සාතනීය ප්‍රේමය
දෙව් පුත්‍ර වෙස් ගත්
සාතන් නුඹට..
මම පෙම් කෙරූවෙමි
කල්ප කාලාන්තරයක්
ඉක්ම යන්නට කලින්..
ප්‍රේමයක අඳුරෙන්
වැසූණු කල නෙත
නුදුටුවෙමි දෙව් පුතුන්
සාතන්ලාට ජනිත
විය නොහැකි බව...
යක් ලෙය මිනිස් රත
නොගන්නා බව වෙසෙසින්ම..
පමා වූ නමුත්
සාතන් ඉතින් මම
දැන් නුඹ හඳුනමි..
සාතන් කියන්නෙත් කාලෙකට කලින් සුරදූතයෙකුට නේ?
ReplyDeleteSome religious groups teach that he originated as an angel who fell out of favor with God, seducing humanity into the ways of sin, and who has power in the fallen world.
Delete-http://en.wikipedia.org/wiki/Satan
එහෙමත් කියනවා තමා..:)
අප්පට බොල, තනියා නියම කිවිඳියක් නේ ..... එල
ReplyDeleteඒ කියන්නේ උඹ දැන් මට පෙම් කරන්නේ නෑ?? හොඳයි බලාගමු :P
ඒ.. මූ බැලලයිකාව වයන්න කතා කොළාද ???
Deleteඉවාන් :හෑ? උඹේ නම සාතන් ද? දෙයියෝ සාක්කි! ඔන්න බලමු නමක් ගමක් නොදැන පෙම් කොරන්න ගියාම වෙන දේ..:D
Deleteසජ්ජා: සිරාවට මූ ඔය නම දාගත්තේ ඒ සිංදුව අහලද දන්නේ නෑ නේ?
ඉවාන් ඇත්තටම ඒක ද හේතුව?
සත්‍යාවබෝධය ලැබිලා.... නිසඳස එල!!!!
ReplyDeleteඑසේය එසේය...සත්‍ය ගවේෂණයේ අවසන් පියවරට සපැමිණියෙමි..තැන්කූ වේවා!
Deleteහුඟක් දේවල් තේරුම් ගන්න කොහොමත් වෙලා යනවා.. මොනා කරන්නද ඉතින්..
ReplyDeleteහ්ම්ම්..මොකෝ මලයා උඹ මේ ටිකේ නිකං මෙලෝ රහක් නෑ වගේ ඉන්නේ?
Deleteමට අගක් මුලක් තේරෙන්නේ නැහැ
ReplyDeleteමටත් තේරෙන්නේ නැහැ මචං..:)
Deleteඅපි 'ඉන්නද යන්නද' කියලා අන්තිම ලාස්ට් චාන්ස් එකත් දෙනකොට.... මූ කෙලින්ම සාතනීකරණය කරලා.මේ දවස් වල ඉර පායන්නෙ හිස් මුදුනට.
ReplyDeleteඇත්ත මචං..මේ දවස්වල ඉර පායන්නේ ඉස් මුදුනට..මම ඒ කතාවට කැමතියි උඩින්ම! :)
Deletehttp://nelumyaya.com/2015/04/
ReplyDeleteබොහොම ස්තූතියි අජිත්..:)
Delete