Sunday, October 21, 2018

ඉවසීම


මම ඔබේ නමින්
හඬා දොඩා වැලප
තව කොතෙක් නම් කලක්
මඟ බලා ඉම්ද?


Friday, October 19, 2018

හැඳිනීම

ඔබ මා හඳුනා ගෙන නැත්තෙහිය
මම ඔබ හඳුනා ගනිමින් සිටිමි
මෙතරම් ප්‍රමාද ව 
දැන් එහි කුමන නම් ඵලයක්ද


Thursday, October 18, 2018

බූවල්ලා!

ඔව්, මම බූවල්ලෙක්..
එක අඬුවකින් අතීතෙයි
අනෙක් අඬු හතකින්ම
උඹවමයි විතරක්ම
බදාගෙන අල්ලගෙන ඉන්න..





Wednesday, October 10, 2018

දැකීම

ඔබට මා දකින්නට අවැසිය
මට ද ඔබ දකින්නට අවැසිය
ඒ හැමටම වඩා
මටම මා දකින්නට අවැසිය
සසර නිමා කරනට..

Monday, October 8, 2018

නියං..

මඟ බලබලා හිඳ
ඔබ එනතුරාවට
ඉපල් වී ගොසින්ය
මගේ හදවත..



Friday, October 5, 2018

තනියාගේ ජංගම දුරකථන ඉතිහාසය

ඉතින් පින්වත් බ්ලොග් රසික රසිකාවියනි, තනියාගේ බයිට්වීම් ඕනෑතරම් මේ වෙද්දි ඔහේලා කියවලා ඇති. එහෙමයි කියලා නොලියා ඉන්නවා නෙවෙයි. ලියන්න ලියන්න මුවහත් වෙනවයි කියලා කතාවක් තියෙනවා නෙව. ✍

ඉතින් පින්වත් රසික රසිකාවියනි, තනියා නමේ හැටියටම තමයි ඉතින් වැඩ. ඔය විසාකාවක් සේ හෙමිහිට ඇවිදින්න, ඇසෙන නෑසෙන ගණනට කතා කරන්න,  අහිංසක ලාලිත්‍ය මවා පාන්න වගේ "වනිතා වැඩ" මේ ඇත්තිගේ බොහොම අඩුයි. ඉතින් මේ කසිලි බිසිලි ගමන එහෙම නිසාත් කිව යුතු දේ සක්කර දෙයින්නාන්සෙට උණත් කියලා දාන හින්දත් තනියට වෙන විපත්තිවලින් නම් අඩුවක් නැහැ. ඒ වගේ සමහර දේවල් විපත්වලට වඩා පෙරණයක් ලෙස ක්‍රියාත්මක වෙලා තනියාට නොදිරන (මේ කියන්නේ කසල ගැන නෙවෙයි ඒත් කසල වගේ දේවල් ගැනයි ) මිනිස්සු සහ දේවල් අයින් කරලා මාර්ගය පිරිසිදු කරලා දෙන අවස්ථාත් නැතුවා නෙවෙයි. 

ඉතින් මේ වගේ අද පාන්දරින් සිද්ධ වුණ විපැත්තියක් නිසා තනියා අද දවසම ඉතා මළ මුස්පේන්තුකමිනුත්, අනාගතය පිළිබඳ විශාල විචිකිඡ්ඡාවකිනුත් තමයි ගත කරන්න යෙදුණේ.