Friday, December 15, 2017

සොහොන් කවි

මරණයෙන් හුස්ම ඇද ඇද
ජීවත්වෙන්න වෙර ගන්නකොට
ලොවට නොපෙනෙන හද අඩක
මළවුන් සව්දිය පුරන කොට
හීන් හදවත් නහර
උණුසුමට ඇදෙනකොට
නුඹ කියාවිද දිනෙක
මුලිනුපුටා දමන්නට...


10 comments:

  1. කාලෙකට පස්සේ සොහොනක් උඩින් තනි තරුව පායලා..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි. තනි තරුවයි හඳ පලුවයි වගේ නේ? :P

      Delete
  2. Replies
    1. බොහොම ස්තුතියි දුමින්ද. තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා.

      Delete
    2. බලපියකෝ මේකිගේ සංවරකම , අනේ යකෝ

      Delete
    3. අපි කොහොමත් සංවරයි ඩෝ! :P

      Delete
  3. දැකපු කල්....

    (කොහොමත් ඡන්දේ කාලෙක බ්ලොග් වලට එබෙද්දී මට ඉස්සල්ලම මතක්වෙන්නේ උඹව...හැක්)

    ReplyDelete
    Replies
    1. අඩෝ කටුස්සා!
      ඡන්දේ කාලෙට මාව මතක් වෙන්න තරම් උඹට තනි තරුව අග්න්‍යාශෙටම වැදිලා නේ. ආව්! :P

      Delete
  4. අමතක නොකරන් මිතුර..
    මරණයෙන් පැනයන්නට
    වෙර දරන මිනිසුන්
    බොහොමයක් අතර
    මරණය එනතුරු මග බලා
    නොඉවසිල්ලෙන් සුසුම් හෙලන
    සුළුතරයක් මිනිසුන්ද
    සිටිය හැකි වග..

    ReplyDelete