Sunday, June 30, 2024

පිස්සු

"පිස්සු විකාර"
"පිස්සු නැත්නම් ශෝක්"
"පිස්සුවක්නෙ"
"තමුසෙට පිස්සුද ඕයි?"
"පිස්සු ගෑණියෙක්/ පිස්සු මිනිහෙක්/ පිස්සු යකෙක්/ පිස්සු %#$&@"

'පිස්සු' කියන වචනෙ තරම් ඇහෙන වචනයක් තව තියෙනවද?
'පිස්සු' කියන වචනෙ නැති මොකක් හරිම සංවාදයක් නැති දවසක් කාටහරිම මතක් කරගන්න පුළුවන්ද?
ඇත්තටම ඔය කියන තරම්ම පිස්සු ලෝකයක්ද මේක?

අපිට තේරුම් ගන්න බැරි යථාර්ථයක් තව කෙනෙක් දැක්කම අපි ඒකට පිස්සු කියන අවස්ථා නැද්ද?
අපි එකඟ නොවෙන දෙයක් හින්දා ඒක පිස්සුවක් කියලා හිතෙන අවස්ථා නැද්ද?

හැමෝටම පිස්සුවක් තියෙන්න බැරිද?
ක්ලේශවලින්ම උම්මත්තකභාවයට පත්වෙන මිනිස්සු ඉන්න පුළුවන්නෙ.
මහන්තත්වයෙන්, තණ්හාවෙන්, වෛරයෙන්, කාමයෙන්, රාගයෙන්, මෝහයෙන්, මුලාවෙන්, ආදරෙන් පිස්සු වැටෙන පෘථග්ජනයො නැද්ද?

ඒක එහෙම නම් ඒ පිස්සුවෙන් මිදෙන්න අපි මොනවද කරන්න ඕන?
මේ 'පිස්සු' ලෝකෙන් මිදෙන්න උත්සහ කරන එක.
මේ 'පිස්සු' ලෝකේ තවත් එක පිස්සුවක් නොවී ඈත් වෙන එක. (මොකද පිස්සුවක් නොවී මේකෙ රැඳෙන්න අමාරු තැනක් වෙලා නිසා)
නිහඬ නිශ්චල තැනකට අතුරුදහන් වෙන එක?
සමහරවිට..

~තනියා 
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

2 comments:

  1. බලොග් එකක් ලියපුවම හරි යනවා.

    ReplyDelete
  2. මම අහල තියන හැටියට ඒක වෙන්න ඇති බුදුන් වහන්සේ 'සබ්බේ සත්තා උන්මත්තකා' කියල දේශනා කලාය කියල සදහන් වෙන්නෙ.ඉතින් ඔබය මමය කියල ලොකු වෙනසක් නැහැනෙ.

    ReplyDelete