ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට හෙනහුරා ලබා ඇත්තේ අප ඉපදෙන්නටත් පෙර සිටම වෙන්නට පුළුවන් ය. එහෙව් පව් පින් කොරවන්නට කියා අපි වෙනසකට ඡන්දය දී බුකියෙන් ආණ්ඩුවක් පෙරලූ අතර අර හෙනහුරා නම් තවමත් අධ්‍යාපනයට ගේම දෙමින් ඉන්නවා ය.
සයිටම් නාඩගම නැගලා යන අතර අන්තරේ තමා කඩේ ගිය සාධාරණ යහපාලිතයන්ගෙන් නොලැබුණු ඉල්ලීම් දිනාගන්නට සුපුරුදු මාර්ගයටම අවතීර්ණ වීම මා නම් දකිනා හැටියට දෛවයේ සරදමක්ය. ඔය කොයි පැත්තටවත් නැති අර කමියා මගේ කලින් පෝස්ටුවේ කියා ඇති පතෝල මෙතඩ් එකෙන් බැලුවත් මට කට පියාගෙන ඉන්නට බැරි නිසා සෑහෙන්න කාලයක් නොලියා හිටි දේවල් අද ලියන්නට හිතුවාය. සයිටම් ප්‍රශ්නයේදි අන්තරේ සමග මගේ එකඟතාව කොන්දේසි සහිතවය. එසේ වූවා කියා පෞද්ගලික අධ්‍යාපනය ලංකාවෙන් 100%ක් අතුගා දැමිය යුතු නැත. අවශ්‍ය වන්නේ නිසි ප්‍රමිතිකරණයක් සහ ඒ ප්‍රමිතිය රැකගැනීමේ වැඩපිළිවෙලක් ය. නමුත් ලංකාවේ අධ්‍යාපන කන්තෝරුවලටත් විෂය භාර ඇමති සුදූටත් කොච්චරක් නම් වැඩ රාජකාරි ඇතිදැයි කියතොත් සුදු ඇඳුම් පාට කොරන්නට, ගැබිනි ටීචර්ලාගේ සාරි ගලවන්නට, මඩ ගැහුණු සුදු ඇඳුම් එලලාගෙන ආය කටුවලින් අමුණාගෙන සෙරෙප්පු දෙකක්වත් දෙපයේ නැතිව යලට මහට පාසැල් එන පිටු 40 කොපි පොතක සෙරෝම විෂයන් පැන්සල් කොටේකින් ලියාගෙන යන දරුවන්ට ටැබ් බෙදන්නට, අගුපිලක් තරමවත් පංති කාමර පහසුකමක් නොවන පාසැල්වල හිටංගේ මුඩුම මුහුණේ පිංතූරු ගසන්නට වාගේ අතිශය වැදගත් වැඩ රාජකාරි අතර ප්‍රමිතියකරණයක් ගැන කතා කිරීම හිනායන්නේත් නැති පට්ට බෝරිං විහිළුවක්ය. මොකක් හෝ නමක් ගමක් ලියාගෙන අස්සනක් ගසා ප්‍රමිතිකරණ සහතිකයක් දුන්නත් කාලයක් යනවිට ඒකට වෙන්නේත් වක්කඩේ හැංගූ හකුරු කැටේට වෙච්චි දේම නිසා අපේ මහදැනමුත්තෝ ලේසි පාරෙන් මොක්පුරේ යන්ට දත කන්නෝය. දැන් මේ කියවන ඔබ සියළු දෙනා තමතමා සිටගන්නා පිලේ මනාපයට මගේ ඔළුව කන්නට නම් දත කන්නට වලි කන්නට එපා ය. මම පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ නොවෙමිය. අන්තරේ කියන ආකාරයට සයිටම් ඇතුළු සියළු පෞද්ගලික අධ්‍යාපන ආයතන වසා දැමීම මට විහිළුවක්ය. හෙට දවසේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින වෙද්දු බිහිවීම වැලැක්වීමට නම් අද සටන පය බරවායට පයට බෙහෙත් කිරීමක් විය යුතු මිස අනෙකක් නොවිය යුතුය යන්න මගේ මතයය. අවාසනාවකට ඔය කොයි පැත්තත් තවම ඒ බව අවබෝධ කරවාගෙන නැත.