අපේ ස්ත්‍රී වර්ගයා හා ගසට පොත්ත මෙන් බැඳුණු දෙයක් නේ මෙයා ඔය රූප ලාවන්‍යය.සමහරු ඕකටම බියුටි කල්චර් කියනවා, වැඩක් දෙල් වුණාම බියුටි කචල් කියලත් කියනවා.ඉතින්, ඔය අපි වන්ඳනාමාන කරන ඔය කචල් කඩ සහතිකෙන්ම ටිකක් විතර කචල් තමයි.ඕවට ගියාම ආයේ ඉතින් සමාජ විද්‍යා,පශු විද්‍යා, අර විජ්ජා මේ විජ්ජා කරන්ට ඕනි වෙන්නේ නෑ, ඒ තරමට දැනුම..සමාජ දැනුම.ඒ තරමට පරිණත බවලත්තු තමයි ඔය ක්ෂේත්‍රයේ කෙළ පැමිණියෝ.
ගැහැණු උදවිය විතරයැ සැලෝන් යන්නේ දැන්.පිරිමිත් යනවා නෙව.හොඳවෙලාවට අපේ සීයා, තාත්තා, කුෂී එහෙම සැලෝන් ගියේත් යන්නෙත් තමන්ගේ රැවුල් කොණ්ඩ කපාගන්න විතරයි ඕන්.
ඔන්න ඉතින්, පැන්නා පාරට.සැලෝන් කතානේ මාතෘකාව.
ඉස්සර මට තිබ්බේ කැරළි කොණ්ඩයක්.ඒකනම් ඇත්තටම කැරැල්ලක් වගේ තමයි, මොකද මැඩ පවත්ගැනීම හරිම අමාරුයි.:) ඉතින් අපේ ගෙදර මොනවා කළත් කොණ්ඩේ අති පූජනීය වස්තුවක් ලෙස සලකන වටපිටාවක් තමයි තිබුණේ.මොන කෙහෙම්මලක්ද මංදා මගේ කොණ්ඩෙට ගෙදර උදවියගේ පුදුමාකාර බැඳීමක් ආදරයක් තිබ්බේ.පුංචි කාලේ ආත්තම්මා එක්ක හොරෙන් ප්ලෑනක් ගහලා කොණ්ඩේ කපලා අපිට අපේ තාත්තණ්ඩි දුන්නෙ නැතෑ මාර ධර්ම දේශනාවක්.අනේ ඉතින් අත්තම්මයි මායි හොඳහැටි අහගත්තා එදා.
මේ කාලේ හුඟක් අයට තියෙන ප්‍රශ්නයක්නෙ ඔය ඥාන දත.ඒ ප්‍රශ්නේ නැති උදවිය කලබල වෙන්න කාරි නෑ ඕන්.ඒක නැතිතරමට හොඳා.ඒත් ඉතින් ඔය බ්ලඩ් ප්‍රෙෂර්,ඩයබිටිස්,ආතරයිටිස් වාගේ හොෂ්-පොෂ් ලෙඩ මේනියාවක් තියෙන උදවිය නම් කලබලවෙලා ඔය ඥාන ප්‍රශ්නේ ඇතිකරගත්තට මගේ කිසිම අමනාපයක් නෑ. :)
දැන් නැවත මගේ දත දෙසට හැරෙමු.:)
ඔය ඥාන සීන් එක කරළියට ආවේ ඇත්තටම කියනවානම් දැනට අවුරුදු 4කට වගේ කලින් දත් මාමා (ඒ කිව්වෙ අපේ ඩෙන්ටිස්ට් මාමා) හම්බෙන්න ගියවෙලේ.
ඒ කාලේ වැඩිය ඥානේ පෑදිලා තිබ්බෙත් නැතුවට මොකෝ මාමා කියපි, "ඔක්කොම හොඳයි මේ ඥානේ තමයි පරහ" කියලා.මම හිතන්නේ ඒ වෙලාවේ මගේ ඇස් දෙක මිකී මවුස්ටත් වඩා හෙණ සයිස් වෙන්න ඇති. ඒ ගමන දත් මාමා ලෝ සතට අනුකම්පාවෙන් වගේ සැර බාලකරල කිව්වා විස්තරේ.
මිදෙන්නට දුන් නිසා
බැඳුනු අතැඟිලි තුඩ..
රැඳෙන්නට කියන්නට කොහිද
ඉතින් අවසර නුඹට..
බැඳෙනුයේ කොතැන වුව
ඉඩ නොදෙන් ගිලිහෙන්ට
පෙරදාක වාගේ
ආයෙමත් කිසි දාක....
සටහන : මේ කාලෙකට කලින් ලිව්ව කවියක්.නිමිත්ත ඉතින් පැහැදිලි නොවැ.මිනිස්සු වෙනස්වෙන්නේ අධිවේගයෙන්.වෙනස් නොවන එකම දේ වෙනස්වීම නිසා එකේ ඉතින් පුදුමයකුත් නැහැ.නමුත් ඒ වෙනස්වීම අනිකා තුළ ඇතිකරවන වෙනස ගැඹුරට හාරාගෙන ගිය තුවාලයක් වාගේ.ඒ වගේ තුවාල අපි කවුරුත් තුළ ඇති බවයි මගේ විශ්වාසය.කොහොමනමුත් ඒ වේදනාවට සාර්ථකව මූණදුන්න හැමෝම සෑහෙන්න දහිරියවන්තයෝ.
දැන් ඔය අපේ නගා ඉන්නවා නෙව.උන්දැ ඉතින් අකලට වාගේ උස ගිය එකියක් වෙච්චි, අඩි 6කට වාගේ කිට්ටු උසක් තියෙන්නෙ.ඒවුනාට මොකෝ, පණු වංශෙට මාර බයයි.එයැයිට තියෙනවා අමාරුවෙන් තෙල් ,ජෙල් අරව මෙව්වා ගාලා හේ කරගත්තු, දිග හැරියම කාපිරි කොණ්ඩයක් වාගේ වෙන විසාල කේශ කලාපයක්.පීරද්දි එහෙම සද්දේ නිකන් රේක්කයකින් පොළොව පහුරු ගාන්නා වාගේ.(හිකිස්!)
හිතාගත හැකිනේ කවුරු වගේද කියලා? අන්න හරි, 'දිගමේස්දානලාගේ පිපී' (Pippi Longstocking)වගේ තමයි. :D
අප සියළු දෙනාටම කාලයෙන් කාලයට විවිධාකාරවූ උණ රෝග ඇතිවේ.මේ කියන්න යන්නේ දොස්තරලාටත් හොඳ කරන්නට නොහැකි අපේ ඇත්ත 'උණ' ගැනය.මේ උණ තේරේන සිංහලෙන් කියනකල යමක් කිරීමට අප තුළ ඇතිවන දැඩි කැමැත්ත වන්නේය.සමහරුන්ගේ මේ උණ සමාජයට උණ ගන්වන අතර සමහරුන් යා හැකි ඉහළම තලය වෙත ඔසවාතබන්නටද සමත් වන්නේය.තවත් සමහරුන් මැලේරියාවෙන් මෙන් මේ උණෙන් ගැහෙමින් හිඳ කිසිදු හැලහොල්මනක් නැතිවම අවසන් ගමන් යන අවස්ථාද ඇත.මේ කියන්නට යන්නේ මගේ උණ ගැනය.
මගේ මතක ඇති අතීතයක මා පෙළු මුල්ම උණ, 'ගීත ගැයීමේ උණ' හෙවත් 'ගායිකා උණ'කි.අවුරුදු 4-5ක කාලයේදී ඇතිවූ මේ උණ කෙතරම්ද යත්, එවකට මගේ ආදර්ශය වූ රූකාන්ත ගුණතිලකයන්ගේ සිංදු මට ලියාදෙන්නට අපේ අම්මාට සිදුවිය.එවකට අපට මැජික් වැනිවූ ඔහුගේ උඩ පැන කෑගසා ගීත ගැයීමේ අතිශය ප්‍රාසාංගික කලාවෙන් මා වශීවී සිටි තරම කොතරම්දැයි කිවහොත් ඔහු මෙන් අදෘශ්‍යමාන ගිටාරයක් වයමින් දන්නා සියළු වැඩ කිඩ දමමින් ගී ගැයීම එකල මගේ 'උණ' විය.එවකට මට සබකෝලය වැළඳී තිබුණේ නැත.එසේම මට ගීත ගයන්නට හැකියාවක්ද තිබූ නිසා දන්නා හඳුනන සියළුදෙනාම මා කවදාහෝ ගායිකාවක් වනු ඇති බව කීහ, ඉතින් මගේ උණ වැඩිවිය.