Wednesday, July 17, 2013

වර්ණ



වර්ණ පුද්ගලයන් සහ මතක සමග බව බැඳෙන බව සැබෑවක් නම් සිත්තරෙකුවීමට නොහැකිවීම ගැන මම පසු නොතැවෙමි.
සියුම් සිතුවිලි සිතුවමකින් කියන්නට ඇත්නම්යැයි හැඟෙන තැනකදී නම් සිත්තරෙකුවීමට හැකිවූවානම් කියා පසුතැවෙමි.

ප්‍රේමය සුන්දර කරවන වර්ණ, විරහව පාරවන බව දුටුවිට මගේ ප්‍රේමයට වර්ණයක් නොවීම ගැන සැනසුම් සුසුමක් හෙලමි.
නමුත් වර්ණ සංකලනයවූ කල සොඳුරු ප්‍රේමය මනස්කාන්තයැයි සිතමි.



මා තුළ නුඹට ඇති ප්‍රේමය වර්ණයක දියකර අකාමකා දමන්නට නොහැකිබව ගැන මම සතුටු වෙමි.
නමුත් යම්විටෙක මට වචනයෙන් ගොනුකරගත නොහැකි ප්‍රේමය කියන්නට වර්ණයක් සොයාගත නොහී තැවෙමි.

මා තුළ නුඹට ඇති ප්‍රේමය සිතුවමකින් නොඉපදුණු නිසා තැවෙමි.
එහෙත්, සිතුවමක් සමග වැළලෙන්නට මගේ ප්‍රේමයට කිසිදිනක සිදුනොවන බව දැන සැනසුමට පත්වෙමි.

කෙසේවුව, මගේ ප්‍රේමය තුළ සදාතනික වර්ණය නුඹය.
හිස් කැන්වසයක් නොවූ මගේ සිත තුළ ප්‍රේමයක අපරිමිත රටා මවනුයේ නුඹය.
එහෙයින්ම නුඹ මා තුළ මා නොදැන උන් සිත්තරෙකු මවන්නේය.
ඒ සිත්තරා ජීවමාන කරවන්නේ නුඹ හද තුළ ඉපිද මගේ හදවතට කාන්දු කෙරෙන නුඹට පමණක්ම උරුම සොඳුරු සෙනෙහසය.

-Colour (වර්ණ) නරඹා සංවේදී වීමි.

6 comments:

  1. හනේ.... මට තාම ඕක බලන්න බැරි වුනානේ.....

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න. විචාරකයෝ නම් නානාප්‍රකාර විචාර දීල තිබ්බා. හැබැයි සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුගේ තත්වයේ ඉඳගෙන බලද්දි මට නම් සමහර සිංහල. දමිළ හා හින්දි චිත්‍රපටිවලට වඩා හුඟක් හොඳයි.

      Delete
  2. හැම විචාරක සටහනක්ම කියැවීමෙන් හා තමන් එය දැක ඇති කර ගත් චිත්ත සමාධීයෙන් හොඳම නිගමනයකට ආ හැකියි සහෝ.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන ප්‍රමාද පිළිතුරට. :) ඒ කතාව ඇත්ත. නරකක් නොඇසෙන තැනක හොඳක් ගැන නිගමනයකට එන්න අමාරුයි වගේම විචාරවලත් සියල්ල කියවීමෙන් මිසක් අවසාන සාධාරණ නිගමනයකට එන්න අමාරුයි නේද?

      Delete
  3. Replies
    1. It was really a good try Isuru! Hope you would come up with another creative idea. Good luck!

      Delete