Thursday, April 2, 2015

අවුරුදු උල්

අළුත උපන් එකා
ඉර එක්ක තරහට
ගිරියේ සයිරන් එක
ඩීජේ එක පරාදයි..
අහළ පහළ කට්ටියම
කර දික් කරකර බලයි...
'පිස්සුද මන්දා පොඩි උනුත් ගෙනත්'
තුනී සංස්ථා ලෑල්ලක
රතු පාට කටක්..!
තරහා ගන්නත් බැරි තරම්
මට බොහොම වෙහෙසයි..
ඒ ඔක්කොමත් අස්සේ..!
ඒසීයේ ගොරොද්දය
බඩු ලැයිස්තුවත් උදුරන්..!
අම්මාට, තාත්තාට,
මාමණ්ඩීට, නැන්දම්මාට,
අරූට මූට, මූට අරූට
උල් සපත්තුවක ඇමිණිලා
රාක්කයක් ලඟ නතරවෙන..
'අනේ ඒයි අර ලිස්ට් එක'
පුළුවන් තරම් වෙට්ටු දමාන
සපත්තුව පස්සෙන් 
දුවන පෙම්බරාට,
'මේ මොන සමයමක්'ද
සපත්තුව රවන..
'මිස්, මගේ ලිස්ට් එක
පයට පෑගිලා නේද?'
'ආහ්..සොරි, ගන්න'
වැදුණ උල් පහරට
දෙකඩ වුන කොළය
'ඔය ඇති සුදූ අපි යමු
පොඩි එකාගේ කිරිපිටිත්
ඉවරයිනේ අද රෑට..'





පසු සටහන:
කවිය සාර්ථක නැතුවා ඇත.ප්‍රස්තුතයක් ලද නිසා ලිවීමි.

26 comments:

  1. //තුනී සංස්ථා ලෑල්ල // ෆිගර් එක ගැනද??

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්...නැතුව නැතුව! :D

      Delete
  2. අනේ මන්දා බං ඉතින් මොනවා කියන්නද කියලා..

    ReplyDelete
  3. පොඩි එවුන්ව දාල යන්නත් බෑ... අරගෙන ගිහිනුත් බෑ... ශොපිං යන්නත් බෑ.. නොගිහිල්ල්ත් බෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචෝ..පව් කියලා හිතෙනවා මිනිස්සු විඳින් දුක දැක්කම පොඩි උන් කරපින්නාගෙන ෂොපිං ගිහින්..උන්ගේ සයිරන් එක ඇහෙනකොට නම් අර ගිනිගහන අව්වේ මල පනිනවා..ඒත් ඉතින් දෙමව්පියෝ ඒවා විඳ දරාගෙන ඉන්න එපැයි..ඇඬුවා කියලා පාර මැද්දේ පොළවේ ගහන්නයැ අනික් උන් රැව්වට..

      Delete
  4. සැන්ටි මීටර් 3 ට වඩා උස ඒවා කොන්දට හානිකරයි කියලා, සී ඇන් ඇන් එකේ ළඟදි කියනවා මං අහගෙන.. අපේ අයට නම් අවුලක් නැතිව ඇති.. කොන්දට කෙලවෙන්න, කොන්දක් තියෙන්නේ එපාය...

    ReplyDelete
    Replies
    1. සෙන්ටිමීටර් ද අඟල් ද?
      ඒ වුණාට මචං ගෑණු ඔය උල් හයි කොරන් ඇවිදින කොට තමයි සුකොමළ බඳ ලෙලෙන තාලේ පේන්නේ...ඔහෙලට කවි ලියවෙන්නේ...ඔහෙලගේ ඇස්වල හදවත් මැවෙන්නේ...ආයෙත් වැටි වැටි හැරි හැරි බලන්නේ...නැද්ද මං අහන්නේ? :P

      Delete
  5. අම්මේ උඹ මොකෝ මේ අපේ අහිංසක බස්සිට බනින්නේ මේ හැටි.

    ReplyDelete
    Replies
    1. හෑ? මේ සපත්තුවේ අයිතිකාරී බස්සි ද??
      වෙන්න බෑ!
      ඒකිගේ කඩිකුලප්පුවේ හැටියට මේක දාගෙන දුවන්න ගත්තොත් ලැයිස්තු නෙවෙයි මිනිස්සු ඇමිණිලා ඉඳී උලේ...හැක් හැක් හැක්..

      Delete
    2. මම මේ කම්පනා කරේ අර මගේ යාලුවෙක් ඉන්නවා ඔය රෑ දෙගොඩ හරියක් වෙනකම් ඔෆිස් ඉනදලා මහා දවාලේ බුදියන , එකා මොන වෙලාවට ෂොපින් යනවද කියලා :P

      Delete
    3. ඒකට ෂොපිං යන්න වෙලාවක් නැහැල්ලු බං..:P
      උඹ ගියැයි?

      Delete
  6. //පොඩි එකාගේ කිරිපිටිත්
    ඉවරයිනේ අද රෑට..'//

    පොවමු කොත්තමල්ලී

    ReplyDelete
    Replies
    1. කොත්තමල්ලි පොවලා පොවලාම සුවඳ එනකොට ඌ සිහිසන් වෙනවා මහත්තයෝ..
      ඇටයි හමයි බඩ ගෙඩියයි විතරයි දැන්..:( :(

      Delete
  7. දුක තමයි රංජනී ඉතිං.මොනව කරන්නද?උඹත් ඔය ඩීජේ මැශින් එක උස්සගන ශොපින් යන කාලෙක මතක් කරගනින් 'අනේ,මම මෙහෙම කවියකුත් ලිවුවා නේද' කියලා.

    ReplyDelete
    Replies
    1. එතකොට උලක් පස්සේ දුවන උඹවත් මට මුණ ගැහේවි නේද? :P

      Delete
  8. ආසාවේ බැරුවා

    ReplyDelete
    Replies
    1. මකසිත් උල්වලට ආසා ද? :O

      Delete
    2. උල් දාපු අර සුරතල් කකුල් වලට

      Delete
  9. ඔය උලක් ඇණුනෝත් තෙමාගන්ඩ තමා වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ලොල්! සුළු දියෙන් නැවතුණොත් මදෑ! :D

      Delete
  10. මන් හිතන්නේ මේක සාර්ථක නිසඳැසක් කියල.
    http://nelumyaya.com/2015/04

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්..:)
      නෙළුම් යායට දාලා නේද? :)

      Delete