Monday, April 6, 2015

මේ අවස්ථාව ඔබේ විය හැකියි!

මෙන්න කලා උණෙන් පෙළෙන, සිනමාවේ ඉවුරු තරණයට පුල පුලා බලා සිටින ඔබට අනගි අවස්ථාවක්!

සිංහල සිනමා වංශ කතාවේ මීලඟ ගාමිණි-මාලනී, විජය-මාලනී, සනත්-සබීතා, ජීවන්-සංගීතා, රංජන්-අනර්කලී ඔබ විය හැකියි!

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, බොක්ස් ඔෆීස් වාර්තා පිහිටවූ අති සාර්ථක "දිල් පීචං ක්‍යා හේ" නිර්මාපක තනියාගේ මීලඟ චිත්‍රපටියේ නළු නිලියන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම් පත්‍ර දැන් භාර ගැනේ!


සුදුසු රූප සම්පත්තියෙන් අනූන පහත සඳහන් සුදුසුකම් සහිත අවිවාහක තරුණ තරුණියන්ට මීට අයදුම් කළ හැක.
සැ.යු: මහළු චරිත කිහිපයක් ද ඇත. විවාහකයන්ට වුවද පහත සුදුසුකම් ඇත්නම් අයදුම් කළ හැක. 

**විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

පිරිමි :
*පැක් 6-8ත් අතර විය යුතුය.
*උස අඩි 5 අඟල් 6ට වැඩි විය යුතුය.
*මුහුණේ මස්පිඬු චලනය කිරීමේ හැකියාවක් තිබිය යුතුය.
*රළු සුමට පෙනුමක් තිබිය යුතුය.
*මනාසේ පිහිටි හිසකේ, ශරීරාංග සහ දත් පෙළ තිබිය යුතුය.
*මනා කථන හා ශ්‍රවණ හැකියාවෙන් අනූන විය යුතුය.
*වයස අවුරුදු 40ට අඩු විය යුතුය.
*ප්‍රේක්ෂිකාවන් මෝහනයට පත් කිරීමෙහිලා සමත් මායම්හි නිපුණතාවක් තිබීම අනිවාර්ය නොවන නමුත් සලකා බැලේ. (විශේෂ: මෙකී සුදුසුකම සහිත තරඟකරුවන් ස්ත්‍රී දූෂණ, වංචා දූෂණ, ලිංගික අපචාරයන්හි චූදියන් නොවන බවට සහතික කරන ලද ග්‍රාම සේවක සහ පොලිස් ලියකියවිලි රැගෙන ආ යුතුය.)

ගැහැණු :
*බෝතල සහ hourglass හැඩයෙන් යුතු විය යුතුය. 
*පංච කල්‍යාණයෙන් අනූන විය යුතුය.
*සබ කෝලයෙන් තොර විය යුතුය.
*මනා කථන හා ශ්‍රවණ හැකියාවෙන් යුක්ත විය යුතුය.
*නම්‍යශීලි සුකොමළ ශරීරයකින් යුක්ත විය යුතුය.
*නර්තන හැකියාව විශේෂ කොට සැලකේ.(අවම වශයෙන් ඉණ කැරකැවීමටවත් හැකි විය යුතුය.)
*වයස අවුරුදු 35ට අඩු විය යුතුය.
*හැඟීම් ප්‍රකාශනයේ මනා නිපුණතාවයක් තිබිය යුතුය.

අති විශේෂ: අපචාරයන්හි යෙදුණු, සම්භාහන ආයතනයන්ට අනුබද්ධිත සේවක/සේවිකාවන්ට මේ සඳහා අයදුම් කළ නොහැක.

ඔබගේ මෑත කාලීන වර්ණ උඩුකය හෝ සම්පූර්ණ ඡායාරූපයක් සමඟ අයදුම්පත්‍රය යොමු කරන්න.





40 comments:

  1. මාවත් ගනිංකෝ මොකක් හරි චරිත කෑල්ලකට පීඊස්....!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා..උඹට නොදෙන චරිත තියෙනවද නගා මෙව්වයේ?
      උඹට කොයි වගේ චරිතයක් ද නගා රඟපාන්න ඇහැකි?

      Delete
    2. මෙයාට නෙවෙයි බස්සට දෙමු චරිතයක්, බස්සට ලොකු magnifying glass එකක් දීලා මෙයාව හොයන්න කියමු. :P

      Delete
    3. හහ්! ඈ බං උඹ හිතා ඉන්නේ බස්සි කියන්නේ ඇමීබාවෙක් (වෙන නම් අහන්න එපා මම දන්නේ ඕකව විතරයි හරිය?) කියලද නැත්නම් බිංකුණ්ඩෙක් කියලද? :P

      Delete
  2. උඹ චරිතේ ඉවානයාට දෙනව කියල පොරොන්දුවෙලා අන්තිම කොන්දේසියෙන් ඌව කපලදාලා.වැඩේ කැතයි හොඳේ.....

    ReplyDelete
    Replies
    1. (රහසින්) ෂ්!!! කෑ ගහන්න එපා යෝධයෝ..ඕකා දැන් රා කලයක්වත් කටේ හලන් නාලාගිරියා වගේ ආවොතින් එහෙම මං කොහේ කියල දුවන්න ද?
      (මහ හඬින්) මේ මේ නිකන් රෝන් ටෝක්ස් දාලා ඉවාන් බොක්කා එක්ක තියෙන බ්‍රදර් මෙව්වා එකට ජර්ම්ස් දාන්න එපා හරිය?ඌ මොකද බොල මේකට නොගැලපෙන්නේ බලහන්කෝ පැක්ස්ම 10යි...උඩින්ම සුදුසුයි...!
      (ඉවාන් දැක) බලන්නනකෝ අයියා මෙයා කියන කතා නේ..
      (කටුස්සට රහසින්) ෂේප් ෂේප් මචං ඈ...:D

      Delete
    2. හෙක් මාව කපලා උඹ චිත්තර පටි කොරාන්ඩ, හීනෙන් තමා තනි නංගි.... ..කෝම අරි උඹ මට කැරැක්ටර් කෑල්ලක් දෙනවා කිව්වම ඔන්න පොඩ්ඩක් ශේප් ගතියක් ආවා, නැත්තං දත් නැතුව බත් කන්න තමා වෙන්නේ උඹට අරී .......

      Delete
    3. (රුක්මණී දේවි ස්ටයිල්) අයියා ඔබට එසේ කරනවාද අයියා මම..? ඔබට නොහැඟේද අයියා මා හදේ ඇතිවන සහෝදරප්ප්‍රේමය..

      (ඔෂීන් ස්ටයිල්) කියන්න එපා අයියා ඔයා මට ඔහොම...කන්න බැහැ මට දත් නැතුව බත...

      (වන්ෂොට් ස්ටයිල්) මට කියන්න තියෙන්නේ ඔබතුමා නැතුව බල්ලෙක්වත් ෂූටිං කරන්නේ නැහැ කියලා...

      Delete
    4. (තනියා ස්ටයිල්) - රෙද්ද තමා ,උඹ මට මොනා කොරන්නද ? ගහනවා බලාගන් බෙල්ල ගැලවෙන්න :P

      Delete
    5. ඕකා ඔය මොනවා කිවුවත් අර ස්ත්‍රී දුෂණ කරල නෑ කියල කොහෙන් පොලිස් වාර්ථා හොයාගන්නද?

      (රහසින්) ඕකා ඔය කොළඹට වෙලා ඉන්නෙත් ඔයවගේ දේවල් නිසා ගමට යාගන්න බැරුව කියලයි කතාව පැතිරෙන්නේ.

      Delete
    6. ඉවානයගේ සූකිරි හිනාව නං වැඩේට අල්ලලා යයි..

      Delete
    7. ඉවානයෝ දුක හිතෙන කතා කියන්න එපා බං...තනියාගේ සිග්නේචර් ස්ටයිල් එක තාම ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රය හඳුනා ගෙන නැහැ..ඇඬෙනවා..:'(

      Delete
    8. කටුස්සෝ අනේද කියන්නේ...මටත් ආරංචියි ඔහොම කසුකුසුවක්...(රහසින්) කාට කියන්න ඇහැක්ද බං ඔව්වා...උපාසක බළල්ලුත් මීයෝ දෙන්න දෙන්නා අල්ලනකොට..(හයියෙන්) ඵල ඇති රුකට ලු නේ මචං බව්වොත් ගල් ගහන්නේ..නැද්ද මං කියන්නේ.. ;)

      Delete
    9. සජ්ජා: සූකිරි? සූකිරි නෙවෙයි දන්තාබුජ! :P

      Delete
  3. ස්ටන්ට් ලා අවශ්‍යද?

    ReplyDelete
    Replies
    1. අවශ්‍යයි අවශ්‍යයි...ඇහුවට කමක් නැත්නම් මකසිගේ උස බර එහෙම කොහොමද ඈ?
      කැපුම් කැලලි, තග ලුක් එක වගේ තියේ නම් ප්‍රධාන සටන් නළුවා චරිතය සලකා බැලිය හැකියි..;)

      Delete
  4. මම මේ බැලුවේ... මම ගැනම මගේ දිහා බලාගෙනම ලියපු විස්තරයක්ද කියල... ( නෑ නෑ හලෝ ඒ සම්භාහන කතාව නෙවෙයි. ඊට උඩින් කරුණු ටික)

    මම දන්නවා.... මම දන්නවා... මාවයි නේද හොයන්නේ? මොනවා හොයන්නද මම මේ ඉන්නේ!! පව්නේ ඉතින් අනිත් අයටත් චාන්ස් දෙන්න හොඳේ.....

    (රහසින්) මේ.... මම බාරගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කලේ නැහැ කියල කියන්න හරිද?

    ReplyDelete
    Replies
    1. හා හා!! ඔයා උපේක්ෂා කිව්වට ස්වර්ණමාලිනී නෙවෙයි නේ වැරදිලාවත්?? මොකද එයා නම් පොඩ්ඩක් දේශපාලන ප්‍රශ්න නිසා අමාරුයි..නැත්නම් ඉතින් කිසි අවුලක් නෑ..මේ ඔයා ෂූටිං ආවම මීයෝ පස්සේ පන්නන්න, වරක ගස් බඩගාලා වැසිකිළි ඇතුළේ පැදුරු සාජ්ජ දාන්නේ වගේ නෑ කියලා සහතික වෙනවා නම් වැඩිය ඉණ කරකවන්න බැරිවුණත් කමක් නෑ සලකලා බලන්න පුළුවන්..:P
      (රහසින්)උඹ මට හම්බෙන තුට්ටු දෙකටත් 'කෙ'යන්න 'ල'යන්න කොරන්න නේද හදන්නේ!

      Delete
    2. උපේක්ෂාව ගන්නද යන්නේ , එහෙනම් වයස අවුරුද් 53 ට අඩු කියලා හදපන්.... :P

      Delete
    3. ඒත් මදි වෙයිද මන්දා බං..ඉස්සර නම් හොර උප්පැන්නයක්වත් හදන්න තිබ්බා...කොහෙද දැන් ඒකත් බැහැ නේ...:D

      Delete
    4. තනි: මේ මොනා කියනවද තනි. ඕනේ එකක්.... ඉන කරකවන්න නේද? හුහ්.. දන්නේ නැහැ මේ මගේ හැටි එහෙනම්... අපි ඩාන්ස් ෆ්ලෝ ඔක්කොම රොක් කරන කට්ටිය. ( මගෙත් එක්ක ඉන්න අනිත් උන් මුණ වහගන්න එක වෙනම කතාවක් ) කැරකි කැරකි නටන්න නේද තියෙන්නේ? තුට්ටු දෙකක්? චා චා... යේම කියාන්ට එපා අප්පා..... මම ගරු රඟපෑමක් කරන්නම් පුදුමාකාර ගව්රවෙන්....

      ඉවාන්: හුහ්.... 53ත් වයසක්ද අනේ?

      Delete
    5. ඩාන්ස් ෆ්ලෝ රොක් කරනවා කිව්වේ ගඩොල්වලින් ද ඈ?උන් මූණුත් වහගන්නවද? ගණන් ගන්න එපා ගණන් ගන්න එපා...ඒ ලැජාවකට හෙම නෙවෙයි මම හිතන්නේ උඹ ආරූඩෙන් වගේ නටද්දි අත පය හැපෙයි කියල වෙන්ටැති..:P
      එහෙනම් ගරු චරිතයක් කරතැහැකිනේ? (සල්ලි ටික බේරුණා...)

      Delete
    6. දැන් ඉතින් පින්තුරේ එක්ක යොමුකරන්නය අරකය මේකය කියල තිබ්බට ලිපටද හලෝ එවන්නේ? කෝ නැහැනේ කිසිම හෝඩුවාවක්... මෙතන ඉන්න උන් මිනීමරාගන්නවා.

      ඩාන්ස් ෆ්ලෝ රොක් කරනවා කියන්නේ නටන පොලව තියෙනවා නේ.. අන්න ඒවාට සිමෙන්ති දැමීම, කළුගල් ඇල්ලීම, තාර දැමීම ආදිය අඩුවට සහ කාර්යක්ෂම විදියට කරලා දෙනවා කියන එකයි. ඊට අමතරව එහෙම පොලව හොඳින් තලා දීමත්, පොලවේ තණකොළ ඉදිරිමත් ආදිය කරනවා. මෙව්වා වැදගත් රැකියා. හුහ්..

      දැන් කව්ද කිව්වේ නොමිලේ කරනවා කියල ඈ ? ගරු කියන්නේ මාර ගව්රවයෙන් ඒ කියන්නේ රඟපාන්න එන්න කලින් බුදුන් වැඳලා, රඟපාන පොලවට වැඳලා තමයි පිවිසෙන්නේ. යන්නෙත් වැඳගෙන එහෙම. එතකොට මල්මාලා , සුවඳ පාක්කුඩම් වගේ දේවල් ඔයාලට තමයි ලෑස්ති කරන්න වෙන්නෙත්. ගෙවීම කරන්නෙත් ගව්රවයෙන්. වැඳලා කරලා, එකත්පසක ඉඳල තමයි සල්ලි ටික ඉනේ ගහන්නේ. අපොයි අපොයි... මෙව්වා දන්නේ නැතුවද බොල මේ චිත්තරපටි කරන්නේ? ඕක තමයි අලුත් උන්ගේ සංගයක් නැහැ කියන්නේ. මෙලෝ සම්ප්‍රදායක්, සඟිස්කුරුතයක්, සල්වාරියක් දන්නේ නැහැ...

      Delete
    7. බුදු අම්මෝ! අපේ ප්‍රවීණ සිනමා රැජිනට කේන්ති ගොහිල්ලා වගේ..සමාවී වදාරන්ට සත්තලනේ..ඔයා ගව්‍රවෙන් රඟන්න අපි ලයිට් අල්ලන්නම්...
      අඩෝ මේ එහෙම සැලකුම් අරන් තියෙන්නේ අපේ නම් ගාමිණී ලොක්කා විතරද මන්දා..අනික් අයටත් ඉතින් ඔය මොනමොනවා හරි කොරන්න ඇති..කෙන්ජි ආයෙත් ලියන්න ගත්තොත් සේරම දැනගත හැකිවෙයි..

      ආහ්හ් අයදුම්පත්‍ර එවන්න ඕන මෙන්න මේකට.. thanitharuwa18@yahoo.com

      Delete
  5. මචං තනි .... යූ ඩෝන්ට් නෝ හූ මීයා ....

    අයි ඇම් ඇන් ඇක්සලන්ට් ඇක්ටර් ඕ කේ.......

    මාව ගත්තොත් උඹේ මේ පිච්චර් පටිය ..බොක්ස් ඔෆිස්, සිලින්ඩර් ඔෆිස්, ටින් බෙලෙක්ක අරක මේක ඔක්කොම කඩලා තමයි පස්ස බලන්නේ ....

    හැබැයි ඉතිං ගන්න එකේ ගනින් හොඳ නිලියක්..නිකන් කෂඩ කෑලි නැතුව. මොකද නිකං එඩී රුක්මණී වගේ ඉන්න එපැයි.

    හැබැයි පුතෝ මාව හලලා වැඩේ කරන්න හිතන් ඉන්නවනං දැන්මම බොරැල්ලෙ කනත්තෙන් හයේ තුනේ ඉඩමක් ඉල්ලලා තියා ගනින් අරී

    ReplyDelete
    Replies
    1. අනේ අයියා...මම දන්නවා කොස් ඇට, ඌරු, හික් මීයෝ නම් හූ මීය කියලා එකෙක්ව නම් දන්නේ නෑ තරහ අවසර..
      අනේ ඉතින් ඔය බොක්ස් ඔෆිස් එකක් වගේ ගියොත් මදෑ..වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපි කිව්වලු..! (රහසින්) නොදකින්! ටින් බෙලෙක්ක කඩන්න නම් මූව ගන්නවැයි හැබෑටම! :P

      (හයියෙන්) හී හී..මට වටේ ඉන්න කට්ටිය කියනවා අනේ අධ්‍යක්ෂණය කරන ගමන්ම ප්‍රධාන නිළියගේ චරිතයත් රඟපාන්න කියලා...මම මේ මොකද කරන්නේ කියලා හරි වොරීඩ්..ඔයාටයි මටයි නම් අනේ එඩී රුක්මණී වගේ ඉන්න බෑ..මොකද ඔයා හුඟක් හැන්ඩ්සම් නිසා ෆ්‍රෙඩී රුක්මණී වගේ ඉඳී..! (දුවපියෝ..!)

      Delete
    2. ෆ්‍රෙඩියි දෙනවක හාමිනෙයි වගේ නම් වෙයි ...හැක හැක .....

      Delete
    3. අඩෝ...අන්න අන්න එහෙම කතා කරන්න එපා හරිය?
      උඹ පාට්ස් දැම්මොත් මම බොට දෙනවා ප්‍රධාන නළුවගේ එහා ගෙදර අන්කල්ගේ චරිතේ! :@

      Delete
  6. අනිත් ඔක්කොම හරි... පැක් ඔක්කොම එකට සෙට් කරල එක පැක් එකක් විදිහට නඩත්තු කරන එක ගැටලුවක් වෙයිද මංදා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...පැක් ඔක්කොම සෙට් කරල නේද?
      කමක් නෑ ඔයා ඔය වර්ණ උඩුකය හෝ සම්පූර්ණ පොටෝ කෑල්ල එවන්නකෝ..සිලෙක්ට් වුණොත් ෂාරුක්ගේ ඇඟට මූණ සෙට් කරන්න හරි ට්‍රයි එකක් දෙමු..;)

      Delete
  7. අර අති විශේෂ කාරනේ විස්තර කරල තියෙන ගෑනු උදවියටනම් ඕනවටත් වැඩිය සුදුසුකම් තියෙයි. ඒ අයගැනත් නැවත සලකාබැලුවනම් හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. සැ.ලි.නි:
      වෙල්කම් ටු තනි තරුව කිව්වා!
      කිව්වට මොකද බං මටත් ඕකම හිතුණා...වැඩේ තියෙන්නේ ඉතින් මේකනේ...ඔහොම අය ගත්තම එයාල ෂූටිං අතරෙත් පුරුදු රස්සාව කොරන්න ට්‍රයි එකක් දෙන එක තමා...නැත්නම් කිසි ගේමක් නෑ..:D

      Delete
  8. ඔය පැක් ටිකයි මූණ නටවන්නයි සුමට පෙනුමයි තිබ්බේ නැත්තං මාත් එනවා රඟපාන්න..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...පැක් ටික නේ?
      මොකද්ද බං බලන් යද්දි උඹලා සේරම නො-පැක් නේ..! බෑ බෑ ඔහොම බෑ...මම හිතුවා දැන් කාලේ හැදෙන (නාකි) ඉලන්දාරි ඔයිට වඩා තමන්ගේ කඩවසම්කම ගැන සැලකිලිමත් කියලා...පුයර බබ්බු නළුවෝ වෙන එක අහන්නත් දෙයක් යැ ඉතින්..! :P

      Delete
  9. බොරු කියන්න ඕන නෑනේ.. සික්ස් පැක් නෑ.. අනික්වා නම් හරි.. අඩේ අපිටත් චෑන්ස් එකක් දියංකෝ...

    ReplyDelete
    Replies
    1. කමක් නෑ බං..දැන්වීමේ ඔහොම දැම්මට ඔක්කෝම පැක් සහිත කට්ටිය දාගත්තොත් ඕක නිකං ෆිලුමක් නෙවෙයි අයෝමය පුරුෂයා තෝරන තරඟයක් වගේ වෙනවනේ..උඹට දෙන්නම් සහය නළුවගේ චරිතයක්..කොල්ලගේ යාළු ෆිට් එකක්? නැත්නම් උඹ කැමතිද කෙල්ලට ලයින් දාන දුෂ්ටයා වෙන්න?

      Delete
  10. //රංජන්-අනර්කලී//

    මේ මොකක් ද බොල... මෙහෙම වෙන්න නම් අන්තිම ලැජ්ජයි බං...... ඒ නිසා දාන්නෑ... නැත්තං ඉතිං අපිත් නළුවෝ තමා හරිය

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා කුරුට්ටෝ සිංහල සිනමා වංශ කතාවේ සිහින කුමරාට..(නාකි වුණත්) අනර් කොච්චර සෝක් ද අනේ..දැන් ඔය කපල් එකේ නම නැත්නම් උඹ/ලා රඟපාන්න කැමතිද? P

      Delete
  11. දුමීට නම් දැන් 40යි....! ඒකාලේ තිබිච්ච සික්ස් පැක් එක උඩින් දැන් බොඩි ආමර් එකක් දාගෙන ඉන්නේ....

    ඉතින් ඔය වේකන්සියට දුමීට නම් ඇප්ලයි කරන්න වෙන්නෙ නෑ....!

    ReplyDelete
    Replies
    1. :D :D
      සැලෙන්න එපා දුමී...අනික් සුදුසුකම් ටික තියෙනවා නම් අවස්ථාවක් ලැබෙන්න පුළුවන්..කොල්ලගේ අයියගේ චරිතේ වගේ එපා ද? ;)

      Delete