Sunday, December 23, 2018

ඇත්ත

විප්පයෝගයෙන් පෙලි පෙලි
මගේ තුනී තුරුණු හදවත
උඹ එතැයි බල බලා ඉන්නකොට
උඹෙන් හිස්වුණ ඉඩට
ඌ ඇවිත් හෙමිහිට
මා ලඟින් හිටියම
උඹ නැතිව මගේ හිත
ඌ වටා එතුණට
ඔව්, මම වැරදිකරු ස්වාමිනී
එල්ලා මරාපල්ලා මාව!
ඌ ගියේ පෙම ගැන
මගේ හැම හැඟුමක්ම අරගෙන,
උඹට විතරක් තිබ්බ ටික නැතුව..
දැන් ඉතින්..
උඹ කොහොමටත් නැතුව
උන්නොත් එකයි මළොත් දාහයි 
මට..!


4 comments:

  1. අර්ථය දුකයි ඒත් ලස්සනයි

    ReplyDelete
  2. වෙනස් ලියමනක් . තරහත් , වියෝගයත් , දරා ගැනිල්ලත් සම සමව තියෙනවා

    ReplyDelete