ඉකිගසා හඬන අතීතයක..
කඳුළු එක්ක ගනුදෙනු කරනා..
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..
සමනළ සංධ්වනියේ ගීතයක්. අමරසිරි පීරිස් මහත්මයගේ හඬ එක්ක වචනවල බර අපූරුවට ගැලපිලා අපි හැමෝටම පොදු සත්‍යයක්වෙන විරහී වේදනාව හිත පතුලටම දනවනවා."මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා" කියද්දි උගුර හිරවෙන ගතියක් දැනෙන්නේ ඒ විරහවට හිත බැඳුන නිසා නෙවෙයි, හිත සූරා තුවාල කල විරහව ඒ වචන ටික තුළ ජීවමාන නිසා.
විරහවක් තියා ප්‍රේමයක්වත් අත්නොදැකපු කාලෙක විරහව සුන්දරයි කියලා හිතාගෙන, මවාගෙන මං කවි ලිව්වා.ඒත් ඇත්තටම විරහවෙන් අන්තෙකටම බැටකාල ඔත්පලවුණාම ඒ කවි හිත බිම වැටුණු කැඩපතක්වගේ සීසීකඩ විසිරිලා විරහව පෙරෙන මගේ ඇස්වල පිලිබිඹුව හතර අත මැව්වා.සිතනා තරම් සියළු දෙය නොවේ එතරම් මනරම් කියලා තමයි අද ඒ තුවාල පිරිමදිමින් අතීතයට එබෙද්දි හිතෙන්නේ.