඋල් දාපු අර සුරතල් කකුල් වලට
Deleteහැබෑට? :D :D
Deleteඔය උලක් ඇණුනෝත් තෙමාගන්ඩ තමා වෙන්නේ...
ReplyDeleteලොල්! සුළු දියෙන් නැවතුණොත් මදෑ! :D
Deleteමන් හිතන්නේ මේක සාර්ථක නිසඳැසක් කියල.
ReplyDeletehttp://nelumyaya.com/2015/04
බොහොම ස්තූතියි අජිත්..:)
Deleteනෙළුම් යායට දාලා නේද? :)
ඔව් නේ.
Delete