Tuesday, July 2, 2013

සබකෝලය

බ්ලොග් අඩවියට මා බලපොරොත්තුවූවාටත් වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙන හැඩයි.බ්ලොග් සංස්කෘතියට අළුත් වුණත් අනික් බ්ලොග් යාළුවන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා.ඉස්සෙල්ලාම වෙබ් අඩවියට ඇවිත් සුභ පැතුව සමනළී අනික් අයටත් ආරංචිය දුන්න නිසා තමයි වැඩියත්ම.ඒක නිසා ඒ හැමෝටම බොහොමත්ම ස්තූතියි.ඒ ඇරුණුකොට මේ ආරංචිය මූණුපොතෙන් දැකල සුභ පැතුව යාළුවෝ හැමෝටමත් බොහොම ස්තූතියි.දමිත් සහෝදරයා කියලා තිබුණා සෑහෙන කලක පටන් බලන් උන්න ආරංචියක් කියලා.අහන්නත් සන්තෝෂයි ඉතින්. :)

දැන් ඔය සේරමත් හරි, අපේ නගාගෙන් තමයි ගැලවුමක් නැත්තේ.බ්ලොග් එක පටන් ගත්තයි කීවට ඒකේ නමක් ගමක් උන්දැට කිව්වේ නෑ.හේතුව 'සබකෝලය'.මට ඔය සංවේදී අවස්ථා එහෙම බෙදාහදාගැනීමෙදි පොඩි 'බැරිබැරියාවක්' තියෙනවා.

ඔය 'සබකෝලය' නිසාම මා විඳ ඇති දුක් ගැහැට නම් අපමණයි ;)විශේෂයෙන්ම වර්ථමාන රැකියා ස්ථානයේ.(මේවා කියලා වැඩට යන්න පුළුවන් වෙයිදත් මංදා ඉතින්) ඒවුණත් ඇත්තම කියන්න එපායෑ.මොකද කවුරුවත් මගේ අසරණ සබකෝලය තේරුම් ගන්නේ නැහැනෙ.:( කට්ටිය ඉතින් ඒකට විවිධාකාර අර්ථකථන සපයනවා, මගෙ 'ඔලුව ලොකුය' වගේ කයිකතන්දර. ඒත් ඉතින් ටික කලක් ගිහින් ඔය සබකෝලය අඩුවුණාම නම් ඩිංගිත්තක් විතර, ඉවරයක් නැති වෑර්ලස් එකක් හා සමානවෙනවා. හිකිස්!


ඔය කෝලය ඉස්කෝලේ කාලෙන් පසු ඇතිවුණ එකක් මං හිතන්නේ.මොකද ඒ කාලේ එහෙමට කෝලයක් නැතුව වේදිකාවෙත් ඔය එක එක ඒවාට හිටියා නෙව.(තිරය අරින්න වහන්නත් නෙවෙයි ඉතින්)

එක අතකට ඔය 'කෝලය' මගේ අනාගත බලාපොරොත්තුවලටත් සෑහෙන්න ප්‍රශ්නයක් වෙනවා.(ඒ කතන්දර පසුවට) ඒත් ඉතින් පරිසරයට අනුවර්තනය වෙන්නත් ටික කලක් ගතවෙනවනේ.ඒ එක්කම මතක් වෙනවා පවතින පරිසරය හා අනුවර්තනය නොවන ජීවින් වඳවී යාමේ තර්ජනයකට ලක්විය හැකි කියලා. :)එසේවූ පළියට රැඳීමේ අරමුණින්ම තමන්ගේ වටිනාකම් සහ අදහස් නැති කරගතයුතුත් නැහැ.ඔබ ඔබම වනතරමට ජීවත්වෙන්න පහසුයි.විපරීත සමාජයක් තුළ නොයෙකුත් ගට්ටන ඇතිවිය හැකියි.ඒත් ඔබ ඔබටම අවංකවීමෙන් ලැබෙන මානසික තෘප්තිය වෙනත් කිසිදු දෙයකින් ලබාගත නොහැකියි. 

අවසානයට කියන්න තියෙන්නේ බොහොමයක් දේට වාගේම සබකෝලයටත් කාලය අවශ්‍යයි කියලා.ඒ බව සියළුදෙනාටම තේරුම්ගතහැකිවන හෙටක් මා වැනි සියල්ලන්ට උදාවේවා! :)

9 comments:

  1. ඔය සබකෝලය කියන ඉලව්ව අහකට දාන්න. ඒත් යුවතියක සතු විය යුතු ලක්ෂණ රැකගන්න.
    වාසනාවන්ත අනාගතයක් සිකුරුයි දියණිය.

    ReplyDelete
  2. අදනෙ දැක්කෙ තනි තරුව
    ඔන්න මාත් එනව දිගටම

    ReplyDelete
    Replies
    1. :) එන්න එන්න. සාදරයෙන් පිළිගන්නවා සසිනි.

      Delete
  3. කොටින්ම කිව්වොත් මටත් ඔය කෝලය තියෙනවා අප්පා.... නැති කර ගන්න හරිම අමාරුයි... ඒ නිසා සමහර දේවල් අවුලුත් වෙනවා.... කාට කියන්නද මේවා.... කෝලය නැති කර ගන්නවා ඇරෙන්න....

    (මේ අයේෂා අක්කේ මං ඔයාව දන්නවලු හොදේ. ඔයත් මාව දන්නවා. ඒත් මේ කෝලය නිසා මං කියන්නේ නෑලු මං කවුද කියලා.අහන්නත් එපෝ.....මං බ්ලොග් එකක් ලියනවා කියල කවුරුත් දන්නෙත් නැතෝ.... :D )

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ නගා. හ්ම්ම්..ඔයා කොහොමද මාව දන්නේ?කියන්න බලන්න මේ කවුද කියලා.එවන්නකෝ විද්‍යුත් තැපෑලෙන්වත් නම. :)

      Delete
    2. හික්.... අඩේ.... මට ලැජ්ජයි අප්පා... පස්සේ දවසක කියන්නම්.

      අපි එක ඉස්කෝලේ.... මුණුපොතේ අක්කා බ්ලොග් එකේ ලින්ක් එක දාලා තිබ්බ නිසා තමා දැන ගත්තේ ඔයා බ්ලොග් එකක් පටා...න් අරන් කියල. ඉතිං දුවවවව....ල ආව බලන්න. :D
      අක්කා ලස්සනට ලියනවා. දිගටම මේ වගේ රසවත් හරවත් දේවල් ලියන්න. ඔයාට ජය!

      Delete
    3. හ්ම්ම් ඔයාගේ නම 'ය'යන්නේ පටන් ගන්නක් වියයුතුද කියලත් මට හිතෙනවා.කියන්න කියන්න මොකටෙයි ඔය හැටි කෝලයක් ඉතින් දන්න කියන මිනිස්සුනම්..:P

      Delete
    4. හික්.... 'ය' යන්නෙන්ද කොහෙද තමා.... ;) :D

      Delete