Saturday, April 25, 2015

ප්‍රේක්ෂකමත විචාරණය



ඔබ සියළු දෙනා දැනටමත් දන්නා පරිදි කටයුතු ඇරඹීමට නියමිත චිත්‍රපටියේ වර්ගය (Genre එක) පිළිබඳ මට කාසියක් උඩ දැමීමට සිදුවෙන තත්වයක් උද්ගතවෙලා තිබෙනවා.ඒ නිසා ඔබගේ කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් සහයෝගය පළ කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔබට අවශ්‍ය:
සීරියස් ප්‍රේම වෘතාන්තයක් නම් JW<හිස්තැනක්>1 ද
රොමඩියක් (Romantic Comedy) නම් JW<හිස්තැනක්>2 ද
ත්‍රාසය, භීතිය, ශෘංගාරය කැටිවුණු මසාලා ස්ටෝරියක් නම් JW<හිස්තැනක්>3 ද 
යොදා පහත කමෙන්ට් කරන්න.

විශේෂ:
වෙනත් අදහස් හා යෝජනා ඇත්නම් ඒවාද ඉදිරිපත් කරන්න.



29 comments:

  1. මං වගේ නළුවෙකුට ඔය මොකත් එකයි, මම ඉතිං චරිතාංග නළුවනේ , උඹ බයවෙන්න එපා තනියෝ, මම ඔය ෆිල්ම ටික දුවවලා දෙන්නම් නිකම් බොක්ස් ඔෆිස්, සිලින්ඩර් ඔෆිස් ඔක්කොම කුඩු පට්ටම් වෙන්න, නැත්තම් පිච්චර් එක අරන් මම හරි දුවන්නම් ..ඕ... යේස්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මචං..උඹ මගේ පළවෙනි ෆිලුමේ දුන්න රංගනේ ඇස්ටි හැලෙන්න..අන්න නළුවෝ ඈ! :P
      (රහසින්) මචෝ එහෙනම් මේ ටිකේ උදේට උදේට ගම හරහා දිවීමවත් ටිකක් පුරුදු වෙයන් කොල්ලෝ..නැත්නම් උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්! ;)

      Delete
  2. දහය විස්ස ගැනල හොයාගනින් බං කරදර නොකර...

    ReplyDelete
    Replies
    1. අඩෝ එහෙම කරන්න බැහැ..අපි බහුතර ප්‍රේක්ෂක මතයට හිස නවන්න ඕන..

      Delete
  3. ආනා රූනා රූන කටුස්සා.. වේ ගෙඩි වේ පලු ආං... බා...ං ... බුරියන්.. බුස්..!!!
    වැඩියෙන් සල්ලි ගෙවන එකේ රඟපානවා.
    ලව් සීන්...එතකොට....... එතකොට.... මේ... මේ.... ගුටිකන ඒවා ඇර අනිත් සීන් වෙනම රිහසල් කරනවා නේද???

    ReplyDelete
    Replies
    1. ගස් උඹ ඇයි කටුස්සට රූන කටුස්සා කිව්වේ?හැක් හැක් හැක්..
      අනික්වා රිහසල්..හා හා..උඹට හොඳ නැහැ..! :P

      Delete
    2. දවස් 4ක් 5ක් නැතිවුන ගමන් මුන් මගේ නමත් විකුනනවනේ.අනික ඕවා ටයිප් කරන කොට බලාගන ටයිප් කරපිය.නැත්තන් "රූ" වෙනුවට "රෙ" වගේ ආවොත්....

      Delete
    3. උඹ ගණන් ගන්න එපා කටුස්සො.. මේකා මෙතන බොනිකර තරුවක් කොරන්නෙ..

      Delete
    4. ඇයි බොල ඝස් ළභ්භෝ මමද කටුස්සට කතන්දර කිව්වේ ටෝ නේ! අහුවෙද්දෙන්කෝ උඹ!

      Delete
  4. පෝන් එකක් වගේ එකක් නම් මාත් එනවා...

    ReplyDelete
    Replies
    1. මං හිතුවා උඹ ඔහොම කියයි කියලා..:P
      ඒ වුණාට උඹ ගියපාර ෆිලුම බැලුවා මම හිතන්නේ..ඇඩ් එකකුත් දීලා තිබ්බනේ..තැන්කූ වෙන්න ඕන :)

      Delete
  5. Replies
    1. මෙව්වා බං බ්ලොග් සිනමා හෙවත් බ්ලොග් පිචෑර්! :D

      Delete
  6. ඈ බොලේ.... මේ මක්කද වෙන්නේ ඈ ?? ඇයි හත්වලාමේ නළු නිලියෝ ටික ඔක්කොම තොරගෙනද දැන් කතාව ලියන්නේ? ඒ මදිවට මොන ජාතීන්ද කියල දන්නෙවත් නෑ.. හුහ්.... මෙගා ලියන විදිය අහලා තිබ්බට මම විස්වාස කළෙම නැහැ.

    මේ මොකක් උනත් පාතාලේ කතාවක් තියෙන්නම ඕනේ, මැරෙන කීපදෙනෙක් ඉන්න ඕනේ, උන් මැරෙන්නේ නැතුව ආපහු එනවත් පෙන්නන්න ඕනේ. සෙප්පඩවිජ්ජා, දිය යටින් ගින්දර ගෙනියන ඒවා තියෙන්න ඕනේ. මාර සිරා ආදරයක් තියෙනවා කියල පටන් අරගෙන වෙන කතා ගොඩාරියක් පෙන්නන්න ඕනේ. කොටින්ම ජෝඩුව වැඩක් නැහැ. ආ ඒ වගේම නැගලා යන සින්දුවක් හදාගන්න ඕනේ.

    එක්කෝ.... ඕන් නැහ් !!

    ReplyDelete
    Replies
    1. නැතුව කොහොමද බං..මම උභතෝකෝටික ප්‍රශ්නෙකට මැදිවෙලා තීම් එකක් තීරණය කොරගන්න බැරුව..!

      යකෝ උඹත් ලියහංකෝ පිචෑර් එකක්..මට පේන්නේ මට වඩා හොඳට බොට ලියන්න ඇහැක් වෙයි කියලා..:D

      Delete
    2. ඈ.... කවුද බොලේ ඒ එහෙම කිව්ව එකා? මට පිචෑර් ලියන්ට පුළුවන් කියල.... හෙක් හෙක් හූ !!!!

      එව්වා කොරන්ට පුළුවන් නම් මම කොහොමට හිටීද ඈ ??

      Delete
  7. පැණි බේරෙන ලවු සීන් 7යි.කොටු කොටු ඒවා 3යි.ඉල ඇදෙන ෆයිට් සීන් 5යි.හොටු පෙරාගන අඩන සීන් 4යි.සිංදු 12යි........
    (අනික්වා මතක් වුනහම ලියන්නම්)

    ReplyDelete
    Replies
    1. එළ! උඹ මතක් වුණාම ලියහන්..අන්න ගස් උඹට රෙන් කටුස්සා කියලා..:P :P

      Delete
    2. අඩෝව්.... උඹ මෙතන බවුමික අණ්ඩවාතය මෙව්වා කොරන්නද හදන්නෙ...???

      Delete
    3. කටුස්සට කොහොමත් අණ්ඩවාතය තද වෙයි උඹ ඌට කළ අපහාසේට..හැක් හැක් හැක්..:P :P

      Delete
  8. Replies
    1. ස්තූතියි මාධව...:)
      තනිතරුවට සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  9. ඇත්තටම ෆිල්ම් එකක් හදනවද ? අපේ බ්ලොග් සංසදයෙන් කරමුකෝ ඈ ? චොයිස් එක 2

    ReplyDelete
    Replies
    1. ඇත්තටදත් අහනවා...සිරාවටම ලියනවා එකක්..අජිත් අයියා දැක්කේ නැද්ද කලින් ෆිලුම "දිල් පීචං ක්‍යාහේ"? ඔන්න ලින්කුව: http://tharuwehi.blogspot.com/2014/07/1_23.html

      Delete
    2. අයියෝ මම මේ බලපු හින්දි ෆිල්ම් එකක් නේ (නෑ දෙකක් නේ , තුනක් නේ ...හරියට මතක නැහැ) . ඔයා කොපියක් ගහල.

      Delete
    3. හා හා ලොක්කා එහෙම කියන්න එපා..අපේ නෑ නේ ඔය කොපි වැඩ..!
      දෙක තුනක් නම් මොනාද හැම හින්දි ෆිලුමකම වෙන එකකින් ගත්තු එව්වා තිබීම් අනිවාර්යයිනේ..ඒක බොලිවුඩ් සම්ප්‍රදාය! :D

      Delete