Friday, December 28, 2018

මඟුල්

ඔවුහු 
පිරුවට ඇඳ
මල් ගවස
විලංගු ලන්නෝය 
රනින් කැටයම් කොට..
ඉනික්බිත්තෙන්,
කා බී රඟා වයා
සමරන්නෝය
කරගත් විපත..!



Wednesday, December 26, 2018

සසර

මම ගැලවෙමින් සිටිමි
ඔබද ගැලවෙන්න


Sunday, December 23, 2018

ඇත්ත

විප්පයෝගයෙන් පෙලි පෙලි
මගේ තුනී තුරුණු හදවත
උඹ එතැයි බල බලා ඉන්නකොට
උඹෙන් හිස්වුණ ඉඩට
ඌ ඇවිත් හෙමිහිට
මා ලඟින් හිටියම
උඹ නැතිව මගේ හිත
ඌ වටා එතුණට
ඔව්, මම වැරදිකරු ස්වාමිනී
එල්ලා මරාපල්ලා මාව!
ඌ ගියේ පෙම ගැන
මගේ හැම හැඟුමක්ම අරගෙන,
උඹට විතරක් තිබ්බ ටික නැතුව..
දැන් ඉතින්..
උඹ කොහොමටත් නැතුව
උන්නොත් එකයි මළොත් දාහයි 
මට..!


ඇද පොළොව

එක් පුරුෂයෙකුගෙන් මිදී
තව'කෙක් සරණ යෑමෙන්
පලක් නැත
විශ්වයට පැන සැඟවෙන්න
පොළොව පැතලි නැත
පෘථුවිය ගෝලාකාරය!