Sunday, July 14, 2013

රුවන් තාරකා

ඉරිදා පත්තර ගොඩේ පෙරළෙද්දි දැක්කා කාලයක් තිස්සේ අසන්නට හිටි ප්‍රවෘත්තියක්.ඒ බණ්ඩාර ආතාවුද මහත්මයගේ ප්‍රසංගයක් තියෙන බව මේ මාසේ 20වෙනිදා.රැල්ලට ගසාගෙන ගිහින් ඇඩ්‍රස් නැතිවෙන කලාවක ඒ මිනිස්සු හෙමින් නමුත් මතක හිටින ගමනක් ගිය නිසා අදටත් ඒ ගීත සුන්දරයි.

ඔය තනි තරුව නම ඉපදෙන කාලේ මගේ ජීවිතේ එක්තරා ආකාරයක සංක්‍රාන්ති සමයක්.මුල් සටහනේ කිව්වා වාගේ අරමුණක් වන-නොවන, මිහිමතට අයිති නොවෙනවා වාගේ පාවෙන ගතියකින් ගෙවුණු ඒ කාලයේ සමහරදාට මහා පාන්දරක් වෙනතුරු සිංදු අහන දවස් තිබුණා.එවැනි කාල මට පමණක් නොව බහුතර ජීවින්ට පොදු නිසා පාන්දරක ඇහෙද්දි ගීතයක තියෙන මිහිර බොහොම වැඩි බව හුඟ දෙනෙක් අත්දැකලා ඇති. අන්න ඒ වගේ මොහොතක ඇහැව්ව ඔහුගේ ගැඹුරු නමුත් ප්‍රේමණීය හඬ මට මතකයට එනවා.




ඔහුගේ ගීතවල තියෙන්නේ අමුතු නමුත් අපූර්වගතියක්.අද ගීතවල බොහෝ විරල නමුත් පැරණි ගීතවල බහුල ඒ අපූර්ව ගුණය මතයි ඒවායෙ ජීව කාලය රඳා පැවතිලා තියෙන්නේ.බණ්ඩාර මහත්මයා කියලා තිබුණා ඔහුගේ ගීතවලට රූප රචනා නැතිවෙන්න හේතුව, ඒ කාලයේ ඔවුන් රස වින්ඳේ 'ගීතය' වීම කියලා.ඒකත් ඇත්ත කියලා හිතෙන්නේ අද සමහර රූප රචනාවල කිසිම හරයකුත් නැහැනේ කියල දැක්කමයි.

ඉතින්,මාත් බලපොරොත්තුවෙන් ඉන්නවා ආරාධනාව පිළිගෙන 20 වෙනිදට ආශාවේ මල් වැටෙන් එබී රුවන් තාරකා බලන්න යන්න.ඉඩක් ලැබෙවි කියලා හිතනවා.

ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිහඬ රැයේ ලොව නිදනා
මා ඔබ 
ඔබ මා ලඟ ඉන්නා..

7 comments:

  1. හරිම සොඳුරු මනුස්සයෙක්. මට මතකයි පොල්ගොල්ල විද්‍යාපීඨයේ දවසක් එළිවෙනකම්ම මේ සහෘදයයි අපි කීපදෙනකුයි ගත කළ ඒ මියුරු සෑදැව. මගේ මූනු පොතේ ඇති ඒ මතක රූ.

    ReplyDelete
    Replies
    1. ඔව් පෞද්ගලිකවම නොහඳුනනවා වුණත් අනිවාර්යෙන්ම සොඳුරු මිනිසෙක් විය යුතුයි.

      Delete
  2. ගීතය නම් ලස්සනයි... ලැජ්ජාවට කාරණය මං එතුමා ගැන නොදැන සිටීමයි.........

    ReplyDelete
    Replies
    1. හපොයි.... මූව මරන්න වටිනවනේ.....

      Delete
    2. හැබෑවටම යසිත් දැනගෙන හිටියෙ නැද්ද?? :O සමනළී කිව්ව කතාවම කියන්නත් හිතෙනවා :) ඒත් ඉතින් අරුමෙකුත් නැහැ, දැන් කාලේ ප්‍රසිද්ධ චැනල්වලින් මේ මිනිස්සුන්ගේ සිංදු ඇහෙන්නේ නැහැනෙ.

      Delete
  3. මමත් ආසම ගීතයක්.... එතුමාගේ ගොඩක් ගීත වලට මං ආසයි....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සමනළී.:)

      Delete