අනේ කුහුඹුන්නේ තොපටත් රජෙක් ඉන්නේ
අපට නම් ඉතිනේ පඹයෙක් විනක් කැට්ටේ!
රූකඩෙක් පඹයෙක්ම වන්නේ
පඹයෙක්ම රූකඩෙක් වන්නේ
නැතිය එපමණටම ඇත්තේ
රටට හෝමෙක් පමණි ඉන්නේ
ඇහැක් නැතුවා කණක් ඇතුවා
විනක් කටිනට අඟක් බැස්සා
හුඟක් කල් වෙදකමුත් කෙරුවා
ඒත් නැතිලුය හොඳක් අක්කා
දහසකුත් අඟනුනුත් දුටුවා
මෙහෙව් එකියක් කොහෙත් නැතුවා
අඹරවන්නට එතෙක් දස්සා
ළම-අ-තැනිය ගෙන එන්ට රිස්සා
අම්මා වික්කා අප්ප වික්කා
පුරුෂයා අමුඅමුවේම වික්කා
සුදු නෙළුම් කන තවලමේ බැඳි
නොබැඳි මොං-ගල ඌත් වික්කා
ඇස්ස රිස්සා දත් විරිත්තා
ළොපොන්නරුවෙන් කෙතට බැස්සා
මඩෙත් ලැග්ගා ඉතින් මක්කා
කියන් නෝනා මමය ගැත්තා
මඩට හුරුකම මගේ දස්කම
වවමු රඹ කැන, ඇටි කෙහෙලමය
දැන් ඉතින් කන්නේ පුවාලුය
ල-නිලා කන්නේ අමුතු කෙහෙලුය
දෙකකි හැටමය අමුම ගොන්නුය
උන්ම කෑවේ මදිය කිය කිය
සේන රඹ කැන කාපු උන්මය
රෙ-න්ට බැරුවම එක ඉරාගෙන
ඉතින් කට නැත ඉරුණු දුකටම
උන්ට තලනට බූ වලිග මොට?
තොපිට කිව්වා තොපි නෑහුවා
තොපිම තොපිටම විනේ කැට්ටා
උපන් දරුවා දෙකට බෙදුවා
බොට අඩයි මට අඩයි ඇතුවා
කලින් කිරි එරි හිරු අම්මලා
කැකිරි පල පල විරිත්තෑවා
දරු ඉපැද්දූ සෙනෙවි
මහ පොළව යට සුසුම් ලෑවා
දිනෙක යම් මතු ඉපදියම යුතු
දෙරණ කොයි අත නොදැක සිටි යුතු
තොප තරම් අනුවණවු ගුණමකු
වැදූ මව්වුව කෙලෙසවනු සුලු
දුරක් නොපෙනෙන නිවට ජාතිය
තොප මෙ'දෙරණ'ත කුමට උපන ද?
වැරදුණු තැන
අපට නම් ඉතිනේ පඹයෙක් විනක් කැට්ටේ!
රූකඩෙක් පඹයෙක්ම වන්නේ
පඹයෙක්ම රූකඩෙක් වන්නේ
නැතිය එපමණටම ඇත්තේ
රටට හෝමෙක් පමණි ඉන්නේ
ඇහැක් නැතුවා කණක් ඇතුවා
විනක් කටිනට අඟක් බැස්සා
හුඟක් කල් වෙදකමුත් කෙරුවා
ඒත් නැතිලුය හොඳක් අක්කා
දහසකුත් අඟනුනුත් දුටුවා
මෙහෙව් එකියක් කොහෙත් නැතුවා
අඹරවන්නට එතෙක් දස්සා
ළම-අ-තැනිය ගෙන එන්ට රිස්සා
අම්මා වික්කා අප්ප වික්කා
පුරුෂයා අමුඅමුවේම වික්කා
සුදු නෙළුම් කන තවලමේ බැඳි
නොබැඳි මොං-ගල ඌත් වික්කා
ඇස්ස රිස්සා දත් විරිත්තා
ළොපොන්නරුවෙන් කෙතට බැස්සා
මඩෙත් ලැග්ගා ඉතින් මක්කා
කියන් නෝනා මමය ගැත්තා
මඩට හුරුකම මගේ දස්කම
වවමු රඹ කැන, ඇටි කෙහෙලමය
දැන් ඉතින් කන්නේ පුවාලුය
ල-නිලා කන්නේ අමුතු කෙහෙලුය
දෙකකි හැටමය අමුම ගොන්නුය
උන්ම කෑවේ මදිය කිය කිය
සේන රඹ කැන කාපු උන්මය
රෙ-න්ට බැරුවම එක ඉරාගෙන
ඉතින් කට නැත ඉරුණු දුකටම
උන්ට තලනට බූ වලිග මොට?
තොපිට කිව්වා තොපි නෑහුවා
තොපිම තොපිටම විනේ කැට්ටා
උපන් දරුවා දෙකට බෙදුවා
බොට අඩයි මට අඩයි ඇතුවා
කලින් කිරි එරි හිරු අම්මලා
කැකිරි පල පල විරිත්තෑවා
දරු ඉපැද්දූ සෙනෙවි
මහ පොළව යට සුසුම් ලෑවා
දිනෙක යම් මතු ඉපදියම යුතු
දෙරණ කොයි අත නොදැක සිටි යුතු
තොප තරම් අනුවණවු ගුණමකු
වැදූ මව්වුව කෙලෙසවනු සුලු
දුරක් නොපෙනෙන නිවට ජාතිය
තොප මෙ'දෙරණ'ත කුමට උපන ද?
වැරදුණු තැන
Dekaki hetamaya- amuma gonnuya...
ReplyDeleteMath e'athara - ekeku wanneya.. :)
Pamini wigasama blog wasanthaya. .
Thaniya pelahara pannata wiya. .
Welcome back!!!!
මොකෝ ඒ බව දන්නේ නැතිවය
Deleteබොලා අපි අද ඊයේ දුටුවය?
පෙළහරක් නම් බොසෝ බැරුවය
අහිංසක කවි පෙළක් ලිව්වය..
තෑන්ක්ස් මචෝ..:)
සුඛී දීඝායුකෝ භව..
Delete(ඉවසීමෙන් සැනසීම ලැබේ)
.ජයවේවා"
ඈ?? ඒ කියන්නේ ඒකද?
Deleteකවි පෙළ නම් මරු ඈ...
ReplyDeleteඅපුරුයි...
බොහොම ස්තූතියි නිර්මාණි :)
Deleteහී හී තනිතරුව, උත්ප්‍රාසය 100 න් 100යි.කදිම මනෝමය චිත්‍රනයක් දුන්නා.නියම කවි.......!
Deleteඅඳුරෙ සැඟවූ ඇත්ත දිස් කොට
අකුණු සැරයක් සේ නැගීයන්...
පහර දිය යුතු යමක් වේ නම්...
හෙණ හඬක් සේ පහර දීපන්..!
ටිපිකල් තනියා
ReplyDeleteටිපිකල් ගෙම්බා
Deleteහෑ... දැන් ලව් පුසා අය්ය ගෙම්බෙක් වෙලාද ?
Deleteඌ කොහොමත් ගෙම්බෙක් නගෝ :P
Deleteළොකයේ ළොකුම හොරාට වඩා මේ පඹයා හොඳටම හොඳයි...
ReplyDeleteහැබයි උඹේ කයි ටික නම් වල්ලා පට්ට පුතේ.... ෆිනෝමිනල්...
කියලා වැඩක් ඇතෙයි! :D
Deleteතැන්කූ මචෝ..:)
යහපාලන ආන්ඩුවක් හදාගෙන
ReplyDeleteපොලොන්නරුවෙ ගොන් වාහෙට කඩේ යන
සිරිකොත වැසිකිලිය සෝදා පඩි ලබන
සක්කිලි මැද තනියා යති උගෙ ගමන
:D
තනියා කිව්වට තනිම තනි නැත
Deleteතවත් බෝ අය පෙරහරේ වෙත
'සරස'වන්නට ඇගේ තනි අත
මරාවාදියෝ පහුබහින්නේ නැත.. :)
This comment has been removed by the author.
Delete'සරස'තුමෝ දුකසැප දෙකෙහිම පැවතී
Deleteබිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවති
මිහිඳු මැතිඳු සමගින් පෙරටම ඇදෙතී
නැවත බලය අල්ලා අපි අරිමු හතී
@සරස:
Deleteකට පියාන ඉන්නා බැරි එක ලෙඩකි
යන්ට යන්ට ඇදගන්නා බ්ලොග ඇණකි
ඉඳ හිටලා ඇවිත් මෙහෙම ලියා යති
ඇවිසි දනා බැණ වදිනා නාහේ දති
@කමියා:
තනියෙක් කීවාට අලියෙක් නොම වන්නේ
අහසේ ඉඳන් පොළවට වැටුණා වෙන්නේ
මරාවාදියෝ කොයිබද පසු බැස්සේ
සරස එක්ක තව තව පෙරහැරේ ඉන්නේ :P
සරස: අනිවා!!
Deleteඑකෙන්ම.......!
Deleteරජෙක් නැතිව රටක් මොටද ඇහුවෙ පෙර අපි
ReplyDeleteරටක් නැතිව රජෙක් මොටද අහමු අද අපි........
කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
වරමාති ශුභ චරිතේ
ලංකාපති නරේන්ද්‍රසිහ නුපතේ
කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
පත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියා
ඕලන්දෙන් රැගෙන බලේ
එංගලන්තෙ තබන වෙලේ
සිංහලුනගෙ බිඳුන බලේ
කවදා ගොඩ නගමු මලේ
රජ්ජුරුවෝ උඩයි උඩයි
අපි පොඩි උන් බිමයි බිමයි
අන්දරේලා මැද ඉදගෙන
දෙපැත්තටම විහිළු කරයි
රට යනවා පරදේසෙක
අපි යනවා පරලෝකෙට
අන්තිමේදි බලපුවාම
අන්දරේලා අපි සේරම
අන්දරේලා....
නාට්‍යය - අන්දරේලා
අන්දේරලා වැහිවැහැලා මචෝ..එකෙක් රටත් කොරනවා..:D
Delete
ReplyDeleteයහ කිව්ව ට දැන් ජහ වෙන පාලනය,
යමයෝ නැතුව ජඩයෝ ඇති කතිරෙ ලඟ.
තොපි කල හොඳත් පස්සෙන් එන කාලෙ මෙය,
ජහ හරකුනේ ජහ පාලන රටකි මෙය.
හැක හැක හැක.
කවි ටික සුපිරි !
ReplyDeleteබොහොම ස්තූතියි මෙතූ :)
Deleteසිරාම කවි ටිකක් හිටං
ReplyDeleteතැන්කූ සොමියා..:)
Deleteකවි ටික නම් නියමයි ඈ..
ReplyDeleteතැන්කූ සිතූ... :)
Deleteකවි ටික පට්ට... මම මේ තාමත් කල්පනා කරන්නේ මේ අර ඊයෙ දැක්ක තරු අක්කමද මේක ලීවෙ කියල :P
ReplyDeleteතැන්කූ හංසි..හැක් හැක්..එයා නෙවෙයි වගේද? :P
Deleteඅපූරු කවි ටික...
ReplyDeleteමනෝරම මන්දිරේ අගුපිලක
පාදඩ බලු රැලකි කටු ලොවන
මහ ගේට්ටුවෙන් එහා සිටි දනට
උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...
බොහොම ස්තූතියි පොකුරු වැහි, තනි තරුවට සාදරයෙන් පිළිගන්නවා.
Deleteකවියෙන් කියවෙන අදහස නම් මට පැහැදිලි නැහැ, බ්ලොග් සංචාරෙට වෙලාවක් නැතිකම නිසාද කොහෙද.
බොහොම ස්තුතියි. අපේ මිනිස්සුන්ට කවදාවත් ඇස් ඇරෙන්නේ නැහැ. ඇතුලේ වෙන දේ දන්නෙත් නැහැ. පිටින් ඉඳන් නිගමන වලට ඇවිත් එකිනෙකාගේ පා ලොවන අයවලුන්ව, මහත්තුරු කරලා පොට වරද්දගන්නවා. කවදාවත් කුහුඹුවන්ට වගේ රජෙක් අපිට නොලැබෙන්නේ ඒකයි.
Deleteසැර කවි ! අගෙයි නංගී...
ReplyDeleteබොහොම ස්තූතියි අක්කේ..තාම එහෙ එන්න බැරිවුණා..ඉක්මණින්ම එනවා..නිහතමානී අක්කෙක්ව එදා හමුවීම ලොකු සතුටක් :)
Deleteපඹයෙකි අපට ඉන්නේ - ඒ නිසාම ය රට නැසෙන්නේ..
ReplyDeleteඒකනේ කියන්නේ - ඒත් නැහැ නොවැ මුං අහන්නේ!
Deleteවැසි දැරිය ස්මාට් දැරියකි :)
මේකනේ දැන් තියෙන්නේ යහපාලනේ...ඊට කලින් යුග වල එක එක නම් වලින් පාලන... ඕක හරි පාලනේ කරන්න පුලුවන් "මහා" ජනයා කියන අය තාම නිදි...එහෙමත් නැත්නම් ඉපදුනු ගමන් ඇස් වහන් කිරි බොන පූස් පැටව් වගේ.. හොයාගන්න බැ ඇස් අරිලද ? තාම වැහිලද ?
ReplyDeleteAtthetha kama weramani sikhapadan samadiyami.
ReplyDelete