Wednesday, May 27, 2015

උණුහුම (ඇ/නැ)ති

අහස් ගඟ නොනවත්වාම ඇද හැලෙන කොට
පාර බලාන
උණුහුමට ගුලිවෙලා සැපට
දුම්දමන කෝපි පොදක්
තොලගගා ඉන්නකොට
මම..
සියොලඟම තෙමී
ගුලිවෙලා ගැහෙමින්
පිල්කඩක් උඩ 
උණුහුම හොයන
නුඹ..
දෙනෝදාහකගේ කුණුකන්ද 
සෝදාගෙන ගලා යන වතුරට
ඇස් යොමාගෙන භාවනා කරන..



14 comments:

  1. පූසෙක්ද බන්
    කවි ලිය ලිය ඉන්න වෙලේ ඌව ගෙට අරන් ඇග පිහල උණුසුම් කරපන්කො.
    හෙහෙ හෙහෙ

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..නෑ බං බව්වෙක්..
      ඇත්තටම කෝපි බිබී හිටියේ මං නෙවෙයි..
      සත්තු වුණත් අසරණ මිනිස්සු වුණත් ඒ වගේ අවස්ථාවලට මූණ දෙනවා නේද? මම දැකලා තියෙනවා මහළු අම්මලා තාත්තලා පිල්කඩවල් උඩ තෙමෙමින් ඉන්නවා..ඒ වෙලාවට ඔවුන්ගේ දරුවෝ ඔය වගේ උණුහුමට ගුලිවෙලා ඇති නේද සමහරවිට..? :(

      Delete
  2. අහස් ගඟ නොනවත්වා හඬා ඇද හැලෙනකොට..
    සීතලට ගුලිවෙලා කෝපි තොල ගාන ඔබ
    උණුසුම්ම දසුනකිය හිත ඉස්සරහ මැවෙන
    තෙමි තෙමි මුත් මෙමට ඔබ ගැනම තව හිතන..

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට මේ කමියට හිතෙන දේවල්..! :P

      Delete
  3. සිත් රූ මැවෙන කවියක්
    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්ණ..:)

      Delete
  4. "වැටෙන වහි බිඳු තරම්
    මාත් ඉපදිලා ඇති
    අර ඉන්න මිස් වගේ
    උණුහුමට ඉන්න ඇති
    සසර කෙටි කරන හැටි
    අමතකම වෙන්න ඇති
    ගෙවුන දා පවු කන්ද
    එතෙරටම යන්න හැකි"

    භාවනා කරන බවුවා කිව්වෙ.

    බොට මතකෙයි හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සීයගෙ කතාවක කාටූන් එකක් ගියා ගිණි පෙට්ටි විකුණන දැරිවියක් ගැන..??
    ලියවිල්ල ගැන බොනිකර තරුවට ආචාරය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹේ කවිය සිරා!:)
      ඔව් ඒ කාලේ පොඩි එකෙක් හැටියට මාර දුකක් දැනුනා උදේ ගිනිපෙට්ටිට් කෙල්ල මැරිලා ඉන්නවා දකිනකොට..
      තැන්කූ මචෝ..

      Delete
  5. ගති, වැස්සට තෙමි තෙමි ඉන්නේ නැතුව ගෙට පල..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්...හා හොඳමයි..:P

      Delete
  6. අපි එහෙම හිතුවට, සතෙකුට ඔය වැස්සේ තෙමෙන එක අපිට තරම් ගානක් නෑ. උන්ට ඔය පාරිසරික වෙනස් වීම් අගේට දරාගන්න පුලුවන්. අපිට වගේ හෙම්බ ගහන්නෙත් නෑ. නමුත් බලා ඉන්න අපිට හිතට අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට පව් ඩූඩ්..මම හිතන්නේ මිනිස්සු වුණත් එහෙම ඒවට හුරුවෙනවා..මම දැකලා තියෙනවා එහෙම අසරණ වෙලා මැරිච්ච සත්තු..මිනිස්සුත් එහෙම මැරෙනවා ඇති...

      Delete