Friday, December 15, 2017

සොහොන් කවි

මරණයෙන් හුස්ම ඇද ඇද
ජීවත්වෙන්න වෙර ගන්නකොට
ලොවට නොපෙනෙන හද අඩක
මළවුන් සව්දිය පුරන කොට
හීන් හදවත් නහර
උණුසුමට ඇදෙනකොට
නුඹ කියාවිද දිනෙක
මුලිනුපුටා දමන්නට...