සාංසාර කාලයකට පස්සේ වගෙ දැනිච්ච දිග කාලයකට පස්සේ ලෙන්ගතු හැන්දෑවක් ගෙවන්නට ලැබීමේ හීනි සතුටක් එක්ක මට ආයෙමත් බ්ලොග් එක මතක් වුණා. ඒ 'සෙව්වා' නිසා. සමහර කාලවල අන්තරස්ත්දාන වෙලා හිටියත් ආයෙමත් පුරුදු හිනා කටහඬින්ම මට කතා කරලා මහ බැංකුව(ක්) කඩන්න තරමට හම්බෙන්න සැලසුම් ගහලා ඒත් හම්බෙන්න බැරිවෙච්ච අවුරුද්දකට විතර පස්සේ ආයිමත් 'සෙව්වා' මට හම්බුණා, තවත් ඒ වගෙම සුන්දර මිතුරියෙක් එක්ක.
මම බ්ලොග් එකක් කරන බව දැනගත්ත දා ඉඳන් ඒකේ පරණ පෝස්ටු පවා ඇද ඇද, මහා හයියෙන් හිනාවෙවි ඒවා උපරිමයට රස විඳපු (සමහරුන්ට හිනා නොයන ඒවාට පවා), හිනාව ඉවසගන්න බැරි වෙලාවට මට කෝල් කරලා "මම කැමතිම උඹ උඹටම හිනාවෙන එකට. හැමෝටම ඒක කරන්න බෑ" කියකියා හිනාවෙන, සමහර පෝස්ටුවල අතීත කතා, නිධාන කතා හාරාවුස්සන්නෙ නැතුවම ඒවා රස විඳින්න පුළුවන් සෙව්වා, අදත් ඒ ගැන අනෙක් යාළුවට කියද්දි එහෙම රසවතෙක් ඉතුරුවීම ගැන මට නිහතමානී සතුටක් ඇතිවුණා. මම හිතන්නෙ ඒ සතුටයි සෙව්වාටම පින් සිද්ධවෙන්න ගෙව්ව රසබර පොතක් එළිදක්වීමේ හැන්දෑවයි හින්දා මට ආයෙමත් ලියන්න ආස හිතුණා. ඉතින් සෙව්වාට පින්!
ලියන්න දහසකුත් දේවල් හිතට ආවත්, අකුරක් නොලිව්ව තනියාට මම මග දිගට නෝක්කාඩු කියකියා ගෙදර ආවා. තනියාගේ හිතට බොහොම දක්ෂ නීතිඥයෙක් ලැබිලා තිබ්බා. උන්දෑ තනියාගෙන් ඇහුවා "හැමදාම පොඩි දේටත් කඳුළු පෙරන් හිනාවෙන උඹ අන්තිමටම එහෙම හිනාවෙච්ච දවස මතක් කරපන් බලන්න" කියලා. තනියා තට්ටමට හෙණ්ඩු පාරක් වැදිච්ච අලියෙක් වගේ බීරාන්තවෙලා හයිලෙවල් පාරේ නැවතුණා.
නෑ, අලියෙක් වගේ මතක ශක්තියක් තියෙන තනියට ඒක මතක නෑ. ඒ තනියා නැතිවෙලා බව මට තේරුණේ එතකොටයි.
"මං ඒ තනියාව හොයාගන්න ඕන. සමහරවිට ඒ තනියාව හොයාගත්තොත් මට පුළුවන් වේවි ඉස්සර වගේම ලියන්න."
මම සාලයෝ මල්ලක් දිග ඇරගෙන සුද්ධ කරන්න පටන් ගත්තා. කිසිම හිතක් පපුවක් නැතුව උන්ගේ හෘදය වස්තූන් බොකු බඩවැල් එක්ක එළියට ඇද්දා. වැලන්ටයින් එකට රතු පාට වෙන, ආදරේදී රතු පාට වෙන (සාලයන්ගේ - උන්ගේ ලෝකේත් එහෙම නම්) හෘදය වස්තූන් කළු ගැහිලා මැරිලා නිකන්ම එළියට ඇදුණා, හරිම ලේසියෙන්. එකෙක්ගේ විතරක් අජීවි කටුවැලක් අනිච්ඡානුගව මට ඇන්නා. ඒ හෘදය පරිස්සම් කරගන්න ඌට ඉතුරුවුණ අන්තිම අවස්ථාව වෙන්න ඇති. "උඹට නැති හින්දා නේද උඹ අපේ හදවත්වලින් පළිගන්නේ?". උගේ අජීවි ඇස් මගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා "උඹේ හෘදයත් හූරලා අරන් දැම්මද? ඇයි ඒ?" තනියා සාලයට රවලා හෘදය තිබ්බ තැන කුහරේ වැහෙන්න රීප්ප පටි ගැහුවා. "උඹ ලියපන්, මං ඉඳලා හිටලා හරි ඇවිත් යන්න එන්නම්" ඌ මට බලාපොරොත්තුවක් දීලා ඇණයි, මිටියයි අරන් යන්න නැගිට්ටා.
"පොඩ්ඩක් හිටපන්, කාලෙකින් ආව එකේ, කෝපි කෝප්පයක් බොමු"
"කළු කෝපි හොඳ නෑ, මට ඉරුවාරදේ" තනියා එහෙම කියලා ආයෙමත් වාඩිවුණා.
අපි කතා කෙරුවා. මම නොදැන හිටියට තනියාත් මායි සෙව්වයි හිමාලියි එක්ක වාඩිවෙලා නාරද අයියගේ 'මතක පොත' බලලා තිබ්බා. ඒ ඇහුව කතා ගලපලා ඌ මට බණක් කියන්න පටන් ගත්තා. ඒක මට කියන බණකට වඩා නැතිවෙච්ච හෘදය වෙනුවෙන් කෙරුව මතක බණක් කියලමයි මට මේ මොහොතෙත් හිතෙන්නේ. ඒත් ඌ කියපුවා ඇත්ත.
අපේ හෘදය වස්තූන් නැතිකරගෙන තියෙන්නේ අපිමයි. අපි මුළු ජීවිත කාලෙම ඒක ලව්වා අනුන්ගේ බර අද්දනවා. අපේ වැරදිවලට මඩු වල්ගෙන් නොනවත්වාම ඒකට තලනවා. ඩීමො බට්ටෙක් විතර හෘදය වස්තුව කන්ටේනර් පිටින් පව් අදිනවා, තුවාලකාරයෝ අදිනවා. ඒ පුළුවන්කමකට, උවමනාවකට වඩා ලෝකයා කියන උන්ගේ වධෙන්, ඇණුම් පදවලින් බේරෙන්න කරන දෙයක් තමයි. ඒත් බැරි බර ඇදලා ඇදලා හෘදය වස්තුව නතර වෙච්ච දවසට ඒ ලෝකයා නතර වෙච්ච හෘදය, සාලයෙක්ගේ හෘදය වගේ සිලි මල්ලක ඔබලා කුණු ලොරියට දාන්න බැරිකමට මල් ශාලාවක තියාගෙන තව හෘදයක් ගැන ඕපාදූප කතාවෙනවා, බූරු ගහනවා, බෝතල් කඩනවා, මැරිච්ච හෘදයේ ජීවිත කාලේ කෙරුව ගොන් බූරුකම් ගැන රහස් කියකියා හිනාවෙනවා.
"ඉතින් ඒ ඉරණම දැක දැක බල බලා උඹටත් ඕනේ එහෙම වෙන්නද?" තනියා දුකෙන් හිනාවුණා.
"උඹ ජීවත්වෙයන්. හෘදය තිබ්බද නැද්ද කියන එක හිතනවට වඩා, උඹ ආසම විදියට, උඹ ජීවිතේ විඳපන්, රස කර කර විඳපන්, උඹ උඹට ආදරේ කරපන්, මේ ලෝකයා කියන *** ***ට ඕන දේවල් කරන්න උඹ මැරි මැරී ඉපදෙන්න ඕන නෑ, උඹ මැරෙනදාට උඹටම සිහි කරන්න හිත හදාගන්න පුළුවන් දේවල් උඹ කරපන්. උඹට දේවල්, මිනිස්සු ලැබෙයි නැතිවෙයි, කමක් නෑ, උඹ ආත්මාර්ථකාමි වෙයන්, ටිකක් ආත්මාර්ථකාමි වුණාට කමක් නෑ, පරාර්ථකාමි වුණා කියලා උඹට ලැබිච්ච බම්බුවක්වත් තියෙනවද? නෑ. උඹට පරණ මාව හොයාගන්න නම් උඹ ජීවත්වෙන්න ඕන පරණ උඹ විදියට. නිදහස් මනුස්සයෙක් විදියට. ජීවිතේ රස බැලුව මනුස්සයෙක් විදියට. අද ඉඳන් බලපන් එහෙම කරන්න" තනියා මල්ල කරේ දාගෙන යන්න ගියා.
ඉතින්, මම දැන් පරණ මාව හොයනවා. හම්බුණොත් කවුරුහරි දන්නවනේ කොහෙටද දන්වන්න ඕන කියලා?

+++++
ReplyDelete:)
Deleteකවියක් කථාවක් හෙම නැතිනම් ඇත්තක්ද
ReplyDeleteදෙවරක් බැලුවත් වැටහෙන් නැත්ට්ගේ මන්ද
රසයක් තිබෙන මෙය ලියු නුඹ වෙනුවෙන්ද
කවියක් ලියා යමි ඔබ දැන් සතුටින්ද....
ජයවේවා!!!
අපුරු කවිය දුමින්ද. :)
Deleteඔයි වගේ දෙයක් මටත් මගෙ යාළුවෙක් කිව්ව. “උඹ ඉස්සර චිත්‍ර අඳිනවනෙ. ආයි පටං ගනිං...“
ReplyDeleteමං කල්පනාවට වැටුණ. ආයි ලොකු චිත්‍ර අඳින්න නෙවෙයි, මං ඉස්සර මොකක් හරි වැඩක් කරද්දි, ට්‍රේනිං එහෙකදි, මීටිමකදි... ඔහෙ කුරුටු චිත්‍ර අඳින්න පුරුදු වෙලා හිටිය. ඒක මගෙ සිතුවිලි ජාලය මෙහෙයවන සාධකයක් වෙලා තිබුණ. දැං මං එහෙම නෑ කියන්නෙ මං හිතන විදිහ පවා වෙනස් වෙලා යාන්ත්‍රික වෙලා.
ඉතිං මාත් පටං ගත්ත පරණ මට ආපහු පණ දෙන්ඩ...
ඔයාගෙ පෝස්ටුවට මේක අදාළද දන්නෑ.
ඩ්‍රැකී බොහොම කාලෙකින්..
Delete\\ඉතිං මාත් පටං ගත්ත පරණ මට ආපහු පණ දෙන්ඩ...
\\ ඒක අගෙයි. මාත් පටන් ගත්තා. හිමීට පියවරෙන් පියවර ආපහු ලියන්න.
ඔයාගෙ කතාව මගෙ පෝස්ට් එකට ගැලපෙනවා. අපි එන්න එන්නම යාන්ත්‍රික වෙනවා. ඒකෙන් වළක්වන්න තියෙන එකම මඟ අපි ආසම දේවල් කිරීම. විනෝදාංශ.
කවුද තනියා???
ReplyDeleteඋඹල ඉතිං කම්මැලිකමට ලියන්නෙ නෑනෙ
. ඒකට අපි
තනියා, තනියා බං අර අතුරුදන් වෙච්චි එකා..
Deleteඅනේ ඔව්, උඹලා ලියන තරම කියනවා නම් මං දැක්කා උඹ 2019 පෝස්ට් පවා ලියලා තියෙනවා.
හා
ReplyDeleteහා
Deleteමේ හොයනවා. දැක්කොත් 119ට කියන්නද?
ReplyDeleteඒකට කියලා පලක් නෑ බන්..තනියා ආයිත් නැතිවෙනකල් උන් එන්නේ නෑ..:D
Deleteමතක පොත අවුස්සද්දි හරි බොට තනිය හැබෑවටම මුණ ගැහිලා තියෙනවා.. 'සෙව්වා' නිසා හම්බ උනා කියුවනේ.. දැන් හම්බුන එකේ උගෙන් වැඩක් ගනින්.. මේ එක එක //*** ***ට ඕන දේවල් කරන්න උඹ මැරි මැරී ඉපදෙන්න ඕන නෑ, උඹ මැරෙනදාට උඹටම සිහි කරන්න හිත හදාගන්න පුළුවන් දේවල් උඹ කරපන්//
ReplyDeleteකාලෙකට පස්සේ තනියා හම්බුනු එක අපිටත් සන්තොසයක්ය කියුව කියපම්.. ජයවේවා!
කමියා!!
Deleteඋඹව කාලෙකින් දකින්නට ලැබීම සතුටක්..තනියාව තියාගන්න බුදු ගේමක් දෙමින් ඉන්නේ..ජයවේවා!!
ela
ReplyDeleteතවත් සින්ඩියක් http://sithuwilisatahan.com
ස්තුතියි සිතුවිලි සටහන්
Deleteලියපිය. ඉඳලා හිටලවත් ඇවිත් කියවන්න
ReplyDeleteකටුස්සෝ කාලෙකින් උඹව දකින්න ලැබීම සතුටක්. ලියන්නම්. ලියන්නම් :)
Delete