Wednesday, July 3, 2013

ලංවිම

පහුගියදාක පත්තරේ තිබ්බ සිදුවීමක් කියවලා හරියට දුක හිතුණා.අද කාලේ ඉතින් පත්තර ප්‍රවෘත්ති දැක්කම වැඩියෙන්ම වෙන්නේ දුක හිතෙන එකම තමයි.සමහරවිට ඇත්තටම ඒ ප්‍රවෘත්තිය ගැන, සමහරවිට ඒ වගේ ප්‍රවෘත්තිවලින් බඩවියත හොයාගන්න උත්සහකරන්න තරම් පහළ තත්වෙකට අපේ මාධ්‍ය පත්වීම ගැන.



ඉතින් සිදුවීම ලයිට් බිල ගෙවන්න ගිය අවුරුදු හැටගණනක් වයස තාත්තාකෙනෙක් බිලේ විස්තර අහලා හර්දයාබාධයකින් මියගිහින්.ඇත්තටම ලයිට් බිල දැක්කම තරුණ අපටත් හර්දයාබාධ හැදෙයි කියලා හිතෙනවානෙ.අද අපේ ලයිට් බිල දැක්කමත් ගෙදර බව් නගාලා දෙන්නා ඇරුණුකොට අනෙක්සේරටම එළොව ලයිට් පේනවා.

සාමාන්‍යයෙන් ඔය වගේ අවස්ථාවල මම බකපණ්ඩිත වැඩ කරනවා.ඉතින් අදත් ඒවගේ ගත්ත මම ඇමතුමක් ලංවිමට.එහෙන් මට ලොකූ විස්තරයකුත් කිව්වා බිල හැදිල තියෙන අපූරුව ගැන.අපරදේ කියන්න බැහැ ගාස්තු ලියාගන්නත් දුන්නා.

මගෙ පෞද්ගලික අදහස බොහොමයක් අත්‍යාවශ්‍ය සේවාවන්ගේ ඔය ලොකු සීන්වලට හේතුව ඒකාධිකාරය කියලයි.ගිනි ගාණට කරවල විකුණන වෙළෙන්දාගේ ඉහමොළ රත්වෙන්නේ පාරෙන් එහා පැත්තේ මිලත් අඩු බඩුත් වැඩි සුපිරි පෙනුමැති නමුත් සාමාන්‍ය වෙලඳසැලක් පටන්ගත්තුවාම වාගේ තරඟකාරීත්වයක් ඇතිවෙනතුරු දේවාලේ තනි අයිතිය තියෙන්නේ ලංවිමටනේ.

මට මතක් වෙනවා ශ්‍රි ලංකා ටෙලිකොම් 'වාර්ෂික ව්‍යාපාර සැලැස්ම' අතර ආයතනික උපායික සැලසුම් ප්‍රධානී ලාල් රංජිත් මහත්මයා කිව් කතන්දර.ටෙලිකොම් ඒකාධිකාරය තියෙනකාලේ සමහර පළාත්වල මිනිස්සු කොයිතරම් සැලකුවද කියතොත් ප්‍රාදේශීය කළමණාකරුගේ කාමරයට එද්දි පැලඳි පාවහන් පවා ගලවා තබා ආවා කියලා.ඒ අතින් බලද්දි අද ඒ ඒකාධිකාරය බිඳ වැටුණටපස්සේ තමන් බලාපොරොත්තුවන සේවය නොලැබුණොත් 'උඹලා ජීවත්වෙන්නේ අපේ සල්ලිවලින් යකෝ' කියලා කළමණාකරුට කියලා යනතරමට ඒ අහිංසක පාරිභෝගිකයාම "අංගුලිමාල' කෙනෙක් බවට පත්වෙලා තියෙනවා.ඒ මොකද යන්න ඕනෑනම් යන්න අනික් තරඟකරුවන් දෑත් දිගුකර පිළිගන්න සූදානම්බව දන්න නිසා.

දැන් ලංවිමට වෙලා තියෙන්නේ බැණ බැණ හෝ අපි වැටිල ඉන්න බව දන්න නිසා වගේවගක් නැතිවීම.හැබැයි ඉතින් ලංකාව වගේ පුංචි රටක විදුලිය වගේ අධි පිරිවැයක් සහිත විශේෂිත සම්පත් අවශ්‍ය නිෂ්පාදනයකදී විවිධාකාරයේ ප්‍රායෝගික ගැටළු මතුවෙන්න පුළුවන්.ඔය තරඟකාරීත්වයක් ඇතිකිරීමේ මුවාවෙන් ඉතුරුවෙලා තියෙන ස්වාභාවික සම්පත් ටිකත් පොලිටික්කොන්ගේ සාක්කුවල ඩොලර් බවට පත්වෙන්නත් ඉඩ තියෙනවා.ඒක නිසා විදුලි ඒකාධිකාරය බිඳදැමීම අපේ හුදෙකලා සිතුවිල්ලක් කරගෙන කුප්පි ලාම්පු එළියෙන්වත් ජීවත් වෙමු. :)

2 comments:

  1. යකෝ යෝජනාව ගෙනත් උපන් ගෙයිම ඒක අකුලගන්නවානේ.

    ReplyDelete
    Replies
    1. යෝජනාව උපන්ගෙයිම අකුලගන්න සිද්දවෙනවනේ සහෝ.වෙන නස්පැත්තිවල හැටියට අපි ජීවත්වෙන්න මොකටෙයි පරිසරය උගස් තියෙන්නෙ.අපි අවුරුදු ගාණක් පරිසරයට කරන විනාශෙම මදිවටද.ඒකයි හේතුව.

      Delete