Friday, August 22, 2014

වාරියපොළ සහ අතවර

මේ දිනවල මාධ්‍යවල, බුකියේ, ගොසිපන්ගේ ප්‍රියතම මාතෘකාව වාරියපොළ සිදුවීමය.කෙල්ලක කොල්ලෙකුට අත පුරවා කණට ගසන බැණ වදින ආන්දෝලනාත්මක වීඩියෝව බැලු බැලු හතර අතය.ඊට ලැබී ඇති ප්‍රේක්ෂක ප්‍රතිචාර දුටුවිට මෙය ලියැවෙන්නට හිතට ආවේය.

සැලකිය යුතු: : මම සිද්ධිය ඇසින් දුටුවෙක් හෝ කණින් ඇසුවෙක් නොවෙමිය.

ප්‍රවෘත්ති කියා ලැබෙන ඕපාදූපවල ආකරයට නම් ඇය හැඳ සිටි ඇඳුමට මොනවාදෝ කියූ නිසා ඌට අම්බානකට කන්නට වී ඇත්තේය.ඔය වීඩියෝව දුටු ඕනෑම කෙනෙකුට හැඟෙන දෙය නම් ඈ කෙසඟ කළු කෙල්ලක බවත් (අපහාසයක් නොවේ) ඇඳ සිටින ටීෂර්ටයේ උරිස් පේන්නට කපා ඇති බවත් ඩෙනිම ටයිට් බවත්ය.දැන් පෙරලෙන පැත්තේ හැටියට සියල්ලටම මුල ඔය කී ඇඳුම හා ඇගේ සිරුරය.


*ටයිට් ඩෙනිම් අඳින්නේ ඒ කෙල්ල පමණක් නොවේය.ලංකාවේ සමහර හැට පැන්න ආච්චිලාත් අඳින්නේ ටයිට් ඩෙනිම්ය.ටයිට් ඩෙනිම් ඇඳගන්නට බැරි තරම් බරසාර කකුල් ඇති උදවිය ඊර්ෂ්‍යා කරන්නේද ඒ විලාසිතාවක් නිසාය.

*උරිස් කැපු ටීෂර්ට් අඳින/ඇඳ සිටි එකම කෙල්ලත් ඇය නොවේය.උරිස්වලට වඩා එව්වා එළියේ දාගෙන යන උන්දැලා සිටින්නෝය.අඟල් දෙකේ තුනේ කලිසම් කෑලි ඇඳ, නෑන්ඳා වාගේ යන උන්දැලා සිටින්නෝය.

*අනික් අතට "ඒ" උරිස් දෙක පෙනුණා කියා මහලොකු ව්‍රතයක් බිඳෙන්නේද නැත.

*කෙසඟ ඇඟකට "ඇඟට සිරවන ලෙස ඇන්ඳායි" කීම විහිළුවකි.කැහැට්ටෙක් XL/XXL ඇඳ පාවෙන සරුංගලයක් සේ යන්නට උවමනා නැත.කෙනෙකු තමන්ගේ ශරීරයට පහසු හා ගැලපෙන ලෙස හෝ තමන්ගේ රුචිකත්වයට අනුව ඇඳි පමණින් ඇය වෛශ්‍යාවක වන්නේ නැත. අනික් අතට කළු ලෝගු පෙරවං යන්නට ෂරියා හෝ ආගමික නීති ලංකාවේ තවම නැත!


කාන්තාවකට සිරුර ආභරණයකි.ඒ නිසාම ඔවුන් අතර යම් ඊර්ෂ්‍යාපරවශ, වෛරී හැඟීම් ඇතිවන්නටද මුල්වන්නේය ඔය කී හැඩය හා විලාසිතාය.අනික් අතට පුරුෂ පාර්ශවය මොන බයිලා ගැසූවද ගැහැණියකගේ හැඩැති සිරුරකට, ඊට ගැලපෙන විලාසිතාවකට ලොබ නොකරන්නේ නැත.සමහර ඊනියා පුරුෂවාදීන් තමන්ගේ ගැහැණියට ලෝගු අන්ඳවා/නීතිවලින් බැඳ වෙන උන්ගේ ලෙලෙන බඳවල්, හැඩැති නාරි දේහ, සුදු දිගැති කකුල් දෙස කෙළ හලහලා බලා සිටින්නෝය.අවස්ථාවක් ලදොත් ඊටත් වඩා දුර යන්නට වලිකන ඈයෝද සිටිති.

කෙනෙකු අනුගමනය කරන විලාසිතාව ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ පෞද්ගලිකත්වයයි.බස් හෝල්ට් ගානේ හංදි ගානේ බෝක්කු උඩ රැක සිට විවේචනය කිරීම හෝ උසුළු විසුළු පෑමෙන් එය වෙනස් කළ නොහැකියි.අනික් අතට නිශ්ඵලයි.තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියා ඉන්නවා මිසක අනික් උන්ගේ ඇඳුම් පැළඳුම ගැන සිතා තැවෙන කාලය අපරාධයකි.අනික් අතට තමන්ගේ ඇහේ පොල් පරාල තබාගෙන අනුන්ගේ ඇහේ ඇති රොඩ්ඩ ගැන තැවීම විහිළුවකි.මේ මට සිතෙන හැටිය.මීට වඩා වෙනස් අදහස් ඇති අය ලොව සිටිති, මට එය ඉවසතහැකිය.

දැන් උරිස් පෙනුන නිසාවෙන් හා චොප්ස්ටික්ස්වලට ටයිට් ඩෙනිම් ඇඳි නිසා ලංකාවේ බහුතර ජනයාගේ හැඟීම් ඇවිස්සිලාය.ලෝකයේ මොඩ්ල්ස්ලා බ්ලීච්කොට ශිමරින් ලෝෂන් උලා දහස් ගණන් වටිනා මේකප් උලා නාරි දේහයේ වටකුරුකම පෙන්වමින් විවිධාකාරයෙන් අඟ පසඟ උළුප්පමින් කෝටි ගණන්වලින් කෙරෙන ප්‍රචාරණ කටයුතු අපරාදේය.මන්දයත් මෙවන් දෙතුන් දෙනෙක් සිටියානම් ඇතිය.
ඈ හිතාමතාම එසේ ඇඳගෙන ගොස් ඇත්තේ වෛශ්‍යාවක නිසාය.ඊට අදාළ ප්‍රවෘත්ති පිරී ඇත්තේ ජුගුප්සාජනක අසහනකාරයන්ගේ කමෙන්ටුවලින්ය.ඒවා දුටුවිට අපුළය.ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් ගිය කොල්ලෝ ඈට වාරියපොළ ටවුමේ පෝලිම් දාන්නට තතනති!ඔවැනි අසහනකාරයන්ට උරිස් පෙනීමෙන් සුරාන්තයකට එළඹෙන්නට හැකිනම් කවර කතාද?දැන් බලන කල උන් එක්කෝ හම්බයන්ටත් අන්ත එවුන් විය යුතුය.

ඇසු දුටු විඳි අත්දැකීමෙන් කියමි, බස්වල ජැක් ගහන එව්වන්ට, අතවර කරන්නන්නට, ස්ත්‍රී දූෂකයන්ට ඇඳ සිටින ඇඳුම වැදගත් වන්නේ යම් ප්‍රතිශතයකටය.ඒ ඔවුන්ගේ මානසිකත්වයයි.ස්ත්‍රී නිමිත්ත තිබු පමණින් දූෂණයට ලක්වන මාස ගණනේ දරුවන්, ඇවිදගන්නටවත් නොහැකි වයසක අම්මලා ගැන ප්‍රවෘත්ති පළවේ, ඇසු දුටු කතා ඇත.එසේනම් කළු උරිස් දෙකක් දුටු පමණින් හැඟීම් ඇවිස්සෙන සමාජය ගැන කිව යුත්තේ මොනවද? ඔබම තීරණය කරන්න.

කළින් කී පරිදි මම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවෙකු නොවන නිසාවෙන් කිසිවෙකුට සුදු හුණු හෝ කළු තෙල් ගෑමේ උවමනාවක් මට නැත.

ගැහැණිය වෙනුවෙන් සාධාරණ හේතු එසේවන්නේද ඒ ලෙසම අසාධාරණය නීතිය අතට ගැනීමය.බලා හිටි උන් කියන්නේ විනාඩි 45ක් පමණ පහරදීම සිදුවූ බවය.එසේනම් විනාඩි 45 පුරාවට වීඩියෝ කරමින් ආතල් ගන්නවාට වඩා වැඩක් සිදුවීත් නැත.පොලෝසියක මැදිහත්වීමක්වීත් නැත.

අනික අතට එතැන ඇත්තටම සිදුවූයේ මොනවාදැයි අපි නොදනිමු.දැන් ඔය ගුටි කෑ කොළුවා කියන්නේ කෙල්ල වැසිකිළි ගොස් එද්දි එතැන සිට "මිස් ඔය ඇඳුම ඔයාට ගැලපෙන්නේ නෑ නේද"යි කිව්වා කියාය. (විවිධ මාධ්‍ය මේ ප්‍රකාශනය වෙනස් වෙනස් ආකාරවලින් පළ කර තිබෙනු දුටිමි) ඇසු දුටු සාක්ෂිකාරයෙක් ඉන්නවාද? 

අනික් අතට ඒ ඇඳුමේ ගැලපීම හෝ නොගැලපීම අවවාද කරන්නට ඔහුට අයිතියක් නැත.පවුලේ සමීපතමයෙකු හෝ ප්‍රේමවන්තයා/සැමියා හෝ අඩුමතරමේ මිත්‍රයෙකු හෝ නොවන්නේ නම් ඉන් ඈ කිපීම පුදුමයට කාරණයක් නොවන්නේය (අද සමාජයේ සිදුවන දේ අනුව).
ඒ අවස්ථාවම අනික් අතට සැලකුවොත් කෙල්ලක පිරිමි වැසිකිළිය ලඟ රැඳී හිඳ යමෙකුට "ඔය රැවුලයි කොණ්ඩෙයි ඔයාට ගැලපෙන්නේ නෑ නේද?" "ඔය ෂර්ට් එක මැච් වෙන්නේ නෑ නේද?" කියා කීවොත් ප්‍රතිචාරය කුමක් විය හැකිද?අඩුම තරමේ "පලයන් *** යන්න" කියා හෝ කියනු ඇත.(මා මේ කියන්නේ ජැක්ලීන් වැනි හුරුබුහුටි සුන්දර කෙල්ලක් එසේ කියනා අවස්ථාවක් ගැන නොවේ)

ඒ අවස්ථාවේ ඈ සිටි මානසික තත්වය අපි නොදනිමු.ඇත්තටම මිස් කිව්වාද නැත්නම් වෙන කුණුහරුපයක් කිව්වාදැයි කියාත් නොදනිමු.කිව් හා වූ දේ දන්නේ ඒ දෙදෙනාම පමණය.අනික් කාරණය එතරම් පිරිසක් වටවී ඉඳලාත් ඔය හැඟීම් ඇවිස්සුණු, වර්ගප්‍රේමයෙන් ආතුරව නන්නාඳුනන ගැහැණියක ගණිකාවක් කළ සහෝදරයන් ඌව බේරාගෙන නැත!ඉතිං කවර කතාද?

දැන් කතාව පෙරළෙන්නේ අමුතු පැත්තකටය.විහිළු කිරීමෙන් ගුටි කෑ සෙල්වා රැවුලත් කපලාය.ජීවත් වෙන්නේ කුලී වැඩ කිරීමෙන්ලුය.සමාව ඉල්ලද්දීත් ගැහුවාලුය.(ඒ බව නම් අපටත් පේනවාය) 

තව ටික දිනකින් තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපති උත්තමයා, අර කෙල්ල තමාව දූෂණය කරන ලෙස දෙපතුල වැටී කරන ලද කන්නලව්වට ප්‍රතිචාර දැක්වූවා විතරය කීවෝත් අපි පුදුම නොවිය යුතුය.නීතිය දෙබිඩිය.එකම දිනවල විදේශිකයෙකු ඝාතනය කොට කෙල්ලක සමූහ දූෂණයට ලක් කල දේශපාලනඥයෙකුට සිර දඬුවමද මිනීමැරීමේ නඩුවක විදේශීය යුවලට මරණ දණ්ඩනයද නියම වූයේ ඔය දෙබිඩි පිළිවෙත නිසාය.පැමිණිලිකරු විත්තිකරු කරන්නටත් විත්තිකරු පැමිණිලිකරු කරන්නටත් අද රටේ බල්ලාගෙනුත් පහළට ගිය නීතියට හැකිය.එනිසාවෙන් ඔය හැරෙන අත බලා ඉන්නවා ඇරෙන්නට වෙන වැඩ අපට නැතිය!

මාධ්‍ය අද බොහෝ දේ වාර්තාකරන්නේ තාර බරු පිටින්ය.ඒවා කිරා මැන පෙරා ගැනීම අසන්නගේ වැඩක්ය.අනික් අතට දවස පුරා වාර්තා කරන ඔය තාර බරු ටොන් වගවිභාග කරනවාට වඩා වෙලාවක් එදා වේලට බඩට දමාගන්න හාල් හුණ්ඩුවක් හොයන්නට ගතවන නිසා ඒ ගැන ජනතාව දක්වන්නේත් උදාසීන ප්‍රතිචාරයක්ය.


මගේ අත්දැකීම්: 
මාතෘකාවේ හැටියට මගේ අත්දැකීම කිහිපයක් ලියා තැබිය යුතුයැයි සිතුවෙමි.


පළමු සිද්ධිය:
ඉස්සරහ අසුන් ඇඳ අල්ලාගෙන උන්නේ පෙනුමෙන් මහ නසරානි රස්තියාදුකාර මිනිසෙක්ය.උගේ අතේ වූ ජංගමයේ කැමරාව වාඩිවී සිටි මාත් අනික් ගැහැණු ළමයාත් දෙසට එල්ලවෙලාය.හැකිතරම් මුහුණ සඟවාගෙන වරින්වර රවමින් උන්නත් ඒ කැමරාව එහෙමමය.මගේ එහා පැත්තේ උන් කෙලී බෙල්ල කඩාගෙන මර නින්දකය.අන්තිමේදී ඒ මිනිසාට එහා පැත්තේ ආසනයක් ලැබුණි.වාඩිවූවත් මම ඔහු ගැන විමසිල්ලෙන් උන්නේ දුරකථනය ඔබ ඔබා හිනාවෙමින් අමුතු පිස්සු ගතියක් පෙන්වන නිසාය.නැවතුමකදී ඌ ජංගමයෙන් නගින බහින මිනිසුන්ගේ පින්තූරු ගන්නවා දුටුවිට මට දෙලෝ රත්විය.ඉස්සරහ අසුනේ නිදිකිරමින් උන්නේ හමුදා ඇඳුමක් ඇඳගත් මිනිසෙකි.මම ඔහුට සිද්ධිය කියා පුද්ගලයාව පෙන්වූවිට කලබල වුණු ඔහු රවා බලමින් බණින්නට පටන් ගත්තේය.හමුදා නිලධාරියා දුරකථනය පරීක්ෂා කරද්දි එහි ඡයාරූප තිබුණි!

නගින බහින වාඩිවී සිටින මිනිසුන් ගැහැණුන් පින්තූරු ගන්නට අවශ්‍යතාවක් නැත.ඌ කියන නිදහසට කාරණය දුරකථනය අළුත් නිසා ටෙස්ට් කොරන්නට පින්තූරු ගැනීමය.ඕනෑම ගොන් වස්සෙක්ට තේරෙන දෙය නම් කැමරාවක් ටෙස්ට් කොරන්නට එක්කෝ තමන්ගේ පින්තූරයක් ගැනීමය.වේගයෙන් යන බසයක හිට පින්තූරු ගෙන ටෙස්ට් කර මෝටර් ක්‍රොස් ඡායාරූප ගතකොරන්නට හිතං උන්නාද දන්නේ නැත!අප අසුන් ලඟ හිඳ ගත් පින්තූරුවල මගේ ඇඳුමේ පාට පමණක් සෙලවුණු පින්තූරයක් තිබුණේය.දැන් බසය තුළ හෙණ සද්දයකි.කොන්දොස්තර සහ රියැදුරු තැන බසය පොලීසි ගෙනියන බව කීවෝය.හමුදා නිලධාරියාත් එය අනුමත කලේ සාක්ෂි තිබූ නිසාය.ඔවැනි මිනිසුන්ගේ සුපුරුදු විලාශයට දැන් ඌ මට කතා කියන්නේය."ඇඳුමෙන් මිනිස්සු මනින්නට එපා අපි දන්නවද ඔයා කවුද කියලා" කියා කියන්නේ මේ ලුමිනස් කහපාට සෙරෙප්පු දෙකක් දමා කොට කලිසම් ඇඳ හිටින ඔහුවත් ඔෆීසි ගොස් එන සකල ශරීරය හරියාකාරව ආවරණ කරගත් මාවත් පෙන්නමින්ය.බසයේ එකෙක්වත් කට අරින්නේ නැත.ඒ වෙනුවට උන් මා දිහා කන්නට වාගේ බලනවාය! සාක්ෂි තබාගෙනත්, උගේ කීර්ති නාමයට කැළලක් කළායැයි ඌ පොලෝසියට කියනවාලුය.කොහොමින් කොහොමහරි අර නිලධාරියාට නඩුව විසඳන්නට හැකිවූ අතර මම නැවතුමෙන් බැසගත් නිසා එතනින් එහාට වූ දෙයක් දන්නේ නැත.

ලංකාවේ අන්න එවැනි දේ හැමදවසකම හැම පොදු ප්‍රවාහන සේවයකම සිද්ධවන්නේය.එවන් අවස්ථාවල ඔය දැන් වලිග පාගාගෙන කෑ ගසන ඊනියා මේනියාකාරයෝ කට *ක පියාගෙන නෑසුකන්ව සිටින්නෝය.පිරිමි ශරීර ඇති නමුත් පිරිමි නොවන උන් ඇති එවන් අවස්ථාවල අතවරය කෙරූ එකා නොව ලක්වූ එකිය විත්තිකාරිය වන්නේය.මා කියන්නේ මෙය වාරියපොළට ආදේශ කරගන්නට කියා නොවේය.නමුත් බහුතර සිදුවීම් මෙසේය.


දෙවන සිදුවීම:
බස් රියේ තිබුණේ එකම එක අසුනකි.ඒ රැවුලක් වවාගෙන කොට කලිසම හැඳ සිටි ඇත්ත වශයෙන්ම මැර පෙනුමක් තිබූ කෙට්ටු මිනිසෙකු ලඟය.වැස්සක තෙමීගෙන බසයට නැග හිටගෙන යන්නට නොහැකි නිසා අසුන් ගෙන විමසිල්ලෙන් සිටි අතර බසයට නැගුණේ පාසැල් නිල ඇඳුමෙන් සැරසුණු කොලු රෑනක්ය.එවේලේත් රෑ 7ට පමණ ඇත.කොළඹ විශ්ව විද්‍යාලය ලඟින් බ්‍රීෆ් කේසයක් ගෙන නැගුණ අංකල්කාරයෙකුත් අර කොළු රෑනත් අතර සීතල යුද්ධයකි.ඒ තරම් තෙරපෙන්නට සෙනඟ නැතුවාත් උන්දැලා හදිස්සියේම බරට දැනුණු ශරීරාංගයක් මගේ උරිස්සක් උඩ වාඩි කරවාලන්නට හෙණ ගේමක්ය.අසුනේ තව එහාට වන්නටත් නොහැකිය.මගේ කොන්ද දැන් අංශක 5-10න් පටන් ගෙන 60කට පමණ ඉස්සරහට නැවී ඉන් බේරෙන්නට උත්සහ කරනවාය.මම සිතුවේ එහා පැත්තේ අසුන් ගෙන සිටින මිනිසා ඇණයක් වෙවී කියා වුවත් දැන් සිද්ධවන්නේ වෙන දෙයකි.අන්තිමේදී ඒ මිනිසා මට ජනේලය අද්දර අසුනට එන්නට කීවත් මම ඊටත් පිළිතුරු නොදී උන්නේ සමහර අවස්ථාවල ජනේලය පැත්තේ අසුන් ගත් විට එහා පැත්තේ මිනිසා බූරු ඇඳ සේ කකුල් විහිදුවාගෙන වැලමිටි දික්කරවාගෙන තෙරපන්නට පටන් ගන්නා නිසාය.අන්තිමේදී තවත් කොන්ද නවා සිටින්නට බැරිම තැන මම ජනේලය පැත්තේ අසුනට ගියෙමි.අර මිනිසා මා හිටි තැනට වී අත දික් කර ඉදිරි අසුන් අල්ලාගෙන ලෝඩ් වාගේ සිටියේ වැලමිටෙන් අර කොළු රැලටත් අංකල්ටත් අනිමින් රවමින්ය.මෙතෙක් නොතිබූ ඉඩක් ගෙන කොලු නඩයත් අංකලුත් ලස්සනට එහාට මෙහාට වී කෙලින් සිටගත්තෝය! අර බර අංගය ක්ෂ්ණයකින් සැහැල්ලු වීලා වන්නට ඇත! එලෙස උපකාරවන එහෙමත් හොඳ මිනිසුන්ද කලාතුරකින් පොදු ප්‍රවාහන සේවයේ දකින්නට ඇත.


***********

ලියන්නට නම් තව සිදුවීම ඕනෑතරම් ඇතත් ඉහත සිදුවීම් දෙක ලියුවේ පෙනුමෙන් කිසිවෙකු විශ්වාස කළ නොහැකි නිසාය.විශේෂයෙන්ම ඔවැනි අවස්ථාවලදි.පෙනුමෙන් කෙනෙකු වසලයෙකු හෝ බ්‍රහ්මණයෙකු වන්නේ නැත.දිනෙක වේයන්ගොඩ සිට එන උදෑසන කාර්යාල දුම්රියක හොඳින් ඇඳ පැලඳගත් ජෙන්ට්ල්මන් කෙනෙකු ගැහැණියකට හේත්තුවී තෙරපී සම්පූර්ණ රතිකෙළියේම යෙදි හැටි දුටු මගේ මිතුරියක බිරාන්තව සිටියාය.සූට් බූට් ගසා ගොස් කළත් ශොකඩ ඇඳ ගොසින් කළත් අතවරය අතවරයය (කායික හෝ වාචික).එය සිද්ධ වන්නේ දිය රෙද්දක් ඇඳ සිටිනාවිටද බුර්කාවක් ඇඳ සිටිනාවිටද යන්න මත අතවරයේ බරපතලකම තීරණය වන්නේ නැත.

විදානේ ලියූ කතාවේ ගොඩ නැඟුණු සංවාදය ද කියවා බැලීම වටී.හේතුව එකමය.අතවරයකට එරෙහිවුවොත් එහි වැරැද්ද පැටවෙන්නේ කාටද?අතවරයකට ලක්වූ පසුත් වැරද්ද පැටවෙන්නේ කාටද?සාමාන්‍යයෙන් කායික අතවරයකට පසු සිදුවන්නේ එක්කෝ බොර දියේ මාළු බෑම හෝ අතවරයට පත් තැනැත්තිය ගණිකාවක ලෙස හංවඩු ගැසීමය.නොකිවයුතුමනාය, එවන් දේ තුළින්ද ඒ අගාධයට වැටෙන තරුණියෝ සිටිති.සල්ලි ඇත්නම් (දුමීගෙ නඩුව) වාගේ අකුළාගෙන රීකන්ඩිෂන් කොට ගොඩ එතහැකිය.නැති එකීට??

සමාජයේ බහුතරය අසහනයෙන් පෙළෙන වග ඇත්තය.නාන ගැහැණු දෙස බලන්නට නානකාමරවලට එබෙන්නේ, කාන්තා යට ඇඳුම් පොදි බැඳන් යන ග්‍රීස් යක්කු බිහිවන්නේ ඒ අසහනය නිසාය.ඒ අසහනය උන් හිතේ තියාගන්නතුරු හොඳය.හිතෙන් එළියට පැන ප්‍රායෝගික පරීක්ෂණ කොරන්නට උවමනා වූ විට උන් ඇමති දූවරුන්ටවත්, සුපිරි දූවරුන්ටවත් අත තියන්නේ නැත.උන්ටත් අම්මලා දුවලා සහෝදරියෝ ඉන්නවා වන්නටත් පුළුවන.උන් සුරක්ෂිත කොට අසහනයට ටෙස්ට් මීයන් හොයනවා වෙන්නටද පුළුවන.නැතිනම් ගෙදරින්ම හොයාගන්නවා වන්නටද පුළුවන.

ආත්මාරක්ෂාව ගැන සිහියෙන් සිටීම නුවණට හුරුය.සමාජය එහෙමය.තමන්ට යමක් වූ විට බයිලා ගසන සප් එක දෙන මොකෙක්වත් එන්නේ නැත.චූදිතයන් හොයන්නට නම් කට්ටිය එනු ඇතිය.ඊටපසු එය අමතක කොට දමනු ඇතිය.දිගු කාලීන පශ්චත්තාපවීමකට නියම වන්නේ විඳි එකාය.

දැන් ඔය සිද්ධිය කුණුහරුප ගී ලියා, නාට්ටි හදා මාධ්‍ය හරහා රසට සූප්පු කරමින් තව සතියක් දෙකක් සිටිනු ඇත.හදිසියේවත් ඔය කියනා ලෙස ඒ තැනැත්තිය වෛශ්‍යාවක හෝ දේශපාලන බලපුළුවන්කාරයෙකු හෝ නොවේ නම්, නිවාඩුවට ගමට ගොස් එන කෙල්ලක් නම් පළිගැනීමක් නොවනු ඇතැයි අපට සිතන්නට හැකිද?එසේවූවොත්, එදාටත් ඔය දඟලන උන්දැලා කියනු ඇත්තේ "ඕකි බඩුවක් නේ, ඉල්ලං කෑවේ" කියා නොවනු ඇතැයි කිව හැක්කේ කාටද?

25 comments:

  1. මම මොනවත් කියන්න යන්නෙ නෑ...
    මොකද කියපු දේ අහපු දේ ඇත්තටම ඇති වෙලා හන්ද..
    හරිම මාන්දමික තත්තෙකට පත්තෙලා ඉන්නෙ මම...

    මේක බලන්නකො...
    මගෙ යාළුවෙක් ලීවෙ මේක...
    මට කියන්න ඕන දේ ඔක්කම මෙතන තියේ...
    https://www.facebook.com/photo.php?fbid=634429986656369&set=a.294200947345943.59691.100002681202825&type=1&theater&notif_t=like_tagged

    ReplyDelete
    Replies
    1. මාත් මාන්දමික තත්වයකට පත්වෙලා මහේෂ් ඉන්නේ...දැන් නම් වාරියපොළ ඉස්මුරුත්තාවට ඇවිත් තියෙන්නේ..ඒ නිසයි ලියුවේ..ඒ පින්තූරයට ස්තූතියි..ඒ කෝණයෙන් බැලීම හරිම විරලයි..:)
      එපාවී ඉඳිද්දීත් මේ ගැන අදහසක පළ කලාට බොහොමත්ම ස්තූතියි..:)

      Delete
  2. පෝස්ට් එක උදෙන්ම කියෙව්වා. ඒත් මොනව කියන්නද කියල හිතාගන්න බැරුව හිටියේ.. සම්මත රටාවෙන් ඔබ්බට ගියපු මොනව හරි දෙයක් කලොත් එයාව ඔය විදියට හංවඩු ගහන එක මෝස්තරයක් වෙලා (මතකනේ මේධානි දේශප්‍රියට උන දේ - අර xඒලියන් වීඩියෝ එක කරපු)..

    ලින්ක් එකට ස්තුතියි තනි තරු.

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කතා කරලා වැඩක් නෑ විදානේ..ඒ තරම් අසහනයෙන් පිරිච්ච මිනිස්සු ගොඩක් මැද්දේ අපි ඉන්නේ..මතකනේ ඔය කිව්වා වගේ මේධානිගේ සිංදුව..චා මැක්ස් තමයි..ඒත් අන්තිමට මිනිස්සු ඒ අවුරුදු 15ක කෙල්ලවත් ගණිකාවක් විදියට හංවඩු ගහලනේ නැවතුණේ..මිනිස්සු හැමෝම එක විදිය නෑ..ඒක තේරුම් නොගෙන කෙනෙකුගේ රුචිකත්වය තමන්ගේ රුචිකත්වයෙන් වෙනස් වූ පමණින් ඒ වගේ අපහාස නින්දා කිරීම මනුෂ්‍යත්වය නෙවෙයි..අනේ මන්දා ඉතිං...හරිම අප්‍රසන්නයි සමහර ඒ වගේ සිදුවීම්..
      කියවලා ගිහිං ආයෙත් ඇවිත් ඔබේ අදහස පළ කිරීම ගැන බොහොම ස්තූතියි විදානේ..:)
      ලින්ක් එක දැම්මේ අහන්නෙත් නැතුව හැබැයි..ඒ බව ඉවසුවාට ස්තූතියි ආයෙමත්...:)

      Delete
  3. මඟ තොටේ යුවතියක් දැක ඇගේ ඇස්වල ඇති පොල්කෙඳි අයින් කරනවාට වඩා කොල්ලෙක් විදියට තම්න්ගෙ ඇස්වල අමිණී ඇති පොල් පරාල ගලවාගෙන පාඩුවේ සිටීම වඩා හොඳයි.

    ඒ වගේම කාන්තාව සතු අපරිමිත වටිනාකම ආරක්ෂා කරගෙන ඒ වටිනාකම මිසක්, තම්න්ගේ නිරුවත් හෝ අඩනිරුවත් සිරුර, අඟ පසඟ ආබරණයක් නොකරගන්නවානම්, ඇයගේ සුන්දරත්වය කෙතරම්ද.

    ReplyDelete
    Replies
    1. එකඟයි මනෝෂ්..:)
      ඒත් සමහර මිනිස්සුන්ව අපට වෙනස් කරන්න බෑ...ඒක ඒ පුද්ගලයාගේ කැමැත්ත හෝ අකමැත්ත හෝ අවබෝධයේ/මානසිකත්වයේ තරම...අපිට ලෝකය වෙනස්කරන්නට බැහැ, අපි වෙනස් නොවී...අනික් අතට අපි පරිපූර්ණයි නම් තව අයගේ අඩුපාඩුවක් (නිර්දය ලෙස හෝ) විවේචනය කළ හැකියි..උදාහරණයකට හිතන්න, ගැහැණියකගේ ඇඳුමේ හැඩක් නැතිබව කියන්නේ ඉතාමත්ම හොඳින් අඳින පළඳින ඒ බව අවිවාදයෙන්ම පිළිගැනෙන කෙනෙක් නම් ඒක සාධාරණයි..නමුත් පිළිගැනීම හෝ නොගැනීම ඒ පුද්ගලයාගේ කැමැත්ත..මම කියන්නේ ඒ විවේචනය හෝ සමච්චලය හෝ අපහාසය හෝ කෙනෙකුගේ කුහකත්වය මුල්කරගෙන බිහිවිය යුතු නැති බවයි...කෙනෙක් තවෙකෙකු පිළිබඳව ඇතිකරගත් ද්වේෂයකින්, ඊර්ෂ්‍යාවකින්, ක්‍රෝධයකින්,රාගයකින් හෝ හීනමානයෙන් යුතුව එවන් දේ කිරීම ශිෂ්ට සම්පන්න නෑ..අනික් අතට එවන් උපදෙසක් දීම අත්‍යාවශ්‍ය නම් ඊට සුදුසු ක්‍රම තිබෙනවා..නිකමට හිතන්න ඔබේ ප්‍රේමය පිළිබඳව තේරීම ගැන පාරේ යනවිට කවුරු හෝ කීවෝත් "ඔය කෙල්ල උඹට ගැලපෙන්නේ නෑ නේද?" කියලා ඔබේ ප්‍රතික්‍රියාව කොහොම වේවිද?අන්න ඒ වගේ හැමදේකම පැති කිහිපයක් තිබෙනවා..ඒකයි මම කියන්නට උත්සහ ගන්නේ...

      Delete
  4. හොද පැහැදිලි කිරිමක් ! මේ ගැන වැඩිය කතා කරන්න කැමති නෑ. මොකද වදින්න වදින්න ගහන මිනිහත් මොඩයා. ගහන්න ගහන්න වඳින මිනිහත් මොඩයා නිසා. දැන් සමාජේ වැරදි කරන ඒකා තමයි හරි! හරි එකා වැරදි!

    ReplyDelete
    Replies
    1. 100ට 200ක් එකඟයි මදාරා..අපි ඒ තත්වය තම තමන්ගෙන් පටන් අරන් වෙනස් නොකර පොදුවේ රට, සමාජ ක්‍රමය කිය කියා කාලේ නාස්තිකරමින් ඉන්නවා..වෙන මොනවා කියන්නද...මෙහෙම ලිව්වම බොහෝ දෙනෙක් ඒකට දොස් කියනවා වෙනට පුළුවන්..ඒත් ඉතිං ඔක්කෝම පහළට ගහගෙන යන එකේ කීපදෙනෙක් හරි තාම උඩුගං යන්න බලන එකෙන් වෙන්නැති මෙහෙමවත් බේරිලා තියෙන්නේ ලෝකේ..මාත් පහළට ගහගෙන යන වෙලාවල් තියෙනවා, ඒ වෙලාවෙදි තව කෙනෙක් උඩුගං බලා යන නිසා නොවෙයිද ඒ හැමදෙයක්ම තුලනය වෙන්නේ...?දුක, එහෙම කරන උන්ට පන්න පන්නා ගහන එකයි...

      Delete
  5. තනි තරුවේ තනි තරුවේ... මේ උඹේ නම දිග වැඩියි මචං . මම උඹට තනියා කියන්නං මොකද තරුලා ගොඩක් ඉන්නවනේ , අනික අද ලියලා තියෙන රටාව බැලුවම තනි අලියා වගේ ..භයන්කරයි ...

    උඹ කියන කතා වලින් බොහොමයකට එකඟ වෙන්න පුළුවන්, වාරියපොළ සිද්ධිය ගැන කතා කරන්න තරම් දැනුවත් කමක් ඒ ගැන නැහැ , මොකද වීඩියෝව බලලා හැම දෙයක්ම තීරණය කරන්න බෑ. කෙල්ල ගහන විදිහත් ,අර කොල්ලා ගුටි කන විදිහත් දෙකම මටනම් හරිම අසාමාන්‍යයි .

    උඹ කියන අනික් කාරණය නම් හරියටම හරි .. දැන් හැමදේම වීඩියෝ කරනවා මිසක් කිසිම මැදහත්වීමක් නෑ. කිසිම කෙනෙක් ගෙන

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ ඉවාන්!! කොහේදැ බන් මෙච්චර කල් උන්නේ?:) ඔන්නොහේ ඕන එකක් කියහන් මචං...තනි අලියා වගේ බයංකරයි නම් තනියා කියන නම ගැලපෙනවා...හික් හික්..

      සමහර වෙලාවට වක්කඩ කැඩුවා වගේ වචන ඔහේ ලියලා දානවා...සමහර වෙලාවට හිතල බලලා කිරලා මැනලා ශිෂ්ට සම්පන්නව ලියන්න උත්සහ කරනවා..කෙල්ලෙක් එහෙම ලිව්වම ටිකක් අප්සට් ගතියකුත් තියෙනවා...අනේ මන්දා බං..:D

      ඔව් ඒ කතාව ඇත්ත..වීඩියෝවේ මොකද්දෝ මහ අසාමාන්‍ය ගතියක් තියෙනවානම් තමා..තව ටික දවසකින් කියාවිද දන්නේ නෑ ඕක විහිළුවට හැදූ එකක් (prank) කියලා...

      අනිච්චේ කියන්නේ දැන් ඉතින් මිනිහෙක් මග මැරුවත් බේරගන්න කලින් වීඩියෝ කරනවා නේ...එතකොට ඉතින් මිනිහා චුත වෙලා ගන්ධබ්බයෙක් වෙලත් ඉවරයි...:S

      Delete
    2. මටත් ඕක බලද්දී මුලින්ම ඔහොම හිතුනා බං.. මම හිතුවෙත් අන්තිමට කැමරාව පෙන්නයි කියලා හිනාවෙවී prank වැඩක් වගේ තමා . උඹ දැක්කද අර මීගමුවේ අම්ම කෙනෙක් ලොරියට හැප්පිලා බෙල්ල වෙනවීලා තියෙද්දී ,දුව ඔලුව අතට අරගෙන කෑගහනවා . එත් එකෙක්වත් උදව් කරන්න එන්නේ නෑ. කට්ටිය වටවෙලා කැමරා ෆෝන් වලින් වීඩියෝ කරනවා . අර ළමයා ඔලුව අතට අරන් එහෙම මෙහෙ දුවනවා .

      Delete
    3. ඒ සිද්ධිය නම් මට කවදාවත් අමතක වෙන එක නෑ බං..ඒ කම්පනය දවස් ගාණකට ගියේ නෑ...ඇඬුණා ඒක දැක්කම...මනුස්සයෙක් එච්චර දුකක් විඳිනකොට අම්මෙක් ඉන්න එකෙක්ට තමන්ගේ අම්මා සිහිවෙන්නෙ නැද්ද අඩුමගාණේ නරුමයෝ වගේ වීඩියෝ කර කර ඉන්නේ කියලා හිතුණ මචං...ඒක දැන් ආයෙමත් මතක් වුණාමත් කඳුළු එනවා..:(

      Delete
  6. දැන් ඉන්නේ යූ රිපෝටර් ල මිසක් මිනිස්සු නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. අනිවා!..තමන්ගේ ගෙදර එකෙක් මැරෙන්න වැටුණත් වීඩියෝ කරාවි බේරනොගෙන...:D

      Delete
  7. "මේ ඔයා ඇඳුම් අඳිනවා හරි නෑ ,හොඳද ..ඔහොම අඳින්න එපා හරිද ? අපි මේ ඔයාගේ හොඳට කියන්නේ .."

    කොහොමද අපි මාර සංස්කෘතික ,කෙල්ලොන්ගේ යහපත හිතන කොල්ලෝ නේ :P

    ReplyDelete
    Replies
    1. හා හා...මොකට කියනවද ඒ හරිය! :P
      මටත් ඔහොම කියලා තියෙනවා මුලු සරීරෙම වහන් ඉඳලත්..හැබැයි ගෑණු! :D :D
      අනික ඉවාන් ඔය "බහුතර" විවේචනවලට හේතුව කුහකකම හෝ ඊර්ෂ්‍යාව...:D

      Delete
    2. හෑ "" මුළු සරීරේම වහන් ඉඳන්" ..උඹ අඳින්නේ "බුර්කාද" ??? :P

      (තනියා වලියට එයි දෝ සිත සිතා හෙමින් මාරුවෙමින් ..... ;) )

      Delete
    3. හා හා මං නම් අඳී බුර්කා! මේ ආත්මේ නෙවේ ලබන ආත්මෙකවත් එපෝ! :D
      නෑ නෑ මම කිව්වේ වරකපොල අක්කගේ වගේ කොහෙවත් රවුම් කපලා නැතුව විලි වැහෙන ලෙස ඇන්දත් කියල බන් :P...මේක දැක්කම මට තව කතාවක් මතක් වුණා..ඒක ‍යථාකාලයේ තථා අයුරින් ලියන්න බලාපොරොත්තුවෙනවා...
      මේ තනියා වලි මූඩ් ඕන් කරලා නෑ..;) :)

      Delete
  8. ගොඩක් දේවල් ලියල ...හැබැයි මේ කතා මේ වගේ වැඩ කරන පුද්ගලයින් කියවන්නැති එකයි දුක . කවුරු හරිද කවුරු වැරදිද කියන්න මාත් දන්නේ නෑ .එත් සමස්තයක් විදිහට එක දෙයක් කියන්න ඕන . කෙල්ලෝ කියන්නේ සෙල්ලම්බඩු නෙමෙයි .හැගීම් දැනීම් ඕනෑවටත් වැඩියෙන් තියන ජීවිත.තමන්ට නිදහසේ අඳින්න නිදහසක් නැත්නම් .තමන්ට නිදහසේ පාරේ,බස් එකේ යන්න බැරිනම් . හැමතිස්සෙම රාක්ෂයෝ වගේ කන්න බලාගෙන එහෙම නැත්නම් වචනයකින් හරි විහිළුවකින් හරි කෙල්ලන්ව මානසික පීඩනයකට ලක් කරනවානම් ,කෙල්ලෙක්ට මේ ලෝකේ තියන නිදහස මොකක්ද? කෙල්ලෙක් වෙලා ඉපදෙනවානම් හැමපැත්තෙන්ම සීමාවෙච්ච හිරවෙච්ච ජීවිතයකට උරුමකම් කියන්න ඕනද ? නීති දාල සීමා දාල ඇයි මේ හැමවෙලේම කෙල්ලන්ගේ නිදහස නැතිකරන්නෙ .නිදහසේ පාඩුවේ කාටවත් වදයක් නොවී කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න හැම කෙල්ලෙක්ම ආසයි .කෙල්ලන්ගේ පැත්තෙන්... නිදහස අයුතු ලෙස පාවිච්චි නොකිරීම කෙල්ලන්ගේ වගකීමක් .........මිනිස්සු මිනිස්සුන්ව හදන්නෙ නැතිව තම තමන් හැදිල අනෙක් අයට ආදර්ශයක් වෙන්න, හිතන්න පුලුවන්වෙන විදිහට ජීවත් උනානම් ගොඩක් දේවල් හරියයි ....
    .......... මේ හැමදෙයක් වෙනුවෙන්ම මේ විදිහට වචනවලින් හඬක් නැගුව එක ගැන ගොඩක් සතුටුයි .........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හංසි..:)
      ඔය සරල ඇත්ත දිහා සාධාරණව බලන්න බැරිතරම් මිනිස්සුන්ගේ ඔළු කුහකකමින් වැහිලා...මම කියන්නේ නෑ බිකිණි ඇඳන් පාරේ යන්න නිදහස තියෙන්න ඕන කියලා, ඒත් ස්වභාවයෙන්ම ගෑණු කැමති ලස්සනට ඇඳලා ඉන්න...ඒක දරාගන්න බැරිනම් ඉතින් කියන්න තියෙන්නේ අපේ සමාජෙත් බුර්කා හිතේ හංගන් ඉන්නවදෝ කියලා තමයි..තව කොහෙද මම දැක්කා කියලා තියෙනවා ගෑණියක් දැක්කම පිරිමින්ගේ රාගය ඇවිස්සෙනවය, ඒ බව ගෑණු දැනගන්න ඕනාය, ඒ කාලෙත් ඔව්වා වුණාය, ඒත් ගෑණු තමන්ගේ තැන දැනගෙන උන්නය කියලා වැල් බයිලා ගොඩාක්..ඒව ඉතින් සිහි නුවණින් කල්පනා කරලා බැලුවොතින් නම් කුහක පිරිමින්ගේ ගතියක් මිස වෙන මොකවත් නෙවෙයි කියලා ඕන හරකෙක්ට තේරෙන්න ඕන..මොකද ඔය වැල් බයිලා කියන මිනිස්සුම බුර්කාවක් ඇඳන් හිටියත් ලස්සන කෙල්ලෙක් දැක්කම දිව බඩලඟට එල්ලං කෙළ හලං බලං ඉන්නවා...ඒ වුණාට එහෙම නෙවෙයි කියලා පෙන්නන්න හදනවා...අනික එකම ඇඳුම සාමාන්‍ය පෙනුමැති කෙල්ලෙකුයි වෛශ්‍යාවකුයි ඇඳන් හිටියොත් ඉස්සෙල්ලම කතා කියන්නේ කාටද කියලා නිකමට බලන්න..අනිවාර්යෙන්ම අර සාමාන්‍ය කෙල්ලට...අනික් කතන්දරේ මිනිස්සුන්ගේ තාම තියෙන්නේ සංවෘත මනසක්..හැමදෙයක්ම පටු විදියට බලලා හිතට එන පළවෙනි කුහක වචන ටික එළියට දානවා..ඊටප්ස්සේ හිතනවා දැක්කනේ අපි තමයි මේ සමජය ගොඩ ගන්න ඉන්න පොරවල්, අපි නැත්නම් රටේ සදාචාරය බල්ලට යනවා, අපි කියන විදියටයි ගෑණු ඉන්න ඕන..මේක මේ කොළඹ එන් ජි ඕ සල්ලිවලින් ජීවත් වෙන නෝනලාගේ බහුභූත කාන්තා විමුක්තියක් නෙවෙයි මම කියන්නේ...හංසිට වගේම බහුතරයක් මේ රටේ ලස්සනට ඇඳුමක් ඇඳල පිළිවෙලකට ඉන්න ආස "සාමාන්‍ය" ගෑණුන්ගෙන් එකෙක් විදියට..

      Delete
  9. මේක කියෙව්වම හිතට ආව තවත් දෙයක් තමයි ආයෙ ඉතින් බස් එහෙක හරි කොහෙහරි ප්‍රසිද්ධ ස්ථානයක කෙල්ලෙක්ට මොන හරි උනොත් කටක් අරින්න බැ ... අර අනෙක් අය කිව්වා වගේ ' යූ රේපෝටර්ස් ' ල වැහි වැහැල, වටවෙලා හරි හරියට video කරයි .ඊට පස්සෙ මූණු පොතෙන් ඇති තරම් දේවල් පෝස්ට් කරල චරිතේ නැත්තටම නැතිකරයි .. එක්කෙනක් වත් ඉන්නේ නැතිවෙයි කෙල්ලට උදව් කරන්නවත් හරි මොකක්ද වැරදි මොකක්ද කියල හොයල බලන්නවත් ......... මනුස්සකම නැතිවේගෙන යන කාලයක්... ඇත්තටම දුකයි

    ReplyDelete
    Replies
    1. දැනටත් එහෙමනේ හංසි..කෙල්ලෙක්ට බලහත්කාරකමක් කළත් ඔය කියන ලොකු පොරවල් අහළ පහළක හිටියොත් කටවල් දෙක ලොක් කරන් අඳ ගොළු බීරි ගරු රඟපෑම් කරනවා මිසක හැරිලාවත් බලනවද?මෙව්වා අත්දැකීමෙන් කියන්නේ..අතිශය කලාතුරකින් මිනිහෙක් ඒකට විරුද්ධවෙයි..ඔය සිද්ධියෙන් වෙච්ච කරුමේ දැන් ගැහැණියක්ට/කෙල්ලක්ට කිසිම විදියකින් බලහත්කාරකමකට/ අතවරයකට/ජැක් ගැහිල්ලකට විරුද්ධ වෙන්න බැරිවෙන එකයි, මොකද එහෙම කළ ගමන් උන් කියන්නේ ඔය කතාව සහ ඔය ගොඩ නැගිලා තියෙන ගොන් සංවාදවල හැටියට කෙල්ලට "ගොනා" කියලා තමයි..නිකමට හිතන්න දූෂණය කරන්න හදලා මිනිහෙක්ට ගැහුවත් ඔය ටිකම කියාවි..ඔතන වෙලා තියෙන්නේ ප්‍රායෝගිකව සමාජයේ වෙන බහුතරයක් සිදුවීම් ගැන බලන එක නෙවෙයි, වර්ගය වෙනුවෙන් පෙනී සිටීමක් විතරයි..ඒක හරියට පොදු සතුරාට එරෙහිවෙනවා වගේ..එතනදි ඒ වගේ සිද්ධි රටේ වෙන බව හිතන්නේ නෑ, පේන්නේ නෑ, දැනෙන්නේ නෑ..එක්කෝ උන්ට ඔය වගේ දේවල්වලට අඩුවැඩි වශයෙන් මූණ දෙන අම්මෙක්, සහෝදරියෙක්, බිරිඳක් අඩුමගාණේ ස්පෙයාර්වීල් එකක්වත් නෑ..එහෙමත් නැත්නම් උන් ඒ කට්ටියව ප්‍රාඩෝ, ඉන්ටර්කූලර් වලින් ෆුල් ගාර්ඩ් පිට යවනවා වෙන්ට ඕන..නැතිනම් උන්ව බුර්කා අස්සේ ඔබලා ගේ මුල්ලේ තියන් ඉන්නවා වෙන්ට ඕන! :D

      Delete
  10. මොකෝ උඹ missing . කරදරයක් එහෙම නෙවෙයි වෙන්න ඇති, තනි අලියෙක් ගහලවත්ද :P

    ReplyDelete
    Replies
    1. හී හී...නෑ මචං නහය ලඟට ගිලෙන්න වැඩ මේ ටිකේ..ඒකයි...මේ පැත්තේ එන්න ඕන weekend එකේවත් :D

      Delete
    2. එහෙනම් නහය වහගනිං , වැඩ ඉස්මොල්ලේ යයි නැත්තං :P

      Delete